අලුත් පරපුර ගැන දුකයි අප්පා.
අතේ ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ..... බට්....
මොලේ ඇතුලේ කපල එකක් විභූති.
---------------------------------------------------------------------
ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ...වුණත්
වැරදියි කියන අය ඉන්නවා.
ඔවුන්ගෙත් තියෙන්නෙ මිථ්‍යා විශ්වාසයක්..
ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ...තුළත්
ඔවුන් සොයන මිථ්‍යාවක් තියනවා.
එක එක අයගෙ ආහාර වෙනස් චින්තක..
බක්කියෙ පුන්නක්කු කන හරකා
කුසගින්න නිවාගනිද්දි
මැක්ඩොනල්ඩ්ස් KFC යන සමහරක්
රුපියල් සීයක කාල
දාස් ගාණක් දීල එනවා.
කායිකව ආහාරයට සීමාවක් තිබුණාට
ආහාරයක් මානසික වුණාම සීමාවක් නෑ.
කුස පිරුණත් මනස පිරෙන්නෙ නෑ.
මනස පල්ල නැති බාල්දියක් වගෙයි..
රුපියල් දාස් ගාණක කන්න බැරි කෙනෙක්
මානසිකව වදදෙන කෑදරකම නිවාගන්න
මැක්ඩොනල්ඩ්ස් ඛ්FC ගිහින්
කන්න පුලුවන් ප්‍රමාණයටත් අඩුවෙන් කාල
හිත පිරෙන්න ලොකු බිලක් ගෙවලා එනවා.
දාස් ගාණක කෑව කියල හිත පිරෙනවා.
ආහාර මේසෙ ෆොටෝ එකක් අරන් ඇවිල්ලා
ෆේස්බුක් එකේ ෂෙයාර් කළාම
යාලුවන්ගෙත් හිත පිරෙනවා.
කුස දන්නෙවත් නෑ.
යන්තර මන්තර සාත්තර විශ්වාස කරන අය
ඒ වගේම මානසික ආහාරයක් අරන්
කුසගින්න නිවාගන්න අසරණ පිරිසක්.
ඔබ ඔවුන් හෙළා දැක්කට
ඔවුන්ගෙ කුසගින්න නිවා ගන්න
වෙන විකල්ප ආහාරයක්
ඔබ ළඟ ඇත්තෙත් නෑ.
කවුරු හරි පිරිසක්
මැක්ඩොනල්ඩ්ස් KFC ළඟ ඉඳන්
මම ඉස්සෙල්ල කියපු ටික කියමින්
එන එන අයට බැන්නොත්
ඒක කොතරම් හිරිකිත අප්‍රසන්න ක්‍රියාවක්ද?
"මූට සල්ලි නැති නිසා
ඉරිසියා කරනවා" කියලා
බැණ බැණ ගිහින් කන ටිකත් කන්න නෑ.
ඔවුන්ට ඔවුන් කරන දේ
ඔබ හෝ මම දකින විදියට දකින්න බෑ.
විශ්වාසය වැරදියි කියා
විශ්වාස කරන්නාට පෙන්වා දීම
වරදක් නොවෙයි. හිතවත් කමක්..
තමන් වැරදි නම් ඒකත් හෙළි වෙයි..
පුද්ගලයා මෝඩයෙක් ලෙස හෙළා දැකීමයි වැරදි.
මානසික අඩුවක් පුරවා ගන්න
අපි කරන දේවල් විතරක් නොවෙයි..
අතේ ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ... විභූති. වගේ
අනික් අය කරන දේවලුත්
ඔවුන්ගෙ ශක්ති මට්ටමට සාධාරණයි.
ඔවුන්ට වෙන කරන්න දෙයක් නෑ.
පිටුපස හරවාගෙන ඉන්න කෙනෙකුට
සත්‍යය නොපෙනෙන්නෙ
ඔහු අන්ධ නිසා නොවෙයි..
ඔහු හරවන්න පුලුවනි නම්
සත්‍යය පෙන්වන්න
කරදර වෙන්න ඕන නෑ.
තමන්ගෙ සැබෑ අවශ්‍යතා
සිහියෙන් දකින මට්ටමට
හිත නිවා ගත්තෙ නැත්නම්
මනස ඔබව ගොදුරු කරගන්නවා.
ඔවුන් හෙළා දැකීමෙන්
ඔබ ඉන්න තැන ඉහළ යන්නෙ නෑ.
මොලේ ඇතුලේ කපල එකක් විභූති.
---------------------------------------------------------------------
ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ...වුණත්
වැරදියි කියන අය ඉන්නවා.
ඔවුන්ගෙත් තියෙන්නෙ මිථ්‍යා විශ්වාසයක්..
ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ...තුළත්
ඔවුන් සොයන මිථ්‍යාවක් තියනවා.
එක එක අයගෙ ආහාර වෙනස් චින්තක..
බක්කියෙ පුන්නක්කු කන හරකා
කුසගින්න නිවාගනිද්දි
මැක්ඩොනල්ඩ්ස් KFC යන සමහරක්
රුපියල් සීයක කාල
දාස් ගාණක් දීල එනවා.
කායිකව ආහාරයට සීමාවක් තිබුණාට
ආහාරයක් මානසික වුණාම සීමාවක් නෑ.
කුස පිරුණත් මනස පිරෙන්නෙ නෑ.
මනස පල්ල නැති බාල්දියක් වගෙයි..
