ඔබ සමන්ත හිමිගේ අග්‍ර ශ්‍රාවකයාය.
බියෙන් පළාගිය මහ කළු සිංහලයා
සමන්ත හිමි වෙනුවෙන්
පිළියන්දල නාලාගිරි ජනතාවට
තනිවම නොබියව මුහුණ දුන්
ආශ්‍රමවාසී වීරයාය.
අපි ඔබට බිය විය යුතුවෙමු.
බියවන්නේ පුහුදුන් අප වැන්නෝය.
රහතුන් බිය නැත.
ඔබට අනුව
ඔබට නැති වෙන්න දෙයක් නෑ.
ගලක් නොවෙයි
උල්කාපාතයකින් කෑල්ලක් වැටුණත්
ඔබට දෙකම එකයි.
ඔබට සාපේක්ෂක නෑ.
ඔබ ඉන්නෙ මධ්‍යයෙ නැවතිලා.
ඔබේ හිත ශූන්‍යයි.
ඔබට අනුව
ඔබ සසල නොවෙන ඇතුළාන්තයක් ඇති කෙනෙක්.
පහත දැක්වෙන ප්‍රකාශය
ඇතුළත නිසසල කෙනෙකුගෙ ප්‍රකාශයක්ද?
[[[ " ඔබ සිටින තැන සොයා මා නුදුරේදීම ඔබ හමුවීමට පැමිණ
ඖෂධ වට්ටෝරුවක් ලබාදෙමි.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මා මේවන විටත් සුදානම් කර ඇත" ]]]
ඔබ මේ තෝරාගත් වචනවලින් කියන්නේ
"බලාගෙන ඉඳපං..
මම දෙන්නම් තොට බේත්.."
ඊටත් වඩා පැහැදිළි කළහොත්
"මම තොට ගෙදරට ඇවිල්ලා
ගහල යනව යකෝ" කියන
ද්වේශ භරිත වචන නොවේද? :)
ඔබ මට කරන්නේ තර්ජනයක් බව
මිහිරි වදන් තුළ සඟවන නමුත්
දක්ෂ නීතිඥයෙකුගේ හරස් ප්‍රශ්න මගින්
තර්ජනය උසාවියක ඔප්පු කළ හැකියි.
මම නීති ගරුකයි.
මත පළ කිරීම මානව හිමිකමක්.
සමන්ත හිමිටත්, ඔබටත්,
මටත් ඒ අයිතිය තියනවා.
ඔබේ අදහස කුමක් වුවත්
ඒ අදහසට ගරු කරන නිසයි
මේ පිළිතුර ලියන්නේ.
ඔබ මේ කරන්නේ සාපරාධී ක්‍රියාවක් ලෙස
උසාවියක ඔප්පු කළ හැකි තර්ජනයක්.
මම ඔබට නඩු දමන්නේ නැහැ.
ඔබට දරාගත නොහැකි ද්වේශය නිසා
ඔබ මා තුළට ද්වේශාරෝපනය කොට
මා බිය කරන්නට උත්සාහ කරනවා.
ඇත්තටම මට බය හිතෙනවා.
ඔබ වැනි ජවසම්පන්න තරුණයෙක්
පහසුවෙන් කුපිත වෙන
කුපිත වුණාම පාලනයක් නැති
නොදැමුණු තරුණයෙක්....
කොතරම් නිවුණු වදනින් කළත්
ඔබේ ඒ තර්ජනයට
එක මොහොතකට බය හිතෙනවා.
නිමේශයකට බය හිතෙනවා.
පුහුදුන් කෙනෙකු විදියට
මටත් බය හිතෙනවා.
ඒ බිය ස්වාභාවිකයි.
පුහුදුන් මටත්, පුහුදුන් ඔබටත්,
පුහුදුන් සමන්ත හිමිටත් බිය පොදුයි.
ඔහු පිළියන්දල නොආවේ ඒ බිය නිසයි.
ඒ සත්‍යය සඟවන්න බැහැ.
බිය වෙන්නට කිසිම හේතුවක් නැති බව
ඔබ විසින් ඔප්පු කළා.
ඔබ ඔහුට වඩා නිර්භීතයි.
ඔහු බියගුල්ලෙක්.
