20150630

අපරාධකරුවෙකුට එක මොහොතෙන් සිල්වතෙක් වෙන්න පුලුවන්.



භයානක අපරාධකරුවෙකුට
එක මොහොතෙන් සිල්වතෙක් වෙන්න පුලුවන්.

ප්‍රායෝගිකව අපහසුයි..
ඒත් න්‍යායිකව සත්‍යය මේ විදියයි.
.
තමන් කරන පව් අත්හැරලා
දහම් මගට යොමුවෙන අපරාධකරුවෙක් ඉන්නවා.
1
ඔහුගෙ පැරණි කර්ම පල දෙනවා.
2
ඔහුගෙ කෙලෙස් ඒ විදියටම තියෙන්න පුලුවන්.
3
ඔහුට ශීලයෙහි පිහිටන්න පුලුවන්.

ඔහු යළිත් කෙලෙස් මතුවෙන කොට
ඒ සංස්කාර පිළිබඳව සිහියෙන්
ඒ සංස්කාරවලට උපේක්ෂාවෙන්
නොකඩවාම විසුවොත් කෙලෙස් නැසෙනවා.
කර්ම පල දේවි.
ඔහු අලුත් කර්ම සංස්කාර හදන්නෙ නෑ.
=============================================

3 අසම්පූර්ණයි නේද?.කෙනෙක් සාන්සාරිකව පුහුණු වෙලා තියෙන්නෙ 
අපරාධ වලටනම් ඔහු හිතුවත් උත්සහ කලත් සොභාදහම ඔහුට ඉඩ දෙන්නෙ නැහැ.
එය වෙනස් නොහැකියි.
ප්‍රායෝගික නොවන කිසි දෙයක් න්‍යායික නොවෙයි.එක මොහොතින් ??????

=================================

ශීලයත් පාපයත් අතර
පරතරය අඩුයි.
ශීලය රකින්නාගෙ මනස
සිල් බිඳින්නාට ඉතාම සමීප වෙන්න පුළුවන්.
ඔවුන් වෙනස් වෙන්නෙ ක්‍රියාවෙන්.

පෝයට සිල් අරන්
සංවර සිත තවත් සංවර කරන
සාමාන්‍ය සිල් ඇත්තන්ගෙන් ඔබේ සිත මුදා ගන්න.
ඔවුන් පිහිනන්න පුහුණු වෙන්නෙ දණක් ගැඹුරු වතුරක
සියලු ආරක්ෂාවන් ඇතිවයි.

අන්ධකාර රාත්‍රියක, පාලු පාරක
ආය්ධයක් අතැතිව ගමන් කරන අපරාධ කරුවෙකුට
තමන් මරනවාමයි කියා සැලසුම් කරපු
ප්‍රබල හතුරෙක් නිරායුධව යනවා
මුණ ගැසුණොත් ඔහුගෙ මානසික තත්වය හිතන්න.

ඔහුගෙ හිත ද්වේශයෙ කැළඹෙනවා.
හතුරා මරා අහුනොවී බේරෙන්නත්
පරිසරය සූදානම්ව තියනවා.
ඔහු හතුරා බිම පෙරලගෙන ආයුධය උස්සනවා.
හතුරා දෙනෙත් පියා ගන්නවා.

ඒ මොහොතෙ අපරාධකරුවා
තමන්ගෙ හිත දමනය කරගෙන
හතුරා පණපිටින් ඉන්න හැරලා
ආයුධයත් අරන් ඉවත්ව ගියොත්
ඔහු ඉතා උතුම් සිල්වතෙක් විදියටයි
පිටත් වෙන්නෙ.
ඔහුගෙ හිත තවමත් දැවෙනවා.
ඒත් ඒ ගින්න ඔහුට පමණයි.
ඔහු අනිකා අත් හැරියා.
ඒ මොහොත ඔහු සිල්වතෙක් කළා.

ඒ ශීලය නැවත නැවත රැකීමයි,
ඔහුගේ වගකීම.

ශීලයක් බිඳෙන්න යන මොහොතෙ...
ඕනම කෙනෙකුගෙ හිත දූෂිතයි.
පංච ශීලය රැකෙන විට
හිත දූෂිතව පැවතීම ගැටලුවක් නෑ.
හිත මොන තරම් දූෂිත වුණත්
අවසාන මොහොතෙදි හෝ
ක්‍රියාවෙන් වැළකුණොත්
ශීලය රැකෙනවා.

එකම මොහොතෙ අපරාධ කරුවන් දෙන්නෙක්
මිනිස්සු දෙන්නෙක් මරන්න
ඔවුන් බිම පෙරලගෙන පිහිය උස්සනවා.
එක්කෙනෙක් මරනවා.
අනික් කෙනා පිහිය වීසි කරනවා.

පලවැන්නාගෙ ශීලය බිඳෙනවා.
පාප කර්මයත් සම්පූර්ණ වෙනවා.
ඔහු ප්‍රාණ ඝාතකයෙක්.

දෙවැන්නාට ඔහුගෙ චේතනාවට
පාපයක් තියනවා, ශීලය රැකුණා.
චේතනාව කර්මයක් වෙනවා.
ඒත් ඔහු සිල්වතෙක් විදියට සැලකෙනවා.
ඔහු ප්‍රාණ ඝාතයට සැරසිලා වැළකුණ
සිල්වතෙක්.

ඔහුගෙ හිත දූෂිතයි.
ඒත් අනෙකා රැකුණා.

ශීලයෙන් ආරක්ෂා වෙන්නෙ සමාජයයි.
පුද්ගලයාගෙ ආරක්ෂාව ඇරඹෙනවා පමණයි..

ශීලය රැකීමෙදි
කෙනෙකුගෙ සිතේ සවිමත් බව බලපානවා.
සමහර විට...
අපරාධකරුවෙකුට සිල් රැකීම
සාමාන්‍ය කෙනෙකුට වඩා පහසු විය හැකියි.
අංගුලිමාල පහසුවෙන් සුමගට හැරුණා.
අපරාධ කරන කෙනෙක් ආවේගශීලීයි.
සාමාන්‍ය කෙනෙකුට වඩා
මනසින් ශක්තිමත් වෙන්න පුලුවන්.
ඔහුගෙ මනස නොමග යන එකයි
ඔහුගෙ ගැටළුව.

ඔහු මොනතරම් ප්‍රබල ද්වේශයකින්
ප්‍රාණඝාතයක් කරන්න සැලසුම් කළත්
ක්‍රියාවෙන් කරන තුරු ප්‍රාණයක් නැසෙන්නෙ නෑ.
ප්‍රාණය නැසෙනතුරු ශීලය බිඳෙන්නෙත් නෑ.
ශීලය කියන්නෙ පරපණ නොනැසීමයි.

අපරාධකරුවාට නැති ආත්ම දමනයක්
ශීලය රකින්නාට තියනවා.

අපරාධකරුවෙක් තරමටම
ඔහුගෙ හිත දූෂිත වුණාට
අපරාධකරුවෙක් සමග සසඳද්දි
ශීලය රකින්නා උතුම් මිනිසෙක්.


පාපයට එන පෙළඹීමෙ දුක විඳගෙන
ඒ දුක විසින් හිත ඔහුව වරදට පොළඹවද්දි
තව කෙනෙක් දුකට පත් නොකර ඉන්නට
ඔහුට ආත්ම දමනය තියනවා.
ඔහු සිල් බිඳෙන මොහොතෙ සිල් රකිනවා.

ඒ මොහොතෙ ආත්ම දමනය නිසා
තමන් අපරාධයට පොළඹවන
කෙලෙස් වලින් දූෂිත හිත ඔහුට පෙනෙනවා.
ඒ හිත නිසා ඔහු දුක් විඳින බව පෙනෙනවා.

ඔහු පාපී ක්‍රියාව නොකර ශීලය රැක්කත්
හිතේ ඇතිවුණ කෙලෙස් වලින් ඔහු දුක් විඳිනවා.
මේ මතුවුණ කෙලෙස් යටපත් කරගන්නට
ඔහුට මගක් අවශ්‍යයි.

ශීලය රකින්නා සැබෑ සිල්වතෙක් වෙන්නෙ
සමාධියත් ප්‍රඥාවත් දෙකම වැඩීමෙන්.

සිල් රකින්නාගෙ ආත්ම දමනය නිසා
මොහොතකට ඔහු තුළ
සමාධියත් ප්‍රඥාවත්  පහළ වෙනවා.
ඔහුගෙ ශීලය රැකෙන්න
ඒ දෙක අල්පමාත්‍රයක් හෝ අවශ්‍යයි.

ශීලය රැකුණාට පස්සෙත්
තවදුරටත් ඔහු තුළ පවතින
හිතේ ගින්න නිවා ගන්නත්
සමාධිය වඩන්නා පුහුණු වෙනවා.

කෙනෙකුගෙ හිත දූෂිත වෙන්නෙ
එක මොහොතකින් නෙමෙයි.

කෙනෙක් සමග මොහොතකට ඇතිවෙන අප්‍රසාදය
ඔහුට කෙණෙහිලි කිරීමෙන්, අරියාදු කිරීමෙන්,
හිංසා කිරෙමෙන්, සණ්ඩු සරුවල් කිරීමෙන්
පෝෂණය වෙමින් බද්ධ වෛරයක් වෙනවා.

ඔහු අරමුණ වෙනස් කරනවා.
දූශිත සිතින් ප්‍රපංච හැදීම
සිතිවිලි මැවීම නතර කරනවා.
ඔහුගෙ සිත සමාධිගත වෙනවා.
ඔහු කළේ මතුවූ වූ කෙලෙස්
යටපත්  කිරීමයි.

