මිනිසා තවත් තිරිසනෙක් පමණි
ඔහු තමා ගැන සිහිය දියුණු කරගෙන
මිනිසෙකු බවට පරිණාමනය වී ඇත.
සිහිය පිරිහුණු විට
ඔහු නැවතත් සිය සැබෑ තිරිසන් ස්වරූපයට
ඇද වැටෙයි..
තමන් යම් දෙයක් කරන්නේ
මේ ඇතුළාන්ත පෙළඹවීම නිසායැයි
තමා පිළිබඳව මිනිසාට ඇති සිහිය
මිනිසා තිරිසනාගෙන්
වෙන් කරනු ලබයි...
පිරිමි සතෙකු ගැහැණු සතෙකු
පසුපස යන්නේ කාමය නිසාය..
මිනිසාට පමණක් එය දැකිය හැකිය.
සමාජයක් ලෙස ජීවත් වනවිට
සිහිය ඇති පිරිමි සතුන්ගෙන්
තමාට හෝ අන් අයට
හානිවීම අවම වෙයි.
එක් සතෙකු තවත් සතෙකුට
පහර දෙන්නේ
අනික් සතා කළ වරද නිසා නොව..
එම වරද නිසා ඔහු තුළ නැගෙන
කෝපයෙන් වියරු වැටීම නිසයි..
මිනිසාට මෙම තත්වය
සිහියෙන් දකිමින්
හානිකර බව අවම පියවරකින්
සිය අප්‍රසාදය ප්‍රකාශ කළ හැක.
අද සමාජය
යළි තිරිසන් බව කරා
පරිණාමනය වෙමින් ඇත.
බුදු දහම
මේ රෝගයට ඔසුවකි.
අනිත් ආගම් වලින්
නිර්වින්දක සපයනු ලබයි.
ආගමික සහ සංස්කෘතික විශ්වාස මගින්
මිනිසා පුහුණු කරන ලද
තිරිසනෙකු කරයි.
ඔහුට තමා පිළිබඳව සිහියත්
තමා තුළ සිදුවන දේට උපේක්ෂාවත් නොදී
එම විශ්වාස ඉවත් කිරීමෙන්
ඔහු යළිත් නොදැමුණු තිරිසනෙකු වෙයි.
ඒ දණ්ඩේ සමබරව බව රැකගෙන
පියනගන්නට කියා නොදී
අත්වැල ඉවත් කිරීමෙන්
සමාජයට හානිකර
සත්වයෙක් බිහිවෙයි.
පූර්ණ අන්ධයෙකුට වඩා
එකැස් කණෙක් හොඳය.
කළ යුත්තේ ඔහුට ඇසක් දීමයි.
තියන ඇසත් අන්ධ කිරීම නොවේ.- දැනට පෙනෙන ඇස ලැබෙන්නෙ
ආගමේ සංස්කෘතියෙ තියන
ශීල සමාධි කොටස් දෙක විසින්.
ඔහුගෙ නොපෙනෙන ඇස
සුව වෙන්නෙ ප්‍රඥාවෙන්...
ප්‍රඥාව කියන්නෙ
ආගමික පොත පතෙන් හෝ
බණ ඇසීමෙන් ලබන
ආගමික දැනුම නෙමෙයි..
අව්වෙ පිච්චෙන වෙලාවට
වැස්සෙ තෙමෙන වෙලාවට
කෑම කන වෙලාවට,
අඬ දබර කරන වෙලාවට,
ආදරේ කරන වෙලාවට...
ජීවිතය විඳින දැනෙන වෙලාවට
තමන් ගැන සිහියෙන්
තමන් තුළ සිදු වෙන
වෙනස්කම් ගැන සිහියෙන්
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන්
ජීවත් වෙලා වැඩෙන ප්‍රඥාවයි,
මිනිසා සැබෑ ලෙසම
තිරිසනාගෙන් වෙන් කරන්නෙ..
මිනිසා පුහුණු තිරිසනෙකු කරද්දි
කලාපීය හා ගෝත්‍රික වෙනස්කම්
බෙහෙවින් අදාලයි.
පුහුණු මිනිස් තිරිසනා
මිනිසෙකු බවට පත් කරන
සුපිරි තාක්ෂණය විශ්ව සාධාරණයි.
කලාපීය හා ගෝත්‍රික වශයෙන් දෙන පුහුණුව
සමාජයටයි අදාළ වෙන්නෙ.
