20140223

හරි පුදුම ඉස්‌කෝලයක්‌...................


වලස්‌බැද්දේ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා

* පාසලට විදුලිය ගන්නෙ විදුලි බලය හෝ සූර්ය කෝෂ නැතිව
* අඩි සීයක්‌ උඩින් තියන ඉස්‌කෝලෙට වතුර ගන්නෙ මෝටරයක්‌ නැතිව
* පාසලට තියෙන්නේ වයින් නොකර බැටරි නැතිව ක්‍රියාත්මක වන ඔරලෝසුවක්‌

වලස්‌බැද්ද ඉස්‌කෝලය වසා දමන්නට නියමිතව තිබුණේය. වලස්‌බැද්ද ඉස්‌කෝලය පිහිටා තිබුණේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේය. ඇල්ල අධ්‍යාපන කොට්‌ඨාසයේය. කුඹල්වල බස්‌රථයෙන් හල්පේට පැමිණ එතැන් සිට වලස්‌බැද්ද කන්ද නගිමින් දුෂ්කර ක්‍රියාවක්‌ කර පැමිණිය යුතුව තිබූ වලස්‌ගල ඉස්‌කෝලයට ගුරුවරයෙක්‌වත් එන්නට කැමති වූයේ නැත. එන ගුරුවරුන් මොනම හෝ කනපින්දමක්‌ ගහගෙන පුළුවන් ඉක්‌මනින් පාසල හැර තම සේවයට සුකර පහසුකම් සහිත ස්‌ථාන සොයාගෙන ගියහ.

කෙසේ වෙතත් වලස්‌ගල ඉස්‌කෝලය මුලින් සාර සුබාවට තිබුණු එකකි. ඒ ඉස්‌කෝලයේ මුලින්ම සිසුහු 400 ක්‌ පමණ ඉගෙන ගත්හ. එහෙත් 1994 පමණ වනවිට පාසලේ සිටියේ දරුවන් 20 ක්‌ පමණය. දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා වලස්‌ගල ඉස්‌කෝලයට එන්නේ ඔය අස්‌සේය. දයානන්ද මහත්තයා වලස්‌ගල ඉස්‌කෝලයට එන්නට කලින් හිටියේ බොහෝම ගෞරවයට පාත්‍රවෙමින් තිබුණ බණ්‌ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසය. ඉන් පස්‌සේ පේරන්දෝරුව විදුහලේ විදුහල්පතිව සිටි හෙතෙම වැහෙන්නට යන වලස්‌වැව ඉස්‌කෝලයට එන්නේ වර්ෂ 1994 දීය. අද වලස්‌වැව ඉස්‌කෝලය මධ්‍යම පළාත බබළවන පාසලකි. මේ වනවිට පාසලේ දරුවෝ දෙසීය තිස්‌පහක්‌ අධ්‍යාපනය ලබති. වලස්‌වැව පාසල ගොඩනැගූ දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා ඒ දුෂ්කර වු සද්ක්‍රියාව ගැන අපට කියන්නේ මෙසේය.

"මං දැනගෙන හිටියා මට තියෙන අභියෝගය ගැන. මං ඇවිත් හිටියෙ ඈවර කරන්න හදන පාසලකට. මේ වගේ ඉස්‌කෝලයක්‌ ගොඩනගන එක ඉතාම සරල දෙයක්‌ නෙමෙයි. මොකද ආකල්පමය වශයෙන්ම ඉස්‌කෝලෙ මිනිස්‌සුන්ගෙන් ඈත් වෙලා තිබුණෙ. පාසල් වත්ත වත් නෑ.

අක්‌කර 05 ක්‌ පමණ තිබෙන පාසල් වත්ත අහල පහල අය අල්ලා ගෙන තිබුණා. ඒ නිසා පාසල් භූමිය නිරවුල් කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන්න මුලින්ම සිද්ධ උනා. නොයෙක්‌ බාධක ආවා. තර්ජන ආවා. ඒවා එච්චර හිතුවෙ නෑ. අන්තිමට පාසල් වත්ත නිරවුල් කරගත්තා."

"මුලින්ම පාසලේ භෞතික සම්පත් ටික දියුණු කළ යුතු වුනා. ඉස්‌කෝලෙට වතුර තිබුණෙ නෑ. කම්කරුවා උනෙත් මම... ඉංජිනේරුවා උනෙත් මම... අන්තිමට මං පරීක්‌ෂණ කරලා වතුර මෝටරයක්‌ නොමැතිව අඩි සීයක්‌ පමණ ඉහළින් තියෙන ඉස්‌කෝලෙට ජලය ලබා ගත්තා... ඒ වැඩේ සරලව කියනවනම් මෙහෙමයි සිද්ධ උනේ... මං ළිං පත්ලට උමගක්‌ කපලා අ`ගල් 6 ක බටයක්‌ එළුවා. එතෙන්ට අ`ගල් පහ හමාරක බටයක්‌ සවි කරලා පියවරෙන් පියවර ඉහළට එන්නට කුඩා බට යොදා ගත්තා... ඒ ක්‍රමයට මට මුළු පාසලටම වතුර දෙන්න පුළුවන් උනා..."

"අතීතයේ සීගිරියේ ගල මුදුනටම ජලය ගෙන ගියෙත් මේ මූලධර්මය පාවිච්චි කරලා. වතුර මෝටරයක්‌ නැතිව පාසල් භූමියෙ අඩි 100 ක්‌ උසට වතුර ගෙනිච්ච අපි පාසල් භූමියේ වතුර මල් පවා සවි කර තිබෙනවා. මෙම නිර්මාණයට හිමිකම් පත්‍රයක්‌ (පේටන් බලපත්‍රයක්‌) ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස්‌ කර ගෙනයන බැවින් එම ජල සැපයුම් ක්‍රමය පිළිබඳව අදාළ කරුණු සම්පූර්ණයෙන්ම අනාවරණය කිරීමට නොහැකියි. මේ වන විට විදුහලේ සියලුම අවශ්‍යතාවයන් සඳහා මෙම ළිෙඳන් වසර පුරාවටම ජලය ලබා ගන්න පු`ඵවන්. කිසිම වියදමක්‌ යන්නේ නැහැ."

පාසලට විදුලිය තිබුණෙ නෑ... පරිගණක වැඩ කළේ සූර්ය කෝෂ වලින්.. ඒ හින්දා මං විදුලිය නැතිව ක්‍රියාත්මක වන ජංගම විදුලි නිෂ්පාදන යන්ත්‍රයක්‌ හැදුවා... විදුලිය අවශ්‍ය ශබ්ද විකාශන ක්‍රියාත්මක කිරීම, කැසට්‌ රෙකෝඩර් හා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම වාගේ විදුලිය අවශ්‍ය කටයුතු පවත්වාගෙන යන්නෙ මේ ජංගම විදුලි කෝෂයෙන්... විදුලි පහන් දල්වන්නත් මේ ජංගම විදුලි කෝෂයෙන් පුළුවන්... මේ විදුලි කෝෂය යොදාගෙන කාමරයක්‌ සිසිල් කිරීමේ පද්ධතියකුත් මම සකස්‌ කරලා තිබෙනවා. මෙම උපකරණයට සවිකර තිබෙන ඕල්ටනේටරය (ඩයිනෝමෝවක්‌ වැනි) නිසා මෙහි ස්‌විචයක්‌ දැමූ ගමන් මේ විදුලි කෝෂය ක්‍රියාත්මක වෙලා විදුලිය නිපදවනවා. වැහි කාලෙට සූර්ය කෝෂ වලින් පරිගණක වැඩ කරන්නෙ නෑ... ඒ වෙලාවට මෙමගින් පාසලේ පරිගණක කිහිපයක්‌ ක්‍රීයා කරන්නෙ මේ ජංගම විදුලි උත්පාදකයෙන්. ඒ වාගේම මෙම උපකරණය මගින් විදුලිය නිෂ්පාදනය කරන අතරම එම උපකරණයට අවශ්‍ය විදුලිය තැන්පත් කර ගැනීමක්‌ සිදු වෙනවා. zවිදුලිය නිෂ්පාදනය වැඩිපුර සිදුවෙනවා නම් මෙම උපකරණයෙන් පෙන්නුම් කරනවා. එ වාගේම විදුලිය නිෂ්පාදනය වන ප්‍රමාණය අඩුනම් ඒ ආකාරයේ දැනුම්දීමක්‌ සිදු කෙරෙනවා. එවිට මෙම උපකරණය මගින් අවශ්‍ය මට්‌ටමට විදුලිය නිෂ්පාදනය කරනු ලබනවා."

"මෙය සැකසීම සඳහා මම භාවිතා කලේ අපතේ යන දේවල්. නිෂ්පාදනයට මට වැය වුණේ රුපියල් 3500 ක මුදලක්‌ පමණයි. ඉදිරියේදීත් මෙය තවත් වැඩි දියණු කර මෙම ජංගම විදුලි උත්පාදන යන්ත්‍රය වෙළෝදපළ සඳහා නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්න මං හිතාගෙන ඉන්නවා. දැනට මේ උපකරණයට පේටන්ට්‌ බලපත්‍රය ලබාගන්න ඉල්ලුම් කරලා තියෙන්නෙ."