සමාජයේ සිටින
යහපත් පුද්ගලයන් මේ වගෙයි.
ඔවුන් සාන්තුවරයන් වගෙයි.
ඔවුන් හිතේ මඩ කැළතෙනකොට
මඩ තැන්පත් කරන
ක්‍රම වේදය දන්නවා.
ඔහුගෙ චේතනාව පවතින කාලය අඩුයි.
කර්මයත් අඩු වෙනවා.

ඔහුගෙ ආත්ම දමනය සිල්වතාට වඩා
වැඩි වෙන්න පුලුවන්.
ඒත් සීමාවක් තියනවා.

නැවත හිත කැළතුණොත්
ඔහු අතින් සිල් බිඳෙනවා.
සමාධියෙන් ඔහුගෙ හිත කැළඹුණ වෙලාවට
නිවා ගන්න ඔහුට පුලුවන්.
ඒත් ඔහුගෙ හිත පිරිසිදු නෑ.
හිත ජයගත් වෙලාවට ශීලය බිඳෙනවා.

ඔහු තමන්ගෙ හිතේ අඩුපාඩුව දන්නවා.
ඔහු හිත තව දුරටත් දමනය කරගත යුතුයි.

ඔහු තව පියවරක් යායුතුයි.
හිත කැළතිලා තියෙද්දි හිතින් දුක් නොවිඳ ඉන්නට
ඔහු තමා පුහුණු කළ යුතුයි.
කැළඹුණ කෙලෙස් අනුව සිල් බිඳගන්නෙත් නැතිව
සිතේ කැළඹීම යටපත් කරගන්නෙත් නැතිව
ඒ කෙලෙස් නැසිලා සිත පිරිසිදු වෙන විදියට
සිත පවත්වා ගන්න ආකාරය
ඔහු පුහුණු විය යුතුයි.
සමාධියෙන් ප්‍රඥාවට යායුතුයි.

ප්‍රඥාවට එකම මග විපස්සනා වැඩීමයි.

විපස්සනා වඩන කෙනෙක්
ගුණාංග දෙකක් ප්‍රායෝගිකව පුහුණු වෙනවා.
1, තමන්ගෙ හිතත් කයත්
වෙනස් වෙන ආකාරය ගැන සිහියෙන් විසීම.
2, සිහියෙන් දකින ඒ වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් විසීම..

හිත දූෂිත වුණ වෙලාවට
ඔහු ඒ දූෂිත හිත නිසා
තමන්ගෙ සිතත් කයත් වෙනස් වෙන විදිය
මොහොතින් මොහොතට සිහියෙන් දකිනවා.
ඒ වෙනස් වීම් වලට ඇලෙන්නෙත් නෑ..
ඒ වෙනස්වීම් වලින් දුක් විඳින්නෙත් නෑ.
ඔහුගෙ හිත දූෂිත වුණාට
ඔහු දූෂණය වෙන්නෙ නෑ.

ඔහුගෙ ශීලය රැකෙනවා.
ඔහුගෙ සමාධියත් තියනවා.
ඒ සමාධිය පවතින්නෙ හිතේ කෙලෙස් තියෙද්දිමයි.
සිතත් කයත් මතුවුණ සංස්කාර නිසා දුක් විඳින අතරෙ
ඔහු හැම දෙයක් ගැනම සිහියෙන් සමාධීයෙන් පසු වෙනවා.

තමන්ගෙ සිතේ සහ කයේ
වෙනස්වීම් ගැන සිහිය සමග පවතින  සමාධිය
සම්මා සමාධියයි.

සම්මා සතියෙන් පහළ වූ සම්මා සමාධියයි.


සමාහිත සිතින් ඒ මොහොත තුල වෙසෙමින්
සමස්තයම දකින නිසා
ඒ ඒ අත්දැකීම නිසා
ඔහුට සිතත් කයත් පිළිබඳව
යථා ස්වභාවය පෙනෙනවා.

ඒ මොහොත ඔහුට විද්‍යාමානයි.
ඒ මොහොතට 
අවිද්‍යාව නිරෝධ වෙනවා.

අවිද්‍යාව නිරෝධවීම නිසා
මතුවෙන මතුවෙන සංස්කාර  නිරෝධ වෙනවා.
පැරණි සංස්කාර  මතුවෙලා නිරෝධ වෙන්නෙ
වැයවීම සංස්කාර වල ධර්මතාවය නිසයි.
පැරණි සංස්කාර  නිරෝධවෙන නිසා
විඥාණය නිරෝධ වෙනවා.

සංස්කාර සමග ම්ශ්‍ර වීමෙන් විකෘති වෙලා
හිතේ තිබුණ තිබුණ මිථ්‍යා දැනුම වන
විඥාණය නිරෝධ වෙනවා.
ඒ නිමේශය තුළ
රාග ද්වේශ මෝහ වලින් තොරව
සත්‍යය දකිනවා.

ඒ මොහොත, දෙකක් තුනක් හතරක් වශයෙන්
වර්ධනය කරගැනීම විදසුන් වඩන්නාගේ වගකීමයි.

මේ නිසා හිත මොන තරම් දූෂිත කෙනෙක් වුණත්
තමන් කරන අපරාධ අතරෙ
එක මොහොතකට තමන් දමනය කරගෙන
එක පාප ක්‍රියාවකින් වැළකුණොත්
ඒ මොහොත ඔහුගෙ ජීවිතයේ අති උතුම් මොහොතක්.

නවසිය අනූනවයක් මිනිසුන් මැරූ අංගුලිමාල
කඩුව වීසි කරලා
අංගුලි මාලය ඉව්තට දාලා
ඔහුගෙ ජීවිතයෙ U ටර්න් එක
එක මොහොතකින් ගත්තෙ
එවැනි උතුම් මොහොතක් නිසයි.

අංගුලිමාල ඒ මොහොත දීර්ඝ කරගත්තා.




20150627

සත්‍යය නොදන්න ඔබට සත්‍යයත් මිථ්‍යාවක්...



[[[  ඔබ නොදන්න සත්‍යය ඔබට මිථ්‍යාවක්. ]]]


Sriyantha De Silva
ඔබ සත්‍ය කියලා දකින දේ අපිට මිත්‍යාවක් විය හැකියි...
අපි සත්‍ය කියලා දකින දේ ඔබට මිත්‍යාවක් විය හැකියි...
ඔබ හා අපි සත්‍ය කියලා දකින දේ තව කෙනෙකුට මිත්‍යාවක් විය හැකියි...
ඔහු සත්‍ය කියලා දකින දේ ඔබට හා අපට මිත්‍යාවක් විය හැකියි...

නානත්‍ත කායා නානත්ත සංඥා

--------------------------------------------------------

සත්‍යය නොදන්න ඔබට සත්‍යයත් මිථ්‍යාවක්.

ඔබ සත්‍යය කියෙන්නෙ
ඔබට හා අනෙක් අයට සාපේක්ෂව දකින දේ.

බඳුනෙන් බඳුනට වතුර වෙනස් හැඩයක් ගත්තට
වතුරෙ ස්වභාවය වෙනස් වෙන්නෙ නැහැ.

අවස්ථාවෙන් අවස්ථාවට ගින්නෙ උණුසුම විඳින අය
ගින්නට විවිධ අර්ථ කථන දුන්නට
ගින්නෙ ස්වභාවය වෙනස් වෙන්නෙ නැහැ.

සමහරු රාගය සැපක්
ද්වේශය ගින්නක් කියලා පිළිගන්නවා.
සමහරුන්ට ද්වේශය ගින්නක්
කියලවත් දැනෙන්නෙ නෑ.

ද්වේශය ගින්නක්, රාගය ගින්නක් කිව්වම
කවුරු මිථ්‍යාවක් කියල හිතුවත්
හැම පුද්ගලයෙකුටම සත්‍යයක්..


මිනිහෙක් ගින්නට වැටුණොත් පිළිස්සෙනවා,
මිනිහෙක් වතුරෙ ගිලිලා
ටික වෙලාවක් ගියාම මැරෙනවා කියන එක
හැම පුද්ගලයෙකුටම සත්‍යයක්..

නොදන්න කම නිසා
නිරාගමිකයන් මිථ්‍යාවක් කියා හිතුවට
බුදු දහම
හැම පුද්ගලයෙකුටම සත්‍යයක්.


චතුරාර්ය සත්‍යය,
පටිච්ච සමුප්පාදය, සතර සතිපට්ඨානය...
නිරාගමිකයන් මිථ්‍යාවක් කියල හිතුවත්
හැම පුද්ගලයෙකුටම සත්‍යයක්..

නානත්‍ත කායා නානත්ත සංඥා
එක් එක් කයට සංඥා දැනෙන විදිය වෙනස් .


සත්‍යය නොදන්නා අය
සත්‍යය සාපේක්ෂයි කියන්නෙ මේ නිසයි.

එක් එක් කයට සංඥා දැනෙන විදිය වෙනස් නිසා
ඔවුන් එකිනෙකා එකම සත්‍යය
විව්ධ අවස්ථාවල විවිධාකාරයෙන් දකිනවා.

සීතල වෙලාවට ගින්න සැපක්..
රස්නෙ වෙලාවට ගින්න දුකක්.
ගින්නෙ ස්වභාවය මේ අවස්ථා දෙකේදිම එකයි.

සත්‍යය දකින කෙනෙක්
අවස්ථානුකූලව වෙනස් ආකාරයෙන් පෙණුනාට
ගින්නෙ ස්වභාවය මේ අවස්ථා දෙකේදිම එක බව
පරමාර්ථ වශයෙන් දන්නවා.


ගින්නෙ ස්වභාවය
මේ අවස්ථා දෙකේදිම එක බව නොදන්න කෙනෙක්
රස්නෙ වෙලාවට ගින්න දුකක් කිව්වම
බැලූ බැල්මට සත්‍යයක් වගේ පෙණුනට
ඔහු සත්‍යය දන්න කෙනෙක් නොවෙයි.

