20170108

බුදු සසුන වැනසෙන්නේ අතුරුදහන්වන්නේ කාගේ වරදින්ද?



සමාජීය හෝ දේශපාලනික හේතු නිසා
සසුන වැනසෙන්නේ නැහැ.
සසුන කියන්නේ පන්සල් වෙහෙර විහාර
පිළිම බෝ රුක් ආදිය නොවෙයි.
.
Suran Suran [[[ වෙහෙර විහාර සසුන හෝ ධර්මය නොවේ
ඉන්දියාවේ ,ඇෆ්ගනිස්තානයේ ,බන්ගලි දේශයේ ආදී බොහෝ රටවලින්
සසුන නැති වී යාමට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නෙ
භික්ෂුව නිර්වාන ගාමීම වීම යනු මගේ හැගීමයි....]]]

.
නිර්වාණගාමී වීම කුමක්ද කියා ඔබ දන්නවාද?
.
Suran Suran · [[[ ඔබ ඉහත දැක්වූ අදහස් අනුව නම්
භික්ෂුව සියලු සමාජ කාර්යයන්ගෙන් ඉවත්ව
තමන්ගෙ නිවන ,සංසාර විමුක්තියම අරමුණු කොට කටයුතු කිරීමයි ]]]

.
නැහැ...
සියලු සමාජ කාර්යයන්ගෙන් ඉවත්ව
තමන්ගෙ නිවන ,
සංසාර විමුක්තියම අරමුණු කොට කටයුතු කරන
භික්ෂූන්ට විරුද්ධකම් කරන්න
සමාජයට අවශ්‍ය වෙන්නෙ ඇයි?
ඔවුන්ගෙන් කාටවත් වෙන හානිය කුමක්ද?
.
 අංගුලිමාල වැනි දාමරික මිනී මරුවන්
දඬු මුගුරු අවි ආයුධ ගෙන හැසිරෙමින්
බුදු සසුනට විරුද්ධවූවන් පොලුගසමින්
වියරුවෙන් මෙන් හැසිරුණා නම්
බුදු සසුන රැකෙන්නේ නැහැ.

බුදු සසුන රැකුණේ
අංගුලිමාල වැනි දාමරික මිනී මරුවන්
බුදු දහමට අනුව හැසිරෙමින්
කෙලෙස් නසා නිවී සැනසී
අවිහිංසක, යහපත් මිනිසුන් වූ නිසයි.

සසුන අදත් පවතින්නේ
 භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා නම්
සිවු වනක් පිරිස බුදු දහම පිළිපදිමින්
ඔවුන් තුළ වගා කරගන්නා වූ
ශීල, සමාධි, ප්‍රඥා ගුණ වගාව නිසා
ඔවුන්ගේ ජීවිතවල පවතින
සද්ධර්මය නිසාය.

සද්ධර්මය පවතින්නෙ
බුදුන් වහන්සේ දුන් ආදර්ශය අනුව
විදසුන් වඩන පිරිස නිසාය.

සතර සතිපට්ඨානය
අභාවිතත්වය හා අබහුලීකත්වය
සද්ධර්ම පරිහානියට හේතුවෙයි.

සසුනෙහි පදනම වන සද්ධර්මය
බුදුන් වහන්සේගේම සොයා ගැනීමකි.
බුදු රජාණන් වහන්සේට
ධර්මය හැර වෙනත් ගුරුවරයෙක් හෝ
ගුරු පරම්පරාවක් නැහැ.

චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
සතර සතිපට්ඨානය
තමන් වහන්සේ විසින්ම සොයා මතුකරගත්
කිසිවෙක් පෙර නොඇසූ විරූ ධර්මයක්.

එවන් අලුත් දහමක්
දහසක් බාධක මැද්දේ නොසැලී
ශ්‍රාවකයන් සිය ගණන් හමුවේ
මහා කරුණාවෙන් දේශනා කරමින්
වසර හතලිස් පහක් වැනි සුලු කලක් තිස්සේ
බුදුන් වහන්සේ තනිව පිහිටවූ බුදු සසුන
වසර දෙදහස් පන්සිය වසක් පැවතුණේ
උන්වහන්සේ සතු ශීල සමාධි ප්‍රඥා ගුණ ශක්තිය
ඒ සා කලක් සසුන රකින්නට තරම් ප්‍රමාණවත් වූ නිසාය.

සසුන මතුවට රැකෙන්නේත්
භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා නම්
සිවු වනක් පිරිස බුදු දහම පිළිපදිමින්
ඔවුන් තුළ වගා කරගන්නා වූ
ශීල, සමාධි, ප්‍රඥා ගුණ නිසාය.