ඔහු වෙනුවෙන් ඔබ ඉදිරියට ආවා.
ඔහු ඔබ පාවා දී, ඔබ බිල්ලට දී
ආශ්‍රමයේ සැඟවුණා.
VFM සංවාදයේදී
"කියතක් ගෙනත් මගේ අත කපන්නැ"යි
ඔහු මට කළ අභියෝගය ඔහු කළේ
මා පිළිබඳව වූ විශ්වාසයෙන්.
එදා ඔහු පෙන්වූ ශක්තිය
බොනිකර තරුවක් බව ලොව දකින්නේ
පිළියන්දලට එන්න ඔහු බිය වීමෙන්.
සායිබාබා සොයාගෙන මැරයෙක් පැමිණි විට
ඔහු බියෙන් දුවගොස් ගරාජයේ සැඟවුණා.
භීතියෙන් පීඩිත අසරණ සමන්ත හිමි
ඒ රාත්‍රියේ විශාල දුකක් සිතින් කයින් විඳින්නට ඇති.
භීතියෙන් මෝහයට මාරු වෙන්නට
විශාල කාලයක් ගතවෙන්න ඇති.
වායු සමීකරණය කළ
ආරක්ෂිත ආගාරයකට විනා
ජීවිතයේ සැබෑ ප්‍රශ්න ඉදිරියේ
ඔහුගෙ දහමෙන් ඔහුටවත් ප්‍රයෝජනයක් නැති බව
පිළියන්දල ජනතාව ඔහුට මෙන්ම
ඔබ අතර සිටින
ප්‍රඥාව කළඳක් හෝ ඇත්තන්ට
වටහාගන්නට පුලුවන්.
" අතීතය ගැන නොසිතන්න
අනාගතය ගැන නොසිතන්න
වර්තමානයෙහි ඉන්න. "
දහම අමතක වුණා.
ඔහු අනාගතයට බිය වුණා.
අතීතයේ රැස්කළ දේ
නැති වෙයැයි බිය වුණා.
වර්තමානය ගිනි ඇවුළුණා.
එකිනෙකට සාපේක්ෂ
අනාගත විකල්ප දෙකක් තිබුණා.
ආශ්‍රමයද? පිළියන්දලද?
පිළියන්දලද? ආශ්‍රමයද?
සාපේක්ෂව බලන විට
හිතේ බිය නැතිවෙන සාපේක්ෂකය
ආශ්‍රමය තෝරාගත්තා.
කළ යුතු දේ නොකර
ආශ්‍රමයට ගොස් බියෙන් සැඟවුණා.
ඒ දහමේ නිස්සාර බව
දැන් ඔබට වැටහෙනවා.
ඔහු බිය වූ බව හෙළිවීමෙන්
ඔබ කුපිත වන්නේ ඒ නිසයි.
ඔබ සියල්ලෝම යපෙන්නේ
ඔහුගේ ස්වර්ණමය පිළිරුව නිසා
ආශ්‍රමය ලබන ආදායමෙන්.
ඒ ස්වර්ණමය පිළිරුව
සරුවපිත්තල බව හෙළි වෙන
පැහැදිලි හෝරාව එළඹුණා.
මා හා කළ සංවාදයේ වීඩියෝව
ඔබ විසින් ඉවත් කරගත්තෙ
ඔහුගෙ හැසිරීමෙන් ඒ බව
හෙළිවුණ නිසයි.
මෝහය වඩමින්, මාන්නය වඩමින්,
රාගය වඩමින් සිටින් පුහුදුන් පිරිසක්
ද්වේශයට ගොදුරුවී ගත කරන
අඳුරු දුක්බර දින කිහිපයක් මේ.
ඔහු ඔබට ඉගැන්වූ චිත්තානුපස්සනාවෙන්
ඔහුටවත්, ඔබටවත් දැන් පිහිටක් නෑ.
මේ ඔහු උගන්වන විපස්සනාවයි.
------------------------------------
මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
-------------------------------------
බියෙන් ලජ්ජාවෙන් කෝපයෙන් ද්වේශයෙන්
ඔබේ සියොළඟම ගිනිගෙන දැවෙන මේ වෙලාවෙ
ඔහු කියන ව්‍යාජ චිත්තානුපස්සනාවෙන්
ඔබට ඇති ඵලය කුමක්ද?
