20140223

FaceBook නිසා දිවිනසා ගන්නට සිදුවුණු අමන්දා



 අන්තර්ජාලය ඔස්සේ 
විවිධ පුද්ගලයන් හඳුනාගෙන 
ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට 
අමන්දා ටොඩ් 
හතේ පන්තියේ ඉගෙන ගන්නා 
(වයස අවුරුදු 12) දැරියකි. 
එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු 
ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර 
ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. 
එය යොදාගෙන 
ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. 
ඊට ඇය එරෙහි වන විට 
අදාළ පුද්ගලයා විසින් 
ඇය දන්නා හඳුනන සියලු දෙනාට 
එම ඡායාරූපය යැවීම නිසා 
ඇය බොහෝ දෙනාගේ විහිළුවට සහ 
ශාරීරික මෙන්ම මානසික පීඩාවට ලක් විය.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි අමන්දා ටොඩ් දියණිය ජීවිතය පටන් ගැනීමටත් පෙර ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළා ය. ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස නීතිය හමුවේ තීරණය වුව ද, සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත් එය මිනී මැරුමකි. මිනීමරුවා පැමිණයේ අන්තර්ජාලය ඔස්සේය. ඒ අනුව අමන්දාගේ මරණය, අන්තර්ජාලය නිසා සිදු වී ඇති ජංජාල ලැයිස්තුවට තවත් අංගයක් එකතු කර ඇත.


අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට අමන්දා ටොඩ් හතේ පන්තියේ ඉගෙන ගන්නා (වයස අවුරුදු 12) දැරියකි. එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. එය යොදාගෙන ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. ඊට ඇය එරෙහි වන විට අදාළ පුද්ගලයා විසින් ඇය දන්නා හඳුනන සියලු දෙනාට එම ඡායාරූපය යැවීම නිසා ඇය බොහෝ දෙනාගේ විහිළුවට සහ ශාරීරික මෙන්ම මානසික පීඩාවට ලක් විය.

මේ තත්ත්වය නිසාම උන්හිටි තැන් පවා හැරදා යාමට ටොඩ් පවුලට සිදු විය. එහෙත් භෞතිකව පදිංචිය වෙනස් කළත් අන්තර්ජාලයේ පදිංචිය වෙනස් නොවන නිසා අර පුද්ගලයා කෙසේ හෝ අන්තර්ජාලය ඔස්සේ අමන්දා ගැන සියලු තොරතුරු සොයාගෙන ඇයට දිගින් දිගටම මඩ ගැසුවේය; තර්ජනය කළේය. මෙම කරුණ හේතුවෙන් අමන්දා පීඩාවට පත් කළ අයද අන්තර්ජාලය ඔස්සේ එය දිගටම කරගෙන ගියහ. මෙයින් බේරීමට අමන්දා කිහිප විටක් පාසල් මාරු කළාය. දැඩි මානසික පීඩාවෙන් මිදීමට ඇය මත් ද්‍රව්‍ය පාවිච්චි කළාය, සිරුර කපා ගත්තාය, වස බිව්වාය. එහෙත් ඇය පීඩාවට පත් කළ අයට අනුකම්පාවක් සිතුණේ නැත.

අලුත් පාසලකට ගිය පසුවත් අමන්දාට මිතුරු මිතුරියන් නොවීය. එකම තරුණයෙකු පෙම්වතෙකු මෙන් ඇයට ළං වුවත් ඒ ද ඇගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට පමණි. එම පෙම්වතාගේ සැබෑ පෙම්වතිය සහ ඇගේ මිතුරියන් පිරිසක් පැමිණ ඇය බිම දමාගෙන පහර දී කාණුවකට ඇද දැමූහ. මෙම සිදුවීමෙන් පසුව ඇය වස පානය කළත්, වහාම රෝහලට රැගෙන යනු ලැබූ නිසා නැවතත් ජීවත් වීමට වාසනාව ලැබුවාය. කෙසේ වුවත් හිංසකයන්ගෙන් ඇයට සැනසීමක් නොලැබුණි. ෆේස්බුක් මිතුරු සමාජ වබේ අඩවියේ සමහරුන් කියා තිබුණේ “එයාට හොඳ වැඩේ”, “ඕකි මැරෙනවානම් හොඳයි” වැනි දරුණු කතාය. මෙම සියලු වේදනා හමුවේ ශක්තිමත්ව සිටීමට ඇය උත්සාහය කළා ය. අමන්දා නැවතත් පදිංචිය වෙනස් කළා ය. එහෙත් අන්තර්ජාලය ඔස්සේ හිංසනය දිගටම සිදු වූවා මිස ඇයට සැනසීමක් ලබා දීමට කිසිවෙකුට නොහැකි විය.

