20130924

මිනිසාද හීලෑ කළ හැකි තිරිසනෙකි.



https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc1/p480x480/574581_10200644614024480_1575546656_n.jpg
මිනිසාද හීලෑ කළ හැකි තිරිසනෙකි.

තිරිසන් සතුන්ට පොදු චර්යා රටාවන් ඇත.

එම චර්යා රටාවන් හඳුනා ගන්නා
එක් සතුන් කොටසක් අනෙක් කොටස හීලෑ කර ගනිති.
දඩයම් කර ගනිති.

උන්ගේ චර්යා රටාව හඳුනා ගන්නා අනෙක් සතුන් කොටස
උන්ගෙන් බේරී ජීවත් වන්නේද එම ආකාරයෙන්මය.

නිශ්චිත චර්යා රටාවන් හඳුනා ගන්නා සතුන්ට
අන් සතුන් දඩමගට යොමු කළ හැක.
දඩයම් කළ හැක.

මිනිසාද තිරිසන් සතෙක් වුවද
අන් සතුන්ගේ චර්යාවන් හඳුනාගෙන
දඩයම් කරන්නට පමණක් නොව
හීලෑ කර ගන්නටද
ඌට විශේෂ හැකියාවක් ඇත.

සතුන්ගේ චර්යාවන් හඳුනාගෙන 
සතුන් හීලෑ කරගෙන මසට හෝ වැඩට
ඇති කළ හැක.

ඌ එම හැකියාව
ශක්ති පමණින් උපයෝගී කරගනිමින්
ඌට රිසි රිසි අයුරින්
සිය වර්ගයා වූ මිනිසාද ඇතුළුව
රිසි සියලුම සතුන්ගේ චර්යාවන් හඳුනාගෙන 
සතුන් හීලෑ කරගෙන ඇති දැඩි කරති.
පාලනය කරති.
මරා දමති.
මරා මස් බුදිති.

ඒ සියල්ල කරද්දී අනෙක් සතුන් උන් පසුපසද එති.

අන් සතුන් මෙන්
පාලනය කළ නොහැකි තැන
සීමා මායිම් පණවති.
දම්වැල්, සිර කූඩු අන් සතුන්ට සහ,
දමනයට අපහසු
සමාජයට සතෙක් වැනි අයටය.

ආගමික. සංස්කෘතික බැමි,
සිරිත් විරිත්, ආදරය, කාමය,
දුක, තරහ, බය, මත්පැන්,
තනතුරු, වේතන, අනුග්‍රහ,
අල්ලස්, කප්පම්, දානමාන, දොළ පිදේනි,
ගරු නම්බු, ප්‍රධාන, සම්මාන,
වර්ණනා, ප්‍රශංසා ආදී
නොයෙක් චර්යා රටාවන් මගින්
මිනිසා නමැති සතාටද යොදමින්
සිය වර්ගයාත්
අන් සතුන් මෙන්ම හීලෑ කරගනිති.
හික්මවා ගනිති.
බැරි නම් පහර දෙති.
මරා දමති.

කිසියම් අයුරකින්
එසේ හික්මෙන මිනිසා
හික්මවන්නා රකියි.
ඌට වහල්කම් කරයි.
අවැසි විටෙක
ඌ වෙනුවෙන් දිවි වුවද පුදයි.
හීලෑ සතෙකු වෙනුවෙන් දිවිපුදන්නා
එමගින් අන් සතුන් තමාට නතු කරගනියි.
ඌට උගේ මරණයෙන් පසුද
අන් සතුන් පාලනය කළ හැක.

මෙම විෂම රටාවෙන් ගැලවීමට
බුදුන් වහන්සේට හෝ නොහැකි විය.
නිවන් දකින්නට පොරොන්දු වී
ගිහි ගෙය හැර එන ශ්‍රාවකයන්ට
ගිහියන්ටත් නැති විනය නීති
පණවන්නට වූයේ එහෙයිනි.
උන් වහන්සේ සියලු උපක්‍රම උපයෝගී කරගත්තේ
සත්වයා දුකෙන් මුදවන්නට නිසා
චර්යා රටාවන්ට ගොදුරු වී දුක් විඳින බව
වටහාගන්නා සත්වයෝ
දුක දැක දුකෙන් මිදෙති.

සිහියෙන් හා උපෙක්ෂාවෙන් වෙසෙන ක්‍රමය
උන් වහන්සේ සොයාගත් නිසා
බොහෝ සතුන්
තම වාසිය සඳහා උපක්‍රම සැකසීමෙන් හා
අන අය සකසන උපක්‍රම වලට වහල් වීමෙන්ද
එම උපක්‍රම වලින් දුක් විඳීමෙන්ද මිදුණාහ.

අන් සතුන්ගේ සත්ව චර්යාවන්ගෙන් හානියක් නොවී
තම චර්යාවන්ගෙන් උන්ටද හානි නොකොට
සැනසිල්ලෙන් ජීවත් වීමේ කරමය
බුදු දහමෙන් ඉගැන්වෙයි.

එහෙත් පොදු ජනප්‍රිය ක්‍රමය නම්
සත්ව චර්යාවන් හඳුනාගෙන
එම චර්යා රටාවන්
තම වාසිය පිණිස
උපයෝගී කර ගැනීමයි.
ඉතිරි කොටස
එම පාලනයට නතු වී
තම වාසිය සලසා ගනිති.

ඔබ මෙම චරිත දෙක
දවස පුරා, මාරුවෙන් මාරුවට
රඟ නොපාන්නෙහිද?

ඔබ රඟන චරිතය හඳුනා ගන්න.

ආත්ම දමනයෙන් යුතු
ස්වාධීන පුද්ගලයන්
මෙම රටාවෙන් දුක් විඳීම අවමය.
ඔබ ස්වාධීන වන තරමට,
තමන් දමනය කරගැනීමට හුරුවෙන තරමට
මෙම විෂම චක්‍රයෙන් අන් අය පෙළීමෙන්ද
අන් අයගේ පෙළීමෙන්ද මිදෙන්නට
හැකි වනු ඇත.

අවම ශක්තියකින්, අවම වෙහෙසකින්,
අවම ආවේගයකින්, අවම පිරිවැයකින්
එම චරිතය රඟන අයුරු සොයා ගන්න.

සිහියෙන් හා උපේක්ෂාවෙන් වෙසෙන්න.

------------------------------------------------------------------------------------------------------
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc1/p480x480/574581_10200644614024480_1575546656_n.jpg

ඉහළ ඡායාරූපයේ දැක්වෙන
Christian Walliser නම් සතුන් හීලෑ කරන්නා
වරෙක පය පැකිලී වැටී
ඔහුගේ සුරතල් ව්‍යාඝ්‍රයින් පස්දෙනාගෙන්
තුන්දෙනෙකුගේ පහරදීමට ලක්විය.

මේ ඔහු සතුන් හික්මවන අයුරුයි.


---------------------------------------------------------------------------------------------------------------

මේ තවත් අති දක්ෂ තිරිසනෙක්
උගේ වර්ගයා හික්මවා ගන්නා අයුරුයි.


No comments:

Post a Comment