ඔහුගේ දහම ප්‍රායෝගික නොවන බව
ඔබ පිළියන්දල වේදිකාව මත ගතකළ
විනාඩි කිහිපය තුළ පසක් නොකළෙහිද?
ඔහු කියන ව්‍යාජ චිත්තානුපස්සනාවෙන්
කැළඹුණු සිත ජයගන්න බැහැ.
ඒ අවස්ථාවෙහි ඔබ අනුපස්සනා කළ යුත්තේ
කැළඹී ඇති සිත නොවෙයි.
"අග්නිවෙස්සන, කාය භාවනා නැති ඔබට
මොන චිත්ත භවනාද?"
බුදුන් වහන්සේ සච්චකට කිව්වා.
ඔබ ඒ මොහොතෙහි වැඩිය යුතු වූයේ
කාය හා වේදනා අනුපස්සනායි.
"අඩෝ, දැනගනින්..
මම උඹට ගහල යන්නෙ
තොගේ ගෙදරට ඇවිත්" කියන තර්ජනය
ඔබ කොතරම් මිහිරි වදන් වලින්
මගේ සිතේ ආලේපනය කළත්
මටත් බය හිතෙනවා. :)
ඔබේ තර්ජනයෙ තියන ද්වේශයෙන්
මගේ හිත සසල වෙනවා...
එක මොහොතකට.
මගේ හිත සසල වෙන්නෙ
කයෙහි ඇතිවෙන වේදනාවලට
සමානුපාතිකවයි.
ඔබ කියන වචන අල්ලාගෙන
ඔබ පිරිසක් සමග පැමිණෙන ආකාරය,
ඔවුන් මා ගෙදරින් එළියට ගෙන
මට පහර දෙන ආකාරය ආදී
ප්‍රපඤ්චවලට මම යන්නෙ නෑ.
තණ්හා පමණයි. උපාදාන නෑ.
නිමිත්ත පමණයි, අනුව්‍යංජන නෑ.
සමන්ත හිමිටත්, භික්කු දම්මජාතටත්
මටත් පුහුදුන් අය විදියට බය හිතෙනවා.
ඔබ වඩන මෝහයෙන් එවැනි බයක් ජයගන්නට බෑ.
සමන්ත හිමිටවත් බැරි බව මට කියන්න පුලුවන්.
ලඩක්වල සීතලෙන් රෙදි පොරවාගෙන රැකුණාට
බිය නිසා ඇතිවෙන ද්වේශයෙන් රැකෙන්නට
ලොව කොහේවත් පොරෝනා නෑ.
ද්වේශයට බෙහෙත මෝහය නොවෙයි.
හැඳුනුම් පතක් දී ඇතුල් කළ
තෝරාගත් පිරිසකට
මහා උස අසුනක හිඳගෙන
සමච්චල් බස් යොදාගනිමින්
නිර්භීත ස්වරයකින් ආලෝලනය කොට
බියෙන් මිදෙන හැටි දේශනා කළත්
"අනේ ස්වාමීනි, මෙන්න පිරිසක් ඔබ එනතුරු
පිළියන්දළ බලා ඉන්නවා" කියා ඇසුණාම
මෝහය අතුරුදහන් වෙනවා.
මරණ බිය ඇති වෙනවා.
ඉවත් කළ සාපේක්ෂක දැල්වෙනවා.
"මරණයට සාපේක්ෂව ජීවිතය හොඳයි"
කියන අන්තය හිතෙන් අල්ල ගන්නවා.
මධ්‍ය කොහේද කියා අමතක වෙනවා.
දුක, බය, තරහ ආදී ආවේගවලට
සිත නතු වෙද්දී එයින් නොකැළඹී
තමන්ගෙ වචන ටික කියා ගන්නට
කරන දේ කරගෙන යන්නට
හැකිවෙන්න ආර්ය ශ්‍රාවකයෙකුට විතර්යි.
මෝඅහය තුළ සැඟවීමෙන්
රාග ද්වේශ ජය ගන්න බැරි බව
දැන්වත් ඔබ දන්නවා නම්
ආර්ය ශ්‍රාවකයා කවුද් කියා
අහගන්නට ඔබ සුදුසුයි.
