භික්ෂුව
කිසිසේත්ම සමාජයට බැඳුණ කෙනෙක් නොවෙයි.
භික්ෂුව සමාජයට වගකිවයුතු නැහැ.
බුදු දහමට අනුව හැසිරෙන සැබෑ භික්ෂුවක්
කිසිදු අයුරකින් සමාජයට සම්බන්ධ නැහැ.
භික්ෂුවක් සිවුර ඉල්ලාගන්නෙ
නිවන් දකින්න කටයුතු කරනවා
කියන පොරොන්දුව දීමෙන් පසුයි.
ලාභ උපදවන මඟ එකෙකි.
නිවන් මඟ අනෙකකි.
සිවුරට තියන බලය දේශපාලනිකව පාවිච්චිය
බුදු දහමට එකඟ නැහැ.
දේශපාලනයෙදි විවිධ ප්‍රභේද තියනවා.
සමහර වෙලාවට හැමෝම වැරදියි.
භික්ෂුව ගන්න පැත්ත විවරණය වෙන්න කොහොමද?
යුද්ධයකදි භික්ෂුවක් කොයි පැත්ත ගත්තත් වැරදියි.
මේ වගේ දාමරිකයන් අතරට මුසු වීම පවා වැරදියි.
ගිහියන්වත් නොකළ යුතු දාමරික කම් කරන
මැර භික්ෂුවකගෙ සැබෑ වටිනාකම කුමක්ද?
බුදු දහම අකාලිකයි.
භික්ෂුවක් හැසිරිය යුතු ආකාරය
ගිහියන් තීරණය නොකළ යුතුයි.
භික්ෂුවකගේ හැසිරීම කෙබඳුදැයි
බුදුන් වහන්සේ නියම කර තිබෙනවා.
“මහණෙනි”
අවිද්‍යාවෙන් යුතු මිනිසා ඉඳින්
(යම් විදියකින්) පින් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි.
ඉඳින් ඔහු පව් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි.
ඉඳින් ඔහු අරූපාවචර පින් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි”
“මහණෙනි,
යම් අවස්ථාවක පටන් භික්ෂුවකගේ අවිද්‍යාව ප්‍රහීණ වීද?
විද්‍යාව ඉපදුනේද?
එවක් පටන් ඔහු අවිද්‍යාව දුරු කිරීමෙන්
විද්‍යාව උපදවා ගැනීමෙන් පින් රැස් නො කරයි.
පව්ද රැස් නොකරයි. අරූපාවචර පින්ද රැස් නොකරයි”
”මේ ශාසනයෙහි යමෙක් පිනද පවද බැහැර කොට,
බ්‍රහ්මචාරි ව වෙසෙමින්, නුවණින් විමසා බලා
ලොව හැසිරේ නම්
ඒකාන්තයෙන් ඔහුට භික්ෂුව යැයි කියනු ලැබේ”
භික්ෂුවගේ කාර්ය භාරය තීරණය කරන
භික්ෂුව හෝ ඔහුට සමීප ගිහියන්ගෙ ප්‍රඥාව මත
භික්ෂුවගේ ගමන සුගතියටද දුගතියටද යන්න
තීරණය වේවි.
බුදුන් වහන්සෙ භික්ෂූන්ට කියන්නෙ
ගැඹුරු ලිඳකට එබෙනවා වගේ
ප්‍රවේශමෙන් ගිහියන් අතර හැසිරෙන්න කියලා.
භික්ෂුවගෙ සිවිල් බලය භාවිතා කරන
පටු දැක්මක් ඇති ආත්මාර්ථකාමීන්ට
භික්ෂුවට මොනවා වුණත් දැනෙන්නෙ නෑ.
රාගයෙන් ද්වේශයෙන් මුලාවූ භික්ෂූන්
පහන් දැල්ලට යන පළඟැටියන් මෙන්
විනාශය සොයා යනවා.
දුසිල්ව වෙසෙමින් සිවුපසය ලැබීම,
ගිහියන්ගෙන් වැඳුම් පිදුම් ලැබීම
මතු මහා දුක් කඳකට හේතු වෙන බව
අග්ගික්ඛන්දෝපම සූත්‍රයේ දැක්වෙනවා.
සිවුරක් දැවටීමෙන් සිල්වත් වේ නම්
උපන් විගසම සිවුරක් දවටන්නැයි
බුදුන් වහන්සේ පවසා තියනවා.
මේ භික්ෂු සමාජයෙහි එක පැතිකඩක් පමණකි.