"මේ විදිහට පියවරෙන් පියවර පාසල ගොඩනැගෙද්දී දෙමව්පියන් පාසල වටා එකතු වුණා. දෙමව්පියන්ගේ සිත්ද දිනාගනිමින් පාසල ගොඩනගද්දී දිනෙන් දින පාසලට සිසුන් වැඩි වැඩියෙන් ඇතු`ඵ වන්නට වුණා. වසර කිහිපයක්‌ යනවිට 9 ශ්‍රෝණිය දක්‌වා පන්ති පැවැත්තුවා. ඉතින් 10 ශ්‍රෝණීය සමත් සිසුන් ඒ ආසන්න පාසලකට ගියා. ඒත් ඒ විදුහලේ විදුහල්පතිවරයා වලස්‌බැද්ද ඉස්‌කෝලෙන් 10 පන්තියට එන ළමයින්ව "හි`ගන්නෝ මේ පාසලට ගන්නේ නැහැ" කියලා අමානුෂික විදිහට එළවගෙන තිබුණා. අවසානයේදී අධ්‍යාපන බලධාරීන්ගේ නිසි අවසරය සමගින් තාවකාලික මඩුවක්‌ තුළ සාමාන්‍ය පෙළ දක්‌වා පංති ආරම්භ කළා. පසුව එය උසස්‌ පෙළ දක්‌වා වර්ධනය කළා."

"අන්තිමට 2013 අවුරුද්දෙ අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි දරුවෝ සියලුම දෙනා විභාගයෙන් සමත් කරන්න අපට හැකි වුණා. අපේ රටේ දරුවො දක්‌ෂයි... මේ පුංචි ක්‍රිඩා පිටියෙ පුහුණු වෙච්චි දරුවො සමස්‌ථ ලංකා තරගවලින් දිනුවා... කථික තරග වලින්, සාහිත්‍ය තරග වලින් ජාතික මට්‌ටමෙන් දස්‌කම් දැක්‌වීමටත් අපේ ඉස්‌කෝලෙ දරුවන්ට හැකි වුණා."

මේ පුදුමාකාර ගුරුතුමා අපව මවිත කරන්නේය. මෙහෙම මිනිස්‌සු මෙවන් සමාජ ක්‍රමයක්‌ තුළ ඉතිරිවී ඇති බව දැනෙන විට ඊටත් වඩා පුදුම හිතෙන්නේය. සැතපුම් තුනහමාරක්‌ පා ගමනින් එන විදුහල්පතිවරයා පාසල උදෑසන 6.30 ට ආරම්භ කර භාවනා වැඩසටහනක්‌ පවත්වනු ලබයි. විදුහලේ අනෙකුත් ගුරු පිරිවර උදෑසන 7.30 වන විට පාසලට පැමිණ සිසුනට ඉගැන්වීම් කටයුතු= මැනවින් සිදුකරයි. දැන් බණ්‌ඩාරවෙල අධ්‍යාපන කලාපයේ සෑම දෙනා අතර ජනප්‍රියම සුවිශේෂී පාසල වලස්‌බැද්ද ඉස්‌කෝලේය. මේ ඉස්‌කෝලේ ගැන තවත් අරුම කතා බොහෝ තිබේ.

වලස්‌බැද්ද අවට හැම ඉස්‌කෝලයටම විද්යුත් ඔරලෝසු ලැබුණේය. ඒත් වලස්‌බැද්දට ලැබුණේ නැත. හේ ඇස්‌බැස්‌ටොස්‌ ෂීට්‌ එකක්‌ උපයෝගී කරගෙන බැටරි බලයෙන් හෝ වයින් නොකර ක්‍රියාකරන ඔරලෝසුවක්‌ හැදුවේය. යු හැඩයේ නළයකට පුරවා ඇති ජල බිංදු මගින් මේ ඔරලෝසුව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වුණේය. මේ ඔරලෝසුව තුන් වරක්‌ කිසිවෙක්‌ විසින් කඩා දා තිබිණි.

අවසානයේ එහි තාක්‌ෂණික ක්‍රියාකාරීත්වය එළිදක්‌වන කොටස ගලවා ඉවත්කර තැබීමට ඔහු පියවර ගත්තේය.

වලස්‌ගල ඉස්‌කෝලේ හරි පුදුම ඉස්‌කෝලයක්‌ වන්නේ මේ වික්‌ෂිප්ත තාක්‌ෂණික මෙවලම් නිසාම නොවේ. වෙන කිසිම පාසලක අපට ප්‍රකට නොවන විනයක්‌ මේ ඉස්‌කෝලේ තිබීම නිසාය. ස්‌වයං විනයක්‌ පවත්වා ගැනීමට දරුවෝ මෙහෙයවා සිටිති.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී බිස්‌කට්‌ පැකට්‌ එකක්‌වත් රැගෙන ඒම තහනම්ය. ඔවුන් රැගෙන ආ යුත්තේ බුලත් හුරුල්ලක්‌ පමණි. එම දරුවන්ට පාසල් බෑගය සහ පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ලැබෙන්නේ විදුල්පතිවරයාගේ පඩිපතිනි. නිවාසාන්තර ක්‍රීඩා උළෙළ තිබුණද එයටද මුදල් එකතු කිරීම තහනම්ය. සහතික පත් සහ අනෙකුත් වියදම් සඳහාද මුදල් ලැබෙන්නේ රත්නායක විදුහල්පතිවරයෙගේ සාක්‌කුවෙනි.

ඒ සඳහා විදුහලේ ගුරු මණ්‌ඩලයද නිරන්තරයෙන් දායකත්වය ලබා දෙමින් සිටිති. විදුබිමෙහි වගා කරන ලද ගොටු කොළ වගාවෙන් නෙළන අලුත්ම ගොටුකොළවලින් සතියකට වතාවක්‌ සිසු දරුවන්ගේ පෝෂණය නංවාලීම සඳහා කොළ කැඳ ලබාදීම සිදුකරනු ලබයි. පාසලේ සරුවට වැවී තිබෙන කෙසෙල් වගාවේ අස්‌වැන්න දිනපතාම වාගේ සිසු දරුවන් හට ආහාරයට ලැබේ. විදුහල්පතිවරයාගේ කෙතේ වගා කරනා දේශීය වී වර්ග සහල් කර මත තබා ගෙන සැතපුම් ගණන් දුෂ්කර මාර්ගයේ පා ගමනින් ගෙනවිත් පාසලට පැමිණෙන සියලු දෙනාහට ආහාර සකස්‌ කරදෙන්නට හේ නිර්ලෝභී වේ.

අපි හරිපුදුම ඉස්‌කෝලේ දෙස මහා ප්‍රසන්න හැඟිමකින් බලා සිටියෙමු... මිනිසුන්ට ලෝකය වෙනස්‌ කළ හැකි ප්‍රමාණය පිළිබඳ සජීවී ආදර්ශයක්‌ ඈත දුෂ්කර ඇල්ල වලස්‌බැද්දෙන් ලෝකයට ලබා දී ඇති අයුරු මොහොතකට අප දෙනෙත් බොඳ කරනු ලැබුවේය.

සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2014/02/23/nimna02.html

FaceBook නිසා දිවිනසා ගන්නට සිදුවුණු අමන්දා



 අන්තර්ජාලය ඔස්සේ 
විවිධ පුද්ගලයන් හඳුනාගෙන 
ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට 
අමන්දා ටොඩ් 
හතේ පන්තියේ ඉගෙන ගන්නා 
(වයස අවුරුදු 12) දැරියකි. 
එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු 
ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර 
ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. 
එය යොදාගෙන 
ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. 
ඊට ඇය එරෙහි වන විට 
අදාළ පුද්ගලයා විසින් 
ඇය දන්නා හඳුනන සියලු දෙනාට 
එම ඡායාරූපය යැවීම නිසා 
ඇය බොහෝ දෙනාගේ විහිළුවට සහ 
ශාරීරික මෙන්ම මානසික පීඩාවට ලක් විය.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි අමන්දා ටොඩ් දියණිය ජීවිතය පටන් ගැනීමටත් පෙර ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළා ය. ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස නීතිය හමුවේ තීරණය වුව ද, සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත් එය මිනී මැරුමකි. මිනීමරුවා පැමිණයේ අන්තර්ජාලය ඔස්සේය. ඒ අනුව අමන්දාගේ මරණය, අන්තර්ජාලය නිසා සිදු වී ඇති ජංජාල ලැයිස්තුවට තවත් අංගයක් එකතු කර ඇත.


අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට අමන්දා ටොඩ් හතේ පන්තියේ ඉගෙන ගන්නා (වයස අවුරුදු 12) දැරියකි. එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. එය යොදාගෙන ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. ඊට ඇය එරෙහි වන විට අදාළ පුද්ගලයා විසින් ඇය දන්නා හඳුනන සියලු දෙනාට එම ඡායාරූපය යැවීම නිසා ඇය බොහෝ දෙනාගේ විහිළුවට සහ ශාරීරික මෙන්ම මානසික පීඩාවට ලක් විය.