දකින්නට දිවැස් තිබුණා නම්
මෝහයෙන් සඟවා වසා තිබුණ දුක
ඔබ ඔබේ කය තුළම දකින්නට
පිළියන්දල ජනතාව නිසා
ඔබට හැකි වෙන්නට ඇති.
මොකක්ද ඒ දුකෙන් මිදෙන මග?
ඒ මග ඉතාම සරලයි.
ඔබ මට දෙන්නට තැත්කළ දුක
මා නොවිඳින්නේ ඒ මගින්මයි.
එදා VFM සංවාදයේදීත්
මේ නොවිඳීමේ සුවය ගැන
මා කියා ඇති.
එදා සමන්ත හිමිත් තරංගත්
මා කුපිත කරන්නට වෑයම් කරද්දී
මා නොසැළී සිටියේ ඒ සරල ක්‍රමයටමයි.
මම ඒ ක්‍රමය ඔබට කියන්නම්.
ඔබේ බියට, තරහට, ද්වේශයට
සමානුපාතික සමගාමී වේදනා පෙළක්
කයේ උපදින ජෛව රසායනික නිසා
කය පුරා ඇති වෙනවා.
ඔබ මට පහර දෙන්නට හිතන විට
මේ රසායනික ක්‍රියාකාරිත්වය
තව තවත් වැඩි වෙනවා.
මිනිසා පමණක් නොවෙයි..
සතෙකු වුණත්
ද්වේශයෙන් දබරයට සැරසෙන විට හෝ
බියෙන් දුවන්නට සැරසෙන විට
මේ ජෛව රසායනික උපදිනවා.
ගව ගාණක් දුර සිටින ඔබ
මට විරුද්ධව උපදවන
ඒ ජෛව රසායනික පලක් නෑ.
ඔබේ කයත් හිතත්
දූෂ්‍ය වෙනවා පමණයි.
අනවශ්‍ය ජෛව රසායනික වලින්
ඔබට හානියක් විනා ප්‍රයෝජනයක් නෑ.
ඒ ක්‍රියාවලිය හැකි තරම් කලින්
සිහියෙන් දැකලා ඒ වෙනසට උපේක්ෂාවෙන්
සම්මා සමාධියෙන් විසීම හැර
වෙනත් කළ හැකි යමක්
ඔබට වත් මටවත් නෑ.
මානසිකව කැළඹෙන වෙලාවට
ඒ සමගම ඔබ තුළ සිදුවෙන
කායික වෙනස දකින්න ඔබට හැකිද?
සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
ඒ දකින වෙනසට ප්‍රිය අප්‍රිය භාවයෙන් තොරව
වෙනසේ ස්වභාවයත්, වෙනස වෙනස් වෙන ස්වභාවයත්
"වේදනා මට්ටමෙන්" දකිනවා නම්
ඔබ විසින් භීතියට පත් කරන්නට වෑයම් කළ මා
මේ මොහොතේ විඳින නිවන ඔබටත් විඳින්න පුලුවන්.
ආර්ය ශ්‍රාවකයෙක් විදියට
මා බය දකින්නේ කායික වේදනා මට්ටමෙන්.
මසිතේ ඇතිවෙන දුක, තරහ, බිය ආදිය
මගේ කයෙහි ඇති වෙන වේදනා මට්ටමෙන්
ප්‍රිය අප්‍රිය භාවයෙන් තොරව දකින නිසා
ඔබලා තුළ මෙන් ද්වේශයෙන් සසල වීමක්
මා තුළ සිදු නොවෙයි..
මා සාපේක්ෂක නැති කරගන්නේ
සියල්ලම ගැන සිහියෙන් පසු වීමෙන්.
සම්පජානෝ සතියෙන්.
පිළියන්දල ජනතාව
සදහම් ආශ්‍රමයට කළ උපකාරය
සහතික කරන්නට මා ඔබට දුන් දහම
ආශ්‍රමයේ වැදගත් තැනක
බුදුන් වහන්සේගේම වචන වලින්
සෙල් ලිපියක කොටවා තබන්න.
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
මුගලන් මහ රහතන් වහන්සේගේ කයෙහි ඇට කුඩු වෙනතුරු
ජීවත්විය නොහැකි තරමට සොරුන්ගෙන් පහර කෑවද
ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය.
