වෑල්ඩින් වෙද මහත්තයා හමුවී
අතේ මැණික් කටු සන්ධිය පාස්සවා ගතිමි !
මේ ලිපියෙහි රචක කි‍්‍රෂ්ණ විජේබණ්ඩාරයි.
වියළි සුළඟින් සපිරි රාත‍්‍රිය, සොරෙකු මෙන් එහි පශ්චිම යාමයට එළඹෙයි. වේලාව අලූයම 2.30 කණිසමට එබිකම් කරන බව, අත්බැඳි ඔරලෝසුවල හෝ මහේශාක්‍ය ජංගම දුරකථනවල සටහන් වෙමින් තිබේ. මරදන්කඩවලට නුදුරු දම්පැලැස්ස ගම, ‘‘වෑල්ඩින් වෙදගෙදර’’ ආශ‍්‍රිත පරිසරය කෙමෙන් නිදිගැට හැර පියා අවදි වෙන්නට පටන් ගනී.මරදන්කඩවල නගරය දෙසින් එක පිම්මේ පැමිණි වෑන්රියකින් බැසගත් දෙතුන් දෙනෙක්, වෙදගෙදර ඉදිරිපිට, පාරෙන් අනෙක් පැත්තේ ඇති කඩ මැස්ස වෙත දිව එති.
‘‘ඔය ගොල්ලොද එකට ආවේ ? ඔය කට්ටිය එන කොට තව කවුරුවත් හිටියෙ නැද්ද ?’’ ඔවුහු කඩ මැස්ස මත ගුලිවී නිදාසිටින කිහිප දෙනා ගෙන් විමසති !
‘‘අපි එන කොට ? 12.00යි. එතකොට මෙතන හිටියේ මේ අක්කලා දෙන්නා විතරයි’’, අවදිවූවෙක් කියයි. ඔවුන් බද්දේගම හල්පාතොට සිට පැමිණි පිරිසකි.
‘‘අපි එනකොටත් කට්ටියක් ඇවිත්. ඒ අය මේ ඉස්සරහා ගෙදර කාමරේක නවාතැන් අරගෙන ඉන්නවා. ඒ ගොල්ලෝ එක. අපි දෙක. මේ මහත්තයලා තුන’’, නිදාගෙන සිටි අක්කලා ගෙන් කෙනෙක් පැහැදිලි කරයි.
‘‘එහෙනම් අපි හතර’’, වෑන් රථයෙහි පැමිණි අය මහත් පී‍්‍රතියෙන් තෙපළති !
‘‘මචං, මීට කලින් ආපු දෙවතාවේදීම හම්බවුණේ විස්සෙනුත් එහා නොම්මර. මෙදා පාර පාන්දරින්ම ආපු හින්දා හතර හම්බවුණා’’, වෑන් රථයේ පැමිණි අයෙක් ඔවුන්ගේ සගයෙකුට පැහැදිලි කළේය.
ඒ සමගම තී‍්‍ර රෝද රථ දෙකක්ම පැමිණියහ. ‘‘දැන් මෙතන හතර ගොල්ලක් ඉන්නවා. ඔය කට්ටිය පහ හය. පාන්දර තුන වෙන විට නම් ලියා ගන්න කෙනෙක් එනවා. එතකොට අපි ඔය පිළිවෙළට ලියන්ඩ ඕනෑ’’, වෑන් රියේ තරුණයා අලූතෙන් පැමිණි අයට කීවේය. ඔහු පැමිණ ඇත්තේ හලාවත සිටය.
අලූයම ගලා එත්ම වෙද ගෙදර අසල ක‍්‍රමයෙන් මහත් කලබලකාරි ගතියකට හැරෙයි. වෑන් රථ, තී‍්‍රරෝද රථ, මෝටර් රථ සහ යතුරුපැදි විශාල සංඛ්‍යාවක් එහි පැමිණ හමාරය. පැමිණෙන අය, කිසිදු තරාතිරම් භේදයකින් තොරව, පැමිණි පැමිණි පිළිවෙළට නොම්මර ලියවා ගනිති.
අලූයම තුනහමාර වන විට ෆයිල් කවරයක් අතින් ගත් තැනැත්තෙක් ගෙවල් මණ්ඩිය අතරින් මතුවෙයි. හෙතෙම වෙදගෙදර නියෝජිතයෙකි. රාත‍්‍රියේ සිට පැමිණි පිළිවෙළට, රෝගීන්ගේ නම් අංක එකේ සිට සටහන් කර ගැනීම ඔහුට පැවරී ඇති කාරියයි.
‘‘කවුද ඉස්සෙල්ලාම මෙතෙන්ට ආවේ ?’’, ඒ ඔහු පිරිසෙන් ඇසූ පළමු ප‍්‍රශ්නයයි.