රුපියල් දාස් ගාණක කන්න බැරි කෙනෙක්
මානසිකව වදදෙන කෑදරකම නිවාගන්න
මැක්ඩොනල්ඩ්ස් ඛ්FC ගිහින්
කන්න පුලුවන් ප්‍රමාණයටත් අඩුවෙන් කාල
හිත පිරෙන්න ලොකු බිලක් ගෙවලා එනවා.
දාස් ගාණක කෑව කියල හිත පිරෙනවා.
ආහාර මේසෙ ෆොටෝ එකක් අරන් ඇවිල්ලා
ෆේස්බුක් එකේ ෂෙයාර් කළාම
යාලුවන්ගෙත් හිත පිරෙනවා.
කුස දන්නෙවත් නෑ.
යන්තර මන්තර සාත්තර විශ්වාස කරන අය
ඒ වගේම මානසික ආහාරයක් අරන්
කුසගින්න නිවාගන්න අසරණ පිරිසක්.
ඔබ ඔවුන් හෙළා දැක්කට
ඔවුන්ගෙ කුසගින්න නිවා ගන්න
වෙන විකල්ප ආහාරයක්
ඔබ ළඟ ඇත්තෙත් නෑ.
කවුරු හරි පිරිසක්
මැක්ඩොනල්ඩ්ස් KFC ළඟ ඉඳන්
මම ඉස්සෙල්ල කියපු ටික කියමින්
එන එන අයට බැන්නොත්
ඒක කොතරම් හිරිකිත අප්‍රසන්න ක්‍රියාවක්ද?
"මූට සල්ලි නැති නිසා
ඉරිසියා කරනවා" කියලා
බැණ බැණ ගිහින් කන ටිකත් කන්න නෑ.
ඔවුන්ට ඔවුන් කරන දේ
ඔබ හෝ මම දකින විදියට දකින්න බෑ.
විශ්වාසය වැරදියි කියා
විශ්වාස කරන්නාට පෙන්වා දීම
වරදක් නොවෙයි. හිතවත් කමක්..
තමන් වැරදි නම් ඒකත් හෙළි වෙයි..
පුද්ගලයා මෝඩයෙක් ලෙස හෙළා දැකීමයි වැරදි.
මානසික අඩුවක් පුරවා ගන්න
අපි කරන දේවල් විතරක් නොවෙයි..
අතේ ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ... විභූති. වගේ
අනික් අය කරන දේවලුත්
ඔවුන්ගෙ ශක්ති මට්ටමට සාධාරණයි.
ඔවුන්ට වෙන කරන්න දෙයක් නෑ.
පිටුපස හරවාගෙන ඉන්න කෙනෙකුට
සත්‍යය නොපෙනෙන්නෙ
ඔහු අන්ධ නිසා නොවෙයි..
ඔහු හරවන්න පුලුවනි නම්
සත්‍යය පෙන්වන්න
කරදර වෙන්න ඕන නෑ.
තමන්ගෙ සැබෑ අවශ්‍යතා
සිහියෙන් දකින මට්ටමට
හිත නිවා ගත්තෙ නැත්නම්
මනස ඔබව ගොදුරු කරගන්නවා.
ඔවුන් හෙළා දැකීමෙන්
ඔබ ඉන්න තැන ඉහළ යන්නෙ නෑ.
හ්ම් ඇත්ත කතාව..
ReplyDeleteදෙයක් විවේචනය කරන ආකාරයක් තියෙයි එහෙම නැතුව ඔබ කියනව වගේ කේ එෆ් සී එක ඉස්සරහට ගිහින් යන අයගෙ පතුරු ඇරියට වැඩක් නෑ... පුදුගලිකවම මට කේ එෆ් සී යන්න වුවමනාවක් නැති හන්ද මිළ ගණන් ගැන දැනුවත් භාවයක් නෑ. ඒත් යන බොහෝ දෙනෙක් යන්නෙ කන්න නොවන බවත් ඒ යන එකෙන් යම් සමාජ තත්වයක් හිමවන බවත් ඔවුන් හිතනව.. ඊටත් එහෙම යන එක ඔවුන්ට අනුව ගොඩක් ම ඉහළ සමාජමය වටපිටාවක් නිර්මානය කරගන්නක්..
බොහොමයක් අයට තියෙන්නෙ ඇතා හෝ නැතා තමන් ඉහළ සමාජමය පුද්ගලයෙක් වග පෙන්නන්ට නිසා ඔවුන්ට අනුව එව වරදක් නොවේ. නමුත් මිනිස්සුන්ව තේරුම් නොගෙන ඔවුන්ගේ මානසික මට්ටම තේරුම් නොගෙන ඔවුන්ට මුග්ධ විදියට දොස්පවරන එක නං ටිකක් අසෝබනය වගේ තමා..
(කේ එෆ් සී යන්න වුවමනාවක් නැතෙයි කියුවෙ මම නිර්මාංශික නිසා පමණයි)
විශ්වාසය වැරදියි කියා
ReplyDeleteවිශ්වාස කරන්නාට පෙන්වා දීම
වරදක් නොවෙයි.
හිතවත් කමක්..
තමන් වැරදි නම් ඒකත් හෙළි වෙයි..
පුද්ගලයා මෝඩයෙක් ලෙස හෙළා දැකීම වැරදියි..
පිටුපස හරවාගෙන ඉන්න කෙනෙකුට නොපෙනෙන්නෙ
ඔහු අන්ධ නිසා නොවෙයි..
ඔහු හරවන්න පුලුවනි නම්
පෙන්වන්න කරදර වෙන්න ඕන නෑ.