සිංහල බෞද්ධ පොලිස්පති
පොලිස් නිලධාරීන්ට "භාවනා කරන්න"
කියල චක්‍රලේඛයක් යැව්වාම
බුදු දහම කියන්නෙ මොකක්ද කියා නොදන්න
සිංහල බෞද්ධයන් ඔහුට හිනා වෙනවා.
යහපාලනේ සිංහල බෞද්ධ ඇමති වරු
"බෝම්බයක් තියනවා' කිව්වාම
පොලිස් නිලධාරියා භාවනා කරාවි" කියා
සිංහල බෞද්ධ පොලිස්පතිට අපහාස කරනවා.
හිත එකඟ කරගන්න
'භාවනා කරන්න' කියපු සිංහල බෞද්ධ පොලිස්පති
"ඇයි භාවනා නොකළෙ" කියල
විදුලි සෝපාන ක්‍රියාකරුට ගහනවා.
''පොලිස්පතිතුමාට
භාවනාවෙන් පලක් වෙලා නෑ නේද'' කියල
මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා.
භාවනා කළත් නැතත්
ලැබෙන ප්‍රතිඵලය ගැන ඔහුට අදහසක් තියන නිසා
ඒ ප්‍රශ්නය ප්‍රඥාවන්තයි.
"බෝම්බයක් තියනවා"කිව්වාම
පොලිස් නිලධාරියා භාවනා කරාවි කියා
උපහාසයෙන් හෙළා දකින
යහපාලනේ සිංහල බෞද්ධ ඇමති
මාධ්‍ය වේදියා තරම්වත්
''භාවනාව කුමක්ද'' කියා නොදන්න බව
ඔහුගෙ වචනවලින්ම පැහැදිලි වෙනවා.
මේ කිසිම ''සිංහල බෞද්ධ''යෙක්
පිළිවෙතින් ''බෞද්ධ'' නොවෙන බව
ඔවුන්ගේ කල් ක්‍රියාවෙන් සහ වචන වලින්ම
ඔවුන් ප්‍රදර්ශනය කරනවා.
උපතින් සිංහලයෙකු වීම
චරිතයෙන් බෞද්ධයෙකු වීමට
සුදුසු කමක් නොවෙයි.
මේ කිසිම කෙනෙක්
වචනයේ පරිසමාප්තාර්ථයෙන්
සිංහල වුණත්
සැබෑ බෞද්ධයෙක් නම් නොවෙන බව
ඉතාම පැහැදිලිව පෙනෙන කරුණක්.
සිංහලයා බෞද්ධයෙක් නොවෙන්නෙ
ඔහුගෙ බෞද්ධකමට ඉදිරියෙන් තියන
සිංහල කමේ ඇති නොහැකියාව නිසා බවත්
මේ සමගම පැහැදිලි වෙන කරුණක්.
බෞද්ධයන් විදියට ඉපදුණේ නැති
සිංහලත් නොවෙන ලක්ෂ ගණන් ජනතාව
ලොව පුරා විපස්සනා මධ්‍යස්ථානවල
මේ මොහොතෙත් විපස්සනා වඩමින් සිටියදී
ලංකාවේ සිංහලයන් ''භාවනා කරන්න'' කීම පවා
උපහාසයෙන් හෙළා දකිනවා.
උපන්දා සිටම බෞද්ධයෙක් වුණත්
කවදාවත්ම භාවනාවක් නොකළ සිංහලයන්
භාවනාව පිළිබඳව දක්වන අදහස්
සමාජ ජාල තුල අපි දකිනවා.
භාවනාව යනු කුමක්ද?
සැබෑ බෞද්ධයෙක් කරන
භාවනාවෙන් කෙරෙන්නෙ කුමක්ද?
භාවනා කරන්නාගෙයි
නොකරන්නාගෙයි වෙනස මොකක්ද?
භාවනා නොකරපු කෙනෙක් භාවනා කරන විට
ඔහු තුළ සිදු වෙන වෙනස් කම් මොනවාද?
මේ ප්‍රශ්න වලට උත්තර නොදැන
පොලිස්පති පොලිස් නිලධාරීන්ට
'භාවනා කරන්න' කිව්වාම
වපරැහෙන් බලලා හිනා වෙන්නෙ
අපහාස මුඛයෙන් කතා කරන්නෙ
සැබෑම සිංහලයෝ මිසක්
සැබෑ බෞද්ධයො නෙමෙයි.
සිංහලයා = බෞද්ධයා
කියන්න බැහැ.
සරලවම බැලුවොත්
ආගම මොකක් වුණත්
ජාතිය මොකක් වුණත්
සාමාන්‍ය පුහුදුන් කෙනෙකුගෙ
සිත ක්‍රියා කරන ආකාරය අනුව
ඔහු ජීවත් වෙන්නෙ සතෙක් වගෙයි.
බෞද්ධයා වුණත් එහෙමයි.
අපි මේ උදාහරණය බලමු.
අපේ ගෙදර ඇති කරන බල්ලා
අපිට වගේම මමත්වයක් තියන බල්ලෙක්.
'අපේ' ගෙදර 'උගේ' ගෙදර කියලයි
බල්ලා හිතාගෙන ඉන්නෙ.
මිනිසාගේ ආරක්ෂකයා බල්ලා කියලයි
ඔය හැම බල්ලම හිතාගෙන ඉන්නෙ.
ඒ මමත්වය නිසා
සද්දයක් ඇහුණ ගමන් ඌ බුරාගෙන යන්නෙ
සද්දෙ නිසා ඇති වෙන විචිකිච්ඡා නීවරණය නිසයි.
ඌට ඒ සද්දෙ සැකයි.
හිතේ සැකේට
බල්ලා බුරාගෙන දුවගෙන යද්දි
ඒ ආවෙ 'අපේ' පවුලෙ ඉන්න 'උගේ ෆේවරිට්' නම්
ඌ එතන ඉඳන් නකුට වන වනා යන්නෙ
ඌටම ආවේණික නර්තනයකින්.
එකපාරටම වෙනස් වෙලා
ඌ එහෙම හැසිරෙන්නෙ ඇයි.?
සැකය ඇති වෙද්දි උගේ ලේවලට
ඉබේම එකතු වුණ හෝමෝන වලට
ඌ අකැමති නිසා ඉබේම බුරාගෙන ගියා.
ඒ එන්නෙ ෆේවරිට් කියල දැක්කාම
ඒ රූපයෙන් ඇසේ විඥාණය අවදි වෙලා
හෝමෝන ධාරාව වෙනස් විදියකට
දැනෙන්න පටන් ගන්නවා.
දැන් කයෙහි ඇතිවෙන වේදනා
සැප වේදනා මාලාවක්.
කලින් තිබුණ ද්වේශය
මොහොතකින් රාගය බවට පෙර්ළුණා.
මේ සියල්ලම සිදු වෙන්නෙ ඉබේටමයි.
කිසිම බල්ලෙක් දන්නෙ නෑ..
කයටත් හිතටත් සංවේදී වුණොත්
මේ සියල්ලම දැන ගන්න මිනිසුන්ට පුලුවන්.
ඒ වුණාට මිනිස්සුත් කිසිම දෙයක් දන්නෙ නෑ.
රූපවාහිනියෙ මොකක් හරි දැක්කාම
පස්සෙන්දා උදේට දුවගෙන ගිහින්
ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඒක ණයට අරන් එන්නෙ
රූපවාහිනියෙ වැටුණ රූප මාලාවෙන්
ක්‍රමානුකූලව ඇති කළ හෝමෝන ධාරාව
ඔහු තුළ ඇති කළ ආවේගය නිසයි.