‘‘අපි තමයි ? 12.00ට විතර ආවේ. ඒ එන කොට මේ කට්ටිය ඇවිත් අර ගෙදර නැවතිලා හිටියා !. ඒ ගොල්ලෝ එක. අපි දෙක. මේ මහත්තයලා තුන. ඊටත් පස්සේ අර වෑන් එකේ අය ආවේ ?, කඩමැස්සේ හිඳගෙන සිටි කාන්තාවක් කියා ගෙන ගියාය.
‘‘නෑ, නෑ, අපි තමයි ඉස්සෙල්ලාම ආවේ. අපි ආවේ හවස. අපි අර එහා ගෙදර නැවතිලා හිටියේ. දැන් තමයි මෙතෙන්ට ආවේ, තවත් කාන්තාවන් දෙදෙනෙක් කෑ ගැසූහ.
‘‘ගෙවල්වල හිටියට කවුරුත් දන්නේ නෑනේ. එක්කෙනෙක් හරි මෙතෙන්ට ඇවිල්ලා පෝළිමේ ඉන්න තිබුණනේ ’’, කඩ මැස්සේ සිටි කාන්තාවෝ පිළිතුරු දුන්හ.
කෙසේ හෝ තර්ක විතර්ක මධ්‍යයේ, ඉස්සරහ ගෙදර නැවතී සිටි රෝගින්ට අංක එකත්, කඩ මැස්සේ සිටි අයට දෙක සහ තුනත්, වෑන් රියේ පැමිණි අයට අංක හතරත්, සවස පැමිණ අසල නිවසක සිටි කාන්තාවන්ට අංක පහත්, සෙසු අයට පැමිණි පිළිවෙළ අනුවත් නොම්මර ලැබිණි. වෙදගෙදර නියෝජිතයා රෝගීන්ගේ නම් සටහන් කරන්නට පෙර, රෝගියා කවුරුදැයි විමසා බැලීමටද අමතක නොකළේය. ඒ වන විටත්, රෝගීන් තිස් ගණනකගේ නම් ලියැවී තිබිණි. ‘සමහරු මෙතන ඇවිත් මුල් නොම්මර අරන්, උදේට රුපියල් 1000ට විකුණනවා. මේ තරම් හොයලා බලලා ලියන්නේ ඒකයි, වෙදගෙදර නියෝජිතයා සමඟ පැමිණ සිටියෙක් පැවසීය.
පැමිණෙන පිරිස ටිකෙන් ටික ඉහළ යයි. ඒ සමඟම වෙද ගෙදර ඉදිරිපිට ගාලගෝට්ටියද වැඩිවේ.
‘මේ ඔය කට්ටිය ඔතන කෑ ගහන්ඩ එපා. වෙද මහත්තයාට ඇහැරුණොත් සේරමලා එළවලා දමයි’’, නම් ලියමින් සිටි නියෝජිතයා උස් හඬින් කීය. ඉන් පිරිස මදක් සිය ඝෝෂාව අඩු කළෝය.
‘මේ ළඟදී දවසක් ඔතන කට්ටියක් කෑගහලා, වෙද මහත්තයාගෙන් බැණුම් ඇහුවා. එළවලා දැම්මා. ඇයි අපි කොළඹ. අපිව එළවන්නේ කොහොමද කියලා ඒ අය තර්ක කළා. ඒ අයට නොම්මර දුන්නේ නෑ. පස්සේ දවල්වෙලා තමයි බේත් දුන්නේ ?, වෙදගෙදර ඉදිරිපිට කඩයක් අරිමින් සිටි කෙනෙක් කීවේය.
මේ මහා ගාලගෝට්ටිය, මහා සූදානම වෙනකකට නොව, ආයුර්වේද කැඩුම් බිඳුම් වෛද්‍යාචාර්ය විශේෂඥ ‘‘වෑල්ඩින් වෙදමහත්තයා’’ ගෙන් ප‍්‍රතිකාර ගනු පිණිසය. තවම අලූයම පහේ කණිසම හෝ එළඹ නැත. එහෙත් ඔහුගේ නිවස (වෙද ගෙදර) ඉදිරිපිටට, මැදියම් රැයේ පටන්ම ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි රෝගීහු පිරෙති. මුල නොම්මරයක් ගන්නට දහිරිය දමති.