මේ සියල්ලෙන් තව තවත් පීඩාවට පත් වූ ඇය අන්තිමේදී උදව් ඉල්ලීමට තීරණය කළා ය. ඒ ද අන්තර්ජාලය ඔස්සේමය. තමන්ගේ කඳුලු කතාව කඩදාසි මිටියක පියවරෙන් පියවර ලියූ ඇය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඒවා වීඩියෝගත කර සියලු දෙනාටම දැකගත හැකි වන ලෙස අන්තර්ජාලයට මුදා හැරියාය. තමන්ට මිතුරු මිතුරියන් අහිමි වූ හැටි, තමන්ට තිබුණු ගරුත්වය නැති වූ හැටි, තමන්ට කිසිවෙකු අකමැති බව ආදිය ලියූ කඩදාසි ඇය පෙන්වූවාය. මානසික තත්ත්වයන් සඳහා ඖෂධ සහ උපදේශනය ලබා ගත්තද ඉන් ඇයට සහනයක් ලැබි නැත. “මා තවමත් මෙහි සිටින්නේ ඇයිදැයි මට දවස ගාණේ හිතෙනවා. මාව හිරවෙලා. මගේ තවත් ඉතිරි වෙලා තියෙන්නේ මොනවද? කිසි දෙයක් නවතින්නෙ නෑ. මට කව්රුත් නෑ. මට කව්රුහරි ඕනෑ. මගේ නම අමන්දා ටොඩ්” යැයි ඇය අවසානයට පෙන්වන කඩදාසිවල ලියා තිබේ.


එහෙත් අවාසනාවකට අමන්දාගේ මෙම පණිවුඩය බැරෑරුම් ලෙස සැළකූ කෙනෙක් නැත. වීඩියෝ පටය මුදා හැරීමෙන් පසුව අමන්දා යළිත් පාසල් මාරු කළද, ඇය දිගින් දිගටම හිංසනයට ලක් වූවාය. අමන්දාගේ වීඩියෝ පටය ලොව පුරා මිලියන එකහමාරකට අධික ජනතාවක් නැරඹූහ. එහෙත් ඇයට උදව් වීමට ඉදිරිපත් වූ කෙනෙක් නැත. වීඩියෝ පටය මුදා හැර මාසයකට පමණ පසුව අමන්දා සිය දිවි නසා ගත්තාය. ඒ වන විට ඇය දහයේ පන්තියේ සිසුවියකි.

අමන්දාට සිදු වූ මේ වින්නැහිය ආරම්භ කළ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ජීවත්වීමට උදව් ඉල්ලා අමන්දා නැඟූ හඬට කිසිවෙකු කන් නොදුන්නත්, ඇය මිය ගිය පසුව ඇය සිහිකොට ඉටිපන්දම් දල්වා ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නැයි හඬක් නැඟීමට දස දහසක් දෙනා එක්ව සිටිති. මෙවැනි හිංසන කටයුතු නැවැත්වීම සඳහා අමන්දාගේ නමින් පිහිටුවන ලද භාර අරමුදලකට මිනිස්සු ඩොලර්, පවුම් දහස් ගණන් එවති. ඇය හිංසනයට ලක් වන බවට පැමිණිලි ලැබිමෙන් පසුවද එය විසඳීමට කිසිදු පියවරක් නොගත් රාජ්‍ය ආයතන දැන් නැවත මෙවැනි සිදුවීමක් නොවීම සඳහා ක්‍රියා කරමින් සිටිති

මෙලොවින් සමුගත් පසුව අමන්දා සමාජ සේවයක නිරතව සිටින්නීය. ඒ, ඇගේ ඛිෙදවාචකය පාඩමකට ගෙන අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන (සයිබර්) හිංසනය වැළැක්වීම සහ ඊට දඬුවම් දීම පිළිබඳව කැනඩාව මෙන්ම ලොව බොහෝ රටවල්වල ඇස් ඇරීමත් සමගය.

තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති අමන්දාගේ අම්මා අන්තර්ජාලය පරිස්සමින් පාවිච්චි කළ යුතු ආකාරය සිය දියණියට කුඩා කලදීම කියා දුන්නාය. එහෙත් අනෙක් ඕනෑම යොවුන් දරුවෙකු සේම අමන්දා අම්මා කී දේ එක් කණකින් අසා අනෙක් කණින් පිට කළා පමණි. ඇය අම්මා කියන දේ අසන්නට පටන් ගන්නා විට ප්‍රමාද වැඩි යැයි අමන්දාගේ මව පවසයි. මෙවැනි ඛිෙදවාචක අනාගතයේ දී සිදුවීම වැළැක්වීම සඳහා සිය දියණියගේ වීඩියෝව උපකාරී වනු ඇතැයි තමන් බලා‍පොරොත්තු වන බවද මව මාධ්‍යයට පවසා තිබුණි.

දියණිය මෙලොවින් සමු ගැනීම දුකක් වුවත්, ඇයට දැන්වත් සැනසීමෙන් සිටීමට ලැබිම ගැන සතුටු වන බව අමන්දාගේ පියා පවසා තිබුණි. ඇය ඉතා ධෛර්යයෙන් යුතුව අදාළ වීඩියෝ පටය සැකසීම ගැන තමන් සතුටු වන බවත්, තමන්ට සිදුවූ දෙය තවත් කෙනෙකුට සිදු නොවීමට එම වීඩියෝ පටය සැකසූ බව ඇය තමන්ට කියූ බවත් පියා මාධ්‍යයට පවසා තිබුණි. පියා කියන පරිදි අමන්දාට ඕනෑ වුණේ දිවි තොරකර ගැනීමට නොව ශක්තිමත්ව මෙම ගැටලුවට මුහුණ දීමටයි. එහෙත් ඒ සටනින් ඇය පරාදය.

ශ්‍රී ලංකාවේ අපට ද අමන්දා ඉතා වටිනා පාඩමක් කියා දෙයි. අමන්දා ජීවත් වූයේ කාන්තාවක උඩුකය නිරුවත්ව මහජනයා ගැවසෙන මුහුදු වෙරළක සිටීමවත් වරදක් ලෙස නොදකින බටහිර සමාජයකය. එහෙත් එවැනි අසීමාන්තික සංස්කෘතික නිදහසක් ඇති සමාජයක් පවා, වයස අවුරුදු 12ක දැරියක ලෙස අනවබෝධයෙන් කළ වරදට අමන්දාට සමාව දුන්නේ නැති නිසා ඇය ජීවිතෙන් වන්දි ගෙව්වාය. එසේ නම්, කාන්තාවකගේ සාය සුළඟට එහෙ මෙහෙ වීමත් වරදක් වන සමාජයක ජීවත් වන ලාංකේය දැරියකට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණොත්? අමන්දා මෙන් තම වේදනාව ලොවට ම ඇසෙන සේ කෑගසා කීමට තබා තම දෙමාපියන්ටවත් කියා ගැනීමට ඔවුන්ට හැකිද? තමන්ගේ යොවුන් දුව-පුතා පරිගණකය ඉදිරියේ වාඩි වී හෝ ජංගම දුරකථනයේ යතුරු ඔබමින් කරන්නේ මොනවාදැයි සමහර දෙමාපියන් සොයන්නේ නැත.