වෙළඳ දැන්වීමෙ ලස්සණ රූප
ඔහු තුළ සැප වේදනා ඇති කරද්දි
මනසට ගැලපෙන්න තෝරාගත් වචන
ලතාවකට කරන තර්කයෙන්
ඔහුගේ මනසත් අක්‍රිය කරනවා.
වෙළඳ ප්‍රචාරණ ආයතන වල
වෙළඳ දැන්වීම් සකස් කරන අය
පරිභෝජනයට අදාළව
ඔබේ මනස වැඩ කරන ආකාරය
මනෝ විද්‍යාඥයෙකුට වඩා
හොඳින් දන්නවා.
ඔවුන් ඔබේ පොකට් එකට විදින්න
භාණ්ඩ නිශ්පාදකයාට සහය වෙන්නෙ
ඔබේම හෝමෝන භාවිතා කරලයි.
මේ මානසික ක්‍රියාකාරිත්වය දකින්න
හොඳම ක්‍රමය භාවනා කිරීමයි.
භාවනා කරන කෙනෙකුට
පළමුවෙන්ම ලැබෙන අවබෝධය
කයත් වේදනාත් හැරුණාම
මනසකුත් තියන බව දැනගන්නට ලැබීමයි.
ඇස් පියාගෙන කරන භාවනාවල
සරලම භාවනා ක්‍රමය නම්
සිතට මතුරන්නට වචනයක් හෝ
වචන කිහිපයක් ලබා දීම.
හින්දු භක්තිකයෙක් නම්
"ඕං, ශ්‍රීං, රාම්, නාරායනම් ආදී
පැහැදිලි තේරුමක් නැති
සරල සංකේතයක්
සිතින් මතුරන්න කියා දෙනවා.
ටික වෙලාවක් මතුරද්ඩි
සුපුරුදු හිතේ අවුල නිසා
හිත වෙන දේකට ගිහින් හිතමින් ඉන්නවා.
සිතුවිලි ධාරාවෙ
පොඩි හිඩැසක් ආව ගමන් ආයෙමත්
අර වචනය මතක් වෙනවා.
ඔහු ආයෙමත් සිතින් මතුරනවා.
හිත ආපසු එන මොහොතෙ
ඔහුට ඔහුගෙ සිත පෙනෙනවා.
ඔහු දකිනවා අර මන්තරය වෙනුවට
ඔහු මතුරමින් සිටියෙ වෙනත් වචන බව
දැන් ඔහුට පෙනෙනවා.
මේ අතරෙ
ඔහුට තවත් දෙයක් පෙනෙනවා.
කලින් වගේ හිත තැන් තැන් වල දුවද්දිට වඩා
මන්තරය මතුරද්දි හිතට විවේකයි කියල
ඔහු ටික ටික තේරුම් ගන්නවා.
මේ විවේකයට සංහිඳියාවට ඔහු ඇලෙනවා.
මේ ආකාරයට මන්තරයක් මැතිරීමෙන්
ඔහුගෙ හිතෙන් ඔහු ගන්න ප්‍රයෝජනයක් නැතත්
ඔහුගෙ හිත නිවෙනවා.
සැනසෙනවා.
මේ සැනසීම ලබා දෙන
ගුරුවරයාට, ආශ්‍රමයටත්
ඔහු ඇලෙනවා.
හැම ආගමකම මේ ක්‍රමය භාවිතා වෙනවා.
හිත නිවා ගන්නා අරමුණෙන්
මොන ආගමික ක්‍රමය භාවිතා කලත්
අවසානයේ සිදු වෙන්නෙ
මේ ආකාරයට හිත තැන්පත් කිරීමක්.
ස්තොත්‍ර, දේව යාතිකා, භජන් ගායනා කිරීම,
ආශ්වාස ප්‍රශ්වාස ගණන් කිරීම
යාඤා කිරීම, ශාන්ති කර්ම, බෝධි පූජා ආදී
දහසකුත් එකක් සිත නිවන ක්‍රම වල තියෙන්නෙ
එකම පදනමක්. එකම රටාවක්.
මේ ක්‍රමය ඉතාම පහසුයි.
කාලයක් තිස්සේ
කිසියම් තාලයකට රිද්මයකට කියන වචන වලින්
සිතේ ප්‍රපඤ්ච තැනීම දුර්වල කරගැනීමෙන්
සිත නතර කරගන්න
සිත නිවාගන්න ඕනම කෙනෙකුට පුලුවන්.
'ඕම්' කිව්වත්, 'නමෝ මරියනී' කිව්වත්,
'අල්ලාහු අක්බර්' කිව්වත්, 'සුඛී හෝතු' කිව්වත්
මොන වචනයක් හරි නොකඩවා රටාවකට කිව්වොත්
කොයි සිතත් මිනිස් සිතක් නිසා
සිත කියන්නෙත් වචන නිසා
ඒ හැම සිතක්ම
ඉතා පහසුවෙන් බිඳෙන සුලු
තාවකාලික සමාධියකට පත් වෙනවා.
හිත ශූන්‍ය වෙනවා.
හිත ශූන්‍ය වුණාට
ඔහුත් අපි මෙන්ම පුහුදුන් කෙනෙක්.
අපි මෙන්ම ලෝකය රස විඳින ඔහු
ඉතිරිකාලය තුළ පුරුදු වෙන්නෙ
හිත හිස් කරගන්නයි.
හිත ශූන්‍ය වෙන කෙනෙක්
තමන් රහත් වෙලා කියා මුළා වුණත්
හිස් හිතක් කියන්නෙ මෝහයෙන් පසු වෙන හිතක්.
ක්‍රියා විරහිත කළ විදුලි සීනුවක් වගෙයි.
පද්ධතිය තියනවා. සීනුව වදින්නෙ නෑ.
පණිවිඩ ආවට ගන්නෙ නෑ.
"USER BUSY"
මේ ක්‍රම
ප්‍රගුණ කළ කෙනෙක්
මොන ක්‍රමයෙන් වුණත් පත් වෙන්නෙ
එකම මෝහයට.
මෝහයෙන් පසු වෙන කෙනෙකුට
අමුතු බලයක් තියනවා.
ඔහු පරිගණකයක් මෙන් අවදියෙන් සිටින අතරම
පරිගණකයක් මෙන්ම හැඟීම් නැති
නරුමයෙක් වෙනවා.
හැඟීම් නැති නරුමයන් දුක් විඳින්නෙ නෑ.
ඔවුන්ට දුක් දැනෙන්නෙ නෑ.
දුක් විඳින්නෙ සංවේදී මිනිසුන් පමණයි.
හිත ශූන්‍ය කරගෙන
ස්වභාවයෙන්ම හැඟීම් නැති නරුමයෙක් වුණාට
ඔහුගේ නරුම කමට නිශ්චිත සීමාවක් තියනවා.
ඔහුත් කෝපය, බිය, කාමය ආදියට
යම් අවස්ථාවන්හි හෝ ගොදුරු වෙනවා.
අනුගාමිකයාගේ දරුවාට අනතුරක් වෙලා
ඔහු සෝකයෙන් තැවෙද්දි
සමථ භාවනානුයෝගී ගුරුවරයා
මරණය පිළිබඳව දීර්ඝ දේශනාවක් කරලා
අනුගාමිකයගෙ හිත සනසාවි.
ඒත්
ඔහුගේ දරුවාට අනතුරක් වුණාම
ඔහු හඬා වැටෙන්නෙ හරකෙක් වගේ.
