20130928

ඉදිරියෙන් ඇත්තේ බුදු දහමද, විද්‍යාවද?




1, 
බුදුන් වහන්සේත් විද්‍යාඥයාත් අතුරෙන්
වඩාත් ඉදිරියෙන් සිටින්නේ බුදුන් වහන්සේය.

2,
වඩාත් ගැඹුරු බුදු දහමයි.

3,
වඩාත් සරල බුදු දහමයි.

4,
වඩාත් විශ්වාස කළ හැක්කේ බුදු දහමයි.

5,
මිනිසාට වඩාත් ප්‍රයෝජනවත් බුදු දහමයි.

බුදුන් වහන්සේගේ දහමෙහි
ප්‍රධාන ගුණාංග දෙකකි.

එනම්
1, කේවලං පරිපුණ්ණං.
එක් කළ හැකි කිසිවක් නැත.
2, කේවලං පරිශුද්ධං
ඉවත් කළ හැකි කිසිවක් නැත.


මම මගේ සය හැවිරිදි පුතාට
නියාම ධර්ම පහ විස්තර කළෙමි.
මෙම පළකිරීමෙහි අදහස
මට පහළ වූයේ
ඒ වෙලාවෙහිදීය.

ඔහු තවම කිසිවක් ග්‍රහණය කර ගත්තේ නැත.
එහෙත් සති කිහිපයකදී
ඔහු ඉන් දෙක තුනක් හෝ
තවෙකෙකුට පෙන්වා දිය හැකි තරමට
ග්‍රහණය කරගන්නා බව මට විශ්වාසය.

බුදුන් වහන්සේ
ලොව පවතින සියලු නියාමයන්
වර්ග පහකට ගොනු කළහ.
ඉන් පිටස්තර
වෙනත් නියාමයන් නැත.
ඉන් එක් නියාමයක් හෝ
අන් නියාමයක් තුළට
කැවිය නොහැක.

උතු නියාමය කියන්නෙ
ඍතු වෙනස්වීම්,
කාලගුණික වෙනස් වීම් නිසා
සිදුවෙන දේවල් තියනවා.
වහින කාලෙට ඇට පැළ වෙනව,
පායන කාලේට් මැරෙනවා,
මිනිස්සුන්ට උණ හෙම්බිරිස්සව හැදෙනව
වගේ දේවල් උතු නියාම වලට වැටෙනව.

බීජ නියාම කියන්නෙ බීජයේ ස්වභාවය අනුව
ගහක්, සතෙක්, මිනිසෙක් හැදෙනවා කියන එකයි.
එක සතෙකුගෙ එක සෛලයක
=== අණුවක වුණත් ඒ ගුණය තියනවා.
ගහෙ විදියට ගෙඩි හැදෙන එක
දෙමව්පියන් අනුව දරුවන් පහළවීම ආදිය වගේම
ඒවා විකෘති වෙනවනම්
ඒකට ඉඩ තියන එකත්
බීජ නියාමම තමයි.

කර්ම නියාම කියන්නෙ
රාග, ද්වේශ, මෝහ කියන කෙලෙස් පදනම් වෙලා
හිතන, කරන කියන හැම දේම
මතුවට විපාක දිය හැකි,
භවය සකස් වෙන විදියෙ
කර්මයක් බවට පත් වීමයි.
හැම දෙයක්ම සිදුවෙන්නෙ
කර්මය නිසා නෙමෙයි.
ළමයෙක් අංග විකල වෙනකොට
ඒක එයාගෙ කර්මයක් වෙන්නත් පුළුවන්
අනික් නියාම ධර්මයක් නිසා වෙන්නත් පුළුවන්.

ධම්ම නියාම කියන්නෙ
ගින්දරට පිච්චෙනවා,
වතුර පහළට ගලනව,
ගුරුත්වාකර්ශණය, චුම්බකත්වය වගෙ
ස්වාභවික ධර්මතාවයන්.