ඔහු සත්‍යයෙන් කොටසක් දන්නවා.
ඒ කොටස සත්‍යයි.
අනික් කොටස නොදන්න නිසා
ඒ කොටස පිළිබඳ අවබෝධය සම්පූර්ණ නෑ.

රස්නෙ වෙලාවට ගින්න දුකක් කියපු
අර්ධ සත්‍යවාදියා
සීතල වෙලාවට ගින්න සැපක් කියලා පිළිගන්නවා.

ඔහු ඒ වෙලාවට මිථ්‍යාව සත්‍යයක් කියා පිළි ගන්නවා.

පරම සත්‍යය කියන්නෙ
රාග, ද්වේශ, මෝහ වලින් තොරව
කවුරු බැලුවත් පෙනෙන සත්‍යය.

ගින්න හැම වෙලාවෙම කයට දුකක්.

සීතලට ද්වේශයෙන් ඉන්න නිසා
රාගයෙන් බලන කෙනාට ගින්න සැපක්.
රස්නෙ වෙලාවට ද්වේශයෙන් ඉන්න නිසා
ගින්න කොහොමත් දුකක්.
ගින්න නොදැනෙන කෙනෙකුට
ඒ ගැන අදහසක් නෑ.
ඔහු ඉන්නෙ මෝහයෙන්..

තමන්ට දැනෙන හැම දෙයක් ගැනම 100%ක් සිහියෙන්,
100%ක් උපේක්ෂාවෙන් බලන කෙනෙක් තුළ
රාග, ද්වේශ, මෝහ නෑ.


ආතාපි සම්පජානෝ සතිමා
සමස්තය ගැන
100%ක් සිහියෙන් ඉන්න කෙනෙක් තුළ
මෝහය නෑ.

විනෙය්‍ය ලොකෙ අභිඣජා දෝමනස්සං
100%ක් උපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් තුළ
රාගය හෝ ද්වේශය නෑ.

පරමාර්ථ සත්‍යය කියන්නෙ
100%ක් සිහියෙන්, 100%ක් උපේක්ෂාවෙන් බලද්දි
කවුරු බැලුවත් පෙනෙන සත්‍යය.


පරමාර්ථ සත්‍යය = ගින්න දුකක්.

බුදුන් වහන්සේ ලොකය සහ සත්වයා දකින්නෙ
කිසිවෙකුට කිසි දේකට බැඳීමක් නැතිව
100%ක් සිහියෙන්, 100%ක් උපේක්ෂාවෙන්.

කෙනෙක් රහත්වෙන්නෙ
කිසිවෙකුට කිසි දේකට බැඳීමක් නැතිව
100%ක් සිහියෙන්, 100%ක් උපේක්ෂාවෙන්
දකින්න පුලුවන් වුණාමයි..

විපස්සනා කියන්නෙ
තමන්ගෙ තියන බැඳීම් ඒ විදියට පවතිද්දි
ඒ බැඳීම්වල ස්වභාවයන්ද සහිතව
තමාත් තමාට දැනෙන ලෝකයත්
100%ක් සිහියෙන්, 100%ක් උපේක්ෂාවෙන් දකින්න
කෙමෙන් කෙමෙන් පුහුණු වීමයි.

විපස්සනා වඩන්නෙක් මොහොතෙන් මොහොතට
අල්පමාත්‍ර වශයෙන්, අංශුමාත්‍ර වශයෙන් මිථ්‍යාවෙන් මිදෙනවා.
සත්‍යය දකිනවා.

20150626

ඔබේ ජීවිතයෙ වැදගත්ම මොහොත කුමක්ද?



දවසක් මම යාලුවෙකුගෙ ගෙදර ගියා.
ඔහුගෙ පුතාට වසරක්
නැත්නම් එකහමාරක් විතර ඇති.
මම ඔහු වඩාගෙන ඉන්න ගමන්
ගෙදර තිබුණ ලොකු බිත්ති ඔරලෝසුව ළඟට
ඔහු ඉස්සුවා.
මම හිතුවෙ ඔහු කැමති වෙයි කියලා.
ළදරුවා කෑගහලා ඇඬුවා.
මම විශාල අපහසුවකට පත්වුණා.
අවට සිටි අය මහ හඬින් හිනා වුණා.
මගේ අපහසුව කුතුහලයකට හැරුණා.

"දවසක් මම පුතාව
ඔය විදියටම ඔරලෝසුව ළඟට උස්සලා
පුතාගෙ පස්ස හැපුවා. ඔහුට හොඳටම රිදුණා.
එදායින් පස්සෙ ඔහු ඔරලෝසුවට බයයි.."
මගේ මිතුරා පැහැදිලි කළා.

තවත් දවසක
අපේ ගෙදර බල්ලා
මගේ සෙරෙප්පුවකින් කෑල්ලක්
කාල තිබුණා..
ඌ මිදුලෙ ලැගලා හිටියා.
මම හීන් කෝටුවක් අරන්
කෝටුව පිටුපස සඟවාගෙන
අනික් අතින් සෙරෙප්පුව අරන් ගිහින්
බල්ලාගෙ හොම්බ ළඟට දැම්මා.
ඌත් සාමාන්‍ය විදියට
සෙරෙප්පුව ඉව කළා.
ඌ හුස්ම උඩට අදිද්දි
මම වැරෙන් බල්ලාට පහර දුන්නා.
ඌ මහ හඬින් කෑ ගහගෙන දිව්වා.
මම සෙරෙප්පුව අරන් ආවා.

ටික වෙලාවකට පසුව බල්ලා ඇවිත්
සුපුරුදු විදියට ලැගලා හිටියා.
මගේ පාඩම සාර්ථකවුණාද කියා
දැන ගන්න හිතාගෙන
මම සෙරෙප්පුවත් අරන් මිදුලට බහිද්දි
බල්ලා නැගිටලා වත්තෙනුත් එළියට දිව්වා.
ඌ මට බයවුණාද සෙරෙප්පුවට බය වුණාද කියා
මම දන්නේ නෑ.
ඒත් ඉන් පස්සෙ බල්ලා සෙරෙප්පු කෑවේ නෑ.

සෙරෙප්පුවේ සුවඳත් කෝටු පහරත් දෙක
බල්ලා වින්දේ තනි අත්දැකීමක් ලෙසින්.
ඒ අත්දැකීම් දෙකෙන් එකක් වන සෙරෙප්පුව දකින විට
අනෙක් අත්දැකීම පිළිබඳ මතකය
ඔහුට අප්‍රිය සංවේදනාවක් ඇතිකරනවා.

බල්ලා දුවන්නේ
සෙරෙප්පුවට හෝ මට බියෙන් නොවෙයි.
කෝටු පහර පිළිබඳ මතකයට බියෙනුයි.

කෙනෙක් අත්දැකීමක් විඳිනකොට
ඒ අත්දැකීම තුළ විවිධ සංවේදනා
ඔහු විඳිනවා.

ඔහු ප්‍රබලව විඳින සංවේදනාවේ ප්‍රිය අප්‍රිය භාවය
ඔහුගෙ විඥාණයට කරන බලපෑම වැඩියි.

ඒ අත්දැකීම ඔහු තුල සටහන් වෙන්නෙ
ඔහු විඳින සංවේදනාවේ ප්‍රිය අප්‍රිය භාවය අනුව
ඔහු තුළ සිදුවෙන
ඔහුටම ආවේණික වුණ
වර්ගීකරණයකට අනුවයි.

දෙමාපියන්, නෑ සිය මිතුරන්, ගුරුවරුන්,
නළු නිළියන්, ගායක ගායිකාවන්,
ලේඛක ලේඛිකාවන්,දේශපාලනඥයන්
ප්‍රිය කරන්නෙත් අප්‍රිය කරන්නෙත්
ඔවුන් අප තුළ ජනිත කරන සංවේදනා
අපි ප්‍රිය අප්‍රිය කරන ආකාරය අනුවයි.

වෙළඳ ව්‍යාපාරිකයා
ඔහුගේ නිශ්පාදන අපට අලෙවි කරන්නේ
අපි විඳින සංවේදනා වල ආධාරයෙනුයි.

මිනිසුන්, ගේ දොර,
යාන වාහන, අවස්ථාවන් ආදී
ඔබ ප්‍රිය කරන හෝ අප්‍රිය කරන සියලු දේ
ඔබ තුළ ඒ රූප නිර්මාණය කරන්නේ
ජනිත වෙන සංවේදනා මාලාව අනුවයි..

ඔබ පෙරුම් පුරා වෙහෙස වී සමීප කරගන්නේ
ඔබ ප්‍රිය කරන සංවේදනාවක් නොවේද?

ඒ වස්තූන්ගෙන් අප දුක් විඳින්නේ
එකම කෙනෙක්, එකම දෙයක් විසින්
අප තුළ විවිධ සංවේදනා ජනිත වේම නිසයි.
නැත්නම් අප ප්‍රිය කරන සංවේදනාව
වියැකී යාමයි.

අපි උණු වතුර බොන්න කැමති නෑ.
උණු වතුර නිසා අපිට දැනෙන සංවේදනා
අපට ප්‍රිය නැහැ.
ඒත් තේ කහට සහ සීනි මිශ්‍ර කළාම
ඒ මිශ්‍රණයෙන් මතුවෙන සංවේදනා සමග
අපි උණු උණුවෙ තේ වතුර ආශාවෙන් බොනවා.
තේ වතුර නම් නිවිලා බොන්න බෑ.

අපි තේවතුර කියා
අපේ හිතේ සටහන් කරගන්නෙ
උණු + තේ කහට + සීනි + වතුර.