ළෙහි පැහැර නො හැඬීය. මුළාවට නො පැමිණෙහිය.
කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත..
ඔබට නැති වෙන්න දෙයක් නෑ.
ගලක් නොවෙයි
උල්කාපාතයකින් කෑල්ලක් වැටුණත්
ඔබට දෙකම එකයි.
ඔබට සාපේක්ෂක නෑ.
ඔබ ඉන්නෙ මධ්‍යයෙ නැවතිලා.
ඔබේ හිත ශූන්‍යයි.
ඔබට අනුව
ඔබ සසල නොවෙන ඇතුළාන්තයක් ඇති කෙනෙක්.
පහත දැක්වෙන ප්‍රකාශය
ඇතුළත නිසසල කෙනෙකුගෙ ප්‍රකාශයක්ද?
[[[ " ඔබ සිටින තැන සොයා මා නුදුරේදීම ඔබ හමුවීමට පැමිණ
ඖෂධ වට්ටෝරුවක් ලබාදෙමි.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මා මේවන විටත් සුදානම් කර ඇත" ]]]
ඔබ මේ තෝරාගත් වචනවලින් කියන්නේ
"බලාගෙන ඉඳපං..
මම දෙන්නම් තොට බේත්.."
ඊටත් වඩා පැහැදිළි කළහොත්
"මම තොට ගෙදරට ඇවිල්ලා
ගහල යනව යකෝ" කියන
ද්වේශ භරිත වචන නොවේද? :)
ඔබ මට කරන්නේ තර්ජනයක් බව
මිහිරි වදන් තුළ සඟවන නමුත්
දක්ෂ නීතිඥයෙකුගේ හරස් ප්‍රශ්න මගින්
තර්ජනය උසාවියක ඔප්පු කළ හැකියි.
මම නීති ගරුකයි.
මත පළ කිරීම මානව හිමිකමක්.
සමන්ත හිමිටත්, ඔබටත්,
මටත් ඒ අයිතිය තියනවා.
ඔබේ අදහස කුමක් වුවත්
ඒ අදහසට ගරු කරන නිසයි
මේ පිළිතුර ලියන්නේ.
ඔබ මේ කරන්නේ සාපරාධී ක්‍රියාවක් ලෙස
උසාවියක ඔප්පු කළ හැකි තර්ජනයක්.
මම ඔබට නඩු දමන්නේ නැහැ.
ඔබට දරාගත නොහැකි ද්වේශය නිසා
ඔබ මා තුළට ද්වේශාරෝපනය කොට
මා බිය කරන්නට උත්සාහ කරනවා.
ඇත්තටම මට බය හිතෙනවා.
ඔබ වැනි ජවසම්පන්න තරුණයෙක්
පහසුවෙන් කුපිත වෙන
කුපිත වුණාම පාලනයක් නැති
නොදැමුණු තරුණයෙක්....
කොතරම් නිවුණු වදනින් කළත්
ඔබේ ඒ තර්ජනයට
එක මොහොතකට බය හිතෙනවා.
නිමේශයකට බය හිතෙනවා.
පුහුදුන් කෙනෙකු විදියට
මටත් බය හිතෙනවා.
ඒ බිය ස්වාභාවිකයි.
පුහුදුන් මටත්, පුහුදුන් ඔබටත්,
පුහුදුන් සමන්ත හිමිටත් බිය පොදුයි.
ඔහු පිළියන්දල නොආවේ ඒ බිය නිසයි.
ඒ සත්‍යය සඟවන්න බැහැ.
බිය වෙන්නට කිසිම හේතුවක් නැති බව
ඔබ විසින් ඔප්පු කළා.
ඔබ ඔහුට වඩා නිර්භීතයි.
ඔහු බියගුල්ලෙක්.
ඔහු වෙනුවෙන් ඔබ ඉදිරියට ආවා.
ඔහු ඔබ පාවා දී, ඔබ බිල්ලට දී
ආශ්‍රමයේ සැඟවුණා.
VFM සංවාදයේදී
"කියතක් ගෙනත් මගේ අත කපන්නැ"යි
ඔහු මට කළ අභියෝගය ඔහු කළේ
මා පිළිබඳව වූ විශ්වාසයෙන්.