මේ තත්ත්වය නිසාම උන්හිටි තැන් පවා හැරදා යාමට ටොඩ් පවුලට සිදු විය. එහෙත් භෞතිකව පදිංචිය වෙනස් කළත් අන්තර්ජාලයේ පදිංචිය වෙනස් නොවන නිසා අර පුද්ගලයා කෙසේ හෝ අන්තර්ජාලය ඔස්සේ අමන්දා ගැන සියලු තොරතුරු සොයාගෙන ඇයට දිගින් දිගටම මඩ ගැසුවේය; තර්ජනය කළේය. මෙම කරුණ හේතුවෙන් අමන්දා පීඩාවට පත් කළ අයද අන්තර්ජාලය ඔස්සේ එය දිගටම කරගෙන ගියහ. මෙයින් බේරීමට අමන්දා කිහිප විටක් පාසල් මාරු කළාය. දැඩි මානසික පීඩාවෙන් මිදීමට ඇය මත් ද්‍රව්‍ය පාවිච්චි කළාය, සිරුර කපා ගත්තාය, වස බිව්වාය. එහෙත් ඇය පීඩාවට පත් කළ අයට අනුකම්පාවක් සිතුණේ නැත.

අලුත් පාසලකට ගිය පසුවත් අමන්දාට මිතුරු මිතුරියන් නොවීය. එකම තරුණයෙකු පෙම්වතෙකු මෙන් ඇයට ළං වුවත් ඒ ද ඇගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට පමණි. එම පෙම්වතාගේ සැබෑ පෙම්වතිය සහ ඇගේ මිතුරියන් පිරිසක් පැමිණ ඇය බිම දමාගෙන පහර දී කාණුවකට ඇද දැමූහ. මෙම සිදුවීමෙන් පසුව ඇය වස පානය කළත්, වහාම රෝහලට රැගෙන යනු ලැබූ නිසා නැවතත් ජීවත් වීමට වාසනාව ලැබුවාය. කෙසේ වුවත් හිංසකයන්ගෙන් ඇයට සැනසීමක් නොලැබුණි. ෆේස්බුක් මිතුරු සමාජ වබේ අඩවියේ සමහරුන් කියා තිබුණේ “එයාට හොඳ වැඩේ”, “ඕකි මැරෙනවානම් හොඳයි” වැනි දරුණු කතාය. මෙම සියලු වේදනා හමුවේ ශක්තිමත්ව සිටීමට ඇය උත්සාහය කළා ය. අමන්දා නැවතත් පදිංචිය වෙනස් කළා ය. එහෙත් අන්තර්ජාලය ඔස්සේ හිංසනය දිගටම සිදු වූවා මිස ඇයට සැනසීමක් ලබා දීමට කිසිවෙකුට නොහැකි විය.

මේ සියල්ලෙන් තව තවත් පීඩාවට පත් වූ ඇය අන්තිමේදී උදව් ඉල්ලීමට තීරණය කළා ය. ඒ ද අන්තර්ජාලය ඔස්සේමය. තමන්ගේ කඳුලු කතාව කඩදාසි මිටියක පියවරෙන් පියවර ලියූ ඇය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඒවා වීඩියෝගත කර සියලු දෙනාටම දැකගත හැකි වන ලෙස අන්තර්ජාලයට මුදා හැරියාය. තමන්ට මිතුරු මිතුරියන් අහිමි වූ හැටි, තමන්ට තිබුණු ගරුත්වය නැති වූ හැටි, තමන්ට කිසිවෙකු අකමැති බව ආදිය ලියූ කඩදාසි ඇය පෙන්වූවාය. මානසික තත්ත්වයන් සඳහා ඖෂධ සහ උපදේශනය ලබා ගත්තද ඉන් ඇයට සහනයක් ලැබි නැත. “මා තවමත් මෙහි සිටින්නේ ඇයිදැයි මට දවස ගාණේ හිතෙනවා. මාව හිරවෙලා. මගේ තවත් ඉතිරි වෙලා තියෙන්නේ මොනවද? කිසි දෙයක් නවතින්නෙ නෑ. මට කව්රුත් නෑ. මට කව්රුහරි ඕනෑ. මගේ නම අමන්දා ටොඩ්” යැයි ඇය අවසානයට පෙන්වන කඩදාසිවල ලියා තිබේ.


එහෙත් අවාසනාවකට අමන්දාගේ මෙම පණිවුඩය බැරෑරුම් ලෙස සැළකූ කෙනෙක් නැත. වීඩියෝ පටය මුදා හැරීමෙන් පසුව අමන්දා යළිත් පාසල් මාරු කළද, ඇය දිගින් දිගටම හිංසනයට ලක් වූවාය. අමන්දාගේ වීඩියෝ පටය ලොව පුරා මිලියන එකහමාරකට අධික ජනතාවක් නැරඹූහ. එහෙත් ඇයට උදව් වීමට ඉදිරිපත් වූ කෙනෙක් නැත. වීඩියෝ පටය මුදා හැර මාසයකට පමණ පසුව අමන්දා සිය දිවි නසා ගත්තාය. ඒ වන විට ඇය දහයේ පන්තියේ සිසුවියකි.

අමන්දාට සිදු වූ මේ වින්නැහිය ආරම්භ කළ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ජීවත්වීමට උදව් ඉල්ලා අමන්දා නැඟූ හඬට කිසිවෙකු කන් නොදුන්නත්, ඇය මිය ගිය පසුව ඇය සිහිකොට ඉටිපන්දම් දල්වා ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නැයි හඬක් නැඟීමට දස දහසක් දෙනා එක්ව සිටිති. මෙවැනි හිංසන කටයුතු නැවැත්වීම සඳහා අමන්දාගේ නමින් පිහිටුවන ලද භාර අරමුදලකට මිනිස්සු ඩොලර්, පවුම් දහස් ගණන් එවති. ඇය හිංසනයට ලක් වන බවට පැමිණිලි ලැබිමෙන් පසුවද එය විසඳීමට කිසිදු පියවරක් නොගත් රාජ්‍ය ආයතන දැන් නැවත මෙවැනි සිදුවීමක් නොවීම සඳහා ක්‍රියා කරමින් සිටිති

මෙලොවින් සමුගත් පසුව අමන්දා සමාජ සේවයක නිරතව සිටින්නීය. ඒ, ඇගේ ඛිෙදවාචකය පාඩමකට ගෙන අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන (සයිබර්) හිංසනය වැළැක්වීම සහ ඊට දඬුවම් දීම පිළිබඳව කැනඩාව මෙන්ම ලොව බොහෝ රටවල්වල ඇස් ඇරීමත් සමගය.

තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති අමන්දාගේ අම්මා අන්තර්ජාලය පරිස්සමින් පාවිච්චි කළ යුතු ආකාරය සිය දියණියට කුඩා කලදීම කියා දුන්නාය. එහෙත් අනෙක් ඕනෑම යොවුන් දරුවෙකු සේම අමන්දා අම්මා කී දේ එක් කණකින් අසා අනෙක් කණින් පිට කළා පමණි. ඇය අම්මා කියන දේ අසන්නට පටන් ගන්නා විට ප්‍රමාද වැඩි යැයි අමන්දාගේ මව පවසයි. මෙවැනි ඛිෙදවාචක අනාගතයේ දී සිදුවීම වැළැක්වීම සඳහා සිය දියණියගේ වීඩියෝව උපකාරී වනු ඇතැයි තමන් බලා‍පොරොත්තු වන බවද මව මාධ්‍යයට පවසා තිබුණි.

දියණිය මෙලොවින් සමු ගැනීම දුකක් වුවත්, ඇයට දැන්වත් සැනසීමෙන් සිටීමට ලැබිම ගැන සතුටු වන බව අමන්දාගේ පියා පවසා තිබුණි. ඇය ඉතා ධෛර්යයෙන් යුතුව අදාළ වීඩියෝ පටය සැකසීම ගැන තමන් සතුටු වන බවත්, තමන්ට සිදුවූ දෙය තවත් කෙනෙකුට සිදු නොවීමට එම වීඩියෝ පටය සැකසූ බව ඇය තමන්ට කියූ බවත් පියා මාධ්‍යයට පවසා තිබුණි. පියා කියන පරිදි අමන්දාට ඕනෑ වුණේ දිවි තොරකර ගැනීමට නොව ශක්තිමත්ව මෙම ගැටලුවට මුහුණ දීමටයි. එහෙත් ඒ සටනින් ඇය පරාදය.

ශ්‍රී ලංකාවේ අපට ද අමන්දා ඉතා වටිනා පාඩමක් කියා දෙයි. අමන්දා ජීවත් වූයේ කාන්තාවක උඩුකය නිරුවත්ව මහජනයා ගැවසෙන මුහුදු වෙරළක සිටීමවත් වරදක් ලෙස නොදකින බටහිර සමාජයකය. එහෙත් එවැනි අසීමාන්තික සංස්කෘතික නිදහසක් ඇති සමාජයක් පවා, වයස අවුරුදු 12ක දැරියක ලෙස අනවබෝධයෙන් කළ වරදට අමන්දාට සමාව දුන්නේ නැති නිසා ඇය ජීවිතෙන් වන්දි ගෙව්වාය. එසේ නම්, කාන්තාවකගේ සාය සුළඟට එහෙ මෙහෙ වීමත් වරදක් වන සමාජයක ජීවත් වන ලාංකේය දැරියකට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණොත්? අමන්දා මෙන් තම වේදනාව ලොවට ම ඇසෙන සේ කෑගසා කීමට තබා තම දෙමාපියන්ටවත් කියා ගැනීමට ඔවුන්ට හැකිද? තමන්ගේ යොවුන් දුව-පුතා පරිගණකය ඉදිරියේ වාඩි වී හෝ ජංගම දුරකථනයේ යතුරු ඔබමින් කරන්නේ මොනවාදැයි සමහර දෙමාපියන් සොයන්නේ නැත.