වෑල්ඩින් වෙද මහත්තයාගේ නිවස පිහිටා තිබෙන්නේ, අනුරාධපුරයට නුදුරු, මරදන්කඩවල ‘‘දම්පැලැස්සාගම’’ය. එය රාතී‍්‍ර කාලයට වන අලි පවා ගැවසෙන ගමකි. මරදන්කඩවල සිට දම්පැලැස්සාගම හරහා වැටී ඇති අතුරුපාරේ කිලෝමීටර් දෙකහමාරක් තුනක් පමණ ගමන් කළ විට, දම්පැලැස්සාගම දී වෙද ගෙදර හමුවේ. එහිදී කෙරෙන්නේ, ශරීරයේ බිඳුණු හෝ පිිපිරුණු අස්ථි හෝ සන්ධි නිසා රෝගීවූ අයට ප‍්‍රතිකාර කිරීමයි. අස්ථි බිඳීම්, පැනීම් සහ පිපිරීම් බොහොමයක් එක් දිනකින් හෝ ඉතා කෙටි කාලයකින් සුව කරන බැවින් දම්පැලැස්සාගම වෙදකම රට පුරා ප‍්‍රකටව තිබෙනුයේ ‘‘වෑල්ඩින් වෙදකම’’ නමිනි. එහි වෙදැදුරන් ප‍්‍රචලිතව සිටින්නේද ‘‘වෑල්ඩින් වෙදුන්’’ නමිනි. වත්මනෙහි වෑල්ඩින් වෙද මහතා නමින් ප‍්‍රකටව සිටින්නේ, ආයුර්වේද කැඩුම් බිඳුම් වෛද්‍යාචාර්ය, විශේෂඥ සීම්බුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා (82) වෙදැදුරාණන්ය.
සිම්බුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා මහතා |
මුතු බණ්ඩා ලොකු වෙද මහත්තයා දැන් වයස්ගතය. එබැවින් වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු සඳහා සහභාගි වන්නේ ඉඳහිටය. ඒ වෙනුවට ඔහුගේ පුතුන් දෙදෙනා රෝගීන්ට ප‍්‍රතිකාර කරති. දෙටු පුත්, දේශමාන්‍ය එම්. රංජිත් දිසානායක වෙදැදුරුවරයා වත්මනෙහි ප‍්‍රතිකාර කටයුතු මෙහෙයවන්නේය. ඔහු ‘‘පොඩි වෙදමහත්තයා’’ නමින් ප‍්‍රකටව සිටියි. ලොකු වෙද මහත්තයාගේ පුතුන් මෙන්ම ඔහුගේ බෑණාවරුද ප‍්‍රතිකාර කටයුතු සඳහා සහය වෙති. දිගු කලක් මුළුල්ලේ සිය පියාණන්ට සහාය වීමෙන් ඔවුහු මනා පළපුරුද්දක් ලබා සිටිති.
මුතු බණ්ඩා වෙද මහතා තමන් වෙත එන කැඩුම් - බිඳුම් රෝගීන් සුවපත් කළේ, ඔවුන්ගේ පරපුරට ආවේණික අමුතුම මාදිලියේ ප‍්‍රතිකාර ක‍්‍රමයකිනි. වෙද ගෙදරදී බඳින එක්තරා ‘‘සුවිශේෂ බෙහෙතක්’’ මගින් බිඳුණු හෝ පිපිරුණු අස්ථි මෙලෙක් කර පෑස්සීම, ඒ ප‍්‍රතිකාර විධි ක‍්‍රමයයි. ප‍්‍රතිකාර අත්දැකීම ලැබූ අය එය හඳුන්වා තිබුණේ, ‘‘ඇටකටු උණුකරවා, වෑල්ඩින් කළාක් මෙන් පෑස්සීමක්’’ යනුවෙනි. එය ‘‘වෑල්ඩින් වෙදකමක්’’ වශයෙන් ප‍්‍රචලිත වන්නට ඇත්තේද ඒ කාරණය නිසාය. බෙහෙත බැඳ ටික වේලාවකින් උහුලා ගන්නට බැරි තරම් වේදනාවක් හට ගන්නා බැවින්, රෝගීන් එය ‘‘වෑල්ඩින් වීමක්’’ ලෙස සිතන්නට ඇත. කිහිලිකරුවලින් පැමිණි අය ආපසු යන විට දෙපයින් ඇවිද යාමත්, කොඳු ඇට පෙළෙහි ගැටලූ ඇති අය ප‍්‍රතිකාරවලින් පසුව හොඳින් ඇවිද යාමත්, වෙද ගෙදර ආශ‍්‍රිතව දැකිය හැකි සුලභ දර්ශන බවට පත්විය.
