20130924

දරුවාට ලිංගිකත්වය මරුවැලක් විය හැකියි.


https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn2/1235101_10200645930617394_429535735_n.jpg


සමාජය ඉදිරියේ නොකලයුතු
කටේ අත දැමීම,
නාසය හෑරීම වැනිදේ
වැඩිහිටියන් වළක්වනවා..

ඒත් චූ බර නිසා හෝ
රහස් තැනකට
අත තියා ගත්තොත්
ඒ අත ඉවත් කරගන්නැයි කියන්නට
වැඩිහිටියන් පැකිලෙනවා.

ලිංගිකත්වය කියන්නෙ
ස්වභාව ධර්මයේ
මූලික අවශ්‍යතාවයක්.

ඒ ලිංගිකත්වය
තමන්ගේ උපරිම තෘප්තියක් හා
රසාස්වාදයක් දෙන සම්පතක් විදියට
ඒකට වහල් වෙලා
දරුවෙක් තුළ ලිංගිකත්වය දැකීම
වැඩිහිටියන්ට පවක් වෙලා
කියලයි මට හිතෙන්නෙ.

දරුවාත් තමන්ගෙ පාරෙම එන
තවත් සත්වයෙක් බව
ඔවුන් හිතන්නෙ නැහැ.
අපි තෘප්තිමත් වෙන්න හෝ
ඉගෙනගන්න බලාගෙන කරපු
හැම දෙයක්ම
දරුවාත් කරන්න ඉඩ තියනවා.
ඔවුන් ඊටත් එහා යන්න පුලුවන්.
මේ චාරයක් නැති,
සිහිය නැති, නිහීන වර්තමානය තුළ
අඩු වයසින්ම ජීවිතේ වටිනාකම
සෝදා පාලුවෙන්න පුලුවන්.
එහෙම වෙනවා අපි දකිනවා.

සදාචාරය ගැන හැඟීම නැති වුණොත්
නොමග ගොස් ගබ්සා කරගන්නට
එයින් මියැදෙන්නට පවා
ඉඩ ඇති බව කියන්නට
අද දරුවන් කුඩා නැහැ.

විරුද්ධ ලිංගික ඇසුර වැරදුණොත්
ගබ්සාවකින්, මරණයෙන්
ජීවිතය නැති විය හැකි බව
දහමෙදි නිරය ගැන කියා දෙනවා වගේ
මගේ අවුරුදු හතේ සහ පහේ දරුවන්ට
මම කියාදී තියෙනවා.

ලිංගිකත්වය ගැන
දරුවන්ට කියාදෙන්න අවශ්‍ය නැහැ.
ස්වභාව ධර්මය ඒ ඉව ඔහුට දී තිබෙනවා.
http://adweek.blogs.com/.a/6a00d8341c51c053ef0120a695678c970b-pi
ලිංගිකව නොවුණත්  කායික ස්පර්ශය මගින්
ඒ ඉව උත්තේජනය කිරීම
දෙමාපියන්ගේ පටන්
දරුවාට අත පෙවිය හැකි
හැම වැඩිහිටියෙකුගෙන්ම පාහේ
නොමඳව සිදු වෙනවා.

ලිංගිකව වුණත්
කායික ස්පර්ශය මගින් ඒ ඉව උත්තේජනය කිරීම

කරදරයක් වෙනතුරුම දැනගන්නට බැරි තරම් දුර
සමාජය දරුවන් අරන් ගිහින්.

පියාත්, සොහොයුරාත් අතින්
කාලයක් තිස්සේ අපයෝජනය වුණ
දස හැවිරිදි දැරියක් ගැන
රාජාංගනයෙන් වාර්තා වුණා.
ඒ ජීවිත තුනම
මිනිස් සමාජයක් විදියට
ගැලපෙන චරිත නොවෙයි.

මේ කියවන ඔබේ දරුවා
කවරෙකු අතින් හෝ
ලිංගිකව අපයෝජනය නොවේයැයි
ඔබට සහතිකද?

ඔබේ දරුවා ලිංගික අපයෝජනයවීම
ඔබට සරල සාමාන්‍ය දෙයක් නම්
ඔබේ දරුවාටත් එසේමයි.
ඔහු හෝ ඇය සමාජයට ගොදුරක්.
ඔහු හෝ ඇය ඒ සඳහා
මානසිකව හා කායිකව
සකස් කරන්නේ ඔබයි.
ලිංගිකත්වයේ හානිකර පැත්ත ගැන
හිරි ඔතප් වශයෙන්
සොබාදහමෙන් ලැබුණ ඉව
අදාන්ත වැඩිහිටියන්ගෙ අවිචාරවත්,
කාමුක හැසිරීම් නිසා
අද යුගයේ කුඩා දරුවන් තුළින්
ළමා වියේදිම ගිළිහෙනවා.

ලිංගිකත්වය මරුවැලක් විය හැකිබව
කුඩා දරුවන්ට කියා දිය යුතුයි.

ඔවුන්ගේ දිවිය රැකගැනීමේ වගකීම
හැකි ඉක්මණින් ඔවුන්ටම පැවරිය යුතුයි..

No comments:

Post a Comment