බහුතරයක් එසේ සෙවීමට නොදන්නා අතර, දැනුම ඇති දෙමාපියන්ට ඊට වෙලාවක් නැත. සමහර දෙමාපියන් පරිගණකයට සියලු බාධක දමා දරුවන් රැක ගැනීමට උත්සාහ කරද්දී දරුවෝ අතේ තිබෙන ජංගම දුරකනයෙන් ලෝකෙ වටේ යති දරුවන්ට මිතුරන් මෙන් ළං වී ඔවුන්ගේ හැසිරීම් ගැන මනා සෝදිසියෙන් සිට ඔවුන් කරදරයක වැටෙන බව හඳුනා ගෙන ඒ සම්බන්ධව බුද්ධිමත්ව පියවර ගැනීමේ අවශ්‍යතාවද අමන්දා අපට මතක් කර දෙයි.

ප්‍රණීතා අබේවික්‍රම

 ======================================================
සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත්
එය මිනී මැරුමක් යැයි කීවද
මිනිස් සිත ක්‍රියා කරන ආකාරය
සමාජ විද්‍යාවට ඇතුළත් නැත.

කැළඹුණු මිනිස් සිත උමතු සිතකි .

සිත කළඹන්නට හේතුවන්නේ
කිසියම් එක් නිශ්චිත හේතුවක් නොවේ.
මූලිකම හේතුව වන්නේ
තමා ගත කරන ජීවිතය දරාගන්නට නොහැකිවීමයි.
 
  අමන්දා කෙබඳු මානසිකත්වයකින් යුතු
කෙබඳු හැසිරීමකින් යුතු දැරියකදැයි
ඔබට ඉහත ලිපියෙන් දැක ගත නොහැක.
ඇගේ කැළඹුණු සිතත් එහි ප්‍රතිඵලයක් ලෙස
ඇය පිට කරන වදන් වහරත්
මෙම වීඩියෝවෙන් දැක ගත හැක.
 

"කෙනෙකු අනාචාරයේ හැසුරුණත්,
වෙනත් කෙනෙකුගේ පෙම්වතෙකු සොරා ගත්තත්
කිසිවෙකුත් මිය යන්නට සුදුසු නොවේ" යැයි ඇය තර්ක කරන නමුදු
ඒ සත්‍යය ක්‍රියාවෙන් ඔප්පු කරන්නට නොහැකි විය.
ඇය මිය ගියාය.

සිය දිවි නසාගන්නේ ජීවත් වන්නට නුසුදුසු අයද?

ලෝකයාගේ කෝණයෙන් පිළිතුර කුමක් වුවත්
සිය දිවි නසා ගන්නා තැනැත්තා එසේ සිතනවා විය යුතුය.
නොඑසේ නම් එය ජීවත්වන්නවුන්ගෙන් කරන පළි ගැනීමකි.
---------------------------------------------------------------------------------------

සිය දිවි නසාගන්නේ ජීවත් වන්නට නුසුදුසු අයද?

=========================================================
දියණියට සැබැවින්ම ආදරය කරන මවක්.
------------------------------------------------
ලිංගික ඇසුරකට යෝජනා කරමින්
සිය දියණියට තරුණයෙකු එවූ
SMS පණිවිඩයක් දැකීමෙන් පසු
මේ මව
දියණියගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළාය.
යට ඇඳුමෙන් සැරසී
දියණිය පළකළ නිරුවත් ඡායාරූප දැකීමෙන් පසු
නැවත එවැන්නක් නොකරන්නට සිය දියණිය පොළඹවන්නට
ඇයට කරන ලද අපූරු සංග්‍රහයයි මේ.

 
නිසි කලට මේ බෙහෙත් නොලැබීමෙන්
කාමයෙන් රෝගාතුරව
කාමාතුරයන්ට බිලිවූ සහ
කළහැකි කිසිවක් නොමැතිව
සිය දිවි නසා ගන්නා ලද
අසරණ යුවතියන් කොතෙක් ඇත්ද?

සිය දියණිය දූෂණය වන්නට,
කාමාතුරයන්ට බිලි වී මිය යන්නට,
සිය දිවි නසා ගන්නට ඇති
ඉඩකඩ අහුරන්නට
දැඩිව ක්‍රියා කරන ඇයට
මම හිස නමමි.

20140214

බුදුපිළිම ටික නොතිබුණා නම්.....


බුදුපිළිම ටික නොතිබුණා නම්
බෞද්ධයො බහුතරයක්
බුදුන් වහන්සෙ ගැන දන්නෙවත් නැහැ..
පාරෙ බෝඩ් නැත්නම්
ජනපති කෙනෙක් ඉන්න බව
අපිට අමතක වෙනවා වගේ.

තමන්ට ප්‍රයෝජනයක් නැති කෙනෙක්
මතක් වෙන්න රූප අවශ්‍යයි.
රූප නැත්නම් අමතක වෙලා යනවා.
බහුතරයක් මිනිස්සු
බුදුන් වහන්සෙ කියන්නෙ
පිළිම වලට විතරයි.
බුදුන් වහන්සෙ කියන්නෙ
බෞද්ධයො බහුතරයකට
ප්‍රයෝජනයක් නැති කෙනෙක්

බුදු දහම හිමි මේ අයටයි කියල
බුදුන් වහන්සෙ ගුණාංග කිහිපයක්
දේශනා කළා.
ඒ ගුණාංග නැති අයට
බුදු දහමෙන් සිදුවෙන වෙනසක් නෑ.

මේ කියවන ඔබටවත්
බුදුන් වහන්සේ නිසා
ලැබුණ කිසිම දෙයක්
නැතුව ඇති.

ඒත් නිතර දෙවේලෙ
පිළිම හෝ රූප දකින නිසා
ඔබට බුදුන් වහන්සෙ
අමතක වෙන්නෙත් නෑ.

බුදුපිළිමයේ ස්ත්‍රී-පුරුෂ ලක්ෂණ





බුදුපිළිම වන්දනාව බුදුදහමට අයත් වන දෙයක් නොවුව ද, බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංගයකි. එය අප නොසිතන ආකාරයේ දාර්ශනික පසුබිමක් ද සහිත ව නිර්මාණ වී තිබෙන බව පෙනේ.

බුදුරාජාණන් වහන්සේට, 'අමා මෑණි බුදු පියාණන් වහන්සේ' යනුවෙන් ආමන්ත්‍රණ කෙරෙන සංස්කෘතික පුරුද්දක් අපට තිබේ. මේ අනුව බුදුන් වහන්සේ පුරුෂයකු වුව ද, පුරුෂෝත්තමවාදයෙන් බැහැර කර තිබේ. බුදුන් වහන්සේ ආමන්ත්‍රණ කිරීම, වන්දනාමාන කිරීම, පුරුෂයාට මෙන් ම ස්ත්‍රියට ද හිමි කර දී තිබේ.

බුදුපිළිමයේ ද මේ ලක්ෂණ දැක්ක හැකි ය. ඒ අනුව බුද්ධ රූපය නිර්මාණ කර තිබෙන්නේ පුරුෂ සහ ස්ත්‍රී ලක්ෂණ අතරමැද ලක්ෂණ නිසි පදමට මිශ්‍ර කර ගනිමිනි. නිසි පදම යන්නෙන් අදහස් කෙරෙන්නේ, ස්ත්‍රී-පුරුෂ ලක්ෂණ වැරැදි මාත්තුවෙන් මිශ්‍ර කළ විට ඊට අනවශ්‍ය පරිමාවෙන් ස්ත්‍රී ලක්ෂණ අන්තර් ගත වී, නපුංසක පෙනුමක් ඇති විය හැකි බැවිනි.

සන්දේශ සාහිත්‍යකරුවා 'දිගුනෙත් නිලුපුලෙව් රතදර පබල රග' යනුවෙන් විවේචන කරනුයේ මෙබදු බුදුපීළිම විය හැකි ය.

ඒ අනුව බුදුපිළිම නිර්මාණකරුවා අතිවිශිෂ්ට පරිකල්පනයකින් යුක්ත වූවකු බව පැහැදිලි ය. බුදු ගෙයක හෝ එළිමහනක වැඩ සිටින බුදුපිළිමයක් දකින බැතිමතකු ගේ සිතක, විසුඵ අදහස් පැන නගින්නේ නැත. ඒ වෙනුවට සිත් පහන් කෙරෙන හැගුම් උපදවයි.

නිදහස් චින්තනයකින් බිහි කෙරුණු බුදුදහම, ස්ත්‍රිය, පුරුෂයා කෙරෙහි සමකරුණාවෙන් යුක්ත ය.

බුදුපිළිමය සහ බුදුන් වහන්සේ වන්දනාමාන කිරීම, මේ අනුව පුරුෂ සහ ස්ත්‍රී අන්තවාදයෙන් බැහැර කර, වඩ‍ාත් කලාත්මක මුහුණුවරකින් ඉදිරිපත් කර තිබෙන බව කිය හැකි ය.

එය පුරුෂ ය. ස්ත්‍රී ය. න-පුරුෂ ය. න-ස්ත්‍රී ය. සමරූප ය.