දම්පැලැස්සාගම වෑල්ඩින් වෙද ගෙදරින් ප‍්‍රතිකාර ගැනීමේ අවස්ථාව, ඉකුත් සැප්තැම්බර් 09 වැනි අඟහරුවාදා ලියුම්කරුටද ලැබිණි. අගෝස්තු මස 15 වැනිදා අම්බලන්තොට ප‍්‍රදේශයේදී පය ලිස්සා වැටීමෙන් වම් අතේ මැණික්කටුව සන්ධිය රෝගී වීම ඊට හේතුවයි. ඒ සඳහා මුලින් කළ ආයුර්වේද ප‍්‍රතිකාරවලින් සුව නොවූ තැන, ලබාගත් එක්ස් රේ ඡායාරූප, මගින් කියැවුණේ, මැණික් කටුව සන්ධියෙහි අස්ථි කොටසක් බිඳී, ඊළඟ අස්ථියක ගැටී ඇති බවයි.එක්ස් රේ ඡුායාරූප, පිරික්සු ගාල්ලේ බටහිර වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ, බිඳුණු අතට ශල්‍යකර්මයක් කර, ‘‘ඇණ සහ ප්ලේට් දමා’’ යළි සකස් කළ යුතු බවයි. ඊට වඩා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර හොඳයැයි බොහෝ දෙනෙක් කීහ. ඒ අනුව සැප්තැම්බර් 08 වැනි සඳුදා ගාල්ලෙන් පිටත් වී මරදන්කඩවල ගියෙමු. ගමන ගියේ මරදන්කඩවල වෙද ගෙදරට රෝගීන් විසි ගණනක් රැුගෙන ගොස් පළපුරුද්දක් තිබුණු, ගාල්ලේ, ගනේගොඩ, හෙට්ටිආරච්චි විජේදාස මහතාගේ තී‍්‍ර රෝද රථයෙනි. ලියුම්කරුගේ බිරින්දෑද ගමනට එක්විය.
අලූයම පහ පමණ වන විට වෙදගෙදර ඉදිරිපිට තේ කඩ විවෘත වන්නට පටන් ගත්තේය. අද එතැන කුඩා නරගයක් මෙනි. ආපනශාලා, බෙහෙත් බඩු කඩ, නවාතැන් කාමර දෙන ස්ථාන, ගමේ එළවළු කඩ සහ තවත් නානාප‍්‍රකාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල්ද රැුසක් එහි තිබේ. අසල නිවෙස්වල වැසිකිළි පාවිච්චි කිරීමේ ගාස්තුව රුපියල් 20/-කි.
උදෑසන 7.30ට වෙදගෙදර ගේට්ටු විවෘත විය. එම පරිශ‍්‍රයෙහි එක් කෙළවරක වෛද්‍යවරයාගේ නිවසද, ඒ අසල ඔවුන්ගේ පැරණි නිවසද විය. ඊට යාබදව උතුරුමැද පළාත් හිටපු මහ ඇමති අභාවප‍්‍රාප්ත* බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ පළාත් සභා ප‍්‍රතිපාදන මගින් ඉදිකරවූ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනැගිල්ලද විය.
වෙදගෙදර පරිශ‍්‍රයට ඇතුළු වූ රෝගීන්, අංක පිළිවෙළට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ශාලාවේ බංකු මත වාඩි විය යුතුය. ඊළඟට උදේ 8.00 වන විට රංජිත් දිසානායක වෙද මහතා එහි පැමිණ ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළේය. ප‍්‍රතිකාර ගන්නට එන සැවොම, අනිවාර්යයෙන්ම ‘‘එක්ස් රේ ඡායාරූපයක්’’ රැුගෙන ආ යුතුය. බොහොම කාරුණිකව රෝගියා පිරික්සන වෙදමහතා, අනතුරුව ප‍්‍රතිකාර නියම කරයි.
‘‘මේ තුණ්ඩුවත් අරන් අපේ අර පරණ ගෙදර බේත් බඳින කාමරේට යන්න. ඒ බෙහෙත බැඳලා ආයෙත් මා ළඟට එන්න’’, ඔහු කාරුණිකව කියයි.
ඒ අනුව ලියුම්කරුද පැරණි නිවසේ බෙහෙත් බඳින කාමරයට ගිය අතර, ඔහුට පෙර එහි ගිය තවත් කිහිපදෙනෙකුම එහිවූ බංක මත වාඩිවී සිටිනු පෙනිණි. වෙද මහතා ප‍්‍රතිකාර නියම කළ පසුව බෙහෙත් බැඳීම් කරන්නේ ඔහුගේ කාර්යමණ්ඩලයයි. වෙද මහතාගේ උපදෙස් අනුව. ඇට බිඳුණු ස්ථාන සැකසීම පවා කරන්නේ ඔවුන්ය. කාර්යමණ්ඩලයේ දෙතුන් දෙනෙකු බෙහෙත් බඳින කාමරයේ බිම හිඳ ගෙන ‘‘පොල් පිති’’ තොගයක් කපා, පලා, කුඩා පතුරු බවට පත් කරමින් උන්හ. එය බෙහෙත් බඳින කාමරයේදී ලියුම්කරු දුටු ප‍්‍රථම දර්ශනයයි. බෙහෙත් බැඳීම් කරන්නේ පොල්පිති පතුරු ආධාරයෙනි.