මේ සමස්තය පිළිබඳව
අපි දක්වන ආකල්පය සකස් වෙන්නෙ
තේ වතුර අපේ දිවේ ස්පර්ශ වීමෙන්
ඇතිවෙන සංවේදනා අපි හඳුනා ගනිද්දි
අපි ඒ වේදනාවන්ට ප්‍රිය නිසා
ඇතිවෙන බැඳීමට අනුව
නැවත නැවත ඒ අත්දැකීම විඳින්න
අපි තුළ ඇතිවෙන උවමනාව නිසයි.
ඒ අත්දැකීම යළි යළිත් විඳින්නට
අපේ හිතේ ඇතිවුණ බැඳීමට මුල්වුණේ
අපි ඒ වේදනා මාලාව ප්‍රිය කිරීමයි.

 මේ දේ සිදුවෙන බව අපි දන්නෙ නෑ.
ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව හඳුනාගනිද්දි
අපි වේදනාවට ප්‍රිය වීමෙන් හෝ අප්‍රිය වීමෙන්
අපි තුල සංස්කාර මතුවෙලා
ඒ සංස්කාර වල ස්වභාවයත් සමග
අපි විඳින අත්දැකීම ගැන රූපයක්
අපේ විඥාණයෙහි සටහන් වෙනවා.


මේ කෙටි සටහන් පෙළ
අපේ ජීවිතය හැඩ ගසවනවා.
අපේ අනන්‍යතාවය අපට ලබා දෙන්නේ
සංස්කාර නිසා සකස් වෙන විඥාණය විසින්.
අපේ චරිතය,චර්යාවන්,
සිතුම් පැතුම්,බලාපොරොත්තු, කතා බහ ආදී
සියලු ක්‍රියාකාරකම් වලට
අපට ආවේණික ස්වරූපයක් ලබා දෙන්නේ
අපේ විඥාණය විසිනුයි.

සංස්කාර අපට බලපාන්නෙ ඒ ආකාරයටයි.

ළදරුවා ඔරලෝසුව දකින මොහොතෙදි
බල්ලා සෙරෙප්පුව ඉව කරන මොහොතෙදි
ඔවුන් තුළ ඇතිවුණ ද්වේශ සංස්කාර
ඔවුන්ට අප්‍රිය වර්ණයකින්
ඒ අත්දැකීම
විඥාණයෙහි සටහන් වුණා.

ඔවුන් ඉන්පසුව ඔරලෝසුව සහ සෙරෙප්පුව සලකන්නෙ
ඔවුන් අකමැති සංවේදනා ලබා දෙන
හානිකර වස්තුවක් ලෙසයි.

දරුවෙකුට හෝ සතෙකුට
වරදක් හඳුන්වා දෙන්නට
මේ සංසිද්ධිය උපයෝගී කරගත හැකියි.
අතේ ඇඟිල්ල කටේ දාන ළදරුවෙකුගෙ ඇඟිල්ලෙ
කොහොඹ ගාන්නෙ මේ නිසයි.

මම ළිඳකට එබෙද්දි
තාත්තා මට ඔහුගෙ ඉණ බැඳි පටියෙන්
පහර දුන් බව මව කියා තියනවා.
ඒ භය අදත් මා තුළ තියනවා.
එදා පැය කිහිපයක දේශනයකින්වත්
මට ඒ පාඩම උගන්වන්නට ඔහුට බැහැ.

මම බුදුන් වහන්සේට හුරු වුණේ
මගේ මව තුළ වූ අචල ශ්‍රද්ධාව නිසා.
අද අපි ඒ දායාදය වඩාත් ප්‍රබලව
අපේ දරුවන්ට දායාද කරනවා.
ඔවුන් අත්දැකීමක් විඳින විට
ඒ අත්දැකීම අපි වර්ණවත් කරන්නට
නිරතුරුවම වෑයම් කරන්නේ
ඔවුන්ගේ අනාගතයට බලපාන අන්දම
සිත්හි සනිටුහන් කරගෙනයි.

අපි බුදුන් වහන්සේ විශ්වාස කරන තරමට
ඔවුන් බුදුන් වහන්සේ විශ්වාස කරනවා.
ඔවුන්ගේ යහපත සලසන
අයහපත සලසන ධර්මතාවයන්
ඒ දහම තුළ ගැබ්වී ඇති බව
ඔවුන්ට ඉවක් තියනවා.

මේ ආකාරයටම අසභ්‍ය වචන වලට
අඬ දබර වලට, පව්කම් වලටත්
දරුවන් හුරු කළ හැකියි.

මගේ දෙමාපියන් විසින්
මා විඳි අත්දැකීම් වලට මිශ්‍ර කළ වර්ණ
අදටත් අපේ හොඳ නරක සකස් කරනවා.

අපේ හොඳ නරක සකස් කරගන්නට
අපි කලින් භවයෙන් රැගෙන එන විඥාණය
දෙමාපියන් අතින් ප්‍රවර්ධනය විය හැකියි.
නැසෙන්නට, වැළලෙන්නටත් හැකියි.


මේ ළදරුවා
කිරිවලට වඩා බියර් ප්‍රිය කරන්නේ ඇයි..
හේතුව කුමක් වුණත්
ඔහු බියර් තෝරාගන්නේ
දැනුවත් තීරණයක් මගින් නොවේ.
ඔහු කිරි පසෙකට කර
බියර් වලට දෑත දිගු කරන්නේ
කිරි නිසා ඔහු විඳින සංවේදනා වලට වඩා
බියර්වලින් මැවෙන සංවේදනා
ඔහුට ප්‍රිය නිසාය.

මේ ළදරුවා
කිරිවලට වඩා බියර් ප්‍රිය කරන්නේ
බියර් සුවඳ ඔහුට පියාගේ ආදරය සමග
මුසුව දැනුණ සුවඳක් නිසාද?
බියර් සුවඳ ඔහුට වඩාත් ප්‍රබලව දැනෙණ නිසාද?
නැත්නම් සසර බොහෝ ජීවිතවල
මත්පැනට හුරුවූ කෙනෙක් නිසාද?

අපි කලින් භවයන්හි ලබන ලද
බොහෝ අත්දැකීම් වලින් උපන් සංස්කාර නිසා
ඒවායේ ප්‍රබලතාවය අනුව
අපේ අනන්‍යතාවය සකස් වෙනවා.
මේ ජීවිතය තුළ
අප විඳින අත්දැකීම් නිසා
පහල වෙන රාග, ද්වේශ, මෝහ සංස්කාර
අපේ විඥාණයෙහි සටහන් කරන
හුරු, පුරුදු, ප්‍රිය අප්‍රිය භාවයන්
අපේ මතු ජීවිතයටත් බලපානවා.

අපේ  මේ මොහොත
අපට වැදගත් වන්නේ ඒ නිසයි.
මේ මොහොත කියන්නෙ
අනාගත භවයෙ වසර ගණනාවක්
වෙනස් කළ හැකි එක අංශකයක්.

මේ මොහොත තුළ
ඔබ ඔබේ මව හෝ පියා මැරුවොත්
ඒ අවස්ථාවේ පහළ වෙන සංස්කාර
කල්ප ගණනාවක්
ඔබ සසරට බැඳ තබන්නට හේතු වෙයි.
---------------------------------------------

ඔබ සසරට බැඳ තබන
සංස්කාර වලට හේතුව
අවිද්‍යාවයි.


සෙරෙප්පුවේ සුවඳත් කෝටුපහරත් දෙක
එකක් ලෙස විඳින බල්ලා
ඒ මොහොතේ සෙරෙප්පුවේ සුවඳට වඩා
කෝටු පහරට සිත එකඟ කරණවා.
එහෙත් ඉන් ඇතිවෙන ද්වේශ සංස්කාර සමග
සෙරෙප්පු සුවඳ පිළිබඳ මතකය
උගේ විඥ්ඥාණයෙහි සටහන් වෙනවා.

ප්‍රිය අප්‍රිය දෙකම මිශ්‍ර අත්දැකීමක් විඳින කෙනෙක්
ඒ අත්දැකීමෙන් ලැබෙන ප්‍රිය භාවය හෝ අප්‍රිය භාවය
අනෙකට වඩා ප්‍රබල නිසා
අත්දැකීම ප්‍රිය හෝ අප්‍රිය ලෙස සැලකීම
අවිද්‍යාවයි.

සමස්තයක් ලෙස විඳින මේ මොහොතෙන්
තමාට ප්‍රිය හෝ අප්‍රිය කොටස පමණක් ග්‍රහණය කර ගැනීම
අවිද්‍යාවයි.


බල්ලාට සෙරෙප්පුවත් කෝටුපහරත්
දෙකක් නොව එකක්.
ඒ වෙනස නොදැකීම අවිද්‍යාවයි.
ඒ වෙනස විද්‍යාමාන නොවීම අවිද්‍යාවයි.

ඒ වෙනස නොපෙනීම නිසා සෙරෙප්පුව දකින විටම
කෝටුපහරෙන් ජනිත කළ ද්වේශ සංස්කාර සමග
පෙර සැකසුන විඥාණය පහළ වෙනවා.
බල්ලා පලා යනවා.



දෙවෙනි අවස්ථාවේ
සිතේ ද්වේශ සංස්කාර මතු වෙන්නට
ඇසේ රූපය ස්පර්ශ වීම ප්‍රමාණවත්.
කෝටු පහර අවශ්‍ය නෑ.

සෙරෙප්පුවේ සුවඳත් කෝටුපහරත් දෙක නිසා
ද්වේශ සංස්කාර වලින් සැකසුන විඥාණය
දෙවැනි අවස්ථාවේ
ඇසේ විඤ්ඤාණය ලෙස
ඇසේ ස්පර්ශයෙදිම ක්‍රියාත්මක වෙනවා.

