20160209

සජීවී මළවුන්ගේ නිරාගමික පාරාදීසය.


http://www.thelocal.se/20151229/sweden-is-a-paradise-but-we-have-lost-simple-human-values

ආගම් ප්‍රතික්ෂේප කරන නිරාගමිකයන්
නිරාගමික රටවල් පාරාදීසයන් ලෙස
ඉහළින්ම සලකනු ලබති.

නිරාගමික ස්වීඩනයේ 
ජනගහනයෙන් බාගයක්ම තනිව ජීවත් වන්නෝය.

මානසික ප්‍රශ්නවලින් මිදීමට
නිර්වින්දක පරිභෝජනයට ඇබ්බැහිවීම අතින්
ඉහළම සංඛ්‍යාව සිටින්නේ
නිරාගමික ස්කැන්ඩිනේවියානු රටවල් වලය.

ඉතියෝපියාවෙ කෙනෙකු තනිව මිය යාම
විශ්මයට හේතුවක් වුවත්
ස්කැන්ඩිනේවියානු රටවල් වල
තනිව මිය යාම ඉහළ මට්ටමක පවතී.
ස්වීඩනයේ එක් පුද්ගලයෙකු මියගිය බව
ලෝකයට හෙළිවූයේ වසර දෙකකට පසුවය.
ඔහු මියෙනතුරුම ජීවත්වන්නට ඇත්තේත්
මියගිය කෙනෙකු මෙනි.

නිරාගමිකයන් දුකෙන් මිදෙන්නේ
ලෝකයෙන් ඉවත්වී තමන්ගේම ලොවක තනි වීමෙනි.
නිරාගමිකයා යනු
ලෝකයෙන් ඈත්වී සිටින තනි පුද්ගලයෙකි.
සමාජයෙන් සැඟවී වෙසෙන තනි පුද්ගලයෙකුට
අන් අය සමග හැසිරෙන අයුරු කියා දෙන
ආගමක් දහමක් අවශ්‍ය නැත.

රාගයත්, ද්වේශයත් නිසා විඳින
දුකෙන් මිදීම සඳහා
ඉඳුරන් අකර්මණ්‍ය කරගෙන
මෝහයට වැටෙන නිරාගමිකයන්
සමාජයික සංවේදීභාවයෙන් පිරිහී
තනිව ජීවත්වන නරුම ජීවිතයක ප්‍රශ්න නැත.
ප්‍රශ්න ඇති කරන්නට මිනිසුන් නැත.
මිනිසුන් නැතිකම ප්‍රශ්නයක් වූ පසු
පාරාදීසය අපායක් වෙයි.

මිනිසා ඉගෙන ගත යුත්තේ
මේ මොහොත කුමක් වුවත්
ඒ මොහොතට උපේක්ෂාවෙන්
කළයුතු ක්‍රියාව කිරීමටයි.

අකමැති දේට
නිර්වින්දනය විසඳුමක් කරගත් පුද්ගලයා
කැමති දේටත් නිර්වින්දනය වෙයි.
ඔහුගේ පාරාදීසයේ පදනම නිර්වින්දනයයි.
නිර්වින්දනය වෙන පුද්ගලයාට
ආගමක් අවශ්‍ය නැත.

සමාජයෙහි හැසිරෙන, එහි ඇලෙන ගැටෙන
රාගයෙන් ද්වේශයෙන් කැළඹෙන
සංවේදී මිනිසාට ආගමක් අවශ්‍යය.
හැඟීම් සහිත මිනිසාට ආගමක් අවශ්‍යය.

හැඟීම් පහළ වූ විට ඒ හැඟීමට වහල් නොවී
ආත්ම දමනයෙන් යුතුව නිවැරදිව ක්‍රියා කරන්නට
මිනිසාට ආගම අවශ්‍යය.

බොහෝ ආගම් වල මිනිසාට උගන්වන්නේ
තමා මෙන් හිතන හැසිරෙන කල්ලියක
සැනසිල්ලෙන් වෙසෙන්නටය.
කල්ලිය නරකට යොමු වුණොත්
සිත නරකට යොමු වුණොත්
ඔහු නැවත අසරණ වෙයි.

බුදු දහම විදසුන මගින්
මැදුම් පිළිවෙත උගන්වයි.
බුදු දහමට අනුව විදසුන් වඩන්නා
සියලු දේම ගැන සිහියෙන් වෙසෙන අතර
කිසිවකින් කම්පාවට පත් නොවී ක්‍රියා කරන්නට
විදසුන් වැඩීම තුළින් පුහුණු වෙයි.

සෑම අවස්ථාවකටම
සිහියෙන් සහ උපේක්ෂාවෙන් වෙසෙන්නට
විදසුන මගින් පුහුණු වෙන ඔහුට
අත්දැකීමකින් පළායන්නට අවශ්‍ය නොවෙයි.
නිර්වින්දනය වීමට අවශ්‍ය නොවෙයි.

සංවේදී බවත් රැකගෙන දුක් නොවිඳ සිටින්නට
විදසුනෙන් පුහුණු වූ විට
ජීවිතයම පාරාදීසයකි.
---------------------------------------------------------------------------

විපස්සනා


1 comment:


  1. .
    නිර්වින්දකයක් කියන්නෙ
    කෙනෙක් සිත මගින් විඳින දෙයක් සමග සම්බන්ධය
    කායිකව බිඳින රසායනික සංයෝගයක්..
    පැනඩෝල් පවා නිර්වින්දකයක්..
    එක අරමුණකට හිත යොමු කරන
    සමථ භාවනාවත්
    එක් ආකාරයක නිර්වින්දකයක්..

    anti-depressants කියන්නෙත්
    ඔහුගෙ ස්නායු අක්‍රිය කරන
    රසායනික සංයෝගයක් බව තේරුම් ගන්න
    වෙද සිසුවෙක් වීම අවශ්‍ය නෑ.
    anesthetic කියන්නෙ
    මුළු සිරුරෙම හෝ කොටසක
    සිහිය සම්පූර්ණයෙන්ම නැති කරන්න භාවිතා කරන
    රසායනික සංයෝගවලට.

    විපස්සනා ක්‍රියා කරන්නෙ
    සම්පූර්ණයෙන්ම විරුද්ධ ආකාරයටයි.
    විපස්සනාව මගින්
    කෙනෙක් දුක් විඳීමෙන් මුදවා ගන්නා නමුත්
    ඔහු අත්දැකීමට නිර්වින්දනය කරන්නෙ නෑ.

    අථ නිබ්බින්දති දුක්ඛේ.

    විපස්සනා වලින් කරන්නෙ
    ඔහුගෙ ආවේගය ගැන සිහියෙන්
    ඒ ආවේගයට උපේක්ෂාවෙන් ඉන්න
    පුහුණු කිරීමයි..
    රාගය වුණත්, ද්වේශය වුණත්
    ඔහු එයින් උමතු වෙන්නෙ නෑ.
    බුදු දහම ඔහු සන්සුන් කරන්නෙ සිත මගින්මයි..

    බටහිර විද්‍යාව කරන්නෙ
    මද පමණින් හෝ උපරිමයෙන්
    සිහිය නැති කිරීමයි..

    බටහිර විද්‍යාව ගැන විශ්වාසය
    මේ කෙටි කාලය තුළම පිරිහෙද්දි
    බුදු දහම අදත් පැතිරෙන්නෙ
    ඒ ක්‍රමය නිවැරදි නිසයි..

    ReplyDelete