"අපේ බුදුන් වහන්සේත්
කළු කුහර ගැන කිව්වා" කියල
ආඩම්බර වෙන්නෙ
කළු කුහර වගේ හිස් මිනිස්සු.
ආඩම්බර වෙන්න දෙයක් නෑ.
මෙතන වටින්නෙ කළුකුහරය නොවෙයි.
පෙන්වා දෙන ධර්මයයි.
කළු කුහර වලට
මේ ධර්මය වැටුණාට වැඩක් නෑ.
අතුරුදහන් වෙනවා.
මේ ධර්මය අහලා ඒ අනුව හිතලා
අවබෝධ වෙන අයට පෙනෙනවා
"මම කළුකුහරයක් වගෙයි..
කළුකුහරයකට ආලෝකය වැටුණාම වගේ
මා තුළට වැටෙන ධර්මය
අතුරුදහන් වෙලා යනවා." කියලා
ඔහුට පෙනෙනවා.
"මම දුක දන්නෙ නෑ..
දුකෙන් මිදෙන මග දන්නෙ නෑ"
කියලා වැටහෙන අයට
මේ ධර්මය ප්‍රයෝජනයි.
ඔවුන් කළු කුහර නොවෙයි.
කලු කුහර වගේ මිනිස්සු ගැනයි
බුදුන් වහන්සේ කියන්නෙ.
බුදු දහමට කළු කුහරය
නිකමට ගත්ත උපමාවක්...
කළුකුහරයෙන් ඇති වැඩක් නෑ..
කිරි බොන්න ගත්ත ස්ට්‍රෝ එකක් වගෙයි.
කිරි ටික බොන අයට
ස්ට්‍රෝ එක වීසිකරන්න පුලුවන්.
කිරි බොන අපිට
කළු කුහරය අදාළ නෑ.
බුදු ඇසින් දුටු කලු කුහරය
මහණෙනි,
"මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති
මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය
යම් තැනෙක නො ලබත් නම්
ලොව අතර පවත්නා
හිස් වූ ආවරණ රහිත වූ
අඳුරු කරන සුලු එබඳු ගන අඳුරෙක් ඇත. "
මහණෙනි,
"මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති
මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය
යම් තැනෙක නො ලබත් නම්
ලොව අතර පවත්නා
හිස් වූ ආවරණ රහිත වූ
අඳුරු කරන සුලු එබඳු ගන අඳුරෙක් ඇත. "
කලූ කුහරය
බුදු දහමත් විද්‍යාවත්
වෙනස් අයුරින් දකින බවට
හොඳ උදාහරණයක් දැක්වෙන
සූත්‍රයක් ත්‍රිපිටකයේ තියනවා.
විද්‍යාවට අනුව කලු කුහරයකින්
කවදාවත් ආලෝකය පරාවර්තනය කරගන්න බැහැ.
මොකද යන ආලෝකයට ආපහු එන්න බැහැ.
විද්‍යාව කලු කුහර ගැන
නිරන්තරයෙන් සොයනවා.
මේ සොයා ගැනීම් නිසා
සොයා ගන්නා අය තුළ හෝ
ඒ දැනුම හිස තුළ රැස්කරන
අපේ සහෝදර ජීවීන් තුළ හෝ
දියුණුවෙන ආලෝකයක් නෑ.
කාමය, දුක, දොම්නස, සෝතැවුල්...
මහළු විය, ලෙඩ දුක්, මරණ බිය ආදියෙන්
ඔවුන් විඳින දුක අමතක කිරීම හැර
වෙනත් ගැලවීමක් ඔවුන්ට නැහැ..
බුදු දහම වැනි දෙයක්
මේ කලු කුහර තුළට වැටුණත්
පරාවර්තනය වෙන ප්‍රඥාවක්
ඔවුන්ගේ ජීවිත තුළ නෑ..
බුදුන් වහන්සේ මේ කලු කුහර
වෙනස් විදියකට දකිනවා.
මහණෙනි,
"සඳහිරු දෙදෙනාගේත් ආලෝකය
යම් තැනෙක නො ලබත් නම්
ලොව අතර පවත්නා
හිස් වූ ආවරණ රහිත වූ
අඳුරු කරන සුලු එබඳු ගන අඳුරෙක් ඇත."
උන් වහන්සේ දකින්නේ
දුක නොපෙනෙන මිනිසා තුළ පවතින
කලු කුහරයක අරුමයයි.
මහණ, යම් කෙනෙක් “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද ...
“මේ දුක් වැළක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද,
ඔහු ජාතියෙන් ජරයෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්.
දුකින් නො මිදෙති යි කියමි.
---------------------------
මහණෙනි,
"මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති
මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය
යම් තැනෙක නො ලබත් නම්
ලොව අතර පවත්නා
හිස් වූ ආවරණ රහිත වූ
අඳුරු කරන සුලු එබඳු ගන අඳුරෙක් ඇත. "
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇද්දැ?”යි. මහණ, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇතැ යි. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුර කවරේ දැ?යි
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද ... “මේ දුක් වැළක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාති අඳුරට ද වැටෙත්. ජරා අඳුරට ද වැටෙත්. මරණ අඳුරට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරයෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකින් නො මිදෙති යි කියමි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ දනිද් ද ... මේ දුක් වැළක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් ... නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ජාති අඳුරට ද නො වැටෙත්. ජරා අඳුරට ද නො වැටෙත්. මරණ අඳුරට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරයෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය කටයුතු යි.
---Athula Siriwardhane

No comments:
Post a Comment