මේ අතර උන් හිටි ගමන් නිවසේ ඇතුළු දෙසින් ‘අයියෝ - අම්මෝ’ යනුවෙන් මහා විලාපයක් ඇසුණි. රැුඳී සිටි පිරිස අන්දමන්ද වූහ. ගෙතුළින් පැමිණි කෙනෙක් කියා සිටියේ, රෝගියෙකුගේ පාදයක යම් තැනක් නිවැරදි පිහිටුමකට සකස් කළ බවයි !
ලියුම්කරුටද යම් බියක් දැනුණි.
අතේ ඇටකටු යන්ත‍්‍රයකින් හාරන්නාක් බඳු වේදනාවක් !
‘‘වෑල්ඩින් වෙද ගෙදර පාරම්පරික බෙහෙත බැන්ද පසුව, ඉබේ කෑගැස්සෙන තරම්, උහුලන්නට අසීරු වේදනාවක් දැනෙන බව, රට පුරා ප‍්‍රචලිතව ඇති කතාවකි. ‘‘ටිකක් රිදෙයි, ඒත් ඒක උහුලන්නට වෙනවා’’ , අපේ රියදුරු විජේදාස මහතාද කල්තියා මට පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් යම් භීතියක් ඇති වුවද අත සුවරක ගත යුතු නිසා අවස්ථාවට මුහුණ දෙන්නට හිත හදාගතිමි. අනෙක බෙහෙත බඳින්නේද පැය එකහමාරක කාලයකට පමණි.
‘‘බේත් බඳින්න ඉස්සරවෙලා ඔයාගේ අත හදන්න වෙනවා. අතනින් ඉඳගෙන ඉන්න’’, ලියුම්කරුගේ තුණ්ඩුව බැලූ වෛද්‍ය සහායකවරයෙක් අසුනක් පෙන්වමින් කීය. ඉක්බිති තවත් වෛද්‍ය සහායකවරයෙක් පැමිණ, අතෙහි මැණික් කටුවේ තෙල් වර්ගයක් ගල්වා, පිරිමැද, එක්වරම ඉහළට පහළට කිහිපවරක් නැමුවේය. ඒ සමඟම ඇඟිලි ටික අල්ලා අත ඉදිරිපසටද ඇද්දේය. එවේලෙහි ඇති වූයේ යටිගිරියෙන් කෑ ගැසෙන තරම් වේදනාවකි. කෙඳිරිගාමින් එය ඉවසා ගත්තෙමි.
ඊළඟට එළඹියේ බෙහෙත බැඳීමේ වාරයයි. ලියුම්කරු බෙහෙත් බඳින කාමරයේ බංකුවක ඉන්දවාගත් වෛද්‍ය සහායකවරු දෙදෙනෙක් එක්ව එම කටයුත්ත පිළියෙල කළහ. ඔවුහු මුලින්ම මැණික්කටුව සන්ධිය මැදිවන සේ දෙපසින් වියළි රෙදි කැබලි දෙකක් එතූහ. ඉක්බිති, කළු පැහැති යම් තෙල් වර්ගයක් බව පෙනෙන ද්‍රාවණයක් පෙඟවූ මෘදු සීතල රෙදිකඩක්, ඒ මැදින් (මැණික් කටුව සන්ධිය මැදි වන සේ* අතෙහි දවටා, ඒ මතින් තුනී ඉටි කොලයක් ඇතිරූහ. එයින් පසුව, පොල්පිති කට්ටා කැබලි මත, පොල්පිති පතුරු තබා ඝනකම හණ නූල්වලින් (ඝනකම ගෝනි නූල්) ඉතා තදට බැඳ දෑමූහ.
‘‘විනාඩි 30ක් යනකොට ලොකු රිදීමක් වේදනාවක් දැනෙයි. එහෙමම පැය එකහමාරක් ඉඳලා මෙතෙන්ට එන්න. විනාඩි 30ක් ඇතුළත වේදනාවක් නාවොත් අපට කියන්න’’ යයි කී ඔවුහු, මා ගෘහ සාලයේ ඇති බංකුවක වාඩි කළහ.