ඇස,
රූපය,
රූප හඳුනා ගැනීමට ඇසට ඇති හැකියාව
තුනම එකතු වෙලා ස්පර්ශය හැදෙනවා.

දෙවෙනි දවසේ කෝටුපහර නැතිව
සෙරෙප්පුව දකින විටම
කෝටු පහර නිසා ලද සංවේදනා පෙළ
ඇසේ විඤ්ඤාණයෙන්ම උත්තේජනය වෙනවා.

සෙරෙප්පුවට තිබුණ රාගය පරදවා
ඊට වඩා ප්‍රබල ද්වේශය දිනනවා.

එවිට මතුවෙන ද්වේශ සංස්කාර
අපේ බල්ලා වින්දේ බිය වශයෙනුයි.
බල්ලා මැර ස්වභාවයක් ඇති දරුණු බල්ලෙක් නම්
මතුවෙන ද්වේශ සංස්කාර නිසා සාහසිකව හැසිරෙනවා.

මිනිස් අත්දැකීම්වලත්
මූලිකව පවතින්නේ මේ ස්වභාවයමයි.

එහෙත්
වෙනත් සත්වයන්ට නැති
මිනිසාට ඇති විශේෂ හැකියාවන් දෙකක් තියනවා.

එක
තමන් තුළ සිදුවෙන වෙනස්කම් පිළිබඳව
සිහියෙන් සිටීම

දෙවැන්න
තමන් තුළ සිදුවෙන  වෙනස්කම් වලට
උපේක්ෂාවෙන් සිටීම.


සැබෑ මිනිසා
සතෙක් මෙන් හැසිරෙන මිනිසාගෙන්
වෙනස්වන්නේ මේ දෙක නිසයි.
ඇත්ත ඇති සැටියෙන් දකින
ප්‍රඥාව පහළ වන්නේ
තමන් තුළ සිදුවෙන වෙනස්කම් පිළිබඳව
සිහියෙන් සහ උපේක්ෂාවෙන් සිටින්නාටයි.

මේ මොහොතෙ ඔබේ සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන්
සිටීමට ඔබට හැකි නම්
ඒ මොහොතට පමණක්
ඔබ තුළ අවිද්‍යාව නෑ.


100%ක් සිහියෙන් වෙසෙන නිසා
ඒ සුවිශේෂී මොහොත තුළ
මෝහය නෑ.

100%ක් උපේක්ෂාවෙන් වෙසෙන නිසා
ඒ සුවිශේෂී මොහොත තුළ
රාග ද්වේශ නෑ.

ඔබේ සිත සහ කය තුළ සිදුවෙන
විවිධ වෙනස් කම් ලෙස  ඔබ දකින
ඒ මොහොතෙ  සංස්කාර ඇතිවෙන්නෙ නෑ
විඥාණය සකස් වන්නේ නෑ.
ඒ මොහොත තුළ
සිදුවෙන සියල්ල පිළිබඳව

ඇත්ත ඇති සැටියෙන් දකින නිසා
ඔබ තුළ පවතින්නේ ප්‍රඥාවයි.

අවිද්‍යාව ප්‍රහාණයෙන් ප්‍රඥාව ඇති වෙනවා.


ඔබ අවිද්‍යාව නිරෝධ කළ නිසා
සංස්කාර නිරෝධ වෙනවා.
සංස්කාර නැති නිසා විඥාණය සකස් වෙන්නෙ නෑ.
සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන් ඉන්න නිසා
නාම + රූප, ( සිත + කය ) කියා දෙකක් නෑ..
ඔහු තනි ඒකකයක්.
ආයතන හයක් නෑ. ඔහු තනි ඒකකයක්.
ස්පර්ශය කියා විශේශ දෙයක් නෑ.
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන් වෙසෙන නිසා
ඔහු වෙනව දකින ප්‍රිය හෝ අප්‍රිය වේදනා නෑ.
ඒ නිසා තණ්හාවක් නෑ.
තණ්හාව නැති නිසා උපාදාන වීමක් නෑ.
උපාදානයෙන් තොරව භවයක් නෑ.

සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන් ඉන්න
විදර්ශනා මොහොත තුළ
මතු භවය සකස් වීමක් නෑ.

ඒ සුපිරිසිදු මොහොත තුළ මතුවෙන පැරණි සංස්කාර
වැයවී යන ස්වභාවයෙන් යුක්ත නිසාත්
නව සංස්කාර වලින් පෝෂණයක් නොලබන නිසාත්
උපන්ගෙයිම යෝනිය තුළම නැසී යනවා.
යෝනිසෝ මනසිකාරයෙන්,විදර්ශනාවෙන්
කෙලෙස් නැසෙන්නේ ඒ ආකාරයෙනුයි.

මේ ධර්මය විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකියි.
අන්ධ භක්තියෙන් ඇදහිය යුතු කිසිවක් නෑ.
________________________________________________________

ආධාර වූ දහම් කරුණු

ඇස,
රූපය,
රූප හඳුනා ගැනීමට, ඇසට ඇති හැකියාව
තුනම එකතු වෙලා ස්පර්ශය හැදෙනවා.
චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති
චක්‌ඛුවිඤ්‌ඤාණං,
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො;

1
ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව හඳුනාගනිද්දි
අපි වේදනාවට ප්‍රිය වීමෙන් හෝ අප්‍රිය වීමෙන්
අපි තුල සංස්කාර මතුවෙලා
ඒ සංස්කාර වල ස්වභාවයත් සමග
අපි විඳින අත්දැකීම ගැන රූපයක්
අපේ විඥාණයෙහි සටහන් වෙනවා.


ඵස්ස වේදනා සංඥා සංඛාර විඥාණ

ඵස්ස වේදනා තණ්හා උපාදාන

අවිජ්ජා සංඛාර විඤ්‍ඤාණ

ඵස්ස පච්චයා වේදනා -
ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
වේදනා පච්චයා තණ්හා -
දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
තණ්හා පච්චයා උපාදානං -
තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී
උපාදාන පච්චයා භචෝ -
බැඳීම් හේතු කොට භව සකස් වේ

අවිජ්ජා පච්චයා සංඛාරා -
අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
සංඛාර පච්චයා විඤ්‍ඤාණා-
සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
විඤ්‍ඤාණ පච්චයා නාමරූපං -
විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
නාමරූප පච්චයා සලායතනං -
නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
සලායතන පච්චයා ඵස්සෝ -
ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී

2
මේ මොහොතෙ
ඔබේ සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන්
සිටීමට ඔබට හැකි නම්
ඒ මොහොතට
ඔබ තුළ අවිද්‍යාව නෑ.

100%ක් සිහියෙන් වෙසෙන නිසා
ඒ සුවිශේෂී මොහොත තුළ මෝහය නෑ.
100%ක් උපේක්ෂාවෙන් වෙසෙන නිසා
ඒ සුවිශේෂී මොහොත තුළ රාග ද්වේශ නෑ.


ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,

කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා

1, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්] වේදනා වල වේදනා
අනුව දකිමින් වෙසෙයි,

3, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්] දහම්හි දහම්
අනුව දකිමින් වෙසෙයි,





20150620

කාමාශාව කුසගින්නකි. කාමයෙහි හැසිරීම ආහාරයකි.




ස්වයං වින්දනයත්
සමලිංගික හැසිරීමත්
ස්ත්‍රී දූෂණයත්
ස්වාභාවික කාමයෙහි හැසිරීමත් අතර
වෙනසක් නැත.
වෙනසක් ඇත.

මේ සතර ආකාරයෙන්ම හැසිරෙන අය
ස්වාභාවිකද?

මානසිකව මේ සියළු දෙනාම
එකම අරමුණකින් ක්‍රියා කරති.

වෙනස් වන්නේ
අරමුණ උපාදාන වීමේ ප්‍රබලතාවය සහ
කායික - වාචික හැසිරීමෙනි.
-------------------------------------------------------------

ස්වභාවික සත්වයාට
කාමාශාව කුසගින්නකි.
කාමයෙහි හැසිරීම ආහාරයකි.
ඔවුන් වෙනස් වන්නේ
ඔවුන්ගේ කුසගින්නෙහි ප්‍රබලතාවය සහ
ආහාර සොයාගැනීමේ ක්‍රමවේද අනුවයි.

ආහාරයක් සොයන්නට
සතෙක් පෙළඹෙන හේතු දෙකකි.

එකක් අභ්‍යන්තරික අවශ්‍යතාවය වන කුසගින්නයි.

අනෙක් හේතුව
බාහිර ලෝකයෙහි දකින
කිසියම් ආහාරයකින් සිදුවෙන
මානසික උත්තේජනයයි.

මිනිසාගේ ආහාර ගැනීම
කායික අවශ්‍යතාවයට වඩා
මානසික උත්තේජනය මත සිදුවේ.

ස්වයං වින්දනයත්
සමලිංගික හැසිරීමත්
ස්ත්‍රී දූෂණයත්
කායික අවශ්‍යතාවයට වඩා
මානසික උත්තේජනය මත සිදුවේ.

ස්වයං වින්දනයත්
සමලිංගික හැසිරීමත්
ස්වාභාවික කාමයෙහි හැසිරීමත්
කුසගින්න මෙන් කායික පෙළඹවීමක් මත
සිදුවීම විරල විය හැක.

වනයෙහි වෙසෙන සතුන් අතරත්,
සමාහිත සිත් ඇති
තෘප්තිමත් ජීවිත ගත කරන
සරල මිනිසුන් තුළත් පහලවෙන කාමයට
රටාවක් තිබිය හැක.