සමස්ත භික්ෂු සමාජය මේ රෝගයෙන් නොපෙළෙයි.
දිනකට එක වේලක් වළඳන
විපස්සනා වඩමින් නිවන් මග යන
අන් අයට යන්නට සහාය දෙන
සුපේශල ශික්ෂාකාමී සිල්වත් භික්ෂූන් වහන්සේලාද
අපට තැන තැන හමුවෙති.
යම් යම් වහන්සේලා හානි කරන,
කඩතොලු කරන, විනාශකරන සසුන
අදටත් රැකෙන්නේ උන්වහන්සේලා නිසාය.
කිසිසේත්ම සමාජයට බැඳුණ කෙනෙක් නොවෙයි.
භික්ෂුව සමාජයට වගකිවයුතු නැහැ.
බුදු දහමට අනුව හැසිරෙන සැබෑ භික්ෂුවක්
කිසිදු අයුරකින් සමාජයට සම්බන්ධ නැහැ.
භික්ෂුවක් සිවුර ඉල්ලාගන්නෙ
නිවන් දකින්න කටයුතු කරනවා
කියන පොරොන්දුව දීමෙන් පසුයි.
ලාභ උපදවන මඟ එකෙකි.
නිවන් මඟ අනෙකකි.
සිවුරට තියන බලය දේශපාලනිකව පාවිච්චිය
බුදු දහමට එකඟ නැහැ.
දේශපාලනයෙදි විවිධ ප්‍රභේද තියනවා.
සමහර වෙලාවට හැමෝම වැරදියි.
භික්ෂුව ගන්න පැත්ත විවරණය වෙන්න කොහොමද?
යුද්ධයකදි භික්ෂුවක් කොයි පැත්ත ගත්තත් වැරදියි.
මේ වගේ දාමරිකයන් අතරට මුසු වීම පවා වැරදියි.
ගිහියන්වත් නොකළ යුතු දාමරික කම් කරන
මැර භික්ෂුවකගෙ සැබෑ වටිනාකම කුමක්ද?
බුදු දහම අකාලිකයි.
භික්ෂුවක් හැසිරිය යුතු ආකාරය
ගිහියන් තීරණය නොකළ යුතුයි.
භික්ෂුවකගේ හැසිරීම කෙබඳුදැයි
බුදුන් වහන්සේ නියම කර තිබෙනවා.
“මහණෙනි”
අවිද්‍යාවෙන් යුතු මිනිසා ඉඳින්
(යම් විදියකින්) පින් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි.
ඉඳින් ඔහු පව් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි.
ඉඳින් ඔහු අරූපාවචර පින් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි”
“මහණෙනි,
යම් අවස්ථාවක පටන් භික්ෂුවකගේ අවිද්‍යාව ප්‍රහීණ වීද?
විද්‍යාව ඉපදුනේද?
එවක් පටන් ඔහු අවිද්‍යාව දුරු කිරීමෙන්
විද්‍යාව උපදවා ගැනීමෙන් පින් රැස් නො කරයි.
පව්ද රැස් නොකරයි. අරූපාවචර පින්ද රැස් නොකරයි”
”මේ ශාසනයෙහි යමෙක් පිනද පවද බැහැර කොට,
බ්‍රහ්මචාරි ව වෙසෙමින්, නුවණින් විමසා බලා
ලොව හැසිරේ නම්
ඒකාන්තයෙන් ඔහුට භික්ෂුව යැයි කියනු ලැබේ”
භික්ෂුවගේ කාර්ය භාරය තීරණය කරන
භික්ෂුව හෝ ඔහුට සමීප ගිහියන්ගෙ ප්‍රඥාව මත
භික්ෂුවගේ ගමන සුගතියටද දුගතියටද යන්න
තීරණය වේවි.
බුදුන් වහන්සෙ භික්ෂූන්ට කියන්නෙ
ගැඹුරු ලිඳකට එබෙනවා වගේ
ප්‍රවේශමෙන් ගිහියන් අතර හැසිරෙන්න කියලා.
භික්ෂුවගෙ සිවිල් බලය භාවිතා කරන
පටු දැක්මක් ඇති ආත්මාර්ථකාමීන්ට
භික්ෂුවට මොනවා වුණත් දැනෙන්නෙ නෑ.
රාගයෙන් ද්වේශයෙන් මුලාවූ භික්ෂූන්
පහන් දැල්ලට යන පළඟැටියන් මෙන්
විනාශය සොයා යනවා.