කාලයක් ගත වෙලා සෝකය නිවෙද්දි
නැවත හිත සන්සුන් කරගන්න
ඔහුට අර මන්තරය භාවිතා කරන්න පුලුවන් වේවි.
මේ ක්‍රමය
යම් දුරකට ප්‍රායෝගිකව භාවිතා කරන්නත්
සමථ යෝගියෙකුට පුලුවන්.
වචන මතුරා සමාධිය ලබාගන්න පිරිස
දරන්න බැරි අත්දැකීමකට මුහුණ දෙන වෙලාවට කරන්නෙ
ඔවුන් හුරුවූ යමක් සිතින් මැතිරීමයි.
ආගමික සමථ භාවනා ක්‍රම වෙනුවට
බාහිර ලෝකයෙ අරමුණුවලින්
හිත වෙන්කරගෙන රැකගන්න ක්‍රමයක් විදියට
අද තරුණ පෙළ මොබයිල් ෆෝන් භාවිතා කරන්නෙ
දැනුවත්වම නොවෙයි.
බාහිර ලෝකයෙ අරමුණු වලින් කැළඹෙන්නෙ නැතුව
තමන්ගෙ වපසරියක සිත රැකගෙන ඉන්න හැකි වුණත්
අප්‍රිය කරන යමක් සිදු වෙලා
ඒ සංහිඳියාව බිඳුණාම
තමන්ගෙ හිතේ තියන කුණු කන්දල් සියල්ල
අනෙකා බ්ලොක් කරන තුරු ඔහුගෙ වපසරිය පුරා
විසුරුවා ලන්නටත් අද තරුණ පෙළට
මොබයිල් ෆෝන් එකක් භාවිතා කිරීමෙන් හැකි වෙනවා.
මේ නිර්වින්දනය උපරිමයට ගිහින්
කෝච්චියට බෙල්ල තියන්නත්
ඔහු යොමු වෙන්න පුලුවන්.
හෙඩ් ෆෝන් දාගෙන
ගීතවලට සවන්දීමත් මේ ක්‍රමයෙම දිගුවක්.
තව කෙනෙක් රටාවකට කියන වචන
හෝ සංගීතමය නාද මාලාවක්
ඔහු හෙඩ් ෆෝන් දාගෙන අහනවා.
බස් වල ඉන්න එවැනි අය දිහා බලන්න.
ඔවුන් සිතින් නිවුණ නරුම පුද්ගලයන්.
ඔවුන් වෙනත් කිසිවකට සංවේදී නෑ.
මේ නරුම බව
කැළඹෙන හිතක් තියන පොලිස් නිලදරුවෙකුට
ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියනවා.
හිත හානිකර වීම වළක්වන්න
භාවිතා කළ හැකි උපාය මාර්ගයක්.
කිසියම් ආගමකට අනුව හෝ මොබයිල් ෆෝන් එකෙන්
ඔහුගෙන් පිටතත් ඔහු ඇතුළතත් ඇති කැළඹීම
ඔහුට හුරු වූ මන්තර මැතිරීමකින් නිවාගන්න
කෙනෙකුට ලැබෙන හැකියාව ඔහුගෙ රැකියාවට සවියක්.
ආයතන තුළ කැපී පෙනෙන සාමාජිකයන්
දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙවැනි යම් ක්‍රමයක්
භාවිතා කරමින් සිත රැක ගන්නවා.
කොතනක හෝ යම් කෙනෙක්
අන් අයට වඩා ඉදිරියෙන් ඉන්නවා නම්
ඔහු තුළ අන් අය තුළ නැති
තැන්පත් බවක්, සමාධියක් තියනවා.
සමථ භාවනාවක් පුහුණුවුණ
පොලිස් නිලධාරියෙකුට රාජකාරි වෙලාවෙ
හිත සන්සුන්ව තබා ගන්න
මේ ක්‍රමයත් හොඳයි..
ඔහුගේ සාර්ථකත්වය පවතින්නෙ
ඔහුගෙ පුහුණුවෙන් ලබන ධ්‍යානයෙ
ප්‍රබල බව මතයි.
මේ ක්‍රමය පිළිබඳව හොඳ පුහුණුවක්
නිතර අභ්‍යාසයෙන් ලබාගත්තෙ නැත්නම්
ද්වේශකාරක හෝමෝන වලින් කැළඹී
මේ යුවතිය කියන ආකාරයට ''සුඛී හෝතු'' කියමින් වුණත්
ඇයට පහර දෙන්න ඔහුට පුලුවන්.
මේ වෙලාවෙ
ඔහු තුළ පහළ වුණ
ද්වේශය ජනනය කරන හෝමෝන මට්ටම
මිනිහෙක් විදියට හැසිරීමෙ හැකියාව
ඔහුට අහිමි කොට තියනවා.
ඔහු 'සුඛී හෝතු' කිව්වට
ඒ ද්වේශයෙන් හිත මුදා ගන්න
මේ වෙලාවෙ පලක් නැති වෙන්න පුලුවන්.
මන්තර ක්‍රමයට ලබා ගන්නා
සමථ ක්‍රමයේ සමාධිය සීමා සහිතයි.
තාවකාලිකයි. අන්ධයි.
සිදුහත් තවුසාටත් මේ තාවකාලික සමාධිය
අටවෙනි ධ්‍යානය දක්වාම හුරුවෙන්න ලැබුණේ
ආළාර කාලාම, උද්දකරාමපුත්ත සෙවනෙයි.
ඉතාම කෙටි කලක් තුළ මේ ධ්‍යාන ලබාගත්
සිදුහත් තවුසා ඔහු සොයන මග ඒ නොවෙන නිසා
දුකෙන් මිදෙන සැබෑ මග සොයා
නික්ම ගිය නිසා ලොවට බුදු දහම ලැබුණා.
ගැටළු ඇති කරන අරමුණක් නිසා
කෙනෙකුගෙ හිත කැළඹිලා අවුල් සහගත වුණාම
''අරමුණ වෙනස් කිරීමෙන් හිත නිවා ගැනීම''
අසාර්ථක ක්‍රමයක් විදියට බුදුන් වහන්සේ දුටුවා.
අරමුණ වෙනස් කිරීමෙදි සිත නිවුණාට
අදාළ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.
අරමුණ පිළිබඳ තොරතුරු වල
හැඟීම ඇතිකරන කොටස අක්‍රිය නිසා
ඔහු සැබෑ ප්‍රශ්නයට සංවේදී නැහැ.
බුදුන් වහන්සේ සෙවූ කරමය නම්
ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම සංවේදීව
සම්පජානෝ සතියෙන් යුතුව
උපේක්ෂාවෙන් වෙසෙමින්
ප්‍රශ්නය විසඳන ක්‍රමයයි.
ප්‍රශ්නයට මුහුණ දෙමින්
තමන්ගෙ හිත හොඳටම කැළඹිලා තියෙද්දි
ඒ කැළඹීමට සංවේදී නොවී
ප්‍රශ්නයට විසඳුම් දෙන්න හැකි වෙන
ප්‍රයෝගික විසඳුම සොයා ගන්න
බුදුන් වහන්සේ සමත් වුණා.
බුදුන් වහන්සේ අගය කළ තැනැත්තා
ප්‍රශ්නයකදි හිත කැළඹුණාම
'සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී'
කොයි විදියට හැසිරෙන කෙනෙක්ද?
''සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
ඉතිරි ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.''