එහෙත්...
බහුතරයක් මිනිසුන් කාමයට පෙළඹෙන්නේ
බාහිර අරමුණක් මනසෙහි ස්පර්ශ වීමෙනි.
එතැන් පටන්
කාමය පෝෂණය වෙමින් සිත උණුසුම් වෙයි.

කාමයෙන් උණුසුම් වන සිත
කාමාතුර සිතක් බවට පරිවර්තනය වන විට
ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ
කාමයෙහි හැසිරීමේදී
කායික ස්පර්ශයෙන් විඳින්නට ලැබෙන
ප්‍රිය ජනක සංවේදනා මාලාවට හේතුවෙන
ජෛව රසායනික ක්‍රියාවලිය
කෙසේ හෝ තමා තුළ ජනිත කරගෙන
තමන්ගෙ සිතෙහි දැවෙන කාමගින්න
නිවාගැනීම හෝ සමනය කර ගැනීමයි.

මේ අරමුණ ඉටුකරගැනීමේදී
සමාජීය වශයෙන් පවතින සංවරභාවයත්
මානසික වශයෙන් පවතින සමාහිත බවත්
තම ක්‍රියාව බලපාන සියලු අංශ පිළිබඳව
ඔහුට ඇති පුළුල් සිහියත් අනුව
ඔවුහු දෙයාකාරයකින් හැසිරෙත්.

සමාජීය වශයෙන් සංවර
මානසිකව සමාහිත
තම ක්‍රියාව බලපාන සියලු අංශ පිළිබඳව
පුළුල් සිහිය සහිතව ක්‍රියා කරන තැනැත්තෙක්
තමාට හානිකර නොවෙන,
අනෙක් සාමාජිකයාට හානිකර නොවෙන,
සමාජයට හානිකර නොවන,
සරල පහසු මාර්ගයකින්
තම කාමයට ඇති ආශාව තෘප්තිමත් කරගනියි.
විවාහ වී සාර්ථක ජීවිත ගත කරන්නේ මේ පිරිසයි.

අනෙක් පිරිස
තමන්ගේ අතට අසුවෙන ඕනෑම ක්‍රමයකින්
තම ගින්න නිවාගැනීමට සූදානම්ය.
ඔවුන්ගේ කාම ගින්නෙහි ප්‍රබලතාවයත්,
කාම ගින්න නිසා ඔවුන් විඳින දුකත්,
කාම ගින්නට ඔවුන්ගේ ඇති වහල්භාවයත්
ඔවුන් අත්තනෝමතිකව ක්‍රියාකරන්නට
පොළඹවති.

මේ මානසික පෙළඹීම
පුද්ගලයාගෙ චරිතය අනුව සහ
ඔහු තුළ කාමය උපාදාන වීමේ
ප්‍රබලතාවය අනුව වෙනස් වෙයි.

ඇසට දකින රූපයකින් හෝ කණට ඇසෙන තොරතුරකින්
කයෙහි ජනිත වෙන ප්‍රිය ජනක සියුම් සංවේදනා
වැඩි වැඩියෙන් විඳින්නට පෙළඹෙන
ඔහු සිතෙහි ඇති කාම තෘෂ්ණාව උපාදාන වෙයි.
මේ උපාදානයට පැවැත්මක් අවශ්‍යවෙයි.
ඒ සඳහා ඔහු ගන්නා ක්‍රියා මාර්ගයන්
පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ
අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙයි.

කෙනෙක් ස්වයංවින්දනයෙහි යෙදී
සිතේ කැළඹිල්ල සමනය කරගනියි.
දැඩි සිත් ඇති පුද්ගලයෙක්
අසභ්‍ය ඡායාරූප,
නිල් චිත්‍රපට ආදිය නරඹා
කාමය දැඩිව උපාදාන කරගැනීමෙන්
තාවකාලිකව වියරුවැටී
ස්ත්‍රී දූෂණයකට, මිනීමැරුමකට පවා
පෙළඹීමට අවකාශ ඇත.

කාමයෙන් වියරු වැටුණ පුද්ගලයා
කාමය රස විඳින්නෙක් නොවේ.
දැඩි කුසගින්නෙන් පෙළෙමින් ආහාර ගිලදමන්නා
ආහාරය රස විඳින්නේ නැත.
අතට අසුවෙන ඕනෑම ආහාරයක් ගිල දමා
තෘප්තිමත් වන්නේද ඔහුය.

ස්වාභාවිකව කාමයෙහි හැසිරීම හැර
ස්වයං වින්දනයත්
සමලිංගික හැසිරීමත්
ස්ත්‍රී දූෂණයත්
සසඳා බැලීමේදී
කායික පෙළඹවීම නොසැලකිය හැකිය.
අස්වාභාවික විකෘතිභාවයකින්
කාමයෙන් තෘප්තිමත් වෙන අය
ඒ සඳහා පොළඹවනු ලබන්නේ
ඔහුගේ මානසික ක්‍රියාවලියයි.
සර්ප පැටියෙක් මෙන් ඔහු සිත තුළ
කිරි පොවමින් ඇති දැඩි කරන සර්පයා
ඔහු මුදා හරින ආකාරය
ස්වයං වින්දනය, සමලිංගික හැසිරීම
ස්ත්‍රී දූෂණය වශයෙන්
අප දකිමු.


ස්වාභාවිකව කම් සුව විඳින්නේත් 
අස්වාභාවිකව කාමය රස විඳින්නේත් 
කාම අපරාධ වලට පෙළඹෙන්නේත්
කාමය ජනිත කරවන ස්පර්ශයෙන්
කයෙහි ඇතිවෙන ප්‍රියජනක වේදනාවන්ට
සිතෙහි ඇතිවෙන තණ්හාව උපාදාන කරගැනීමෙනි.

කිසියම් කාමය උපදවන අරමුණක්
සිතෙහි ජනිතවූ විට සිත දෙස බලන්න.
ඒ අරමුණ වහා ඉවත්වන්නේ නැත.
ඔබ නැවත හැරී බලන්නට පොළඹවන්නේ
තවමත් නොමැකුණ කාම අරමුණයි.

කාම අරමුණක් ස්පර්ශවීමෙන්
ඔබේ කයෙහි ඇතිවුණ
ජෛව රසායනික වෙනස නිසා
ප්‍රියජනක සංවේදනා මාලාවක් ඇති විය.
වේදනා ප්‍රිය කිරීමෙන්
ඔබේ සිත තුළ ඇතිවෙන තණ්හාව නිසා
ඔබ දුටු රූපය මොහොතක් දෙකක් පවතියි.
ඒ කාලය තුළ
ඒ චිත්ත රූපය නැවත නැවත දකිමින්
ඔබ ඒ ජෛව රසායනික වෙනස සහ
ඒ අනුව ජනිත වෙන ප්‍රියජනක සංවේදනා
දිගින් දිගට පවත්වා ගනියි.

මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන්නේ
පළමු ස්පර්ශයෙන් ඇතිවූ වේදනාවට අනුව
කාම තණ්හාව උපාදාන කරගැනීමෙන්
ඔබ සිතෙහි මැවෙන චිත්ත රූප මාලාවයි.
ඔබ ඒ තෘප්තිමත් වන්නේත්,
ඔබේ කාමය පෝෂණය වන්නේත්
මනොසඤ්‌චෙතනා ආහාරයෙනි.

නොමැකුණ අරමුණ අනුව සිත නිර්මාණය කරන
ප්‍රිය ජනක චිත්ත රූප ඔබට දැකිය හැක.
ඒ චිත්තරූප නිසාත්
සමාන්‍යයෙන් අද ඔබට නොදැණුනත්
ඒ චිත්ත රූප වලට සමානුපාතිකව
කයෙහි ඇතිවෙන සංවේදනා මාලාව ගැන සිහියෙන්
ඒ සංවේදනා මාලාවට උපේක්ෂාවෙන් වෙසෙන්නට
ඔබ සමත් වූ දා පටන්
කාම ගින්නෙන් පීඩා විඳීමෙන්
ඔබ මිදෙන්නට පටන් ගනු ඇත.

=================================
මූලික වූ ධර්ම කරුණු

කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා,
ඵස්‌සො දුතියො, මනොසඤ්‌චෙතනා තතියා, විඤ්‌ඤාණං චතුත්‌ථං.

‘‘චත්‌තාරො ආහාරා කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?

‘‘ඉමෙ චත්‌තාරො ආහාරා තණ්‌හානිදානා තණ්‌හාසමුදයා තණ්‌හාජාතිකා තණ්‌හාපභවා.

‘‘තණ්‌හා චායං, භික්‌ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?

‘‘තණ්‌හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා.

‘‘වෙදනා චායං, භික්‌ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?

‘‘වෙදනා ඵස්‌සනිදානා ඵස්‌සසමුදයා ඵස්‌සජාතිකා ඵස්‌සපභවා .

‘‘ඵස්‌සො චායං, භික්‌ඛවෙ, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො?

ඵස්ස පච්චයා වේදනා,
වේදනා පච්චයා තණ්හා
තණහා පච්චයා උපාදාන,
උපාදාන පච්චයා භව...

කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ
අකුසල් සිත් ඇතිව වාසය කරයි.
======= මහා තණ්හා සංඛය සුත්‍රය. =======

20150618

ඔබේ දැක්මෙ ක්ෂේත්‍ර ගැඹුර කොපමණද?


ක්ෂේත්‍ර ගැඹුර
ඔබ කඩදාසියක් තෝරන වෙලාවට..
රෙදි වර්ගවලින් එකක් තෝරන විට..
ඔබේ සම්පූර්ණ සිහිය
ඇඟිලිතුඩු වලට යොමු කරනවා.
ඔබ අවශ්‍ය දේ කරගන්නවා.

ඒ වෙලාවට
ඔබට අවට ගැන සිහිය නැහැ..

