20170816

සයිටම් විරෝධය දැඩි සත්කාර ඒකකයේ....




සයිටම් විරෝධය අවසානය.
නැතහොත් අවසානය අත ළඟයි.

එක ගල කුරුල්ලන් රැසකට එල්ල කිරීමෙන් සහ
ජනතා විරෝධී අවකල් ක්‍රියා හේතුවෙන්
අකාලේ මොළය මිය ගිය සයිටම් විරෝධය
ජවිපෙ සහ අන්තරේ නායකයන්ට
අවයව විකුණා දමා ඇත.

දැන් සයිටම් විරෝධීන් ලෙස පෙනී සිටින්නේ
සයිටම් විරෝධී අවයව වලින් පණ ගැහෙන
ජවිපෙ සහ අන්තරේ වියපත් පිරිස්ය.

සුපුරුදු උද්‍යෝගයන්, කැපවීමෙන් යුතුව
වෛද්‍ය සංගමය මුදල් ගැරීමේ යෙදෙති.
උගන්වන්නට සිසුන් නැති හෙයින්
වෛද්‍ය පීඨ ආචාර්යවරු අපෙන් පිං පඩි ගෙන
සිය පුද්ගලික වැඩ පළවල නිදහසේ යෙදෙමින්
විශ්‍රාම සුවයෙන් වෙසෙති.

වසරක් පුරා වෛද්‍ය සංගමය  විසින්
හිරකරගෙන සිටින අනාගත වෛද්‍යවරු 6000
දෙමාපියන්ගෙන් පිනට කමින් බොමින්
මොබයිල් ෆෝන් වලට කොටමින් හෝ
පාරේ රස්තියාදු වෙමින්
වෙහෙසට පත්වී නිදා ගනිති.
වෛද්‍යවරයෙකු ලෙස ගෙවන්නට හැකි
ඔවුන්ගේ දිවියේ වසරක් පමණ
නිකමුන් ලෙස ගෙවා දමන්නට
වෛද්‍ය සිසුන්ට සිදු වී ඇත.

සයිටම් විරෝධයට ඔක්සිජන් සැපයූ
වෛද්‍ය සංගමයෙ 5% වැඩ වර්ජන
නැවත ගොඩගන්නට බැරි තැනටම
පිරිහෙන තත්වයට පත් කරන්නට
පාදෙණියගේ රාජපාක්ෂිකභාවය සහ
5% බාහිර රෝගී වර්ජන සමත් විය.

සයිටම් ප්‍රමිතිය පිළිබඳ ප්‍රධානම තර්කය
පළමුවෙන්ම බිඳ වැටුණේ උසාවි තීන්දුවෙනි.

රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතියට
වෛද්‍ය සභාව නිර්ණායක සකස් නොකළ බව
සයිටම් නඩු තීන්දුවෙන් හෙළි වූ පසුව
සයිටම් විරෝධයේ ප්‍රධානම තර්කය
වෛද්‍ය සභාවෙන් සකස් නොකළ නිර්ණායක මත
වෛද්‍ය සභාව සයිටම ප්‍රමිතිය මැන්නේ කෙසේද
යන ප්‍රශ්නය ජනතාව නැගූ හෙයිනි.

වසර 90කට ආසන්න කාලයක් තිස්සේ
මෙතෙක් පත්වූ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය
වෛද්‍ය සභාව විසින නිර්ණය කළේ
එක් එක් කාලවල පැවති වෛද්‍ය සභාවේ
හිතුමතයට, සාමාජිකයන්ගේ රිස්සටය.
අදටත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට
ප්‍රමිති නිර්ණායක නැත.

වෛද්‍ය වරුන් ලෙස වෘත්තීය වැරදි කළ
වෘත්තියට නුසුදුසු වෛද්‍ය පත්වීම් වලට
ප්‍රධානම හේතුවක් නම්
පත්වීමට ප්‍රමිතියක් නැතිවීමයි.

ලංකාවේ වෛද්‍ය පීඨවලින් බිහිවන
සියලුම වෛද්‍ය වරුන් මෙතෙක් බිහිවී ඇත්තේ
නිසි ප්‍රමිති නිර්ණායක යටතේ නොවේ.
කවර මට්ටමෙන් වෘත්තීය වරදක් කළත්
සිවිල් නීතිය අනුව හැර ඔවුන්ට නඩු පැවරීම
වෛද්‍ය සභා ප්‍රමිති නිර්ණායක මත කළ නොහැක.
එවැන්නක් නොපවතී.