පොළොන්නරුවේ ගල් විහාරයේ බුදු පිළිම, සාර්ලිස් මාස්ටර් ගේ, සෝමබන්දු විද්‍යාපති ගේ චිත්‍ර මේ සාක්ෂි තහවුරු කෙරෙන කදිම නිර්මාණයෝ ය.
---- කුමාර ලියනගේ


============================== ඔබේ නිරීක්ෂණය නිවැරදියි, කුමාර,

ජීව විද්‍යාත්මකව
පුරුෂයා තුළ ස්ත්‍රී ලක්ෂණ ජාන මගින්ම ඇත.
ස්ත්‍රිය තුළ ඇත්තේ ස්ත්‍රී ලක්ෂණයි

මිනිස් මොළයෙහි වම්පසත් දකුණු පසත්
ස්ත්‍රී හා පුරුෂ ලක්ෂණ දක්වයි.
වම්පස පුරුෂ ලක්ෂණ දක්වන අතර
හිරු, දහවල, විද්‍යාව ආදී සියලු
පුරුෂ ලක්ෂණ ඇතිදෑ සමග ක්‍රියා කරයි.
මොළයෙහි දකුණු පස ස්ත්‍රී ලක්ෂණ දක්වන අතර
සඳු, රාත්‍රිය, කලාව ආදී සියලු
පුරුෂ ලක්ෂණ ඇතිදෑ සමග ක්‍රියා කරයි.
මේ පිළිබඳ බොහෝ විස්තර
අන්තර්ජාලයෙන් සොයා ගත හැක.

බුදුන් වහන්සේ විසින් සොයාගෙන
වසර හතලිස් පහක් පුරා
ලොවට බෙදා දුන් විදසුනෙන් කෙරෙන්නේ
දවස පුරා අප සිතන, කියන හා කරන දෙයි
අප තුළ රැස්වෙන කෙලෙස් නිසා
අක්‍රියව අකර්මණ්‍යව පවතින
සිතේත් කයේත් අඳුරු ස්ථාන
කාය සංස්කාර, චිත්ත සංස්කාර ලෙස
මතුවන්නට හැර නිරෝධවන්නට ඉඩ සැලසීමෙන්
සිතත් කයත් පවිත්‍ර කොට
තනි ඒකකයක් මෙන් ක්‍රියාකරන්නට සලස්වා
සමස්ත පුරුෂයාගේ, සමස්ත ස්ත්‍රියගේ
සිතත් කයත් එහි පූර්ණත්වයෙන් ක්‍රියා කරන්නට
අවකාශ සැලසීමයි.

එහිදී,
පුරුෂයා තුළ ඇති අනවශ්‍ය ස්ත්‍රී ලක්ෂණත්
ස්ත්‍රිය තුළ ඇති අනවශ්‍ය පුරුෂ ලක්ෂණත් ඉවත්වී
සැබෑ ස්ත්‍රියත්, සැබෑ පුරුෂයාත් බිහිවෙයි.

අද බොහෝ විට සිවුරෙන් පමණක්
ගිහියන්ගෙන් වෙනස්වෙන
සසුනට ආධුනිකවූ භික්ෂූන් පසෙකට කර
සැබෑ සඟරුවන වූ මගඵල ලැබූවන් දෙස බැලන්නාට
පුරුෂ මූලික හෝ ස්ත්‍රී මූලික නොවූ
ආර්ය මූලික සමාජයක පූර්ණ බව
පැහැදිලිව දැකිය හැකිය.

එකවර මග ඵල නොලැබුණත්,
විදසුන් වඩන්නා තුළ
විදසුන් වඩන මොහොතක් පාසා
සම්පජානෝ සතිය  වැඩෙයි.
කොටස් වලට විභේදනය වී
විෂයයෙන් විෂය්යට පනින සිත හා කය
ඒකීයත්වයෙන් පූර්ණ අයුරින් ක්‍රියා කිරීම
විදසුන් පුහුණුව සමග ඔහු තුළ වැඩෙයි..

ඔහු තමා තුළ, තම සිත හා කය තුළ
සිදුවෙන සියල්ලම පිළිබඳව
සිහියෙන් වෙසෙන්නට පුහුණුවන අතර
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙයි.
සමස්ත මොළයත්, ස්නායු පද්ධතියත්
සමස්ත කයත් එකක් මෙන් ක්‍රියා කරවන්නට
මෙම සම්පජානෝ සති පුහුණුව උපකාරී වෙයි.

අවිද්‍යාවෙන් තොර,
නාම රූප විභේදනයෙන් තොර
පූර්ණ මිනිසා බිහිවන්නේ විදසුනෙනි.

20140206

ආලෝක පින්තාරු Bullet Time - Stop Motion ඡායාරූප ක්‍රමෝපායන්




The Matrix චිත්‍රපටයේ පලමුවරට දුටු
මේ දර්ශනය ඔබට මතක ඇති.
http://youtu.be/VxNiEEtYe4Q?t=56s
කාලය මොහොතකට නතර වුණාක් වැනි
මායාකාරී හැඟීමක්
මේ දර්ශනයෙන් ලැබෙනවා

චිත්‍රකතා රචකයන් ලෙස අත්දැකීම් ඇතිව
The Matrix චිත්‍රපටය තැනූ වැකොව්ස්කි සොහොයුරන්
මේ දර්ශනය සඳහා බොහෝ උපක්‍රම සිතා බැලුවා.

ඉන් එක් ක්‍රමයක් වූයේ
අරමුණ වටා තැනූ පීලි මාර්ගයක
අතිවිශාල වේගයකින්
සිනෙ කැමරාවක් ධාවනය කරවීමයි.
කැමරාවට හානි නොවී
එතරම් දුරක් එතරම් අඩු කාලයකින්
ආවරණය කළහැකි තාක්ෂණයක්
ඔවුන්ට හමු වුණේ නැහැ.

අවසානයේ ඒ සඳහා
ඔවුන් භාවිතා කළ ක්‍රමය
ඉතා පැරණි ක්‍රමයක්.






ක්‍රියාවක්  නතර කරන්නට නිශ්චල රූප කැමරා සමූහයක් භාවිතා වූයේ
සිනමා කැමරාව සොයාගන්නටත් පෙර Eadweard Muybridge විසින් 1877දීයි.

Eadweard Muybridge

මේ සඳහා හේතුවූයේ,
මද වේගයෙන් දුවද්දී අශ්වයෙකුගේ පාද හතරම
පොළවෙන් ඉහලට එසවෙන අවස්ථාවක් ඇතිද යන්න පිළිබඳව 
Eadweard Muybridge හා කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා අතර වූ වාදයකි.
 Eadweard Muybridge
දුවන අශ්වයෙකු පාද තබන විට ක්‍රියාත්මක වෙන ලෙස
නිශ්චල කැමරා පේලියක් තබා රාමුවෙන් රාමුව රූගත කළා..
පසුව ඔහු එම රූප පෙළ
වෘතාකාර තැටියක අලවා ආලෝකයක් ඉදිරියේ දර්ශනය කළා.

තෝමස් අල්වා එඩිසන්ට
සිනමා කැමරාවේ මූලධර්මය සොයාගන්නටද
මූලාශ්‍රය මේ වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

මේ ක්‍රමය සිනමාවේදී වරින්වර භාවිතා වුනත්
ඉතා නිර්මාණශීලී ලෙස භාවිතාවූයේ
වසර සියයකට පමණ පසුව
The Matrix චිත්‍රපටියේ දර්ශන සඳහායි.

එක් තත්පරයකට රාමු 30ක්
චිත්‍රපට ගතකරන
සිනමා කැමරාවකින්
එක් තත්පරයකදී කරන කාර්යය මෙහිදී කරන්නේ
එක් වරකට එක් රාමුවක් රූ ගත කරන
සාමාන්‍ය නිශ්චල රූප කැමරා 30කින්.
එකකට පසු එකක් වශයෙන්
ක්‍රියාත්මක වෙන මේ කැමරා වල
එක කැමරාවකින් එක රාමුව බැගින්
ලබාගෙන එක දිගට ධාවනය කිරීමෙන්
ඔවුන් සෙවූ ප්‍රතිඵලය ලැබුණා..
දර්ශනය දීර්ඝ නම් කැමරා ප්‍රමාණය වැඩි කරනවා.
පරිගණකය ආධාරයෙන් සකස් කරගත්
කැමරා මාර්ග දර්ශක
The Matrix  චිත්‍රපටියේ  දර්ශන ප්‍රයෝග සඳහා උපයෝගී විය.

නිල් හෝ කොළ පැහැති තිර පිටුපස අවකාශයෙහි
ලේසර් ඉලක්ක පද්ධතියක් සවිකල
සංකීර්ණ වක්‍රයක කැමරා පෙළ සවි කෙරිණ.
දර්ශන පථය අරමුණ වටා යන ආකාරයට
කැමරාවෙන් කැමරාවට
ඉතා කුඩා කාල අන්තරයන් සහිතව
කැමරා ක්‍රියාත්මක කෙරිණ.

පරිගණකය මගින් රාමු එක්කිරීමෙන් වේගය අඩු කරන්නටත්
රාමු අඩු කිරීමෙන්  වේගය වැඩිකරන්නත් හැකිවිය.
පරිගණකය මගින් කෙරෙන ත්‍රිමාණ සජීවීකරණයෙන්ද
මේ කාර්යය කරගත හැක.

http://youtu.be/APMECk6afZM?t=20m59s
කාලය මොහොතකට නතර වුණාක් වැනි
මායාකාරී හැඟීමක් මේ උපක්‍රමයෙන් ලැබෙනවා.


