20150618

ගබ්සාකිරීමේ පාපයෙන් මිදෙන්න මගක්.


Wenuka Chamara Galagoda
[[[[ චන්ඩියෙක් අතින් දූෂණය වුණානම් ඒ මොහොතෙම වෛද්‍ය ප්‍රතිකර්ම ගන්න පුලුවන් කලලයක් නිර්මනය වීමට පෙර..ඒක හරි..සමහර විට යමෙකුට රැවටීමකට ලක් වූ කෙනෙකුට වුවත් අම්මගෙ නොසැලකිලිමත් කමට අහිංසක කිරි කැටියෙක් පලි ද???? ]]]]

කළලයක් ඇති වුණාට පසුව...
මොන හේතුවක් මත ගබ්සා කළත්
මම දකින්නෙ මිනීමැරුමක් විදියටයි.

මවකගෙ සමස්ත වගකීම ළදරුවා රැකීමයි.
කළලය රැකීමයි.
මවක් තම කළලය විනාශ කිරීමට තීරණය කිරීම හෝ
ඇය එවැන්නකට පොළඹවා ගැනීම
මිනිසත් බවට පටහැණි අතිශය දුර්දාන්ත ක්‍රියාවක්.
සිය දිවි නසා ගැනීමටත් වඩා බාල ක්‍රියාවක්.

ඝාතකයාගේ බලයත්
ඝාතනය වෙන කෙනාගෙ අසරණ බවත් අතර
බල පරතරයෙ විශාලත්වය බැලුවාම...
මිනිසෙකුට හෝ ගැහැණියකට කළ හැකි
අති සාහසිකම ඝාතනය
නූපන් කිරිකැටියෙක්
මවු කුස තුළම මරා දැමීම කියා
මම විශ්වාස කරනවා.
.
කළලයක් තියන බව දැනගන්න තුරු
කාන්තාවක් මවක් වෙන්නෙ නෑ.
කළලයක් ඇතිවීමෙන් මිදෙන්න
ක්‍රියා කරන්නෙ කාන්තාවක්...
ඇය තමා තුළ
කළලයක් තියනවද නැද්ද දන්නෙ නෑ.
ඇගේ ප්‍රාණ ඝාත චේතනාවක් නෑ.
ඇය දන්න තරමින් ඇය තුළ ජීවියෙක් නෑ.

සංසර්ගයේ යෙදුන කාන්තාවක්
පිළිසිඳ ගැනීමෙන් වළකින්න යොදන උපක්‍රම වලදි
තමන් තුළ කළලයක් ඇති කියලා
ඒ කළලය නසන්න ඕන කියන
ද්වේශ චේතනාවෙන් ඇය ක්‍රියා කළොත්
කළලයක් නොතිබුණත්
ඇගේ ද්වේශය අනුව කර්මයක් සකස් වෙනවා.
ඒ කර්මය ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ.

ප්‍රාණ ඝාතයක් සිදුවෙන්න නම්
පණ ඇති සතෙක් අවශ්‍යයි..

කළලයක් තියන බව දැනගන්න ක්ෂණයෙදි
ඇය මවක් බවට පත්වෙනවා.
ඉන් පසුව ළදරුවා ඇගේ කොටසක්..
පණ ඇති සතෙක්
ඇය ඒ ළදරුවා ඝාතනය කිරීම
මිනිසෙකු විසින් කරන
අතිශයින්ම සාහසික අපරාධයක්..

.
වෙනුකගේ අදහස තරම් හොඳ අදහසක්
ගබ්සාව ගැන දැකපු
එක සංවාදයකවත් මම දැකල නෑ.
දූෂණයකට ලක්වුණ කෙනෙක්...
හෝ අනවශ්‍ය ගැබ්ගැනීමක් ඇතිවෙයි
කියලා හිතන කෙනෙක්
කළලයක් ඇතිවෙන තුරු ප්‍රමාද වෙන්නෙ ඇයි?