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො”
මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
සිත සැනසිල්ලෙන් තියාගන්නා අරමුණෙන්
ප්‍රායෝගික ජීවිතයෙන් බැහැරවෙන්නෙ නැතුව
සිතේ සැනසිල්ල ලබාගන්න ක්‍රමය
විදසුන් වැඩීමයි.
හිත කැළඹෙන්නෙ අපේ කය අනුවයි.
හිත අනුව කයත් කැළඹෙනවා.
කයේ හෝමෝන වලින් සිත කැළඹෙනවා.
සිතේ කැළඹීමෙන් කයේ හෝමෝන ඇති වෙනවා.
ඇසින් අනතුරක් දැක්කාම
හිත කැළඹෙනවා.
ඒ අනුව අනතුරට මුහුණ දෙන්න හෝ
අනතුරෙන් පලායන්න අවශ්‍ය වෙන
හෝමෝන කයට එක් වෙනවා.
මේ හෝමෝන අනුව
නැවත හිත කැළඹෙනවා.
සිතේ වෙනස් වීම් වලට අනුව
කයට ඉබේම එක් වෙන
ප්‍රතික්‍රියා කාරක හෝමෝන නිසා
සතෙක් මෙන් ප්‍රතික්‍රියා නොකර
ඒ හෝමෝන මගින් කරන පෙළඹවීම
නොසලකා ක්‍රියා කරන්නට
විදසුන් වඩන්නෙක් පුහුණු වෙනවා.
කයෙහි ද්වේශය ඇති කරන හෝමෝන
සිතෙහි ඇති වෙලා තිබුණත් සිත කැළඹෙන්නෙ
ඒ හෝමෝන නිසා ඇති වෙන අප්‍රිය වේදනා
දුක්ඛ වශයෙන් ගැනීමෙනුයි.
මේ කැළඹිල්ල සතෙකුට අවශ්‍යයි.
මිනිසෙකුට අවශ්‍ය වෙන්නෙ
මනසෙන් විසඳන්න බැරි ප්‍රශ්නයකදියි.
මනසෙන් ප්‍රයෝජන ගන්න නම්
කයේ දුක්ඛ වේදනා ඇතිවුණාම
සිතේ ද්වේශය ඇති කර නොගෙන ඉන්න ක්‍රමය
විදසුන් වඩන කෙනෙක් විදියට
පුහුණු වීම අවශ්‍යයි.
මේ අරමුණ පෙරදැරිව
ඉන්දියාවෙ තිහාර් සිර කඳවුරේ සිරකරුවන් දහසකට
දස දින විපස්සනා පාඨ මාලාවකින්
1994 අප්‍රේල් මාසෙ මේ ක්‍රමය පුහුණු කළා.
ඔවුන් තුළ ඇතිවුණ ධනාත්මක වෙනස නිසා
තිහාර් සිර කඳවුර තුළ සිරකරුවන් සඳහාම
විපස්සනා මධ්‍යස්ථානයක් ඇති කළා.
ඉන් පසුව ඉන්දියානු පොලිස් ඇකඩමිය මගින්
පොලිස් නිලධාරීන් දහසකටත්
විපස්සනා දස දින පුහුණුව ලබා දුන්නා.
ඉන්දියාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව
විපස්සනා ඉගැන්වීම කෙරෙන්නේ
ඉන් ලබන ප්‍රතිඵල නිසායි.
සමහර ප්‍රාන්ත වල
දස දින විපස්සනා පාඨ මාලා සඳහා
රජයෙන් නිවාඩු පවා අනුමත කරනවා.
පොලිස්පතිගේ මෙහෙයවීම මත
පොලිස් නිලධාරීන් භාවනා කළ යුතු නම්
ඔවුන්ට පුහුණුව ලබා දීම රජයේ වගකීමක්.
සමථ භාවනාව හෝ විපස්සනා වැඩීමට
නිසි පුහුණුවක් ලබා දීම සිදු විය යුතුයි.
මෙවැනි පියවරක් කරා යොමු වීම
ශ්‍රී ලංකාවේ අපහසු කාර්යයක් වී ඇත්තේ
සමහර සිංහලයන් බුදු දහමට දක්වන
අකමැත්ත නිසයි.
දුකෙන් මිදීමේ ඒකායන මාර්ගය ලෙස
විපස්සනාව ලොවට හඳුන්වා දුන්
බුදු දහම අදහන පිරිසක් විදියට
ලෝකයට පෙන්වන සිංහල ජනතාව
බුදු දහම මතුපිටින් තවරාගෙන
ඇතුළතින් දුක් විඳින පිරිසක්.
කිසිම ආගමක් දහමක් නැති පිරිස් විසින්
"බුදු දහමෙන් ප්‍රයෝජනයක් නෑ"
කියන මතය පතුරුවන්නට වෙහෙස වෙද්දි
තවත් විශාල පිරිසක්
දහම පිළිනොපැද වන්දනා මාන කරමින්
බුදු දහමෙන් ප්‍රයෝජනයක් නැතිව
දුක් විඳිනවා.
කිසිවෙකුට බුදු දහමෙන් ප්‍රයෝජනයක් නැත්නම්
එය සම්පූර්ණයෙන්ම ඔහුගේ පුද්ගලික ප්‍රශ්නයක්.
වසර 2600ක් තිස්සේම
සීල, සමාධි, ප්‍රඥා වඩන අය
බුදු දහමෙන් ප්‍රයෝජන ගන්නවා.
සිංහලයාට ඒ හැකියාව නැති වීම
බුදු දහමෙ ප්‍රශ්නයක් නොවෙයි.
යතුර වැරදියට දැමීමෙන්
කිසිම අගුලක් ඇරෙන්නෙ නෑ.
වතුර කරාමයක් අරින්නෙ නැතුව
බෝතලේ අල්ලාගෙන හිටියාට
බෝතලේ පිරෙන්නෙ නෑ.
බුදු දහම දේශනා කරන්නෝ තුළ ධර්මය නැත්නම්
බෝතලේ අඩුපාඩු නැතත් වතුර ලැබෙන්නෙ නෑ.
මග පෙන්වීමක් ලැබෙන්නෙ නෑ.
කොයිතරම් වැඳ පුදාගෙන හිටියත්
එතනම තමයි.
කරාමයෙන් වතුර ගැලුවත්
බෝතලේ මූඩිය ඇරල නැත්නම්
වතුර පිරෙන්නෙ නෑ.
බෝතලේ හිල්වෙලා නම්
ඒත් වතුර පිරෙන්නෙ නෑ.
බුදු දහමෙ අඩුවක් නෑ කියල
සහ සුද්දෙන්ම කියන්නෙ
දුක් දොම්නස්, සෝ තැවුල් වලින්
ඒ මොහොතෙම මිදෙන්න මාර්ගය
බුදු දහමෙන් කියල තියන නිසයි.
www.dhamma.org
මේ යොමුවෙ තියන
ඕනම විපස්සනා මධ්‍යස්ථානයක දින සටහන අනුව
දසදින පාඨමාලාවක අවසාන දිනයෙ
ළඟම විපස්සනා මධ්‍යස්ථානයට ගිහින්
දස දිනක් තිස්සෙ පුහුණු වුණ
වෙනත් ආගමකින් ආව කෙනෙකුගෙන්
බුදු දහම ගැන අහල බලන්න.
සිංහල ජාතියෙ උපන් අයට
බුදු දහම පිහිටන්නෙ නැත්තෙ
සිංහල කමේ ප්‍රශ්නයක් නිසා මිස
බුදු දහමෙ අඩුවක් නිසා නොවන බව
ඔබටම තේරුම් ගන්න පුලුවන්.