චිත්‍රපටියෙන් පසුව මෙවැනි දෘෂ්ඨි ප්‍රයෝග සිනමා,
රූපවාහිනී සහ සජීවීකරණ ක්ෂේත්‍රවල බිහි වුණා.

සිනමාව
Scary Movie, Deuce Bigalow: Male Gigolo, Shrek and Kung Pow: Enter the Fist

රූපවාහිනිය
The Simpsons and Family Guy; in the OVA series FLCL;

වීඩියෝ ක්‍රීඩා
Conker's Bad Fur Day.
===============================================================

ආලෝක පින්තාරු Bullet Time - Stop Motion ඡායාරූප ක්‍රමෝපායන්
සියල්ලම උපයෝගී වූ අවස්ථාවක් මේ.


LightSpin Documentary Film from Eric Pare on Vimeo.
--------------------------------------------------------------------------

 Eric Paré  LightSpin,  ව්‍යාපෘතිය
නර්තන ශිල්පීන් සහ කෘතිම ආලෝකය භාවිතා කරගෙන
The Matrix ශෛලියෙන් නිර්මාණය කරන ලද 
LightSpin පර්යේෂණාත්මක නිර්මාණකරණය පිළිබඳ
කෙටි වාර්තාවකි මේ.

දෘෂ්ඨි ප්‍රයෝග මුසු කර ගනිමින් එරික් කරන
මෙම නිර්මාණයේදී නර්තන ශිල්පීන් කිහිපදෙනෙක්
ඉතා සුවිශේෂී රිද්මයකට අනුව ආලෝකමත් කරමින්
කැමරා 24ක් මගින් දිගු කාලීන අනාවරණ ලබාදෙමින්
ඔහු අත් කරගන්නා ප්‍රතිඵලය චිත්තාකර්ශණීයයි..

"මේ ව්‍යාපෘතිය සඳහා මට රාමුවෙන් රාමුව ඡායාරූපගත කරන්නට සිදුවුණා.
නර්තන ශිල්පියාට අනාවරණයන් දෙකක් අතර ඉතා ස්වල්ප ලෙස වෙනස් වෙන්නට උපදෙස් දුන්නා."
"මෙම ආලෝක ප්‍රයෝගය සිදුකළේ
ඉතා ප්‍රබල  flashlight on strobe mode—320 lumen එකක් භාවිතා කරමිනුයි.
මා මෙහි මැද කලු පැහැති ඇඳුමක් ඇඳගෙන ආලෝක ප්‍රභවය භ්‍රමණය කළා.
කළු හැඳගෙන ක්‍රියාකාරීව සිටින නිසා මා අනාවරණයට හසුවන්නේ නැහැ."


LightSpin,  ව්‍යාපෘතිය


නර්තන ශිල්පීන් වටා සවිකළ කැමරා 24කින්
අංශක 360ක් පුරා සටහන් කරගත් රූගත කළ
නිශ්චල ඡායාරූප 500,000ක් පමණ
අවසාන සංස්කරණයේදී රාමු 2,000කට අඩුකර
අංශක 360ක කවාකාර දර්ශනපථයක් තනාගැනීමට
Paré  සමත්විය
"නර්තන ශිල්පියා මනාව ආලෝකමත් වනවාද කියා බලමින්
හැම රාමුවකම එකම තැනක් ආලෝකවත් වන ලෙස
පසුපස ඇති කැමරාවලින් සැඟවී
ඔහු සමග සමපාත වී ක්‍රියාකරන්නට මට සිදු වුණා.
ආලෝක ප්‍රභවය දකුණු අතේත්
කැමරා ක්‍රියා කරවන PocketWizard උපාංගය
වම් අතේත් තිබුණා.
සියල්ලම අතින්ම සිදු කළා."

මුලදී ඔහු අනාවරණ සිදු කළේ කැමරා කවයෙන් පිටත සිටයි.
ආලෝක ප්‍රභවයන් සීලිමේ එල්ලා තිබිණ.

"ඒක හරිම එකාකාරීයි.
මට ඕන වුණේ එය නෙමෙයි."

සේයාරූවලට යම් නිර්මාණශීලීත්වයක් එක් කරන්නට
අදෘෂ්‍යමාන ලෙස රඟපෑමේ භූමිකාව
ඔහු සකසා ගත්තා.


The 24 camera rig setup

පූර්ව පර්යේශණ වල අත්දැකීම් මත
Paré  ට එක් එක නර්තන ශිල්පියා සමග
පැයක කාලයක් ගත කිරීම ප්‍රමාණවත් විය.
මුලු වැඩ සටහනටම ගත වූයේ මාසයකි.

එහෙත්, තවදුරටත්
මුනිවරයෙකුගේ ඉවසීමෙන් කටයුතු කළයුතු වූයේ
තත්පර දෙකක රාමු ප්‍රමාණය රූගත කරගැනීමට
විනාඩි පහක් පමණ අවශ්‍ය වූ හෙයිනි.
පසුබිම කළුපැහැති බව සහතික කරමින්
කැමරා පෙනෙන්නට ඇත්නම් ඉවත් කරමින්
සෑම දර්ශන මාලාවක්ම සංස්කරණය සඳහා
පැයක් පමණ ගත විය.

පළමු 24 x 360 පර්යේෂණයේදී අකුල් හෙලූ
තාක්ෂණික මාර්ග බාධක මග හරිමින්
පරිගණක මෘදුකාංග හා දෘඪාංග
පූර්ණ ලෙස ග්‍රහණය කරගනිමින්
අවසානයේ ඔහු මනසින් දුටු ශෛලිය
නිර්මාණය කරගන්නට ඔහුට හැකි විය.

Dancer Leon Kupferschmid in the LightSpin series


Dancer Kim Henry in the LightSpin series

පරිගණක තුනක් භාවිතයෙන් තාක්ෂණික විරාමයන් අවම කරගැනීමෙන්
සංස්කරණය නොකළ දර්ශන වඩාත් ඉක්මණින් නැරඹිය හැකි විය.
නර්තනශිල්පීන්ට ඔවුන්ගේ රංගනය වැඩි දියුණු කරගන්නටද
ඉන් රුකුලක් ලැබිණ.

පර්ගණක තුනක් සහ කැමරා 24ක්
තනි පුද්ගලයෙකුට බරක් වුවද
එම තාක්ෂණික පහසුකම් සියල්ල සහිතවද
බලාපොරොත්තුවූ ප්‍රතිඵලයම ලබා ගැනීමට Paré ට නොහැකි විය.
වීඩියෝව මදවේගී සහ ස්වාභාවික වීම වෙනුවට
අධිවේගී සහ සජීවී විය.


Dancer Lucie Vigneault


Dancer Margie Gillis
"මා මුලින්ම අදහස් කළේ
දර්ශන ඉතා මදවේගී විය යුතු බවයි.
අවසාන වීඩියෝ දර්ශනය වේගවත් වූයේ
අපට තිබුණු කැමරා සංඛ්‍යාව
24කට සීමා වීම නිසාය.

එම කැමරා ප්‍රමාණය
සුමුදු නිර්මාණයක් සඳහා
කිසි සේත් නොසෑහෙයි.

හොඳ ප්‍රමාණයේ නිර්මාණයක් සඳහා
කැමරා 60ක 70ක කවයක් අවශ්‍යයි.

මෙම අඩුව මගහැරවීමට
අපි වඩාත් තාක්ෂණික සංගීතයක්
එක් කළෙමු.

එය සාර්ථක විය.
=======================================================

LightSpin යළි REMIX කරන්නට කැමති අය
මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
http://livepx.net/s/LivePixel/sample/extendedplayer.html

LightSpin සංස්කරණය සඳහා
එරික් නිශ්පාදනය කළ Live Pixel JPEG Player නම් මෘදුකාංගය
තමන්ට රිසි පරිදි වෙනස් කරගෙන භාවිතා කරගන්නට
නොමිලයේ මුදා හැර ඇත.

Eric’s LightSpin tutorial.

ආධාර කරගන්න

 http://thecreatorsproject.vice.com/blog/create-light-painted-bullet-time-stop-motion-photographs

 ====================================================

 The MATRIX revisited

Behind the scenes.

 

20140201

පනාපුත්‍රගේ මතක වස්තුව


 http://www.silumina.lk/punkalasa/20090802/_art.asp?fn=ar0908029


“එක හුස්මට කියවලා ඉවර කරපු පොතක්.”