4 comments:

  1. Ritigala Jayasena [[[[[ වැඩුනු මිනිසුන් කෙරේ නැති, නමුත් සෛල පොකුරකට තියෙන ආදරය බොහෝ වෙලාවට මිනිස් හැඟීම වලින් ආපු එකක් නෙමෙයි. බොහෝවිට ආගමික මොල ශෝධන වල ප්‍රතිපල ]]]]
    සෛල පොකුරක් වැඩෙන විට
    ඒ සෛල පොකුර මිනිසෙක් වෙන්න අවශ්‍ය
    මිනිස් ගතිගුණ සහජ හැඟීම්
    වැඩෙන විට කෙමෙන් නැතිවෙලා ගිහින්
    කිරිකැටි ළදරුවෙක් ඝාතනය කරන්න තරම්
    ඔහු තිරිසනෙක් වෙනකොට
    දරුවා පණමෙන් රකින තිරිසනෙකුටත් අන්ත
    මිනිස් තිරිසනෙක් වෙනකොට
    ඒ තිරිසන් බව ශෝධනය කරලා
    මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා වැනි
    ගුණාංග ඇති කිරීමත්,
    ඔහු සෛල පොකුරක් කියා
    ඔහුගෙ වාසියට අර්ථ දක්වන කිරිකැටියා
    ඔහු මෙන්ම පණ ගැහෙන ළදරුවෙක් බව දකින්න
    ඔහුගෙ ඇස් පෑදීමටත් දහම අවශ්‍ය වෙනවා.

    සෛල පොකුරක් ඝාතනය කරන්න තරම්
    සැහැසි සිතක් තියන සෛල පොකුරක්
    තවත් ජීවියෙකුට සංවේදී මිනිසෙක් කරන්න
    දහම අවශ්‍ය වෙනවා.

    ReplyDelete
  2. Ritigala Jayasena [[[ අනෙක් අය "පව්" කිරීම වලක්වන්න නීති දාන්න ආන්ඩුවට බල කරන්නෙ ඇයි? පව් කිරීම නීතියෙන් වලක්වන්නත් ඔනේද?]]]]
    රජෙක් රජ කරන්න සුදුසු වෙන්නෙ
    ඔහුට ඔහුගෙ ජනතාවගෙ දුක
    දැනෙන තරමටයි..
    සාමාන්‍ය, හා ආබාධිත
    උපන් නූපන් හැම වැසියෙක්ම
    ඔහු රැකිය යුතුයි..

    රජෙක් ගබ්සාව නීතිගත කළොත්
    ප්‍රාණඝාතයට අනුබල දුන්නා වෙනවා

    ReplyDelete
    Replies
    1. රජෙක් වුණත් මිනිසෙක් වුණත්
      ජීවත්වෙන්නෙ ක්‍රියා කරන්නෙ
      ඔහුගෙ සිහිය, උපේක්ෂාව සහ
      ප්‍රඥාව ඇති ප්‍රමාණයටයි..

      ආබාධිතව උපදින ළදරුවා මරන්න
      තීරණය ගන්න කෙනෙක්
      ඔහුගෙ සිහිය තවදුරටත් දුර්වල වෙනකොට
      ආබාධිත වැඩිහිටියන්... මහල්ලන් මරන්න තරම්
      ආත්මාර්ථ කාමී වෙන්න පුලුවන්..

      වසර හතරකට පමණ පෙර
      කොළඹින් හිඟන්නන් ඉවත් කරන්න
      හිඟන්නන්ගෙ ඔලුවට ගල් අත්හැරියෙ
      එවැනි ආත්මාර්ථ කාමී සාහසික සිත් ඇති පිරිස්.

      Delete
  3. Nadeesha Nimalka [[[ සෛල පොකුරට කිරි කැටියෙක් කිව්වම මතක් උනේ. උදේ රැවුල කපනකොට මූනෙ කෑල්ලක් කැපිලා ගියා සෛල පොකුරු දුසිමක් වත් ගැලවෙන්න ඇති. සෛල ගලවන චේතනාවකින් නොකරපු නිසා ඒක පවක් නෙවෙයි මං හිතන්නෙ. ]]]
    ඒ කැපුණ කෑල්ලට
    වෙනම ජීවියෙක් විදියට
    වැඩෙන්න බෑ කියල
    ඔබ දන්නවා ඇති.. නදීෂ..

    අපි කතා කරන්නෙ
    මවකගෙ කුස තුළ ඇය දැනුවත්ව වැඩෙන
    මිනිස් කළලයක් ගැනයි..

    ඔබට ඒ දෙකම දැනෙන්නෙ
    සෛල පොකුරු දෙකක් විදියට නම්
    ඔබේ මොළයෙ යම් තැනක සෛල පොකුරක්
    අක්‍රිය වී තියෙන්න පුලුවන්.

    ඔබ නිරාගමිකයෙක් නිසා
    ඒ සෛල පොකුර ක්‍රියාත්මක කරගන්නත්
    මගක් නැති එක සංවේග ජනකයි..

    ReplyDelete