ඒ වන විට බෙහෙත් බඳින ගෙයි සාලය හා කාමර පුරාද, ඉස්තෝප්පුවේද, පිටුපස බරාදවලද බෙහෙත් බැඳගත් රෝගීන් සිටිනු දක්නට ලැබිණි. දෙපාවල කලවා හෝ කෙණ්ඩාවල ඇට බිඳුණු රෝගීන්ට පොල්පිති පතුරු තබා බෙහෙත් බැඳ බිත්තිවලට හිඳුවා, දෙපා දිගහැර තබලාය. පිට කොන්දේ ප‍්‍රශ්න ඇති රෝගීන්, කොට්ට එලූ බංකු මත මුනින්තලා කරවා, බංකුවලට තබා බෙහෙත් බැඳලාය. තවත් සමහරු බිම එලූ පැදුරු මත හොවා බෙහෙත් බැඳලාය. උකුළු පෙදෙසේ අස්ථි බිඳුණු කාන්තා රෝගීන් වෙනම කාමරයක මේස මත හොවා බෙහෙත් බඳිනු පෙනුණි. කල්තියා බෙහෙත් බැඳගත් වැඩි දෙනෙක් ඒ වන විටත් කෙඳිරිගාමින්, විලාප නගමින්, වේදනාවෙන් කෑ ගසමින් උන්හ. ඇතැමුන් තමන් බැඳි බංකු පවා සෙලවෙන තරම් වේදනා පීඩිතව දඟලති. අත්වලට බෙහෙත් බැඳි ලියුම්කරු බඳු පුද්ගලයන් නම් ගෙහි ඔබ මොබ ඇවිදිමින් සිටියහ. සමහරු කෙඳිරි ගෑහ.
කෙසේ හෝ වේවා ලියුම්කරුට බෙහෙත් බැඳ ප‍්‍රථම විනාඩි 30 තුළදී සැලකිය යුතු තරමේ වේදනාවක් නොදැනුණි. අත නවා -ඇද්ද මොහොතේ හටගත් වේදනාව නම් එහෙමම තිබිණි. එබැවින් යළිත් බෙහෙත් බඳින කාමරයට ගොස් ඒ ගැන දැනුම්දීමට සිදුවිය. එවිට වෛද්‍ය සහායකයන් කළේ, බැඳුම් ලිහා, ඒ මෙන් තුන් ගුණයක් තරම් තදට යළිත් හණ නූලෙන් බැඳ දැමීමයි. ඒවෙලේ යම් බියක් මෙන්ම කුතුහලයක්ද දැනුණි. මා, මේ සියල්ලට මුහුණ දිය යුතුවේ.
විනාඩි දහයක් පමණ ගෙවී යද්දී, අමුතුම තාලේ වේදනාවකි. බෙහෙත් බැඳි අත කීරි ගැසී යන්නට විය. එය හරියට අතේ ඇටකටු යම් යන්ත‍්‍රයකින් හාරා ගෙන යනවාක් බඳුය. මහා රිදුමකි. හටගත් රිදුම අත ඇතුළෙන් වැලමිට සහ උරහිස දෙසට ගමන් කරන්නාක් වැන්න. එය ඇත්තටම උහුලා ගන්නට බැරි තරම් වේදනාවකි. මා සිටි බංකුව ඉදිරිපිට පැදුරක හොවා සිටියේ මාවනැල්ලේ සිට පැමිණි මුස්ලිම් තරුණයෙකි. යතුරුපැදි අනතුරකට ලක්වූ ඔහුගේ පාදයක කෙණ්ඩා පෙදෙස බිඳී තිබුණේය. රෝහලෙන් දැමූ ‘‘ගල් බැන්ඬේජය’’ කපා දමා ඔහුටද බෙහෙත් බැඳ තිබිණි. වේදනාව දරා ගන්නට මා මෙන් ඔහුද මහත් ආයාසයක් ගත්තේය. තමන් හටගත්තේ, දරාගත නොහෙන තරම් දැවිල්ලක්’’ බව සමහරු කීය.
එහි එන සමහර රෝගීන් වේදනාව දරා ගැනීම පිණිස, හොර රහසින් මත්පැන් පානය කරන බවක්ද එහිදී ඇසුවෙමි. එසේ වුවද එවන් අය මට හමුනොවීය. ‘‘අපොයි බීලා ඇවිත් අහුවුණොත් වෙද මහත්තයා ඒ අය එලවලා දමයි’’, ඒ ගැන ඇසූ මොහොතේ වෛද්‍ය සහායකයෙක් පැවසීය. බොහෝ දෙනා පවසන අන්දමට, මත්පැන් හෝ වේදනානාශක පෙතිවර්ග බීමෙන් බෙහෙතින් ඇතිවන වේදනාව පාලනය නොවේ. රෝගීන්ගේ අදහසේ හැටියට, වේදනාව හට ගැනීම, යනු අස්ථි උණුවීමේ කි‍්‍රයාවලියයි. එය අත්විඳීමෙන් පමණක් පාලනය කළ යුතු වේදනාවකි. ලියුම්කරු සිය වේදනාව විඳදරා ගත්තේ, ක‍්‍රමයෙන් පැය එකහමාරේ කාලපරිච්ෙඡ්දය හමාර වන බව මෙනෙහි කිරීමෙනි. වේදනාව ප‍්‍රමාද වී පැමිණි නිසා වැඩිපුර විනාඩි විස්සක් ඉවසා දරාගෙන සිටීමට ලියුම්කරුට සිදු විය.