ඇතමුන් සමහර පොත් ගැන එසේ කියනු අප අසා තිබෙනවා.
එක හුස්මට පොතක් කියවා හමාර කරන්ට නම් ඒ පොත රීඩබල් (READABLE) එකක් වෙන්න ඕනෑ. (මේ රීඩබල් යන ඉංගිරිසි වචනයට තේරුම දෙන තනි සිංහල වචනයක් අපේ සාහිත්‍යයේ නැහැ. කියැවීමට ප‍්‍රිය උපදවන, කියැවීමට රුචි උපදවන යන අර්ථය රීඩබල් කියන වචනයට දෙන්න පුළුවන්)
පසුගියදා මට කියවන්න ලැබුණු එක්තරා පොතක් මා එක හුස්මට කියෙව්වේ මේ රීඩබල් ගතිය නිසයි. ඒ පොත තමයි ජැක්සන් ඇන්තනිගේ ‘පනාපුත‍්‍රගේ මතක වස්තුව‘. ඒක තීරු ලිපි එකතුවක්. මීට අවුරුදු කීපයකට ඉහත මේ තීරු ලිපි එක්තරා ඉරිදා පුවත්පතක පළවුණු බවත් මා එය මහත් ආසාවෙන් කියැවූ බවත් මට මතකයි.
ජැක්සන් ඇන්තනී අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නළුවකු වශයෙන් වුණත් ඔහු කලාවේ විවිධ ක්ෂේත‍්‍රයන්හි නොමද ප‍්‍රතිභාව පාන කලාකරුවෙක්. ඔහු චිත‍්‍ර ශිල්පියෙක්; ගායකයෙක්, නිවේදකයෙක්, චිත‍්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක්, නළුවෙක්, විද්වත් විචාරකයෙක් විතරක් නෙමෙයි දක්ෂ ලේඛකයෙක්. ඒ අනුව මට හිතෙන විදියට මහගමසේකර ගෙන් පස්සේ බිහිවෙච්ච මෙසේ එකවිට කලා මාධ්‍ය ගණනාවක එකසේ ප‍්‍රතිභා නැණ මහිමය විදහා පාන එක ම කලාකරුවා ජැක්සන් වෙන්න ඕනෑ.
ජැක්සන් නිරත වන සන්නිවේදන මාධ්‍ය අතරින් වැඩියෙන් ම බැණුම් අහපු ක්ෂේත‍්‍රය තමයි නිවේදන කලාව. වරක් කොළඹ පැවැති එක්තරා ප‍්‍රබුද්ධ සම්මන්ත‍්‍රණයක නිවේදකයා වුණේ ජැක්සන්. ඊට ටික දිනකට පසු කෙනෙක් තවත් කෙනකුගෙන් යථෝක්ත සම්මන්ත‍්‍රණය ගැන මෙසේ අසා තිබෙනවා.
‘කොහොමද සෙමිනා එක?”
“වරදක් නැහැ”
“කවුද හොඳට කතා කළේ?”
“ජැක්සන්”
“මොනවා? ඒ කොහොමද? එයාගේ දේශනයක් තිබ්බෙ නැහැනේ. එයා ගෙන් එනවුන්ස.”
“ඒ වුණාට දේශකයන්ටත් වඩා වැඩිපුර කාලයක් මිඩංගු කරලා කතා කළේ ජැක්සන්. හැබැයි අර දේශකයන්ටත් වඩා විෂයය ගැන හොඳ දැනුමක් ජැක්සන්ට තිබුණා. ඒක නිසයි මිනිහා හොඳ ම කතාව කළයි කියලා මං කිව්වේ.”
ඉහත සංවාද පෙළෙහි ජැක්සන්ට කෙරුණු ප‍්‍රශංසාවකුත් තියෙනවා; ඒ වගේ ම කිසියම් ප‍්‍රමාණයකට නින්දාවකුත් තියෙනවායි කියලා මට හිතෙනවා.
ජැක්සන් හොඳ සංස්කෘතික මානවයෙක්. ඔහු උපතින්, හැදුණු වැඩුණු පරිසරය අනුව කතෝලිකයෙක්. නමුත් ඔහු ඇතැම් බෞද්ධයන්ටත් වඩා හොඳ බෞද්ධයෙක්.
“මගේ ආගම කතෝලික. ඒත් සංස්කෘතිය බෞද්ධ”
ඒ ජැක්සන් නිතර ම කියන කතාවක්. ජැක්සන් ළමා වියේ එක්තරා යුගයක් ගත කළේ බණ්ඩාරවෙල දෝව පන්සල ආශ‍්‍රයේ. ඔහු පන්සලේ පෙරහරවලට පවා සහභාගි වී තිබෙනවා. එසේ ම පන්සිල් අරගෙන තිබෙනවා. අපේ රටේ සමාධි පිළිමය ළඟ හඬපු එක ම කතෝලිකයා ජැක්සන් යැයි මා සිතනවා. ඔහු ඒ කතාව වරක් මා සමඟ කිව්වේ මෙහෙමයි.
“මහමෙවුනා උයනේදී මට හිතුණා තනිවෙන්න. මම සමාධි පිළිමය දිහා බලන් ඉද්දි මට ඇඬුණා. ඒ ඇයි කියලා කියන්න මං දන්නේ නැහැ.”
ජැක්සන්ට පෘථුල සාහිත්‍යමය දැනුමක් තියෙනවා. ඔහු සිංහල සම්භාව්‍ය සාහිත්‍යය ගැඹුරින් කියවා, හදාරා තිබෙනවා. ඒ සාහිත්‍යයෙත් සිනමාව තිබෙනවා ය කියලයි ජැක්සන් නිතර ම කියන්නේ. ඒ ගැන ඔහු දවසක් මාත් එක්ක මෙහෙම කිව්වා.
“කව් සිළුමිණේ එන රති කෙළී වැනුමේ තරම් භාව සම්පන්න රූප භාවිතයක් මට බර්ග්මාන් ගේ චිත‍්‍රපටයකවත් දැකලා නැහැ. ඒ වගේ ම ‘බුත්සරණේ’ එන යමාමහ පෙළහරේ තරම් ෆැන්ටසි එකක් මම කුරෝසාවාගේ චිත‍්‍රපටයකවත් දැකලා නැහැ.”
ඒ වගේ ම ‘බුත්සරණේ’ එන ‘නාලාගිරි දමනය’ චිත‍්‍රපට සංස්කරණය සිහිගන්වන බව ජැක්සන් විතරක් නෙමෙයි ඊට ඉහත ටයිටස් තොටවත්ත, තිස්ස අබේසේකර වැනි සිනමා කලාවේ ප‍්‍රාමාණිකයන් පවා පෙන්වා දී තිබෙනවා.
එසේ ම බටහිර රටවල රංග කලාව හා සම්බන්ධයෙන් උගන්වන යම් යම් සිද්ධාන්ත අපේ පැරැණි සාහිත්‍යයෙත් පාරම්පරික නැටුම් කලාවේත් පවතින බව ජැක්සන් නිතර ම පෙන්වා දී ඇති කරුණක්. මා නිවැරදි නම් බටහිර රටවල උගන්වන කටහඬ පුහුණුව අපේ ‘සිදත් සඟාවේ’ තිබෙන බවත් මුල් වරට පෙන්වලා දුන්නේ ජැක්සන්. ‘සකස්කඩේ’ කියවලා තියෙන කෙනකුට අමුතුවෙන් කටහඬ පුහුණුවන්න අවශ්‍ය නැහැ. එසේ ම බටහිර රංග කලාවේ එන ‘කාය ශීථිලනය’ (ඕර්‍ණච්ක අඡ්ඹ්ඒඔඒඊධ්ර්‍ණව්) පමණක් නොව ‘රූපණ ශෝභාව‘ (ඒඛ්ඊධ්ර්‍ණව් ඕඡ්ඒඋඊක) අපේ ගැමි නැටුම්වල පවත්නා බව ජැක්සන් පෙන්වා දී තිබෙනවා. ඔහු ඒ ගැන වරක් මා සමග මෙසේ කියා සිටියා.
“පිටරට නාට්‍ය ඇදුරෝ මෙහෙ ඇවිල්ලා පවත්වන වැඩමුළුවලදි අපිට උගන්වන බොඩි රිලැක්සේෂන් - ඇක්ටිං බියුටි කියන දේවල් අපේ පාරම්පරික රංග සම්ප‍්‍රදායේ තියෙනවා. නටන කොට ඇඟ හෑල්ලු කරපන් කියලා ගුරුන්නාන්සේලා කියන්නේ ඔය බොඩි රිලැක්සේෂන් එකට තමයි. හුරතල් පාපන් කියලා කියන්නේ ඇක්ටින් බියුටි එකට. (රංග ප‍්‍රසන්නතාව කියලා ඒකට සිංහලෙන් කියන්න පුළුවන්) අපේ සළුපාලියේ - ගරා යක් නැටුමේ ඔය ඇක්ටිං බියුටි එක තියෙනවා. සළුපාලියේ යකා මොනතරම් හුරතල් ද?”
ජැක්සන් මට මුලින් ම හමුවූ දවස මේ මොහොතේ මට සිහිපත් වෙනවා. එය 1983 වසරේ එක්තරා දවසක්. කොළඹ විශ්ව විද්‍යාලයයේ ‘විකෘති’ වේදිකා නාට්‍යය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා. ගාමිණි සුමනසේකර හා මා ඊට සහභාගි වුණේ දේශකයන් වශයෙන්. ජැක්සන් ඒ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු දේශන අවසානයේ ඉතා ම මුඛරි විදියට කතා කරමින් අපෙන් නොයෙක් ප‍්‍රශ්න ඇසු ආකාරය අදටත් මට මතකයි.
ජැක්සන් ඊට පස්සේ මම දැක්කේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’ නාට්‍යයේ. ඉනික්බිති ව ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා වැනි ප‍්‍රවීණ නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට පවා රංගනයෙන් දායක වුණා. ඔහුගේ වේදිකා නාට්‍ය රංග කලා ජීවිතයේ කූටප‍්‍රාප්තිය ‘මරසාද්’ නාට්‍යය කියලයි මම හිතන්නේ. ඔහු මේ නාට්‍යයේ මරණය නිරූපණය කළ ආකාරය ඉතාම විශිෂ්ටයි. ඒ සඳහා ජැක්සන්ට ඊට පෙර දිනෙක මංකොල්ලකරුවන් ඉදිරියේ මුහුණ පෑ ගොරබිරම් අත්දැකීමක් ප‍්‍රයෝජනවත් වූ බව ‘පනාපුත‍්‍රගේ මතක වස්තුවේ’ එන තීරු ලිපියක සඳහන් ව තිබෙනවා.
කෙසේ වෙතත් ජැක්සන් පොදු ජන රසිකයන් අතරට ගියේ ටෙලි නාට්‍ය රංගනය ඔස්සේ කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන් ‘පළිඟු මැණිකේ’, ‘තාරා දේවි’ වැනි ටෙලි නාට්‍යවලින්. ඊට පස්සේ ඔහු ටෙලි නාට්‍ය රංගනයේත් උපරීමයට ගියා. ඒ ‘කඩුල්ල’, ‘පිටගම්කාරයෝ’ වැනි ටෙලි නාට්‍ය හරහා.
ටෝනි රණසිංහ, සිරිල් වික‍්‍රමගේ, රවීන්ද්‍ර රන්දෙණිය වැනි නළුවන් දෙතුන් දෙනකු හැරුණුකොට වේදිකාවෙන් ආපු නළුවන්ට සිනමාවේ ප‍්‍රබල ස්ථානයක රැඳෙන්න පුළුවන් වුණේ නැහැ. සිරිල් වුණත් මුලින් ම රඟපෑවේ ‘හඳපාන’ චිත‍්‍රපටයේ ඉතා ම සුළු චරිතයක්. ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයාට රඟපෑ මාක් ඇන්ටනි ප‍්‍රනාන්දු වැනි මහා නළුවෙකුට සිනමාවේ ඉඩක් තිබුණේ ම නැහැ. ඔහු ‘වැලිකතර’ චිත‍්‍රපටයේ සුළු චරිතයක් රඟපෑවත් ඒ චිත‍්‍රපටයේ ඔහු හිටියේ කොතැනද කියලා මටවත් හරියට මතක නැහැ. එබඳු පසුබිමක ජැක්සන් වැනි වේදිකාවෙන් ආ නළුවෙක් මෙතරම් හෝ දුරක් සිනමාවේ පැමිණීම ඉතා වැදගත්. ඔහුගේ සිනමා රංග කලා ජීවිතයේ උපරීම අවස්ථාවක් තමයි ‘බවදුක’ චිත‍්‍රපටයේ පේදුරුගේ චරිතය. වේදිකා නාට්‍ය කලාවේත් ටෙලි නාට්‍ය කලාවේත් සිනමාවේත් හොඳ නළුවා සඳහා වන සම්මානය දිනාගත් අපේ රටේ එක ම නළුවා ජැක්සන් වෙන්න ඕනෑ.
1998 දී විතර ප‍්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වන ජයන්ත චන්ද්‍රසිරි එක්තරා පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී අනාවැකියක් පළ කළා. ඒ මේ විදියට.
“ඔහු සම්බන්ධයෙන් අනාවැකියක් කියන්න මට ඉඩ දෙන්න. තව දශකයක් ඉක්ම යෑමට පෙර ඔහු (ජැක්සන්) දකුණු ආසියාවේ සිටින විශිෂ්ටතම නළුවා වෙනවා.”
එහෙත් දැන් ඒ දශකය ඉක්ම ගිහිල්ලා ඉවරයි. ජයන්තගේ අනාවැකිය ඉටු වුණාද? එසේත් නැත්නම් එය ඉටු වුණේ නැද්ද? ඉටු නොවුණා නම් ඊට හේතුව මොකද්ද? මට නම් හිතෙන්නේ පසුගිය දශකය තුළ ජැක්සන් වෙනත් මාධ්‍යවල සිල්ලර වැඩවලට කාලය නාස්ති නොකර අඛණ්ඩව රංග කලාවේ ම ව්‍යවෘත වුණා නම් ජයන්තගේ අනාවැකිය සඵල වන්න ඉඩ තිබුණු බවයි.
ජැක්සන්ගේ මේ තීරු ලිපි පොත නළුවකු විදියට පසුගිය අවුරුදු ගණනාවේ ලැබු අනේකවිධ අත්දැකීම් ගොනුකර දැක්වුණු මාහැඟි සැමරුම් සංග‍්‍රහයක් ලෙස නම් කරන්න පුළුවන්.
ජැක්සන්ගේ පොතේ මා සිත් ගත් ඉතා වැදගත් ම ලක්ෂණය තමයි උපහාස රසය. එහි එක් තීරු ලිපියක ගුණදාස කපුගේ කුණුහරුපයක් කීවා යැයි ජැක්සන් කියන්නේ ‘උන්මාද සිතුවම්’ ගීතය ගැයු කටහ¾ඩින් කපුගේ ඒ කුණුහරුපය කී බවයි. ජැක්සන් මේ ලිපි සරණියෙන් අනුන්ට විතරක් නෙමෙයි තමන්ටත් හිනාවෙලා තිබෙනවා. ජුඩ් ශී‍්‍රමාල් ගේ මඟුල් ගෙදරදි ඔහු ලත් අත්දැකීම් ගැන කියැවුණු තීරු ලිපිය ඊට හොඳ උදාහරණයක්.
ජැක්සන්ගේ මේ තීරු ලිපි සංග‍්‍රහය ජැක්සන් ඇන්තනි නමැති නිර්මාණ ලේඛකයා කලා අවකාශය තුළ තහවුරු කරන්න ලියැවුණු මාහැඟි ග‍්‍රන්ථයක් බව නොකියා බැහැ.