පොලිස් නිලධාරීන්ට "භාවනා කරන්න"
කියල චක්‍රලේඛයක් යැව්වාම
බුදු දහම කියන්නෙ මොකක්ද කියා නොදන්න
සිංහල බෞද්ධයන් ඔහුට හිනා වෙනවා.
යහපාලනේ සිංහල බෞද්ධ ඇමති වරු
"බෝම්බයක් තියනවා' කිව්වාම
පොලිස් නිලධාරියා භාවනා කරාවි" කියා
සිංහල බෞද්ධ පොලිස්පතිට අපහාස කරනවා.
හිත එකඟ කරගන්න
'භාවනා කරන්න' කියපු සිංහල බෞද්ධ පොලිස්පති
"ඇයි භාවනා නොකළෙ" කියල
විදුලි සෝපාන ක්‍රියාකරුට ගහනවා.
''පොලිස්පතිතුමාට
භාවනාවෙන් පලක් වෙලා නෑ නේද'' කියල
මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා.
භාවනා කළත් නැතත්
ලැබෙන ප්‍රතිඵලය ගැන ඔහුට අදහසක් තියන නිසා
ඒ ප්‍රශ්නය ප්‍රඥාවන්තයි.
"බෝම්බයක් තියනවා"කිව්වාම
පොලිස් නිලධාරියා භාවනා කරාවි කියා
උපහාසයෙන් හෙළා දකින
යහපාලනේ සිංහල බෞද්ධ ඇමති
මාධ්‍ය වේදියා තරම්වත්
''භාවනාව කුමක්ද'' කියා නොදන්න බව
ඔහුගෙ වචනවලින්ම පැහැදිලි වෙනවා.
මේ කිසිම ''සිංහල බෞද්ධ''යෙක්
පිළිවෙතින් ''බෞද්ධ'' නොවෙන බව
ඔවුන්ගේ කල් ක්‍රියාවෙන් සහ වචන වලින්ම
ඔවුන් ප්‍රදර්ශනය කරනවා.
උපතින් සිංහලයෙකු වීම
චරිතයෙන් බෞද්ධයෙකු වීමට
සුදුසු කමක් නොවෙයි.
මේ කිසිම කෙනෙක්
වචනයේ පරිසමාප්තාර්ථයෙන්
සිංහල වුණත්
සැබෑ බෞද්ධයෙක් නම් නොවෙන බව
ඉතාම පැහැදිලිව පෙනෙන කරුණක්.
සිංහලයා බෞද්ධයෙක් නොවෙන්නෙ
ඔහුගෙ බෞද්ධකමට ඉදිරියෙන් තියන
සිංහල කමේ ඇති නොහැකියාව නිසා බවත්
මේ සමගම පැහැදිලි වෙන කරුණක්.
බෞද්ධයන් විදියට ඉපදුණේ නැති
සිංහලත් නොවෙන ලක්ෂ ගණන් ජනතාව
ලොව පුරා විපස්සනා මධ්‍යස්ථානවල
මේ මොහොතෙත් විපස්සනා වඩමින් සිටියදී
ලංකාවේ සිංහලයන් ''භාවනා කරන්න'' කීම පවා
උපහාසයෙන් හෙළා දකිනවා.
උපන්දා සිටම බෞද්ධයෙක් වුණත්
කවදාවත්ම භාවනාවක් නොකළ සිංහලයන්
භාවනාව පිළිබඳව දක්වන අදහස්
සමාජ ජාල තුල අපි දකිනවා.
භාවනාව යනු කුමක්ද?
සැබෑ බෞද්ධයෙක් කරන
භාවනාවෙන් කෙරෙන්නෙ කුමක්ද?
භාවනා කරන්නාගෙයි
නොකරන්නාගෙයි වෙනස මොකක්ද?
භාවනා නොකරපු කෙනෙක් භාවනා කරන විට
ඔහු තුළ සිදු වෙන වෙනස් කම් මොනවාද?
මේ ප්‍රශ්න වලට උත්තර නොදැන
පොලිස්පති පොලිස් නිලධාරීන්ට
'භාවනා කරන්න' කිව්වාම
වපරැහෙන් බලලා හිනා වෙන්නෙ
අපහාස මුඛයෙන් කතා කරන්නෙ
සැබෑම සිංහලයෝ මිසක්
සැබෑ බෞද්ධයො නෙමෙයි.
සිංහලයා = බෞද්ධයා
කියන්න බැහැ.
සරලවම බැලුවොත්
ආගම මොකක් වුණත්
ජාතිය මොකක් වුණත්
සාමාන්‍ය පුහුදුන් කෙනෙකුගෙ
සිත ක්‍රියා කරන ආකාරය අනුව
ඔහු ජීවත් වෙන්නෙ සතෙක් වගෙයි.
බෞද්ධයා වුණත් එහෙමයි.
අපි මේ උදාහරණය බලමු.
අපේ ගෙදර ඇති කරන බල්ලා
අපිට වගේම මමත්වයක් තියන බල්ලෙක්.
'අපේ' ගෙදර 'උගේ' ගෙදර කියලයි
බල්ලා හිතාගෙන ඉන්නෙ.
මිනිසාගේ ආරක්ෂකයා බල්ලා කියලයි
ඔය හැම බල්ලම හිතාගෙන ඉන්නෙ.
ඒ මමත්වය නිසා
සද්දයක් ඇහුණ ගමන් ඌ බුරාගෙන යන්නෙ
සද්දෙ නිසා ඇති වෙන විචිකිච්ඡා නීවරණය නිසයි.
ඌට ඒ සද්දෙ සැකයි.
හිතේ සැකේට
බල්ලා බුරාගෙන දුවගෙන යද්දි
ඒ ආවෙ 'අපේ' පවුලෙ ඉන්න 'උගේ ෆේවරිට්' නම්
ඌ එතන ඉඳන් නකුට වන වනා යන්නෙ
ඌටම ආවේණික නර්තනයකින්.
එකපාරටම වෙනස් වෙලා
ඌ එහෙම හැසිරෙන්නෙ ඇයි.?
සැකය ඇති වෙද්දි උගේ ලේවලට
ඉබේම එකතු වුණ හෝමෝන වලට
ඌ අකැමති නිසා ඉබේම බුරාගෙන ගියා.
ඒ එන්නෙ ෆේවරිට් කියල දැක්කාම
ඒ රූපයෙන් ඇසේ විඥාණය අවදි වෙලා
හෝමෝන ධාරාව වෙනස් විදියකට
දැනෙන්න පටන් ගන්නවා.
දැන් කයෙහි ඇතිවෙන වේදනා
සැප වේදනා මාලාවක්.
කලින් තිබුණ ද්වේශය
මොහොතකින් රාගය බවට පෙර්ළුණා.
මේ සියල්ලම සිදු වෙන්නෙ ඉබේටමයි.
කිසිම බල්ලෙක් දන්නෙ නෑ..
කයටත් හිතටත් සංවේදී වුණොත්
මේ සියල්ලම දැන ගන්න මිනිසුන්ට පුලුවන්.
ඒ වුණාට මිනිස්සුත් කිසිම දෙයක් දන්නෙ නෑ.
රූපවාහිනියෙ මොකක් හරි දැක්කාම
පස්සෙන්දා උදේට දුවගෙන ගිහින්
ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඒක ණයට අරන් එන්නෙ
රූපවාහිනියෙ වැටුණ රූප මාලාවෙන්
ක්‍රමානුකූලව ඇති කළ හෝමෝන ධාරාව
ඔහු තුළ ඇති කළ ආවේගය නිසයි.