මුළු ජීවිතේ පුරාම
දිළින්දෙක් ජීවත් වෙන්නෙ ඒ විදියටයි.
ඔහු කෑවොත් ඔහුට අඳින්න නෑ.
ඉඳ හිටලා ඇඳුමක් ගත්තොත්
දින කිහිපයක් කුසගින්නෙ ඉන්න වෙනවා.

ඔබටත් සිහිය බොහොම හිගයි...

ඒ තියන සීමිත සිහිය
එක දේකට යොමු කළොත්
ඔබට තව බොහෝ දේ මග හැරෙනවා.

ඔබ ළදරුව්ක් කාලෙ
ඔබේ සිහිය විශාල ක්ෂේත්‍රයක
පැතිර තිබුණා.

ඔබට ලැබෙන තොරතුරු වලින්
ඔබ කැමති සහ අකැමති දෙ හැර
අන් සියල්ල නොසලකා හරින්න පුරුදු වෙද්දි
ඔබේ ක්ෂේත්‍ර ගැඹුර අඩුවුණා.

ඔබ ඉගෙනුම මගහැරලා
සහතිකය ලබාගත්තා.
ඒ සහතිකයෙන් ඔබේ දැනුම ගැන
විවරණය කරන්න බැහැ.
ඔබේ අධ්‍යාපන සහතිකයෙ තියෙන්නෙ
විභාගය දවසෙ විභාගෙට ලියද්දි
ඔබ දැන සිටිදේ පිළිබඳව
සහතිකයක් පමණයි.
ඔබ දැනුත් ඒ දේවල් දන්නවා කියා
ඉන් අදහස් වෙන්නෙ නෑ.

ඔබේ සැබෑ අගය තීරණය වෙන්නෙ
ඔබ සතුව තියන සිහිය, උපෙක්ෂාව
සහ ප්‍රඥාව අනුවයි.
මේ අංග තුන එකිනෙක මත යැපෙනවා.
අනික් අංග දෙකම රඳාපවතින්නෙ
ඔබේ සිහිය මතයි..
මේ විදියට වයසට ගියොත්
ඔබ වයස්ගතවෙන විට
මේ සිහියත් ඔබට අහිමි වෙනවා.

ඔබට අවශ්‍ය දේටත් සිහිය නැති
ඇවිදින මළකඳක් හෝ
ඇඳේ වැතිර සිටින මළකඳක් ලෙස
ජීවිතයේ අවසාන සමය ගෙවීමට
ඔබට සිදුවෙන්න පුලුවන්.
ඒ අවදානම ඔබට තියනවා.

සිහිය පිහිටුවා ගන්න කියලා
බුදුන් වහන්සේ අපට කියනවා.
බුදු දහමෙන් කරන ප්‍රධානම දේ
සිහිය පිහිටුවීමයි.

බුදු දහමට අනුව ජීවත් වෙන කෙනෙක්
වැරදි නොකර, හරි දේ කරමින් ජීවත් වෙන්නෙ
ඔහුගෙ සිහිය
තියුණු වෙන ප්‍රමාණයට නොවෙයි..
සිහිය පුළුල් වෙන ප්‍රමාණයටයි.

ඔබ එක දෙයක් ගැන තීරණය කරද්දි
ඔබට ඒ දේට අදාළ සියලුම දේ ගැන
සිහිය තියනවා නම්
ඔබේ තීරණය නිවැරදියි.

ඔබ මේ සටහනෙන් උකහාගන්න දේත්
ඔබේ සිහියෙ ප්‍රබලතාවය මත
රඳා පවතිනවා.

මිනිසෙකු ලෙස ඔබ වගාකරගත යුතු
ප්‍රධානම ගුණාංග තුනෙන් මූලිකම අංගය
සිහිය පිහිටුවා ගැනීමයි..

අනික් අංග දෙකට පළමුව සිහිය අවශ්‍යයි.

එක දෙයක් අරමුණු කරද්දි
ඊට අදාළ අනික් සියලුදේත්...
ඔබ ගැනත් සිහිය පිහිටුවා ගැනීම
මිනිසෙකු ලෙස ඔබට ඇති
ප්‍රබලම අභියෝගයයි..

ගබ්සාකිරීමේ පාපයෙන් මිදෙන්න මගක්.


Wenuka Chamara Galagoda
[[[[ චන්ඩියෙක් අතින් දූෂණය වුණානම් ඒ මොහොතෙම වෛද්‍ය ප්‍රතිකර්ම ගන්න පුලුවන් කලලයක් නිර්මනය වීමට පෙර..ඒක හරි..සමහර විට යමෙකුට රැවටීමකට ලක් වූ කෙනෙකුට වුවත් අම්මගෙ නොසැලකිලිමත් කමට අහිංසක කිරි කැටියෙක් පලි ද???? ]]]]

කළලයක් ඇති වුණාට පසුව...
මොන හේතුවක් මත ගබ්සා කළත්
මම දකින්නෙ මිනීමැරුමක් විදියටයි.

මවකගෙ සමස්ත වගකීම ළදරුවා රැකීමයි.
කළලය රැකීමයි.
මවක් තම කළලය විනාශ කිරීමට තීරණය කිරීම හෝ
ඇය එවැන්නකට පොළඹවා ගැනීම
මිනිසත් බවට පටහැණි අතිශය දුර්දාන්ත ක්‍රියාවක්.
සිය දිවි නසා ගැනීමටත් වඩා බාල ක්‍රියාවක්.

ඝාතකයාගේ බලයත්
ඝාතනය වෙන කෙනාගෙ අසරණ බවත් අතර
බල පරතරයෙ විශාලත්වය බැලුවාම...
මිනිසෙකුට හෝ ගැහැණියකට කළ හැකි
අති සාහසිකම ඝාතනය
නූපන් කිරිකැටියෙක්
මවු කුස තුළම මරා දැමීම කියා
මම විශ්වාස කරනවා.
.
කළලයක් තියන බව දැනගන්න තුරු
කාන්තාවක් මවක් වෙන්නෙ නෑ.
කළලයක් ඇතිවීමෙන් මිදෙන්න
ක්‍රියා කරන්නෙ කාන්තාවක්...
ඇය තමා තුළ
කළලයක් තියනවද නැද්ද දන්නෙ නෑ.
ඇගේ ප්‍රාණ ඝාත චේතනාවක් නෑ.
ඇය දන්න තරමින් ඇය තුළ ජීවියෙක් නෑ.

සංසර්ගයේ යෙදුන කාන්තාවක්
පිළිසිඳ ගැනීමෙන් වළකින්න යොදන උපක්‍රම වලදි
තමන් තුළ කළලයක් ඇති කියලා
ඒ කළලය නසන්න ඕන කියන
ද්වේශ චේතනාවෙන් ඇය ක්‍රියා කළොත්
කළලයක් නොතිබුණත්
ඇගේ ද්වේශය අනුව කර්මයක් සකස් වෙනවා.
ඒ කර්මය ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ.

ප්‍රාණ ඝාතයක් සිදුවෙන්න නම්
පණ ඇති සතෙක් අවශ්‍යයි..

කළලයක් තියන බව දැනගන්න ක්ෂණයෙදි
ඇය මවක් බවට පත්වෙනවා.
ඉන් පසුව ළදරුවා ඇගේ කොටසක්..
පණ ඇති සතෙක්
ඇය ඒ ළදරුවා ඝාතනය කිරීම
මිනිසෙකු විසින් කරන
අතිශයින්ම සාහසික අපරාධයක්..

.
වෙනුකගේ අදහස තරම් හොඳ අදහසක්
ගබ්සාව ගැන දැකපු
එක සංවාදයකවත් මම දැකල නෑ.
දූෂණයකට ලක්වුණ කෙනෙක්...
හෝ අනවශ්‍ය ගැබ්ගැනීමක් ඇතිවෙයි
කියලා හිතන කෙනෙක්
කළලයක් ඇතිවෙන තුරු ප්‍රමාද වෙන්නෙ ඇයි?

20150617

AudioRead - Classic Novels - Audio books


Play the Audio book.


Chapter 1 starts at  8 : 10mts

On an exceptionally hot evening early in July a young man came out of the garret in which he lodged in S. Place and walked slowly, as though in hesitation, towards K. bridge.
He had successfully avoided meeting his landlady on the staircase. His garret was under the roof of a high, five-storied house and was more like a cupboard than a room. The landlady who provided him with garret, dinners, and attendance, lived on the floor below, and every time he went out he was obliged to pass her kitchen, the door of which invariably stood open. And each time he passed, the young man had a sick, frightened feeling, which made him scowl and feel ashamed. He was hopelessly in debt to his landlady, and was afraid of meeting her.
This was not because he was cowardly and abject, quite the contrary; but for some time past he had been in an over strained irritable condition, verging on hypochondria. He had become so completely absorbed in himself, and isolated from his fellows that he dreaded meeting, not only his landlady, but anyone at all. He was crushed by poverty, but the anxieties of his position had of late ceased to weigh upon him. He had given up attending to matters of practical importance; he had lost all desire to do so. Nothing that any landlady could do had a real terror for him. But to be stopped on the stairs, to be forced to listen to her trivial, irrelevant gossip, to pestering demands for payment, threats and complaints, and to rack his brains for excuses, to prevaricate, to lie—no, rather than that, he would creep down the stairs like a cat and slip out unseen.
This evening, however, on coming out into the street, he became acutely aware of his fears.