Source
http://www.silumina.lk/punkalasa/20090802/_art.asp?fn=ar0908029

=============================================================

ජැක්සන්ගේ ජුගුප්සාජනක, නොගැලපෙන
දේශපාලනික රංගනය නිසා
මා තුළ පිරිහී තිබුණ රසික සහෘදභාවය
තිබුණාටත් වඩා ඉහළ නැංවීමට
'මතක වස්තුව' හේතුවුණා.

ජැක්සන් කුඩා කල සිට ලද
විවිධ ජීවන අත්දැකීම් අළලා
ඔහුම ලියන ලද ඉතාම රසවත්
"පනාපුත්‍රගේ මතක වස්තුව"
ජැක්සන් කුඩා කල සිට ලද
විවිධ ජීවන අත්දැකීම් අළලා
ඔහුම ලියන ලද ඉතාම රසවත්
"පනාපුත්‍රගේ මතක වස්තුව" කියවීමෙන්
ඔහු නාට්‍යකලාවට දැක්වූ ආදරය
සහ ඊට දැක්වූ ලැදියාව
පළමුව ඔහුගේ රංගනයෙන්
අපිට පසක් වෙනවා.

ඒත් ඒ පසුබිම සවිස්තරව දැනගත හැක්කේ 

පනාපුත්‍රගේ මතක වස්තුවෙන්.
------------------------------------------------------------
"කරදර කම්කටොලු රාශියක් මධ්‍යයේ චිත්‍රපටයේ රූ ගැන්වීම් ආරම්භ විය. ධර්මසිරි චිත්‍රපටය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී සිටී. ඔහුගේ වෙහෙසට සීමාවක් නැත. එලෙස වෙහෙසෙන අධ්‍යක්ෂක වරයෙකු මා මීට පෙර දැක නැත.

ධර්මසිරි නිතර මා මුණ ගැසීමට හඳපාංගොඩ එයි. දිනෙන් දින පාරම්පරික ගැමි නැට්ටුවෙකු බවට පත්වන පනාපුත්‍ර දෙස හේ සෙනෙහසින් බලා සිටියි. පුහුණුකාලය නිම කරන්නට වූයේ චිතරපටයේ රූ ගැන්වීම් යෙදී තිබුණ නිසාය. නො.එසේ නම් මා තවදුරටත් හඳපාංගොඩ වැසියෙකු වන්නට ඉඩ තිබුණි. සේදරමන් ගුරුන්නාන්සේ ධර්මසිරි අමතන්නේ "අපේ මහත්තයා"යනුවෙනි. පුහුණුව අවසාන කළදිනයේ සුදු මාමා අපේ මහත්තයාට ගෝලයා පිළිබඳ සහතිකයක් දුන්නේය.
"අපේ මහත්තයා බය නැතිව එක්ක යන්න. මයෙ පුතා දැන් මළකටුවා ගාණට ඉන්නවා."
මළකටුවා යනු මීට දශක කිහිපයකට පෙර පහත රට මඩු නැටුම් ආශ්‍රිතව සිටි ශ්‍රේෂ්ඨ නැට්ටුවෙකි."
------"පනාපුත්‍රගේ මතක වස්තුව"------

"පනාපුත්‍රගේ මතක වස්තුව"
නවක නළු නිළියන්ට හොඳ පාඩමක්.
ඔවුන් දැන් කරන දේත්
සැබැවින්ම කළයුතු දේත් අතර
වෙනස වටහා ගන්නට
හොඳ පාඩමක්.
--------------------------------------
"පනාපුත්‍රගේ මතක වස්තුව"
ප්‍රකාශක 0777363633
සුපිරි වෙළඳ සංකීර්ණය
බොරැල්ල.