20170818

ලෝකාන්තයට අලුත් පාරකින් යන්න.

සීතල පොද වැස්සක් අතරතුර
ෆේස්බුක් සමාජ ජාලයේ දුටු සටහනක්.

අපූරු කාලගුණික සහයෝගයත් සමග
මේ ඡායාරූප වල සුන්දරත්වය
උපරිමයෙන් වින්දා.

මේ සුන්දරත්වය සැබැවින්ම විඳින්නට
සුබ පැතුම් සමග....

 නන්පේරියල් හරහා ලෝකාන්තයට

හෝටන්තැන්නේ පිහිටා ඇති ලෝකාන්තය
අපි හැමෝම දන්න තැනක් .
හැබයි අපි වැඩි හරියක් බලන්න යන්න පුරුදු වෙලා ඉන්නේ
නුවරඑළිය හරහා හොටන් තැන්නට යන්නයි.
ලෝකාන්තයට ගිහින් පහල බලපු ගමන් අපට පේන්නේ
නන්පේරියල් වතුයායත්
වතු ජනතාව ජීවත් වෙන ලයින් කාමරයි.

හැබයි කෙනෙකුට හිතුනොත්
මේ නන්පේරියල් වතු යාය හරහා
ලෝකාන්තය මුදුනට එන්න පුළුවන්නමි කියලා .
අන්න එහෙම පුළුවන් මාර්ගයක් ගැන
කියන්න තමයි මෙි සුදානම.

බලංගොඩ හපුතලේ මාර්ගයේ
බෙලිහුල්ඔය පහුකරලා ටික දුරක් ඉදිරියට යත්ම
''ලෝකාන්තයට''
කියලා බෝඩ් එකක් දාලා තියෙන හන්දියෙන්
වමි අත පැත්තට ඇති මාර්ගය තමයි
මෙි නන්පේරියල් හරහා
ලෝකාන්තයට යන මාර්ගය ආරමිභ වන්නේ .

කිලෝමිටර් 23ක් වාහනයෙන් ගොස්
තවත් කිලෝමිටර් 2ක් පාගමනින් ගිය විට
ලෝකාන්තයට ලඟාවන්නට පුළුවන්.
ඇත්තටම මේ මාර්ගය සුන්දරම මාර්ගයක්.

වට වංගු 33කින් යුත් මේ මාර්ගයේ
වාහනයකින් ගමන් කරන විට
ඕනෑම කෙනකුට ත්‍රාසයෙන් පිරි ගමනක
අත්දැකිම විඳ ගන්න පුළුවන් .
ඒ වගේ හමුවන බේකර්ස් බෙන්ඩ් එක කියන්නෙත්
සුන්දරම තැනක් තමයි.

තවත් ඉදිරියට යත්ම ගල්තලාවක පිහිටා ඇති
ලංකා සිතියම අපට ඇති කරන්නේ කුතුහලයක් .
මාර්ගයේ අවසානයේ පිහිටා ඇති
නග්රග් බංගලාව කියන්නේ
වචනයෙන් කියන්න බැරි තරමි
සුන්දරම තැනක් තමයි .

මෙතනට ලංකාවෙි දකුණු දිග ප්‍රදේශයෙන්
වැඩි හරියක් දැක ගන්න පුළුවන් වීමත් විශේෂයි.

අඩි 7000කට වඩා ඉහලින් පිහිටා ඇති
නග්රග් බංගලාවට පිටුපසින් ඇති හෝටන් තැන්න දිගේ
කිලෝමිටර් 2ක් පමන පා ගමනින් ගිය විට
ලෝකාන්තය දැක බලා ගන්න පුළුවන්.

මම විස්තර කිවිවට
ලෝකාන්තයට යන්න අවසර දෙන්න
නන්පේරියල් වතුයායේ කළමනාකාරිත්වයට නමි
බලයක් නැහැ .

එයාල අවසර දෙන්නේ
දිනකට රු.20000/= ක් ගෙවලා
නග්රග් බංගලාව වෙන්කර ගත්තම
වත්තට ඇතුල් වෙලා සුන්දරත්වය විඳ ගෙන
බංගලාවෙි නතර වෙන්න.

නමුත් එතනින්
ලෝකාන්තයට යන්න කැලේ මැදින්
අඩි පාරක් තියෙනවා.
අවසර දෙන්න කෙනෙක් නැහැ
අනවසරයෙන් තමා යන්න තියෙන්නේ.

වනජීවි එකේ අයට අහුවුනොත් ප්‍රශ්නයක්.
තීරණය ඹබ සතුයි .
මම මෙම ගමන ගිය නිසයි ඹබට විස්තර කිව්වේ.

ඒ වගේම 0455622533 දරන
මෙම අංකයට කතා කරලා
බංගලාව වෙන් කර ගෙන
නන්පේරියල් වතුයායේ සුන්දරත්වය අත්විඳින්න
කියලා ආරාධනා කරනවා.
සටහන/ඡායාරූප - අනුර පල්ලමුල්ල
































No comments:

Post a Comment