විද්‍යාව තර්කනය මත ගොඩ නැගුණ
දර්ශනයක් කියලද Sithumini කියන්නෙ.
තර්කයෙන් පිළිගන්න කියන විද්‍යාවට
විද්‍යාවක් කියන්න පුලුවන්ද?
ඔබ විද්‍යාව පිලිගන්නෙ තර්කනයෙන් නම්
ඔබ ඉන්නෙ විද්‍යාවෙ කළල අවදියේ.
විද්‍යාව සිද්ධාන්තයක් වෙන්න
පිළිසිඳගන්නෙ උපකල්පනයක් විදියටයි..
තර්කයෙන් විද්‍යාව පිලිගන්න ඔබ
තවම ඉන්නෙ ඒ කළල මට්ටමේ.
පරීක්ෂණය, නිරීක්ෂණය නැතුව
නිගමනයකට එන්න තර්කය භාවිතා කළොත්
ඔබ ඉන්නෙ අභිධර්මය හදාරන අපේ අයත් එක්කයි.
ඔවුන් දහම අල්ලගන්නෙත් තර්කයෙන්.
පරීක්ෂණය නිරීක්ෂණය තියෙන්නෙ
සතර සතිපට්ඨානයේ.
බුදු දහමෙ පාරිභාෂික වචන මාලාව
ප්‍රායෝගිකව තමා තුල හඳුනා ගන්න පාසල තමයි
සතර සතිපට්ඨානය.
ඒ වචන මාලාව අත්දැකීමෙන් නොදන්න කෙනෙක්
බුදු දහම අල්ලගන්නෙ ඔහු දන්න තේරුම් වලින්.
රසට කෑමක් කන්න හිතුණාම හිතේ තියෙන්නෙ
රාග සංස්කාරය කියලා ඔහු දන්නෙ නෑ.
ඔහු අභිධර්මයේ චිත්තක්ෂණ ගැන
කටපාඩමෙන් ඉගෙන ගන්න ගමන්
තමන් ධර්මය දන්නවා කියා මුළා වෙනවා.
විද්‍යාවෙත් මුලා වෙන බැතිමතුන් ඉන්නවා.
ඔවුන් විද්‍යාවෙ උපකල්පන සිද්ධාන්ත විදියට
අදහන්න ගිහින් මුලා වෙනවා.
විද්‍යාව ඉතාම අවදානම් තැනක්.
බුදු දහම අපිව දැනුවත් කරන්නෙ
ගහේ අතුපතර ඉඳලා මූලයට,
ගහ හැදෙන බීජයටයි.
විද්‍යාව ගහ කෑලි කෑලිවලට කපලා
විච්ඡේදනය කරලා දැනුමක් හදනවා.
සොබා දහමෙ සත්‍යතා අහුවෙන බව ඇත්ත.
ඒත් ඒ සංකීර්ණ බව තුළ අතරමං වෙන
අවදානමක් තියනවා.
තර්කයෙන් පිළිගන්න විද්‍යාව
අදහන ආගම් වගේ තමයි.
තර්කය කියන්නෙ පටු ක්ෂේත්‍රයක්.
තර්ක කරන්න වෙන්නෙ ළඟ තියන
සීමිත දැනුමෙන්, සීමිත මෙවලම් ටිකකින්.
ඒකට අහු නොවෙන දේ නොපවතින දෙයක්
ඒ සීමාව තුළට පෙනෙන්නෙ නෑ.
ඉතින් එහෙම දෙයක් නෑ කියලා
තර්ක කරන එක විතරයි
ඔහුට කරන්න තියෙන්නෙ.
ඒ නිසා තමයි
තර්කනය තුළින් විසඳුම් හොයන අය
සංවාද වලදි පිළිතුරු නොදී පැනල යන්නෙ.
උපකල්පන වල නවතින්නෙ නැතුව
පරීක්ෂණ නිරීක්ෂණ කරන
අපි වගේ අයට එහෙම සීමාවක් නෑ.
විද්‍යාවෙන් වුණත් කියන
ඕන තැනකට ගිහින් පරීක්ෂණ කරලා
නිරීක්ෂණයෙන් නිගමනයකට එන්න පුලුවන්.
ඒ නිගමන තුළ අපි කරපු
පරීක්ෂණ නිරීක්ෂණ
තර්කනය තුළින් විසඳුම් හොයන අයට
තමන්ගෙ දැනුම් පරාසයෙන් එපිට
කිසිම දෙයක් නෑ කියලයි හිතෙන්නෙ.
ඔබේ තර්කනය ප්‍රායෝගිකව
පරීක්ෂණයට ලක් කරන්නේ කවදාද.?
No comments:
Post a Comment