20170215

වහරක හිමි පිරිනිවන් පෑවාද?


වහරක හිමි අපවත් වූ බව සැළයි.
ඔහු රහත් වී ඇතැයි සිතන අය ඇතත්
ලෞකික ධ්‍යාන වලට වැඩි යමක්
ඔහු ලබා ඇතැයි මා සිතන්නේ නැහැ.

කාය වේදනා දෙක බැහැර කොට
බුදු දහම දේශනා කරන කිසිවෙක්
බුදු දහම නිවැරදිව ග්‍රහණය කළ කෙනෙක් ලෙස
සලකන්න බැහැ.

ඔහුගේ ධ්‍යානයට මානසිකව සම්බන්ධ වී
සිත එකඟ කරගන්නට ඔහුගේ දේශනා මගින්
හුරු වූ පිරිස එතුලින් පත්වන සමාධිය නිසා
ඔහු රහත් වී ඇතැයි මුලා වෙනවා.

ඒ දේශනා වලට අරුතක් අවශ්‍ය නෑ.
අසන තැනැත්තාට දේශනාව භාවනාවක්..
විතක්ක විචාර පීති සුඛ ආදී
පියවර පසු කරමින් චිත්ත ඒකග්ගතාවයට
අසන්නා පත් වෙනවා.

කොමා තත්ත්වයකින් ඉන්න කෙනෙක්
ඒ තත්වයෙන්ම මියගියොත් ඔහු මිය යන්නෙ මෝහයෙන්.

රහතන් වහන්සේ කෙනෙක් කිසිදු හේතුවක් මත
සිහියෙන් තොරව මෝහයෙන් පිරිනිවන් පාන්නෙ නෑ.
මෝහයෙන් මිය යන්නෙ පුහුදුන් කෙනෙක්.
සමථ භාවනාවෙන් කෙලෙස් යටපත් කර ගෙන
ලෞකික ධ්‍යාන ලැබුවත්, ඔහු පුහුදුන්.

ලෞකික ධ්‍යාන වල වෙසෙන අයගෙ නින්ද ගැඹුරුයි.
ධ්‍යානයකින් මළොත් බඹ ලොව යන එකයි ඉරණම.

රහත් වුණ කෙනෙක් මෝහයට වැටෙන්නේ නෑ.
ඔහු නින්දට පත් වන්නේත් නැහැ.
ඔහු වෙසෙන්නේ සම්පජානෝ සතියෙන්.

මග ඵල ලද කෙනෙක් පසුවෙන සම්පජානෝ සතිය
අවසාන මොහොත දක්වා තිබිය යුතුයි..

නිවන් සාක්ෂාත් කළ කෙනෙක් වෙසෙන්නේ
සම්පජානෝ සතියෙන්.

සම්පජානෝ සතිය කවරේදැයි
බුදුන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය.

1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;

1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

සරලව
සති සම්පජන්‍ය නම්
1, විඳින සියලු වේදනා
2, දැනෙන සියලු සංඥා
3, ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.

නිවන් දුටු කෙනෙක්
ඔහු සතු සංවේදී බවෙහි
උපරිමයට පැමිණි කෙනෙක්.

මේ ආකාරයෙන් වසන කෙනෙක් තුළ
මෝහය පවතින්නේ නැහැ.

ඔහු පැය විසිහතරම
සිහියෙන් පසු වෙන කෙනෙක්.

8 comments:

  1. වහරකය මලා.... ඊලගට හොර තක්කඩි මීවනයා අපාගත වෙනවා... ඊට පස්සෙ උන්ව අදහපු නිගන්ටයො ටික පෝලිමේ නිරයට යනවා..... ඒක තමයි ඔය කාලකන්නි හැත්තෙ අවසානය....

    ReplyDelete
    Replies
    1. ඔබේ හිතේ
      ඔය පවතින ද්වේශයෙන්ම
      ඔබ මළොත්
      ඔබ සර්පයෙකු වනු ඇත.

      Delete
    2. මටත් හිතුනේ ඒකමයි !

      Delete
    3. ඔහුගේ හිතේ වෛරය පවතී යැයි අපට කිව නොහැකියි. බුදු දහම වනසන හොර චීවර ධාරීන් නිසා ඒ බසින් ලියන්න ඇති.
      වහරකය යනු කබරගොයා වැනි යෙදුමක් විය හැකියි. වහරක හා මීවන පලානෙ දෙනමම ගිහි දිවියේ විවිධ උපායන් සහිත දේ කර අවසන් කාලයේ චීවරය තම පැවැත්මට යොදා ගත් මිනිසුන් දෙන්නෙක්.

      Delete
  2. අතුළ මහත්මයා,වහරක හිමිගේ පෙන්වාදීම් වැරදිද.

    ReplyDelete
  3. ත්‍රිපිටකයෙන් ගන්න දේ නිවැරදියි.
    ඒ දේවල් විග්‍රහ කරන්න යද්දි
    දෙපළක දේවල් එකතු කරලා හදන දේ
    බුදු දහමට වෙනස් වෙනවා.

    මනසින් බුදු දහම විග්‍රහ කරන
    කාට වුණත් වරදිනවා.
    බුදු දහම කියන්නෙ අත්දැකීමක්.
    දැනුම නොවෙයි.

    ReplyDelete
  4. අතුල මහත්මයා. ඔබතුමාගෙ බොහෝ කියමන් වලට මම එකග වෙනව. නමුත් සමන්තබද්‍ර සමග තිබූ වාදයෙදි පල වූ, රහතන් වහන්සේ නොනිදයි කියන කාරණය ගැන(ඔබතුමා මෙහි ද සදහන් කර ඇත.) නැව්ත සිතා බැලිය යුතුයි නේද? සමන්තබද්‍රගේ බොහෝ කරුණු සාවද්‍ය සහ ප්‍රශ්නාර්ථ සහිත නමුත් එතනදි නම් සමන්තබද්‍ර නිවැරදි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂාන්
      ඔබ වේදනානුපස්සනාව කළොත්
      මම කියන දේ තේරුම් ගනීවි.
      නින්දෙන් පසු වෙන කෙනෙකුට
      වේදනා ගැන සිහියෙන් පසු වෙන්න බැහැ.
      මේ තියන්නෙ සම්පජානෝ සතිය.
      1,
      දැනුවත්වම වේදනාවෝ උපදිත්.
      දැනුවත්වම වේදනාවෝ පවතිත්..
      දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
      2,
      දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
      දැනුවත්වම සංඥාවෝ පවතිත්..
      දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
      3,
      දැනුවත්වම විතර්කයෝ උපදිත්.
      දැනුවත්වම විතර්කයෝ පවතිත්..
      දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

      මේ සිහියෙන් පසුවෙන කෙනෙක්
      නින්දට පත් වෙන්නෙ නෑ.

      විදිතා වෙදනා උප්‌පජ්‌ජන්‌ති,
      විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති;
      විදිතා සඤ්‌ඤා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති,
      විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති;
      විදිතා විතක්‌කා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති,
      විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති.
      මේ සතියෙන් රහතුන් මිදෙන්නෙ නෑ
      කියලයි බුදුන් වහන්සේ කියන්නෙ.

      මේ ලිපිත් කියවන්න.
      http://sansaranee.blogspot.com/2017/06/vfm.html
      http://sansaranee.blogspot.com/2016/12/blog-post_75.html

      Delete