බහුතරයක් එසේ සෙවීමට නොදන්නා අතර, දැනුම ඇති දෙමාපියන්ට ඊට වෙලාවක් නැත. සමහර දෙමාපියන් පරිගණකයට සියලු බාධක දමා දරුවන් රැක ගැනීමට උත්සාහ කරද්දී දරුවෝ අතේ තිබෙන ජංගම දුරකනයෙන් ලෝකෙ වටේ යති දරුවන්ට මිතුරන් මෙන් ළං වී ඔවුන්ගේ හැසිරීම් ගැන මනා සෝදිසියෙන් සිට ඔවුන් කරදරයක වැටෙන බව හඳුනා ගෙන ඒ සම්බන්ධව බුද්ධිමත්ව පියවර ගැනීමේ අවශ්‍යතාවද අමන්දා අපට මතක් කර දෙයි.

ප්‍රණීතා අබේවික්‍රම

 ======================================================
සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත්
එය මිනී මැරුමක් යැයි කීවද
මිනිස් සිත ක්‍රියා කරන ආකාරය
සමාජ විද්‍යාවට ඇතුළත් නැත.

කැළඹුණු මිනිස් සිත උමතු සිතකි .

සිත කළඹන්නට හේතුවන්නේ
කිසියම් එක් නිශ්චිත හේතුවක් නොවේ.
මූලිකම හේතුව වන්නේ
තමා ගත කරන ජීවිතය දරාගන්නට නොහැකිවීමයි.
 
  අමන්දා කෙබඳු මානසිකත්වයකින් යුතු
කෙබඳු හැසිරීමකින් යුතු දැරියකදැයි
ඔබට ඉහත ලිපියෙන් දැක ගත නොහැක.
ඇගේ කැළඹුණු සිතත් එහි ප්‍රතිඵලයක් ලෙස
ඇය පිට කරන වදන් වහරත්
මෙම වීඩියෝවෙන් දැක ගත හැක.
 

"කෙනෙකු අනාචාරයේ හැසුරුණත්,
වෙනත් කෙනෙකුගේ පෙම්වතෙකු සොරා ගත්තත්
කිසිවෙකුත් මිය යන්නට සුදුසු නොවේ" යැයි ඇය තර්ක කරන නමුදු
ඒ සත්‍යය ක්‍රියාවෙන් ඔප්පු කරන්නට නොහැකි විය.
ඇය මිය ගියාය.

සිය දිවි නසාගන්නේ ජීවත් වන්නට නුසුදුසු අයද?

ලෝකයාගේ කෝණයෙන් පිළිතුර කුමක් වුවත්
සිය දිවි නසා ගන්නා තැනැත්තා එසේ සිතනවා විය යුතුය.
නොඑසේ නම් එය ජීවත්වන්නවුන්ගෙන් කරන පළි ගැනීමකි.
---------------------------------------------------------------------------------------

සිය දිවි නසාගන්නේ ජීවත් වන්නට නුසුදුසු අයද?

=========================================================
දියණියට සැබැවින්ම ආදරය කරන මවක්.
------------------------------------------------
ලිංගික ඇසුරකට යෝජනා කරමින්
සිය දියණියට තරුණයෙකු එවූ
SMS පණිවිඩයක් දැකීමෙන් පසු
මේ මව
දියණියගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළාය.
යට ඇඳුමෙන් සැරසී
දියණිය පළකළ නිරුවත් ඡායාරූප දැකීමෙන් පසු
නැවත එවැන්නක් නොකරන්නට සිය දියණිය පොළඹවන්නට
ඇයට කරන ලද අපූරු සංග්‍රහයයි මේ.

 
නිසි කලට මේ බෙහෙත් නොලැබීමෙන්
කාමයෙන් රෝගාතුරව
කාමාතුරයන්ට බිලිවූ සහ
කළහැකි කිසිවක් නොමැතිව
සිය දිවි නසා ගන්නා ලද
අසරණ යුවතියන් කොතෙක් ඇත්ද?

සිය දියණිය දූෂණය වන්නට,
කාමාතුරයන්ට බිලි වී මිය යන්නට,
සිය දිවි නසා ගන්නට ඇති
ඉඩකඩ අහුරන්නට
දැඩිව ක්‍රියා කරන ඇයට
මම හිස නමමි.

No comments:

Post a Comment