එදා ඔහු පෙන්වූ ශක්තිය
බොනිකර තරුවක් බව ලොව දකින්නේ
පිළියන්දලට එන්න ඔහු බිය වීමෙන්.
සායිබාබා සොයාගෙන මැරයෙක් පැමිණි විට
ඔහු බියෙන් දුවගොස් ගරාජයේ සැඟවුණා.
භීතියෙන් පීඩිත අසරණ සමන්ත හිමි
ඒ රාත්‍රියේ විශාල දුකක් සිතින් කයින් විඳින්නට ඇති.
භීතියෙන් මෝහයට මාරු වෙන්නට
විශාල කාලයක් ගතවෙන්න ඇති.
වායු සමීකරණය කළ
ආරක්ෂිත ආගාරයකට විනා
ජීවිතයේ සැබෑ ප්‍රශ්න ඉදිරියේ
ඔහුගෙ දහමෙන් ඔහුටවත් ප්‍රයෝජනයක් නැති බව
පිළියන්දල ජනතාව ඔහුට මෙන්ම
ඔබ අතර සිටින
ප්‍රඥාව කළඳක් හෝ ඇත්තන්ට
වටහාගන්නට පුලුවන්.
" අතීතය ගැන නොසිතන්න
අනාගතය ගැන නොසිතන්න
වර්තමානයෙහි ඉන්න. "
දහම අමතක වුණා.
ඔහු අනාගතයට බිය වුණා.
අතීතයේ රැස්කළ දේ
නැති වෙයැයි බිය වුණා.
වර්තමානය ගිනි ඇවුළුණා.
එකිනෙකට සාපේක්ෂ
අනාගත විකල්ප දෙකක් තිබුණා.
ආශ්‍රමයද? පිළියන්දලද?
පිළියන්දලද? ආශ්‍රමයද?
සාපේක්ෂව බලන විට
හිතේ බිය නැතිවෙන සාපේක්ෂකය
ආශ්‍රමය තෝරාගත්තා.
කළ යුතු දේ නොකර
ආශ්‍රමයට ගොස් බියෙන් සැඟවුණා.
ඒ දහමේ නිස්සාර බව
දැන් ඔබට වැටහෙනවා.
ඔහු බිය වූ බව හෙළිවීමෙන්
ඔබ කුපිත වන්නේ ඒ නිසයි.
ඔබ සියල්ලෝම යපෙන්නේ
ඔහුගේ ස්වර්ණමය පිළිරුව නිසා
ආශ්‍රමය ලබන ආදායමෙන්.
ඒ ස්වර්ණමය පිළිරුව
සරුවපිත්තල බව හෙළි වෙන
පැහැදිලි හෝරාව එළඹුණා.
මා හා කළ සංවාදයේ වීඩියෝව
ඔබ විසින් ඉවත් කරගත්තෙ
ඔහුගෙ හැසිරීමෙන් ඒ බව
හෙළිවුණ නිසයි.
මෝහය වඩමින්, මාන්නය වඩමින්,
රාගය වඩමින් සිටින් පුහුදුන් පිරිසක්
ද්වේශයට ගොදුරුවී ගත කරන
අඳුරු දුක්බර දින කිහිපයක් මේ.
ඔහු ඔබට ඉගැන්වූ චිත්තානුපස්සනාවෙන්
ඔහුටවත්, ඔබටවත් දැන් පිහිටක් නෑ.
මේ ඔහු උගන්වන විපස්සනාවයි.
------------------------------------
මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
-------------------------------------
බියෙන් ලජ්ජාවෙන් කෝපයෙන් ද්වේශයෙන්
ඔබේ සියොළඟම ගිනිගෙන දැවෙන මේ වෙලාවෙ
ඔහු කියන ව්‍යාජ චිත්තානුපස්සනාවෙන්
ඔබට ඇති ඵලය කුමක්ද?
ඔහුගේ දහම ප්‍රායෝගික නොවන බව
ඔබ පිළියන්දල වේදිකාව මත ගතකළ
විනාඩි කිහිපය තුළ පසක් නොකළෙහිද?
ඔහු කියන ව්‍යාජ චිත්තානුපස්සනාවෙන්
කැළඹුණු සිත ජයගන්න බැහැ.