රෝගීන් කොතෙක් සිටියද, වරින්වර බෙහෙත් බඳින ගෙයට පැමිණ වේදනා විඳින රෝගීන් පරික්සාකර බැලීම, රංජිත් දිසානායක වෙදැදුරුගේ සිරිතයි. ඒ අතර ඔහු තම සහායකන්ට අවශ්‍ය උපදෙස් ද දෙයි. රෝහල්වලින් එන රෝගීන්ට දැමූ ‘‘ගල් බැන්ඬේජ් කැපීම’’ කරන්නේ බෙහෙත් බඳින ගෘහයෙහි බරාදයකය. සාමාන්‍ය යකඩ කපන කියත් භාවිත කරමින්, කිහිප දෙනෙකුගේම ගල්බැන්ඬේජ් කපන ආකාරය දුටුවෙමි. ‘‘සමහර දාට’’ ලොකු වෙද මහත්තයා ඇවිත් බලලා යනවා’’ ඇතැමෙක් කීහ.
නියමිත වේලාව හමාරවීමෙන් පසුව පෙරවරු 11.20ට පමණ, වෛද්‍ය සහායකවරු ලියුම්කරු අත බැඳි බෙහෙත ලිහා දැමූහ. ඉක්බිති වෙද මහතා හමුවන්නැයි දැන්වූහ. ඒ වන විට වෙද ගෙදර පරිශ‍්‍රය තුළ 400කට අධික පිරිසක් රැුඳී සිටින්නට ඇත. වෙදගෙදර මිදුල්, බෙහෙත් බඳින ගෙය හා ඒ අවට මෙන්ම, රෝගීන් පරික්‍ෂා කරන ශාලාව ආශ‍්‍රිතවද ඔවුන් රැුඳී උන්හ. ඉන් වැඩි දෙනෙක් රෝගීන්ගේ සහායට පැමිණි නෑදෑ හිතවතුන් බව පෙනුණි.
රෝගීන් පරික්‍ෂා කරන ශාලාව, දිගු පෝළිමකින් යුතු වුවද, බෙහෙත් බැඳීමෙන් පසුව දෙවන වර එන රෝගීන් ඇතුළට ගැනීම සඳහා වෙනමම පෝළිමක් සකස් කර තිබුණි. ලියුම්කරුගේ අත පරික්‍ෂා කළ රංජිත් දිසානායක වෙදමහතා, දින 18 ක් සඳහා මැල්ලූම්, පත්තු සහ තැවීම්වලින් සමන්විත ප‍්‍රතිකාර පන්තියක් නියම කළේය. අත්ල හරවා නිවැරදිව බෙහෙත් බඳින්නැයිද උපදෙස් දුන්නේය. යළිත් එහි පැමිණෙන්නට අවශ්‍ය නොවනු ඇතැයිද කීවේය.
වෙද මහතා සමග ටිකක් කතාබහ කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබණද, ලියුම්කරු වේදනා විඳිමින් සිටීමත්, එතැන ඇවිස්සුණු කඩිගුලක් මෙන් සෙනඟින් පිරී තිබීමත් නිසා එය ඉටුකරගත නොහැකි විය. දවහල් 12.00 පමණ වන විට මුළු වෙදගෙදර පරිශ‍්‍රයම, ඉතා කාර්යබහුල ‘‘කුඩා රෝහලක්’’ සිරිගෙන තිබිණි. කිහිලිකරුවලින් පැමිණි සමහර රෝගීන් ආපසු ගියේ දෙපයිනි. සමහර රෝගීහු කොන්දේ අමාරුසුව වීම නිසා සෘජු කයින් ගමන් කරනු පෙණුනි.