එහෙත් මිනිසා තනිව විඳින දේ
විශ්ව සාධාරණයි.
කාමයට, දුකට, තරහට, බයට..
කෑදරකමට ආදී
තිරිසන් ගතිවලට මෙන්ම
මෛත්‍රිය, කරුණාව, දයාව වගේ
මානුශික ගතිගුණ වලටත්
කලාපීය හා ගෝත්‍රික වෙනස්කම්
අදාළ නැහැ.
කලාපීය හා ගෝත්‍රික වෙනස්කම්
ප්‍රඥාවට අදාළ නැහැ. - ෆැන්ටා, කොකා කෝලා,තේ, කෝපි..
සරුවත් වෙනස් බව ඇත්ත.
අපිරිසිදු වතුරෙන් හදන
කොයි පානයත් විෂයි...
වතුර පිරිසිදු කිරීමයි විය යුත්තෙ.
පානයන්හි අනන්‍යතාවය අදාළ නැහැ.
මොන ආගමේ වුණත්
මොන ජාතියේ වුනත්
අපරාධකාරයා තිරිසනෙක්.
මිනිසත් බවේ වගකීම
ඌ මිනිසෙකු බවට පත් කිරීමයි.
ඒත් තිරිසනුන් වැඩි වුණාම
මිනිසුන්ට හිස පාත් කරගෙන
ඉන්න වෙන්නවා.
තිරිසන්කම සංස්කෘතිය බවටත්
පව්කාරකම ආගම බවටත්
පත් වෙනවා.
මිනිස්කම සොයන අය
සාපේක්ෂව ආරක්ෂිතව
සැනසිල්ලෙන් ඉන්නවා.
මිනිසා පුහුණු කරන ලද තිරිසනෙක් කරන්න
කොයි ආගමෙත් තියන ක්‍රම
බොහෝ දුරට සාර්ථකයි..
වට්ටෝරුව කොහොම උනත්
කෑමක රස තීරණය වෙන්නෙ
උයන අයත් කන අයත් අනුවනෙ.
ප්‍රඥාව නම් බුදු දහමෙ හැර
වෙනත් ආගමක නැහැ.
තමන්ගෙ කය සහ හිත දිහාත්
ඒ දෙකේ ඇතිවෙන වෙනස් කම් දිහාත්
ඒ වෙනස්කම් වලින්
සියයට සියය දක්වාම
නොකැළඹී ඉන්න
පුහුණු කරන ක්‍රමයක්
වෙනත් දහමක නැහැ.
ඔබ දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන
ඔබේ සිරුරට දැනෙන දැනීම් ගැන
ඔබට සිහිය නැහැ.
මම කියද්දිවත්
ඔබ මොහොතකට ඔබ දෙසට
සිහිය යොමු කළොත්
ඔබේ ඉරියව්ව ඔබට දැනෙනවා.
බුදුන් වහන්සෙ, කෙනෙකුගෙ සිහිය
දියුණු කිරීම අරඹන්නෙ ඉරියව්වෙන්.
ඒ මූලික පාඩමවත්
වෙන කිසිම ආගමක නැහැ.
ඔබ ඔබේ එක අතක් උස්සගෙන
ඒ අතේ දැනෙන
වේදනා විඳල බලන්න.
මින් පෙර කවදාවත්
නොවිඳපු අත්දැකීමක් ඒ.
කොතරම් වෙලා
අප්‍රසාදයෙන් තොරව
ඔබට ඔබේ අත උස්සගෙන
ඉන්න පුලුවන්ද?
ඔබට හිතාගන්න බැහැ.
විනාඩි පහක් වෙන්නත් පුලුවන්..
පැය බාගයක් වෙන්නත් පුලුවන්.
විනාඩි පහක් නම්
ඔබ ඉක්මනින් කැළඹෙන කෙනෙක්.
පැය බාගයක් නම්
ඔබේ ඉවසීම හොඳයි.
මේ අත්දැකීම
මොන ආගමක කෙනෙක් වුණත්
මොන ජාතියක කෙනෙක් වුණත්
එකයි.. ප්‍රතිඵල එකයි.
පරාසය වෙනස් වෙයි..
එපමණයි.
මේ විදියට තමා දෙස බලන්න පුහුණුවත්
ඒ දැනෙන දෙයින් නොකැළඹීමෙ පුහුණුවත්
ඔබට ලැබෙන්නෙ බුදු දහමෙන් විතරයි.
No comments:
Post a Comment