20160328

It is not cricket : තරඟ පාවා දීම



හින්දි චිත්‍රපටි වල
බලන අයගෙ අනුකම්පාව දිනාගනිමින්
ඔවුන්ගෙ හිතේ වෛරය පෝෂණය කරමින්
මුල ඉඳන්ම හැමෝගෙන්ම ගුටිකන ප්‍රධාන නලුවා
අන්තිමේදි අදහන්න බැරි විදියට
විසිපහකට විතර ගහනවා වගේ අභව්‍ය සිදුවීම්
ක්‍රීඩා තරඟ වලදි වෙනවා.

ඒ වෙලාවට හිතල බලන්න..
මේ සිදුවීම පිටුපස
කවුරුවත් සල්ලි තියාගෙන ඉන්නවා ඇතිද කියලා..
ශතකයක් ගහන වෙලාවෙදි
අනූවෙ ඉඳල සීයට එන්න
පැයක් දෙකක් පිටියෙ කල් මරන ක්‍රීඩකයො
වතුර බෝතලයක්, කැප් එකක් ගෙන්න ගෙන
ශතකය ගහනවද දැවී යනවද කියා
හදිසියෙම තීරණය කරනවා දකින්න පුලුවන්.

බිම දාපු උඩපන්දුවක්


විකට්ටුවට පසෙකින් පන්දු රැකලා
පන්දුව රැකගන්න බැරි වෙලා
පිටිපස්සට වැටෙනකොට
වැටෙද්දිම බෝලෙට සපත්තුවෙ කෙළවරෙන් ගහලා
උඩ ගියාම අල්ල ගත්ත මාක් ටේලර්
ලෝක කුසලාන තරඟෙදි
උඩ පන්දු ගණනක් බිම දැම්මා.

 
පන්දුවට පහර දෙනවාට
පන්දු රකිනවාට අමතරව
පිටියෙ සිදු වෙන අනික් දේවල් ගැන
ෂර්ලොක් හෝල්ම්ස් ඇසකින් බලා ඉන්න...
ඉතාම සිත්ගන්නා සුළු දෙයක් වෙයි, ඔබට...

හින්දි චිත්‍රපටි වල
බලන අයගෙ අනුකම්පාව දිනාගනිමින්
ඔවුන්ගෙ හිතේ වෛරය පෝෂණය කරමින්
මුල ඉඳන්ම හැමෝගෙන්ම ගුටිකන
ප්‍රධාන නලුවා
අන්තිමේදි අදහන්න බැරි විදියට
විසිපහකට විතර ගහනවා වගේ අභව්‍ය සිදුවීම්
ක්‍රීඩා තරඟ වලදි වෙනවා.
xxx
ඒ වෙලාවට හිතල බලන්න..
මේ සිදුවීම පිටුපස
කවුරුවත් සල්ලි තියාගෙන ඉන්නවා ඇතිද කියලා..
ඔබටම සත්‍යය වැටහේවි..

 ====================================================

"තුන්වෙනි ඕවරයෙ පලවෙනි පන්දුව නිපන්දුවක්."
පන්දුවෙන් පන්දුවට ඔට්ටු අල්ලන කෙනෙකුට
මේ අනාවැකියෙ වටිනාකමේ සීමාවක් තියනවාද?



සලිම් මලික්
තරඟ පාවාදීම නිසා
පළමුවෙන්ම තරඟ තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයා.



96 ලෝක කුසලාන අනුශූරතාවයට
කල්කටා තිබුණ තරඟයෙදිත්
අක්‍රමිකතා රැසක් වුණා.


අසරුඩීන් ටොස් එක දිනලා අපට ගහන්න දුන්නෙ
පිටිය සකසන ඉන්දියානුවන් දෙන්නාම
එපා කියල තියෙද්දියි.
ඉන්දියානු කළමණාකරුවන් දෙන්නම
පිටිය බලන්න ආවෙ නෑ.

තරඟය මැදදි නතර කළ වෙලාවෙ
විනෝද් කම්බ්ලි හැඬුවා.

 
කම්බ්ලිට ඉන් පස්සෙ ලැබුණෙ එකම එක තරඟයයි..
96 ලෝක කුසලාන අනුශූරතා තරඟයෙ
 සනත් රොමේශ් දෙන්නා මුලදිම දැවෙද්දි
මම කිව්වා ලංකාව දිනන බව.

ලංකාව පරදිනවා කියා හිතන අයගෙ ඔට්ටු වලින්
බුකි උතුරා යන්න ඇති.
ඒත් ඔවුන්ගෙ සිහින බොඳ වුණා.


තරඟයක් අවිනිශ්චිත වුණ තරමට
බුකි කරුවන් ක්‍රියාකාරී වෙනවා වැඩියි..



තරඟ පාවා දීම පිළිබඳව තොරතුරු ඇතැයි සිතිය හැකි
හැන්සි ක්‍රොන්ජේ සහ බොබ් වූල්මර් දෙදෙනාම
අභිරහස් අන්දමින් මිය ගියහ.
හැන්සි අහස් යානා අනතුරකින් මියගිය අතර
බොබ් ඔහු නවාතැන් ගත් හෝටල් කාමරයේදී
ගෙල සිරකොට මරා දමා තිබිණ.

එක නිපන්දුවක් නිසා
මේ තරඟය පැරදුන කණ්ඩායම
දිනනවා කියා සිතා ඔට්ටු ඇල්ලුව සූදුකෙළින්නන්
කොපමණ මුදලක් පරදින්න ඇතිද?
බුකි කරුවන්ට මේ තරඟය දියමන්ති ඉල්ලමක් වෙන්න ඇති.

තරඟයක් අවිනිශ්චිත වුණ තරමට
බුකි කරුවන්
දිනනවා වැඩි  ඇති..

4 comments:

  1. //කම්බ්ලිට ඉන් පස්සෙ ලැබුණෙ එකම එක තරඟයයි.

    අර සනා 180 ගාන ගහපු සාජා කුසලානේ කම්බ්ලි සෙල්ලම් කළා නේද ? ඒ වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ
      96 ලෝක කුසලාන ආසන්නයෙ...
      පසු කාලෙක ආවද දන්නෙ නෑ..
      ඔහු පාවාදීමට අනුගත නොවීම
      ඔහුට රැඳෙන්න බැරි හේතුවක් වෙන්න ඇති..
      මම ඔහුට ඒ හේතුව මත ගරු කරනවා..

      පාවාදීම් වල නොයෙදුණත්
      විරුද්ධ නොවී ඉන්න අය රැඳෙනවා.

      බොහෝ විට පාවාදීම් වලට සුදුස්සො වෙන්න
      තමන් කරන දේට දක්ෂයන්...

      Delete
  2. එහෙමත් වෙන්න පුළුවන්. ඒත් ක්‍රිකට් වලට අපි හැමෝම ආදරෙයි.

    ReplyDelete
  3. මමත් ආදරෙයි... Lalith,
    සිනමා පටවලට වගේ..
    මම ගරු කරන්නෙ ක්‍රීඩාවක් වශයෙන් නොවෙයි..
    දක්ෂ රංගනයක් විදියටයි..

    ReplyDelete