තවත් සමහර අය වෙද මහත්තයාට දණ ගසා වැඳ කෘතඥතාව පළකරනු දිස්විය. කටාන, දංකොටුව, මීගමුව, දෙහිවල, බද්දේගම, මාවනැල්ල, ති‍්‍රකුණාමලය, රුවන්වැල්ල, දඹුල්ල, මහනුවර, පුත්තලම, කෝට්ටේ ආදී දුරබැහැර ප‍්‍රදේශවලින් පැමිණි රෝගීන්ද එහිදී හමුවිය. වෑල්ඩින් වෙද ගෙදර පුර පසළොස්වක පොහොය දිනවලට ප‍්‍රතිකාර කරන්නේ නැත. අනෙක් දිනවල අන්තිම රෝගියා දක්වා වෙදකම් කිරීම රංජිත් දිසානායක වෙදැදුරාගේ සිරිතයි. මුළු රටෙන්ම වෑල්ඩින් වෙදකම ඇත්තේ මෙැතන් බවත්, ඒ වෙදුන් දම්පැලැස්සාගම වෙද ගෙදර හැර දිවයිනේ අන් කිසි තැනකදී ප‍්‍රතිකාර නොකරන බවත්, පැවසෙන දැන්වීම්ද වෙද ගෙදර පරිශ‍්‍රය තුළ ප‍්‍රදර්ශනය කර ඇත. එසේ තමන් වෑල්ඩින් වෙද කෙනෙක් යැයි කියා ගන්නා යමෙක් සිටීනම්, ඔහු මුදල් ගසා කන හොර වෙදෙක් බවත් ඒවායෙහි සඳහන් වේ.
කොතෙක් බැරෑරුම් ප‍්‍රතිකාර කළද, වෙද මහත්තයා පිළිගන්නේ බුලත් අත සමඟ දෙන මුදල් පඬුරක් පමණි. බහුතරයක් දෙනා ඊට රුපියල් 500/- නෝට්ටුවක් එක් කරනු දුටුවෙමි. ගෙදර ගෙන ගොස් ගන්නට දෙන තෙල් කාලක් රුපියල් 400/-කි. ලියුම්කරු වෙදගෙදරින්ම මිලදී ගත් ශාක ඖෂධ කට්ටලයට. (කොළ, පොතු, වැල් ආදී) රුපියල් 900/-ක බිල්පතක් වැටිණි. ඒ සියල්ල දින 18ක බෙහෙත් සඳහාය.
එක් දිනක් හෝ දින කිහිපයකින් දරුණු කැඩුම් බිඳුම් සුවකරන මෙබඳු ප‍්‍රතිකාර විධි ක‍්‍රමයක් ගැන, ලියුම්කරු මින් පෙර අසා හෝ අත්විඳ නැත. එය ඇතැම්විට, ලොකු වෙදමහත්තයා හෙවත් එස්. එම්. මුතුබණ්ඩා වෙදමහතාගේ පරපුරට ආවේණික රහසිගත ශාක ඖෂධ පන්තියක් වන්නට ඇත. ඉපැරණි ඔසු උයනක්ව පැවති රිටිගල කන්ද (අරිට්ඨ පබ්බත) පිහිටා ඇත්තේ ද මරදන්කඩවලට තරමක් දුරින්, ගනේවල්පොල හරහා හබරණට යන පාරේය. එය එක් අතකින් පෞරාණික බෞද්ධ ආරාම සංකීර්ණයකි. අනෙක් අතින් ඔසු උයනකි. රිටිගල පිහිටීම වියළි කළාපයට අයත් වුවද, එහි ඉහළ කොටස් සීතල තෙත් කලාපීය දේශගුණයෙන් පොහොසත්ය. රිටිගල වන රක්‍ෂිතය හා බැඳුණු ජනශ‍්‍රැතිද බොහොමයකි.
කැඩුම් බිඳුම් වෙදකම සම්බන්ධයෙන් ගත්කල, මෑත කාලීනව රිටිගල ආශ‍්‍රිතව බිහිවුණ ප‍්‍රකට වෙද පරම්පරා දෙකක් හඳුනා ගත හැකිය. ඉන් එක් පරපුරක් ‘‘හොරිවිල වෙදදුරන්ය’’. අනෙක, දම්පැලැස්සාගම එස්. එම්. මුතුබණ්ඩා මහතාගේ ‘‘වෑල්ඩින් වෙද පරපුරය’’. ඔවුන්ගේ වෙදකම් ඔස්සේ, රිටිගල හා බැඳුණු අතීත ශාක ඖෂධ හා වෛද්‍ය කලාවේ නන් විධි ස්පර්ශයන්, වත්මන් රටවැසියන්ට සුවය ගෙන එන බව ලියුම්කරුගේ විශ්වාසයයි.
2014.09.28-2014.10.05. ඉරුදින
අතුලගෙ අත හොද වුණාද...
ReplyDeleteමෙහෙත් ඉන්නව කීප දෙනෙක් බේත් ගත්ත උං නං කියන්නෙ හොද වුණ ාකියල...
අත හොද වුණාද නැද්ද ගැන කිසිවක් සටහනට එක් නොකල එක අඩුපාඩුවක්
මේ ලිපියෙහි රචක
Deleteකි‍්‍රෂ්ණ විජේබණ්ඩාරයි.
http://walaspathi.blogspot.com/2014/10/17_5.html