වෙළඳ දැන්වීමෙ ලස්සණ රූප
ඔහු තුළ සැප වේදනා ඇති කරද්දි
මනසට ගැලපෙන්න තෝරාගත් වචන
ලතාවකට කරන තර්කයෙන්
ඔහුගේ මනසත් අක්‍රිය කරනවා.
වෙළඳ ප්‍රචාරණ ආයතන වල
වෙළඳ දැන්වීම් සකස් කරන අය
පරිභෝජනයට අදාළව
ඔබේ මනස වැඩ කරන ආකාරය
මනෝ විද්‍යාඥයෙකුට වඩා
හොඳින් දන්නවා.
ඔවුන් ඔබේ පොකට් එකට විදින්න
භාණ්ඩ නිශ්පාදකයාට සහය වෙන්නෙ
ඔබේම හෝමෝන භාවිතා කරලයි.
මේ මානසික ක්‍රියාකාරිත්වය දකින්න
හොඳම ක්‍රමය භාවනා කිරීමයි.
භාවනා කරන කෙනෙකුට
පළමුවෙන්ම ලැබෙන අවබෝධය
කයත් වේදනාත් හැරුණාම
මනසකුත් තියන බව දැනගන්නට ලැබීමයි.
ඇස් පියාගෙන කරන භාවනාවල
සරලම භාවනා ක්‍රමය නම්
සිතට මතුරන්නට වචනයක් හෝ
වචන කිහිපයක් ලබා දීම.
හින්දු භක්තිකයෙක් නම්
"ඕං, ශ්‍රීං, රාම්, නාරායනම් ආදී
පැහැදිලි තේරුමක් නැති
සරල සංකේතයක්
සිතින් මතුරන්න කියා දෙනවා.
ටික වෙලාවක් මතුරද්ඩි
සුපුරුදු හිතේ අවුල නිසා
හිත වෙන දේකට ගිහින් හිතමින් ඉන්නවා.
සිතුවිලි ධාරාවෙ
පොඩි හිඩැසක් ආව ගමන් ආයෙමත්
අර වචනය මතක් වෙනවා.
ඔහු ආයෙමත් සිතින් මතුරනවා.
හිත ආපසු එන මොහොතෙ
ඔහුට ඔහුගෙ සිත පෙනෙනවා.
ඔහු දකිනවා අර මන්තරය වෙනුවට
ඔහු මතුරමින් සිටියෙ වෙනත් වචන බව
දැන් ඔහුට පෙනෙනවා.
මේ අතරෙ
ඔහුට තවත් දෙයක් පෙනෙනවා.
කලින් වගේ හිත තැන් තැන් වල දුවද්දිට වඩා
මන්තරය මතුරද්දි හිතට විවේකයි කියල
ඔහු ටික ටික තේරුම් ගන්නවා.
මේ විවේකයට සංහිඳියාවට ඔහු ඇලෙනවා.
මේ ආකාරයට මන්තරයක් මැතිරීමෙන්
ඔහුගෙ හිතෙන් ඔහු ගන්න ප්‍රයෝජනයක් නැතත්
ඔහුගෙ හිත නිවෙනවා.
සැනසෙනවා.
මේ සැනසීම ලබා දෙන
ගුරුවරයාට, ආශ්‍රමයටත්
ඔහු ඇලෙනවා.
හැම ආගමකම මේ ක්‍රමය භාවිතා වෙනවා.
හිත නිවා ගන්නා අරමුණෙන්
මොන ආගමික ක්‍රමය භාවිතා කලත්
අවසානයේ සිදු වෙන්නෙ
මේ ආකාරයට හිත තැන්පත් කිරීමක්.
ස්තොත්‍ර, දේව යාතිකා, භජන් ගායනා කිරීම,
ආශ්වාස ප්‍රශ්වාස ගණන් කිරීම
යාඤා කිරීම, ශාන්ති කර්ම, බෝධි පූජා ආදී
දහසකුත් එකක් සිත නිවන ක්‍රම වල තියෙන්නෙ
එකම පදනමක්. එකම රටාවක්.
මේ ක්‍රමය ඉතාම පහසුයි.
කාලයක් තිස්සේ
කිසියම් තාලයකට රිද්මයකට කියන වචන වලින්
සිතේ ප්‍රපඤ්ච තැනීම දුර්වල කරගැනීමෙන්
සිත නතර කරගන්න
සිත නිවාගන්න ඕනම කෙනෙකුට පුලුවන්.
'ඕම්' කිව්වත්, 'නමෝ මරියනී' කිව්වත්,
'අල්ලාහු අක්බර්' කිව්වත්, 'සුඛී හෝතු' කිව්වත්
මොන වචනයක් හරි නොකඩවා රටාවකට කිව්වොත්
කොයි සිතත් මිනිස් සිතක් නිසා
සිත කියන්නෙත් වචන නිසා
ඒ හැම සිතක්ම
ඉතා පහසුවෙන් බිඳෙන සුලු
තාවකාලික සමාධියකට පත් වෙනවා.
හිත ශූන්‍ය වෙනවා.
හිත ශූන්‍ය වුණාට
ඔහුත් අපි මෙන්ම පුහුදුන් කෙනෙක්.
අපි මෙන්ම ලෝකය රස විඳින ඔහු
ඉතිරිකාලය තුළ පුරුදු වෙන්නෙ
හිත හිස් කරගන්නයි.
හිත ශූන්‍ය වෙන කෙනෙක්
තමන් රහත් වෙලා කියා මුළා වුණත්
හිස් හිතක් කියන්නෙ මෝහයෙන් පසු වෙන හිතක්.
ක්‍රියා විරහිත කළ විදුලි සීනුවක් වගෙයි.
පද්ධතිය තියනවා. සීනුව වදින්නෙ නෑ.
පණිවිඩ ආවට ගන්නෙ නෑ.
"USER BUSY"
මේ ක්‍රම
ප්‍රගුණ කළ කෙනෙක්
මොන ක්‍රමයෙන් වුණත් පත් වෙන්නෙ
එකම මෝහයට.
මෝහයෙන් පසු වෙන කෙනෙකුට
අමුතු බලයක් තියනවා.
ඔහු පරිගණකයක් මෙන් අවදියෙන් සිටින අතරම
පරිගණකයක් මෙන්ම හැඟීම් නැති
නරුමයෙක් වෙනවා.
හැඟීම් නැති නරුමයන් දුක් විඳින්නෙ නෑ.
ඔවුන්ට දුක් දැනෙන්නෙ නෑ.
දුක් විඳින්නෙ සංවේදී මිනිසුන් පමණයි.
හිත ශූන්‍ය කරගෙන
ස්වභාවයෙන්ම හැඟීම් නැති නරුමයෙක් වුණාට
ඔහුගේ නරුම කමට නිශ්චිත සීමාවක් තියනවා.
ඔහුත් කෝපය, බිය, කාමය ආදියට
යම් අවස්ථාවන්හි හෝ ගොදුරු වෙනවා.
අනුගාමිකයාගේ දරුවාට අනතුරක් වෙලා
ඔහු සෝකයෙන් තැවෙද්දි
සමථ භාවනානුයෝගී ගුරුවරයා
මරණය පිළිබඳව දීර්ඝ දේශනාවක් කරලා
අනුගාමිකයගෙ හිත සනසාවි.
ඒත්
ඔහුගේ දරුවාට අනතුරක් වුණාම
ඔහු හඬා වැටෙන්නෙ හරකෙක් වගේ.