වෛද්‍ය සුදර්ශන බාලගේ වෙත පැමිණි
රෝගී යුවතිය මරා දූෂණය කොට
රෝහලේ හයවෙනි මහලෙන් හෙලුවද
ඔහු කළ වරදේ බරපතල කම මනින්නටවත්
වෛද්‍ය සභාවට ප්‍රමිති නිර්ණායක නැත.

රෝහලේ කාර්ය මණ්ඩලයේ මෙහෙයවීම නොසැලකූ
බාහිර සේවිකාවක් නොබියව දුන් සාක්ෂිය නිසා
වෛද්‍ය බාලගේ 'අපරාධ නීතියෙන්' වරදකරු කොට
මරණ දඬුවම් ලබාදෙන්නට හැකි වූ නමුත්
ඔහුට එරෙහිව ක්‍රියා කරන්නට හැකිවන පරිදි
වෛද්‍ය සභාවට ප්‍රමිති නිර්ණායක නැත.

වෛද්‍ය සභාවේ සභිකයන්ට රිසි පරිදි
අත්තනෝමතික ලෙස වෛද්‍යවරු පත් කරන්නටද
ඔවුන් අකැමති වෛද්‍යවරුන් ඉවත් කරන්නටද
වෛද්‍ය සභාවට ඒකාධිපති බලයක් ඇත.

මේ ක්‍රමයට මෙතෙක් අභ්යෝගයක් නොවූ හෙයින්
බහුතර බොළඳ ජනතාව දැන සිටියේ නැත.
අදත් නූගත් සහ උගත් නමුත් මෝඩ ජනතාවට
ප්‍රමිති නිර්ණායක නැතිව පත් වෙනෙ වෛද්‍යවරු
හොර දොස්තරලා පමනක් බව නොවැටහෙයි.
ප්‍රමිති නිර්ණායක නැති මේ වෛද්‍ය සභාව
නීති සංග්‍රහයක් නැත් ඉවල් පොලීසියක් වැනිය.
කැලෑ නීතියට රජ කරන්නට හොඳ පසුබිමකි.

මෙවැනි අත්තනෝමතික ගෝත්‍රික වෛද්‍ය සභාවක්
සයිටම් ප්‍රමිතිය නිර්ණය කරන්නේ කෙසේද?
ප්‍රමිති නිර්ණායක නැති මේ වෛද්‍ය සභාව
කරන චෝදනා පිළිගත හැකිද?

ප්‍රමිතිය පදනම් කරගත් මූලිකම තර්කයට
වෛද්‍ය සබාවෙන්ම පහර වැදී
කොන්දම බිඳුණු සයිටම් විරෝධී ව්‍යාපාරය
කෙමෙන් කෙමෙන් අඩපණ වී ඇද වැටෙන තැනට
ප්‍රශ්නය අතට ගෙන මෛත්‍රී ලබා දුන්
සාධාරණ සහ ප්‍රායෝගික විසඳුම්
ප්‍රධානම හේතුව විය.

සියලු මුල් කැපී ගිය සයිටම් විරෝධයේ මුදුන් මුල
ඔවුන් මහත් ආයාසයෙන් මවා පෙන්වන ලද
ඇතුලතින් පුස්සක් වූ ජන විරෝධී බැලුමයි.
මෛත්‍රී ඉතාම ඥාණාන්විතව ක්‍රියාකරමින්
සයිටම් විරෝධී බැලුම බිඳින්නට ක්‍රියා නොකරන අතරම
බැලුමෙහි හුළං බස්සන්නට නොයෙක් ආකාරයෙන් කළ ක්‍රියා
සයිටම් විරෝධී පුහු සුනාමිය රැල්ලක් පමනක් බව
ජනතාවට පසක් කරන්නට හේතු විය.

දැන් ජවිපෙට හුරු පුරුදු උපාය මාර්ග වලින්
ඔවුන්ට නැති ජන බලයක් උලුප්පා පෙන්වන්නට
ඔවුහු උප්පරවැට්ටි යොදමින් සිටිති.