ඒ අවස්ථාවෙහි ඔබ අනුපස්සනා කළ යුත්තේ
කැළඹී ඇති සිත නොවෙයි.
"අග්නිවෙස්සන, කාය භාවනා නැති ඔබට
මොන චිත්ත භවනාද?"
බුදුන් වහන්සේ සච්චකට කිව්වා.
ඔබ ඒ මොහොතෙහි වැඩිය යුතු වූයේ
කාය හා වේදනා අනුපස්සනායි.
"අඩෝ, දැනගනින්..
මම උඹට ගහල යන්නෙ
තොගේ ගෙදරට ඇවිත්" කියන තර්ජනය
ඔබ කොතරම් මිහිරි වදන් වලින්
මගේ සිතේ ආලේපනය කළත්
මටත් බය හිතෙනවා. :)
ඔබේ තර්ජනයෙ තියන ද්වේශයෙන්
මගේ හිත සසල වෙනවා...
එක මොහොතකට.
මගේ හිත සසල වෙන්නෙ
කයෙහි ඇතිවෙන වේදනාවලට
සමානුපාතිකවයි.
ඔබ කියන වචන අල්ලාගෙන
ඔබ පිරිසක් සමග පැමිණෙන ආකාරය,
ඔවුන් මා ගෙදරින් එළියට ගෙන
මට පහර දෙන ආකාරය ආදී
ප්‍රපඤ්චවලට මම යන්නෙ නෑ.
තණ්හා පමණයි. උපාදාන නෑ.
නිමිත්ත පමණයි, අනුව්‍යංජන නෑ.
සමන්ත හිමිටත්, භික්කු දම්මජාතටත්
මටත් පුහුදුන් අය විදියට බය හිතෙනවා.
ඔබ වඩන මෝහයෙන් එවැනි බයක් ජයගන්නට බෑ.
සමන්ත හිමිටවත් බැරි බව මට කියන්න පුලුවන්.
ලඩක්වල සීතලෙන් රෙදි පොරවාගෙන රැකුණාට
බිය නිසා ඇතිවෙන ද්වේශයෙන් රැකෙන්නට
ලොව කොහේවත් පොරෝනා නෑ.
ද්වේශයට බෙහෙත මෝහය නොවෙයි.
හැඳුනුම් පතක් දී ඇතුල් කළ
තෝරාගත් පිරිසකට
මහා උස අසුනක හිඳගෙන
සමච්චල් බස් යොදාගනිමින්
නිර්භීත ස්වරයකින් ආලෝලනය කොට
බියෙන් මිදෙන හැටි දේශනා කළත්
"අනේ ස්වාමීනි, මෙන්න පිරිසක් ඔබ එනතුරු
පිළියන්දළ බලා ඉන්නවා" කියා ඇසුණාම
මෝහය අතුරුදහන් වෙනවා.
මරණ බිය ඇති වෙනවා.
ඉවත් කළ සාපේක්ෂක දැල්වෙනවා.
"මරණයට සාපේක්ෂව ජීවිතය හොඳයි"
කියන අන්තය හිතෙන් අල්ල ගන්නවා.
මධ්‍ය කොහේද කියා අමතක වෙනවා.
දුක, බය, තරහ ආදී ආවේගවලට
සිත නතු වෙද්දී එයින් නොකැළඹී
තමන්ගෙ වචන ටික කියා ගන්නට
කරන දේ කරගෙන යන්නට
හැකිවෙන්න ආර්ය ශ්‍රාවකයෙකුට විතර්යි.
මෝඅහය තුළ සැඟවීමෙන්
රාග ද්වේශ ජය ගන්න බැරි බව
දැන්වත් ඔබ දන්නවා නම්
ආර්ය ශ්‍රාවකයා කවුද් කියා
අහගන්නට ඔබ සුදුසුයි.
දකින්නට දිවැස් තිබුණා නම්
මෝහයෙන් සඟවා වසා තිබුණ දුක
ඔබ ඔබේ කය තුළම දකින්නට
පිළියන්දල ජනතාව නිසා
ඔබට හැකි වෙන්නට ඇති.
මොකක්ද ඒ දුකෙන් මිදෙන මග?
ඒ මග ඉතාම සරලයි.