කාලයක් ගත වෙලා සෝකය නිවෙද්දි
නැවත හිත සන්සුන් කරගන්න
ඔහුට අර මන්තරය භාවිතා කරන්න පුලුවන් වේවි.
මේ ක්‍රමය
යම් දුරකට ප්‍රායෝගිකව භාවිතා කරන්නත්
සමථ යෝගියෙකුට පුලුවන්.
වචන මතුරා සමාධිය ලබාගන්න පිරිස
දරන්න බැරි අත්දැකීමකට මුහුණ දෙන වෙලාවට කරන්නෙ
ඔවුන් හුරුවූ යමක් සිතින් මැතිරීමයි.
ආගමික සමථ භාවනා ක්‍රම වෙනුවට
බාහිර ලෝකයෙ අරමුණුවලින්
හිත වෙන්කරගෙන රැකගන්න ක්‍රමයක් විදියට
අද තරුණ පෙළ මොබයිල් ෆෝන් භාවිතා කරන්නෙ
දැනුවත්වම නොවෙයි.
බාහිර ලෝකයෙ අරමුණු වලින් කැළඹෙන්නෙ නැතුව
තමන්ගෙ වපසරියක සිත රැකගෙන ඉන්න හැකි වුණත්
අප්‍රිය කරන යමක් සිදු වෙලා
ඒ සංහිඳියාව බිඳුණාම
තමන්ගෙ හිතේ තියන කුණු කන්දල් සියල්ල
අනෙකා බ්ලොක් කරන තුරු ඔහුගෙ වපසරිය පුරා
විසුරුවා ලන්නටත් අද තරුණ පෙළට
මොබයිල් ෆෝන් එකක් භාවිතා කිරීමෙන් හැකි වෙනවා.
මේ නිර්වින්දනය උපරිමයට ගිහින්
කෝච්චියට බෙල්ල තියන්නත්
ඔහු යොමු වෙන්න පුලුවන්.
හෙඩ් ෆෝන් දාගෙන
ගීතවලට සවන්දීමත් මේ ක්‍රමයෙම දිගුවක්.
තව කෙනෙක් රටාවකට කියන වචන
හෝ සංගීතමය නාද මාලාවක්
ඔහු හෙඩ් ෆෝන් දාගෙන අහනවා.
බස් වල ඉන්න එවැනි අය දිහා බලන්න.
ඔවුන් සිතින් නිවුණ නරුම පුද්ගලයන්.
ඔවුන් වෙනත් කිසිවකට සංවේදී නෑ.
මේ නරුම බව
කැළඹෙන හිතක් තියන පොලිස් නිලදරුවෙකුට
ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියනවා.
හිත හානිකර වීම වළක්වන්න
භාවිතා කළ හැකි උපාය මාර්ගයක්.
කිසියම් ආගමකට අනුව හෝ මොබයිල් ෆෝන් එකෙන්
ඔහුගෙන් පිටතත් ඔහු ඇතුළතත් ඇති කැළඹීම
ඔහුට හුරු වූ මන්තර මැතිරීමකින් නිවාගන්න
කෙනෙකුට ලැබෙන හැකියාව ඔහුගෙ රැකියාවට සවියක්.
ආයතන තුළ කැපී පෙනෙන සාමාජිකයන්
දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙවැනි යම් ක්‍රමයක්
භාවිතා කරමින් සිත රැක ගන්නවා.
කොතනක හෝ යම් කෙනෙක්
අන් අයට වඩා ඉදිරියෙන් ඉන්නවා නම්
ඔහු තුළ අන් අය තුළ නැති
තැන්පත් බවක්, සමාධියක් තියනවා.
සමථ භාවනාවක් පුහුණුවුණ
පොලිස් නිලධාරියෙකුට රාජකාරි වෙලාවෙ
හිත සන්සුන්ව තබා ගන්න
මේ ක්‍රමයත් හොඳයි..
ඔහුගේ සාර්ථකත්වය පවතින්නෙ
ඔහුගෙ පුහුණුවෙන් ලබන ධ්‍යානයෙ
ප්‍රබල බව මතයි.
මේ ක්‍රමය පිළිබඳව හොඳ පුහුණුවක්
නිතර අභ්‍යාසයෙන් ලබාගත්තෙ නැත්නම්
ද්වේශකාරක හෝමෝන වලින් කැළඹී
මේ යුවතිය කියන ආකාරයට ''සුඛී හෝතු'' කියමින් වුණත්
ඇයට පහර දෙන්න ඔහුට පුලුවන්.
මේ වෙලාවෙ
ඔහු තුළ පහළ වුණ
ද්වේශය ජනනය කරන හෝමෝන මට්ටම
මිනිහෙක් විදියට හැසිරීමෙ හැකියාව
ඔහුට අහිමි කොට තියනවා.
ඔහු 'සුඛී හෝතු' කිව්වට
ඒ ද්වේශයෙන් හිත මුදා ගන්න
මේ වෙලාවෙ පලක් නැති වෙන්න පුලුවන්.
මන්තර ක්‍රමයට ලබා ගන්නා
සමථ ක්‍රමයේ සමාධිය සීමා සහිතයි.
තාවකාලිකයි. අන්ධයි.
සිදුහත් තවුසාටත් මේ තාවකාලික සමාධිය
අටවෙනි ධ්‍යානය දක්වාම හුරුවෙන්න ලැබුණේ
ආළාර කාලාම, උද්දකරාමපුත්ත සෙවනෙයි.
ඉතාම කෙටි කලක් තුළ මේ ධ්‍යාන ලබාගත්
සිදුහත් තවුසා ඔහු සොයන මග ඒ නොවෙන නිසා
දුකෙන් මිදෙන සැබෑ මග සොයා
නික්ම ගිය නිසා ලොවට බුදු දහම ලැබුණා.
ගැටළු ඇති කරන අරමුණක් නිසා
කෙනෙකුගෙ හිත කැළඹිලා අවුල් සහගත වුණාම
''අරමුණ වෙනස් කිරීමෙන් හිත නිවා ගැනීම''
අසාර්ථක ක්‍රමයක් විදියට බුදුන් වහන්සේ දුටුවා.
අරමුණ වෙනස් කිරීමෙදි සිත නිවුණාට
අදාළ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.
අරමුණ පිළිබඳ තොරතුරු වල
හැඟීම ඇතිකරන කොටස අක්‍රිය නිසා
ඔහු සැබෑ ප්‍රශ්නයට සංවේදී නැහැ.
බුදුන් වහන්සේ සෙවූ කරමය නම්
ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම සංවේදීව
සම්පජානෝ සතියෙන් යුතුව
උපේක්ෂාවෙන් වෙසෙමින්
ප්‍රශ්නය විසඳන ක්‍රමයයි.
ප්‍රශ්නයට මුහුණ දෙමින්
තමන්ගෙ හිත හොඳටම කැළඹිලා තියෙද්දි
ඒ කැළඹීමට සංවේදී නොවී
ප්‍රශ්නයට විසඳුම් දෙන්න හැකි වෙන
ප්‍රයෝගික විසඳුම සොයා ගන්න
බුදුන් වහන්සේ සමත් වුණා.
බුදුන් වහන්සේ අගය කළ තැනැත්තා
ප්‍රශ්නයකදි හිත කැළඹුණාම
'සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී'
කොයි විදියට හැසිරෙන කෙනෙක්ද?
''සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
ඉතිරි ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.''