චිත්ත නියාම කියන්නෙ
බාහිර සිදුවෙන දේවල්
සමාජය හැසිර්න ආකාරය
හිතට බලපානවා,
අපි හිතන දේවල් බාහිර දෙවල් වලට
සමාජයට බලපානවා කියන එකයි.
සියුම්ව ගත්තොත්
තමා තුළ සිදුවෙන දේට
සිහියෙන් සහ උපේක්ශාවෙන් හිටියාම
කෙලෙසුන් නැසීම ආදී
දුකෙන් මිදීමට බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමත්
මීට අයිතියි.

මේ නියාම ධර්ම වලින්
විද්‍යාවෙන් ග්‍රහණය කරගෙන තියෙන්නෙ
කොටසක් විතරයි.
බුදු දහම නොදන්න,
බුදු දහම නොපිළිගන්නා,
බුදු දහම නොපිළිපදින අයට
ඉදිරියෙන්
විද්‍යඥයා සිටිනවා.

එහෙත් බුදු දහමෙහි අරටුව වන
චතුරර්ය සත්‍යය
විදසුන් වඩන්නා විසින්
ප්‍රත්‍යක්ශයෙන් අවබෝධ කර ගන්නා නමුත්
විද්‍යාඥයාට
ඔහු මෙතෙක් සොයාගෙන ඇති
අති සියුම් උපකරණ වලින්වත්
කියවිය නොහැකියි.
එය තමන් තුලින්ම
ප්‍රත්යක්ශයෙන් දැකිය යුතුයි.

කර්මය, පුනරුත්පත්තිය දැනෙනවා කියන එක
අන්ධ බැතිමතාගේ නොව
ප්‍රඥාවන්තයාගේ ගුණාංග දෙකක්.
කර්මය, පුනරුත්පත්තිය වැනි සරල ධර්මතා
විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි වීම
බුදු දහමෙහි අඩුවක් නොව
විද්‍යාවේ දුර්වලතාවයයි.

විද්‍යාවෙන් සොයාගෙන ඇති නමුත්
තවමත්
බොහෝ දෙනෙකුට පිළිගත හැකි තත්වයට පත් නොවූ
“විශ්වයෙහි සියල්ල නිම වී ඇත්තේ තරංග වලින්ය”යි
කියන විද්‍යාත්මක සොයාගැනීම
එක් රහත් තෙරණියක් තමන් තුළ අත් දැක ප්‍රකාශ කළේ
“සබ්බේ ලොකෝ පකම්පිතෝ-
සබ්බේ ලොකො පජ්ජලිතෝ” යනුවෙනි.
“පවතින සියලු දේ ප්‍රකම්පිතයි-
පවතින සියලු දේ දැවෙමින් ඇත”

කෙනෙකු තුළ විදසුන දියුණු වනවිට
පහළ වන භංග ඥාණ අවස්ථාවෙදී
මේ තත්වය කෙනෙකුට තමා තුළම
අත් දැකිය හැක.

විද්‍යාවෙන් මෙය සොයා ගැනීමත්
ධර්ම මාරගයෙහි ගොස්
මෙය සොයා ගැනීමත් අතර
අති විශාල වෙනසක් ඇත.

බුදුන් වහන්සේ
මෙම සත්‍යය තමා තුළ පසක් කිරීමේදී
උන්වහන්සේ
වසර දහස් ගණනක් පවතින දහමක් ලෙස
එම සත්‍යය ප්‍රකාශ කරමින්
දුකෙන් මිදෙන්නට
තමා සොයා ගත් ක්‍රමය මගින්
අනන්ත අප්‍රමාණ සත්වයන් රැසක්
දුකෙන් මුදා ගත්හ.

එහෙත්
එම සත්‍යයම විද්‍යාව ඇසුර්න් සොයා ගත් විද්‍යඥයා
එම සත්‍යය නිසා කිසිදු පරිවර්තනයකට බඳුන් නොවී
පුහුදුන් මිනිසෙකු වශයෙන්  වෙසෙනු ඇත.

No comments:

Post a Comment