ඔබ මට දෙන්නට තැත්කළ දුක
මා නොවිඳින්නේ ඒ මගින්මයි.
එදා VFM සංවාදයේදීත්
මේ නොවිඳීමේ සුවය ගැන
මා කියා ඇති.
එදා සමන්ත හිමිත් තරංගත්
මා කුපිත කරන්නට වෑයම් කරද්දී
මා නොසැළී සිටියේ ඒ සරල ක්‍රමයටමයි.
මම ඒ ක්‍රමය ඔබට කියන්නම්.
ඔබේ බියට, තරහට, ද්වේශයට
සමානුපාතික සමගාමී වේදනා පෙළක්
කයේ උපදින ජෛව රසායනික නිසා
කය පුරා ඇති වෙනවා.
ඔබ මට පහර දෙන්නට හිතන විට
මේ රසායනික ක්‍රියාකාරිත්වය
තව තවත් වැඩි වෙනවා.
මිනිසා පමණක් නොවෙයි..
සතෙකු වුණත්
ද්වේශයෙන් දබරයට සැරසෙන විට හෝ
බියෙන් දුවන්නට සැරසෙන විට
මේ ජෛව රසායනික උපදිනවා.
ගව ගාණක් දුර සිටින ඔබ
මට විරුද්ධව උපදවන
ඒ ජෛව රසායනික පලක් නෑ.
ඔබේ කයත් හිතත්
දූෂ්‍ය වෙනවා පමණයි.
අනවශ්‍ය ජෛව රසායනික වලින්
ඔබට හානියක් විනා ප්‍රයෝජනයක් නෑ.
ඒ ක්‍රියාවලිය හැකි තරම් කලින්
සිහියෙන් දැකලා ඒ වෙනසට උපේක්ෂාවෙන්
සම්මා සමාධියෙන් විසීම හැර
වෙනත් කළ හැකි යමක්
ඔබට වත් මටවත් නෑ.
මානසිකව කැළඹෙන වෙලාවට
ඒ සමගම ඔබ තුළ සිදුවෙන
කායික වෙනස දකින්න ඔබට හැකිද?
සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
ඒ දකින වෙනසට ප්‍රිය අප්‍රිය භාවයෙන් තොරව
වෙනසේ ස්වභාවයත්, වෙනස වෙනස් වෙන ස්වභාවයත්
"වේදනා මට්ටමෙන්" දකිනවා නම්
ඔබ විසින් භීතියට පත් කරන්නට වෑයම් කළ මා
මේ මොහොතේ විඳින නිවන ඔබටත් විඳින්න පුලුවන්.
ආර්ය ශ්‍රාවකයෙක් විදියට
මා බය දකින්නේ කායික වේදනා මට්ටමෙන්.
මසිතේ ඇතිවෙන දුක, තරහ, බිය ආදිය
මගේ කයෙහි ඇති වෙන වේදනා මට්ටමෙන්
ප්‍රිය අප්‍රිය භාවයෙන් තොරව දකින නිසා
ඔබලා තුළ මෙන් ද්වේශයෙන් සසල වීමක්
මා තුළ සිදු නොවෙයි..
මා සාපේක්ෂක නැති කරගන්නේ
සියල්ලම ගැන සිහියෙන් පසු වීමෙන්.
සම්පජානෝ සතියෙන්.
පිළියන්දල ජනතාව
සදහම් ආශ්‍රමයට කළ උපකාරය
සහතික කරන්නට මා ඔබට දුන් දහම
ආශ්‍රමයේ වැදගත් තැනක
බුදුන් වහන්සේගේම වචන වලින්
සෙල් ලිපියක කොටවා තබන්න.
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
මුගලන් මහ රහතන් වහන්සේගේ කයෙහි ඇට කුඩු වෙනතුරු
ජීවත්විය නොහැකි තරමට සොරුන්ගෙන් පහර කෑවද
ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය.
ළෙහි පැහැර නො හැඬීය. මුළාවට නො පැමිණෙහිය.
කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත..
අනිවාර්යෙන්ම භික්ඛු ධම්ම ජාත බොරලැස්ගමුවට ගිහින් අර භාර දුන්නයි කියපු ඒ්ව අාය ඒයාම භාර ගන්නව
ReplyDelete