ඉන්දියාවේ ,ඇෆ්ගනිස්තානයේ ,
බන්ගලි දේශයේ ආදී බොහෝ රටවලින්
සසුන නැති වී යාමට ප්‍රධාන හේතුව
බුදු සසුන අතුරුදහන් වන ආකාරය
බුදුරජාණන් වහන්සේම පෙන්වා දුන්නේ
සද්ධම්ම පතිරූපක සූත්‍රය මගින්.


"මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති.
මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්
සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි.

යම් කලෙක ජාතරූප පතිරූපකයන්,
පෙනුමෙන් දර්ශනයෙන් රත්රන් වැන්නක්
ලෝකයේ පහලනොවන්නේ ද
ඒ තාක් කල් රත්රන් අතුරුදහන් වීම සිදුනොවේ.
ලෝකයේ යම් තැනෙක
ජාත රූප පතිරූපකයා (සරුව පිත්තල) ජනිත වන්නේ ද
අනතුරුව ජාතරූපයා (රත්රන්) අතුරු දහන්වීම සිදුවෙයි.

යම්තාක් කල් මේ ලෝකයෙහි සද්ධර්ම පතිරූපක හෙවත්
(පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) නූපදීද,
 ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ.
යම් තැනෙක සද්ධර්ම පතිරූපකයන්
(පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) උපදීද?
එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවෙයි"

මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්
සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙන බව
බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.."

මේ සසුනෙහි
භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකාවෝ
තම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නොමැතිව
යටහත් පහත් බවක් නොමැතිව වාසය කෙරෙත්ද?

* ධර්මය කෙරෙහි ගෞරව නොමැතිව
යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?

සංඝරත්නය කෙරෙහි ගෞරව නොමැතිව

 යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?

*ශික්ෂා මාර්ගය හෙවත් ශික්ෂාපද කෙරෙහි ගෞරව නොමැතිව
යටහත් පහත් පැවතුම නොමැතිව වාසය කරත්ද?

සමාධිය කෙරෙහි යටහත් පහත් පැවතුම් නොමැතිව
වාසය කරත්ද?
සද්ධර්මයේ විනාශය අතුරුදහන්වීම පිණිස ඉවහල් වන බවද
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති.
මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්
සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි.

සද්ධම්ම පතිරූපක සූත්‍රය
සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්‍රයයි.

2 comments:

  1. බුදු දහම නිවැරදිව පිළිපදින
    අවුරුදු හතක සාමණේරයන් වහන්සෙ නමක්
    මුළු දඹදිවම යටත් කරගෙන හිටපු
    මැර අධිරාජයා දණ ගස්සවල
    මුළු ආසියාවටම
    බුදු දහම පතුරුවා හරින්න
    මග විවර කළා.
    “ විනයෝ නාම සාසනස්ස ආයු ;
    විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති”
    භික්ෂූන් වහන්සේලා හැසිරිය යුත්තේ
    බුදුන් වහන්සේ නියම කළ ආකාරයෙනුයි.

    "මම ගිහියන්ගේ ආකාරයෙන්
    වෙනස් ආකාරයට පැමිණියේ වෙමි" යිද
    "මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරියයුතුය"යි ද
    පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව
    අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.
    -[ශාසනාවතරණය]

    "ගිහි ගෙයටත් නැතිව
    මහණ කමටත් නැතිව
    දෙලොවක අතරමං වූ පැවිද්දා
    දෙකොණින් ඇවිලෙන
    මැද අශූචි තැවරුණ
    ගමටත් නැති, වනයටත් නැති
    සොහොන් පෙණෙල්ලක් වැනිය"
    බුදුන් වහන්සේ

    ReplyDelete
  2. සඟ රජ පැතුවේ ද කිසියම් උපාදියක්
    කාමුක වෙළඳ ලොව හරහා බැන්දා වැටක්
    පිණ්ඩපාතයෙන් ලැබෙනා ඕනෙ දෙයක්
    ඉවසා වදාරා නැවතුවෙ නව භවයක්

    සිවුරට මුවා වී තම දිවි රැකගන්නෝ
    දෙව්දත් සිරිත ඉදිරියටම ගෙනයන්නෝ
    බාහිර ඔපය නැතිවෙනවට භියවන්නෝ
    කුස බත සැප පතා සසුනම වනසන්නෝ

    බුදු රජ පැනවු ගිහි නීතිය පෙරටුකොට
    කාස කණ්ඨයෝ රැකෙනවා යල මහට
    ගිහියන් එරෙහි උවහොත් මුං රඟන විට
    වරදක් වන්නෙ ශිල්වත් සඟ පරපුරට

    ReplyDelete