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො”
මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
සිත සැනසිල්ලෙන් තියාගන්නා අරමුණෙන්
ප්‍රායෝගික ජීවිතයෙන් බැහැරවෙන්නෙ නැතුව
සිතේ සැනසිල්ල ලබාගන්න ක්‍රමය
විදසුන් වැඩීමයි.
හිත කැළඹෙන්නෙ අපේ කය අනුවයි.
හිත අනුව කයත් කැළඹෙනවා.
කයේ හෝමෝන වලින් සිත කැළඹෙනවා.
සිතේ කැළඹීමෙන් කයේ හෝමෝන ඇති වෙනවා.
ඇසින් අනතුරක් දැක්කාම
හිත කැළඹෙනවා.
ඒ අනුව අනතුරට මුහුණ දෙන්න හෝ
අනතුරෙන් පලායන්න අවශ්‍ය වෙන
හෝමෝන කයට එක් වෙනවා.
මේ හෝමෝන අනුව
නැවත හිත කැළඹෙනවා.
සිතේ වෙනස් වීම් වලට අනුව
කයට ඉබේම එක් වෙන
ප්‍රතික්‍රියා කාරක හෝමෝන නිසා
සතෙක් මෙන් ප්‍රතික්‍රියා නොකර
ඒ හෝමෝන මගින් කරන පෙළඹවීම
නොසලකා ක්‍රියා කරන්නට
විදසුන් වඩන්නෙක් පුහුණු වෙනවා.
කයෙහි ද්වේශය ඇති කරන හෝමෝන
සිතෙහි ඇති වෙලා තිබුණත් සිත කැළඹෙන්නෙ
ඒ හෝමෝන නිසා ඇති වෙන අප්‍රිය වේදනා
දුක්ඛ වශයෙන් ගැනීමෙනුයි.
මේ කැළඹිල්ල සතෙකුට අවශ්‍යයි.
මිනිසෙකුට අවශ්‍ය වෙන්නෙ
මනසෙන් විසඳන්න බැරි ප්‍රශ්නයකදියි.
මනසෙන් ප්‍රයෝජන ගන්න නම්
කයේ දුක්ඛ වේදනා ඇතිවුණාම
සිතේ ද්වේශය ඇති කර නොගෙන ඉන්න ක්‍රමය
විදසුන් වඩන කෙනෙක් විදියට
පුහුණු වීම අවශ්‍යයි.
මේ අරමුණ පෙරදැරිව
ඉන්දියාවෙ තිහාර් සිර කඳවුරේ සිරකරුවන් දහසකට
දස දින විපස්සනා පාඨ මාලාවකින්
1994 අප්‍රේල් මාසෙ මේ ක්‍රමය පුහුණු කළා.
ඔවුන් තුළ ඇතිවුණ ධනාත්මක වෙනස නිසා
තිහාර් සිර කඳවුර තුළ සිරකරුවන් සඳහාම
විපස්සනා මධ්‍යස්ථානයක් ඇති කළා.
ඉන් පසුව ඉන්දියානු පොලිස් ඇකඩමිය මගින්
පොලිස් නිලධාරීන් දහසකටත්
විපස්සනා දස දින පුහුණුව ලබා දුන්නා.
ඉන්දියාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව
විපස්සනා ඉගැන්වීම කෙරෙන්නේ
ඉන් ලබන ප්‍රතිඵල නිසායි.
සමහර ප්‍රාන්ත වල
දස දින විපස්සනා පාඨ මාලා සඳහා
රජයෙන් නිවාඩු පවා අනුමත කරනවා.
පොලිස්පතිගේ මෙහෙයවීම මත
පොලිස් නිලධාරීන් භාවනා කළ යුතු නම්
ඔවුන්ට පුහුණුව ලබා දීම රජයේ වගකීමක්.
සමථ භාවනාව හෝ විපස්සනා වැඩීමට
නිසි පුහුණුවක් ලබා දීම සිදු විය යුතුයි.
මෙවැනි පියවරක් කරා යොමු වීම
ශ්‍රී ලංකාවේ අපහසු කාර්යයක් වී ඇත්තේ
සමහර සිංහලයන් බුදු දහමට දක්වන
අකමැත්ත නිසයි.
දුකෙන් මිදීමේ ඒකායන මාර්ගය ලෙස
විපස්සනාව ලොවට හඳුන්වා දුන්
බුදු දහම අදහන පිරිසක් විදියට
ලෝකයට පෙන්වන සිංහල ජනතාව
බුදු දහම මතුපිටින් තවරාගෙන
ඇතුළතින් දුක් විඳින පිරිසක්.
කිසිම ආගමක් දහමක් නැති පිරිස් විසින්
"බුදු දහමෙන් ප්‍රයෝජනයක් නෑ"
කියන මතය පතුරුවන්නට වෙහෙස වෙද්දි
තවත් විශාල පිරිසක්
දහම පිළිනොපැද වන්දනා මාන කරමින්
බුදු දහමෙන් ප්‍රයෝජනයක් නැතිව
දුක් විඳිනවා.
කිසිවෙකුට බුදු දහමෙන් ප්‍රයෝජනයක් නැත්නම්
එය සම්පූර්ණයෙන්ම ඔහුගේ පුද්ගලික ප්‍රශ්නයක්.
වසර 2600ක් තිස්සේම
සීල, සමාධි, ප්‍රඥා වඩන අය
බුදු දහමෙන් ප්‍රයෝජන ගන්නවා.
සිංහලයාට ඒ හැකියාව නැති වීම
බුදු දහමෙ ප්‍රශ්නයක් නොවෙයි.
යතුර වැරදියට දැමීමෙන්
කිසිම අගුලක් ඇරෙන්නෙ නෑ.
වතුර කරාමයක් අරින්නෙ නැතුව
බෝතලේ අල්ලාගෙන හිටියාට
බෝතලේ පිරෙන්නෙ නෑ.
බුදු දහම දේශනා කරන්නෝ තුළ ධර්මය නැත්නම්
බෝතලේ අඩුපාඩු නැතත් වතුර ලැබෙන්නෙ නෑ.
මග පෙන්වීමක් ලැබෙන්නෙ නෑ.
කොයිතරම් වැඳ පුදාගෙන හිටියත්
එතනම තමයි.
කරාමයෙන් වතුර ගැලුවත්
බෝතලේ මූඩිය ඇරල නැත්නම්
වතුර පිරෙන්නෙ නෑ.
බෝතලේ හිල්වෙලා නම්
ඒත් වතුර පිරෙන්නෙ නෑ.
බුදු දහමෙ අඩුවක් නෑ කියල
සහ සුද්දෙන්ම කියන්නෙ
දුක් දොම්නස්, සෝ තැවුල් වලින්
ඒ මොහොතෙම මිදෙන්න මාර්ගය
බුදු දහමෙන් කියල තියන නිසයි.
www.dhamma.org
මේ යොමුවෙ තියන
ඕනම විපස්සනා මධ්‍යස්ථානයක දින සටහන අනුව
දසදින පාඨමාලාවක අවසාන දිනයෙ
ළඟම විපස්සනා මධ්‍යස්ථානයට ගිහින්
දස දිනක් තිස්සෙ පුහුණු වුණ
වෙනත් ආගමකින් ආව කෙනෙකුගෙන්
බුදු දහම ගැන අහල බලන්න.
සිංහල ජාතියෙ උපන් අයට
බුදු දහම පිහිටන්නෙ නැත්තෙ
සිංහල කමේ ප්‍රශ්නයක් නිසා මිස
බුදු දහමෙ අඩුවක් නිසා නොවන බව
ඔබටම තේරුම් ගන්න පුලුවන්.
No comments:
Post a Comment