සයිටම් විරෝධී ජන පවුර වැනි
බාල ප්‍රචාරාත්මක හිස් වචන නිර්මාණය කොට
නියොන් බල්බ් යොදා මග තොට දල්වමින්
දිමියන් කන්නාක් වැනි පොකට් විරෝධතා වලට
ජවිපෙ සහ අන්තරේ යොමුවී සිටිති.

සිසුන් මදි පාඩුවට වියපත් සාමාජිකයන්ද
ජවිපෙ යහමින් යොදාගන්නා බව පෙනී ගියේ
විහාර මහා දේවී රඟමඩලෙනි.

තල්ගෙඩිය තල් අත්තට වැටී දුවන සතුන්ට
මහ වනයේම සතුන් එක්වන්නාක් මෙන් මුලා වී
රැල්ලට දුවන්නට සැරසී සිටින අපේ නූගත් ජනතාව
හිට්ලර්ගේ පන්නයේ සද්දයක් දමා පෙරහැරේ දක්කන්නට
එදා සිටම හුරුවූ ජවිපෙත්, එහි බාල සහෝදර අන්තරේත්
සදාකාලිකව කැපවී සිටිති.

දුප්පත් පවුල් වලින් වෛද්‍ය පීඨවලට පැමිණ
සුපුරුදු ලෙස තාවකාලිකව සමාජවාදීන් වන
පීඩිත පංතියේ වෛද්‍ය සිසුන් පමණක්
ජවිපෙ සහ අන්තරේ සමග කටයුතු කරන්නේ
ඔවුන්ගේ සිතුම් පැතුම් සමපාත වන නිසාය.

විහාර මහා දේවී රඟමඩලේදී
නැති ජන බලයක් මවා පෙන්වන්නට
ජවිපෙ කරන ලද සරල උපක්‍රමය වූයේ
පැමිණි අතළොස්ස අසුන් ගන්නට සැලැස්වීමයි.
අසුන් ගත් විට එක්කෙනෙකු විසින් දෙදෙනෙකුගේ ඉඩ
ආවරණය කර ගැනීමක් අනිවාර්යයෙන්ම සිදු වෙයි.
සැබැවින්ම 500ක් වන සෙනග 1000ක් මෙන් පෙනෙයි.

මේ උප්පරවැට්ටිය
අගෝ. 15 නුගේගොඩ රැස්වීම් වලත්
භාවිතා කරන්නට
ජවිපෙ සහ අන්තරේ එක්ව ක්‍රියා කළේ
පැමිණ සිටි සියල්ලන්ටම ප්ලාස්ටික් පුටු සැපයීමෙනි.
දැන් 500ක් පිරිස 1500ක් මෙන් පෙනෙයි..


මේ ඔවුන්ගේ අර්ථ කථනයි.
නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය එකම හිස් ගොඩක් වී ඇති අයුරු !!!

මෙන්න සත්‍යය!
විශාල අසුන් ප්‍රමාණයක් හිස්ව තිබෙනුද
දකින්නට හැකි විය.

මේ මවා පෑම කොතෙක් කල් කරන්නද?

වෛද්‍ය සිසුන්ට ඉගෙනීම අහිමි කළ සාපයට
ජනතා අවබෝධයේ නියඟයට ගොදුරු වී
මොළය මියගොස් අවසන් හුස්ම හෙළන
ජනතාවට හානිකර සයිටම් විරෝධය
නිරාහාරව පිපාසිතව වෙසෙන ජවිපෙ සහ අන්තරේට
හෙටත් වමාරා කන්නට සුදුසු තණකොළ අහුරකි.
.

සයිටම් එපා කියමින් කළ වර්ජනය
නවතා පන්තියට යන්නත් බැරුවාය.
මහමග ගෙවන කළ දිවියේ හොඳ හරිය
දොස්තරලා මඩිය තරකරගෙන ගොඩය.

දෙස්පාලන බිමේ නියඟය හමාරය
මහමග හුරුපුරුදු අන්තරයට සරුය
සයිටම් කරුමයේ බර අදිනා දිරිය
වැඩි වෙයි, මඩිය හොලවනවිට පාදෙණිය

කැසුවත් විටින් විට ගිණි පිඹිමින් හොරිය
දැන් දැන් ජනතාව දැනගෙන ඇත හොරය
සයිටම් විරෝධය හොඳටම දියාරුය
මොනවා කළත් දැන් සාදය හමාරය.

No comments:

Post a Comment