දුසිල්ව වෙසෙමින් සිවුපසය ලැබීම,
ගිහියන්ගෙන් වැඳුම් පිදුම් ලැබීම
මතු මහා දුක් කඳකට හේතු වෙන බව
අග්ගික්ඛන්දෝපම සූත්‍රයේ දැක්වෙනවා.
සිවුරක් දැවටීමෙන් සිල්වත් වේ නම්
උපන් විගසම සිවුරක් දවටන්නැයි
බුදුන් වහන්සේ පවසා තියනවා.
මේ භික්ෂු සමාජයෙහි එක පැතිකඩක් පමණකි.
සමස්ත භික්ෂු සමාජය මේ රෝගයෙන් නොපෙළෙයි.
දිනකට එක වේලක් වළඳන
විපස්සනා වඩමින් නිවන් මග යන
අන් අයට යන්නට සහාය දෙන
සුපේශල ශික්ෂාකාමී සිල්වත් භික්ෂූන් වහන්සේලාද
අපට තැන තැන හමුවෙති.
යම් යම් වහන්සේලා හානි කරන,
කඩතොලු කරන, විනාශකරන සසුන
අදටත් රැකෙන්නේ උන්වහන්සේලා නිසාය.
ReplyDeleteබුදු දහමට දේශපාලනය අදාළ නෑ.
බුදු දහම පුද්ගලානුබද්ධයි..
බුදු දහමට අනුව තමන්ගේ සරණ තමාමයි.
දේශපාලනිකව කල්ලි ගැසී එකිනෙකාට
දේශපාලනිකව උපකාර සෙවීම හෝ උපකාර කිරීම
බුදු දහමට අනුව වෙසෙන ගිහි පැවිදි දෙපිරිසටම
වලංගු කාර්යයන් නොවෙයි.
බුදු දහමට අනුව කියමින්
දේශපාලනිකව හැසිරෙන අය
බුද්ධ ශ්‍රාවකයන් නොවෙයි.
ReplyDeleteMihiranga[[[ ගිහියන්ට භික්ෂූන් ගේ හරි වැරදි හොයන්න කිසිම අයිතියක් නෑ.. බුදුරදුන් ගිහියන්ට එවැනි අයිතියක් ගැන දේශනා කරල නෑ. සෑම භික්ෂූක් තුලින්ම මහා සංඟ රත්නයම දකින්න. අනුන් නිසා නිකරුනේ පව් පුරවාගන්න එපා. තමන්ගේ සිත කුසලයටම යොමු කරගන්න උත්සාහ කරන්න. ]]]
.
මිහිරඟ වැන්නන්
දුසිල් භික්ෂූන්ට සම්පතක්, ශක්තියක්...
ශ්‍රාවක භික්ෂූන් ආමිසයෙන් යැපෙන
ධර්ම දායාදය නොලත් භික්ෂූන් නිසා
බුදුන් වහන්සේ පවා ගැරහුම් ලබන බව
බුදුන් වහන්සේම පවසා තියනවා...
''මම ද එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ආමිසදායද ව වසත්,
ධර්මදායද ව නොවසත් ය’යි ගැරහිය යුත්තෙම් වෙමි. ''
ආමිසයෙන් යැපෙන ධර්ම දායාදය නොලත් භික්ෂූන් ගැරහීම
වරදක් කියා බුදුන් වහන්සේ පවසා නැහැ.
එය ලෝක ස්වභාවයක්..
http://sansaranee.blogspot.com/2016/09/blog-post_4.html
මේ ලිපිය කියවා බලා කතා කරන්න.
භික්ෂු සමාජය වෙනම සමාජයක්.
ReplyDeleteඔවුන් දේශපාලනයට ඇතුල් වුණොත්
භික්ෂූන් වශයෙන් ඔවුන් කෙරෙහි ඇති වගකීම
පැහැර හැරෙනවා.
සමාජය තුළ ඔවුන්ට ඇති ගෞරවය පිරිහෙනවා.
ගර්හාවට නින්දාවට පත් වෙනවා.
භික්ෂුව කෙසේ හැසිරිය යුතුද කියා
ගිහියන්ට තීරණය කරන්න බැහැ..
භික්ෂුව සමාජයෙන් වෙන්ව
බුදුන් වහන්සේ පණවන ලද
විනය නීති අනුව දිවි ගෙවන
සමාජයෙන් පරිබාහිර සමාජයක්.