රස්කොල්නිකොව් යන දිසාව,
ඔහු වෙසෙන පරිසරය,
ඔහු සහ ගෙහිමි ස්ත්‍රිය අතර
පවතින සම්බන්ධය,
ඔහු මුහුණ පා ඇති ගැටළුව
ඔහුගෙ සිතේ බර
ආදියට හේතු විග්‍රහ කරමින්..
ඉතාම හෙමින් ඒ හරහා යද්දි
ඩොස්ටොයෙව්ස්කි ඒ එක ඡේදයෙන්
අපේ සිතේ මවන චිත්ත රූපය
කොතරම් ප්‍රබලද
කොතරම් පුළුල්ද කියා හිතුණා.

මේ තරුණයාගේ චිත්ත පීඩනය විසින්
ඔහු කුමක් සඳහා පොළඹවනු ඇත්දැයි
කතාවෙ නම අනුව අපි දන්නවා.

මේ කුඩා කොටසෙන්

ඩොස්ටොයෙව්ස්කි අපේ සිතේ මවන
රස්කොල්නිකොව්ගෙ මානසික පීඩනය දැනෙනවිට
ඔහු කරන අපරාධය කුමක්ද කියා අපට ඇති කුතුහලය වැඩි වෙනවා.

 The text of

==============================================








20150615

ඉන්න ඕනෑ මලක් වගේ. -බුද්ධදාස විතානාරච්චි

ජාති, කුල ගෝත්‍ර, ආගම්, දේශපාලෙයන් කොටු වී, 
බැඳීම්වලින් පටුවීම නිසයි මිනිස්සු ඉක්මනින් ජරපත් වන්නේ. 
අපි ඉන්න ඕනෑ මලක් වගේ.
ඇඳට වැටුණ ගමන් නින්ද යන්න ඕනෑ.



ගෙවත්තේ එක් කෝණක පිහිටි විසල් කුඹුක් ගසේ අතුපතර සෙලවෙන්නේ ලතාවකට යැයි මට සිතිණි. ගෙවත්තට ඇතුළත් වන්නට පෙර මා ඒ දෙසම බලා සිටියේ පුදුමයෙනි. මන්ද අපේ ගම් පියසේ නම් කුඹුක් ගස් තිබෙන්නේ නිවෙසට බොහෝ ඈතින් බැවිනි. නිවෙස අසලම තිබෙන මේ ශාකයේ සෙවණ නිසා දැනෙන සිසිලස මුළු ගෙවත්තේම පැතිර ගිය සෙයකි. ගෙවත්තට ඇතුළත් වන තැනම පිහිටි ඇහැළ රුක මල්වලින් බරව තිබුණු වගට සාධක ඒ දෙස බලන්නකුට පැහැදිලිවම පෙනෙයි. නිහඬ, නිසල පරිසරය නිවැසියන්ගේ විදිය කියාපාන සාධකයක් වැන්න. නිවෙස ඉදිරිපසට පැමිණි පසුව එහි ඇතුල් වන්නේ කෙසේදැයි මම අවට බැලීමි. එකණෙහිම මා නොසිතූ පෙදෙසකින් ඔහුගේ රුව මතුවිය.
“අපේ ගෙදරට පිවිසෙන තැන සොයා ගන්න ටිකක් අපහසුයි.”
මුවඟට නැඟි මද සිනාව සමඟ බුද්ධදාස විතානාරච්චි නම් ඔබ ආදරය කරන රංගන ශිල්පියාගේ ස්වරයේ වූයේ නිවිසැනසිල්ලේ කරන කතාබහකි. පියගැටපෙළ නැඟ ගිය තැන හමුවන්නේ සාලයයි. විසිතුරු බඩු භාණ්ඩවලින් තොරවූ සාලය චාම් ය. එහි සෙටිය හැරුණු විට ඇත්තේ පුටු කිහිපයකුත්, රූපවාහිනියත්, පොත් හා පින්තූර තබන ලද පුංචි කබඩයක් පමණි. මම යළිත් පුදුමයට පත්වීමි.
“මේ දවස්වල ඔබ මොනවද කරන්නේ?”
ඉදිරිපස අසුනේ අසුන් ගෙන උන් ඔහුගෙන් මම විමසීමි.
“ මේ දවස්වල මගේ සුපුරුදු රංගන කටයුතු කරගෙන යනවා. පසුගිය දවස්වල චිත්‍රපට කිහිපයක වැඩ කළා. ඉන් දෙකක් විතර තිරගත වුණා. ඉදිරියට එන්න තියෙන්නේ ‘ආලෝකෝ උදපාදි’ කියන චිත්‍රපටයයි. ඵෙතිහාසික කතාවක් වුණත් ඒකත් හොඳ චිත්‍රපටයක්. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ ඉවර කළා. මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. දැන් නිර්මාණ දෙකක වැඩ කරමින් පවතිනවා. ඉදිරියේදි ඒ නිර්මාණත් විකාශය වේවි.”
ඒ අතර කතාබහට හවුල් වීමට පැමිණෙන්නේ බුද්ධදාස විතානාරච්චිගේ බිරිය සීතා ලාලනී හේමමාලා විතානාරච්චි ය. නිශ්ශබ්දව පැමිණි ඕ සැමියා අසලින් අසුන් ගත්තේ අපේ කතාබහට බාධා නොවන අයුරිනි.
“පසුගිය කාලයේ බොහෝ කතාවල ඔබගේ රඟපෑම් අප දුටුවා.”
“ඉස්සර තරම් මම දැන් වැඩිය නිර්මාණ බාර ගන්නෙත් නැහැ. බොහෝ වෙලාවට පසුගිය දවස්වල නිර්මාණ හතරක එකට රඟපෑවා. ඒවායේ රූගත කිරීම් තියෙන්නේ එකක් බණ්ඩාරවෙල. තව එකක් කොළඹ. තව එකක් තවත් දිහාවක. එහෙම වුණාම ගමන් බිමන් යනවා ඇරෙන්න විවේකයක් ඇත්තේම නැහැ. නිර්මාණ කොයිතරම් හොඳ වුණත් කායික මානසික විවේකයක් නැහැ. එහෙම චරිතවලට පිවිසෙන එකත් පීඩාකාරියි. මොකද ගැඹුරු චරිතයකට සම වැදෙනවා කියන්නේ මානසික අභ්‍යාසයක් නේ. පිට පිට එවැනි චරිත කිහිපයකට සම වැදෙනවා කියන්නේ ඒකත් මානසික පීඩාවක්.”
විවේකය පිළිබඳ වඩාත් සිතන ඔහුගේ සිත සැනසිලිදායක බවට ප්‍රිය කරයි. ඒ අතර මීට වසර කිහිපයකට පෙර ගෙවූ නිර්මාණ දිවිය ගැන ද හේ මතකයට නැඟීමට අමතක නොකරයි. ඒ අතීතයේ විනාඩි කිහිපයක් සැරිසරන ඔහු යළිත් වර්තමානය හා සමීප වන්නේ මගේ ඊළඟ පැනයෙනි.
“ඒ කියන්නේ නිවෙසටම වෙලා විවේකයෙන් කාලය ගත කරනවා ද?”
“නිර්මාණවලට සහභාගි නොවුණත් වෙනත් වැඩකටයුතුවලින් ඉවරයක් නැහැ. ඒ කියන්නේ වැඩමුළු, දේශන වැනි බොහෝ කටයුතුවලට සහභාගි වන්නට අප අමතක කරන්නේ නැහැ. මගේ බිරිය වුණත් මේ දවස්වල නියැළෙන්නේ එවැනි කටයුතුවලට සහභාගි වෙමින්.”
ඔහු බිරිය හේමමාලාව අමතයි. හේමමාලා සිය ජීවිතය ආරම්භ කරන්නේ හෙදියක ලෙසිනි. ඉන්පසුව එකින් එක විභාග සමත් වන ඕ විවෘත විශ්වවිද්‍යාලයේ 2005 වසරේ සිට අංශ ප්‍රධානී ලෙස වසර හත හමාරක් කටයුතු කිරීමෙන් අනතුරුව ද දිගු කාලයක් සිය දැනුම බෙදා දෙන්නීය.
“තවමත් ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවද ?”
“ මේ වෘත්තියෙන් මා සමු ගන්නේ 2012 වසරේදී. ඒ වයස හැටපහ පිරුණාට පසුවයි. එහෙත් මට විශ්‍රාම ගියාට ගෙදර නතර වෙන්න ලැබුණේ නැහැ. ඒ වනවිට ආරම්භ කරන පෞද්ගලික විශ්වවිද්‍යාලයකට විෂය ප්‍රධානියා වී නර්සිං ඩිග්රි එක ඩිවොලොප් කරන්න කියලා ආරාධනා ලැබෙනවා. එතැනින් ඉල්ලා අස්වෙන්නේ මේ ජනවාරි මාසයේ අවසන් වනතුරු ඉඳලයි. ඒ අම්මාව බලා ගන්න ඕන නිසා. එහෙම වුණත් එහිත්, විවෘත විශ්වවිද්‍යාලයේත් විසිටින් ලෙක්චර් කෙනෙක් ලෙස තවමත් මගේ සේවය ලබා දෙන්නේ මා බොහොම කැමැත්තෙන්.”
හේමමාලි පවුලේ එකම දියණිය බැවින් සිය මවගේ වගකීම උරදරා සිටින්නීය.
“වගකීම් යුතුකම් දන්නා අපූරු දියණියක්.”
“අම්මාට වයස අවුරුදු අනූඅටක්. ඒනිසා ඇයව හොඳීන් බලාගත යුතු වෙනවා. මට ඉන්නේ සහෝදරයන්ම තුන්දෙනෙක්. දුවක් විදියට අම්මා කෙනෙක් ඉන්න ඕන මා ළඟයි. මගෙන් විය යුතු යුතුකම් සියල්ල ඉටු කරමින් ඇයව බලා ගැනීම මට පැවරුණු වගකීමක්. ඒ අතර ඉඩකඩ ලැබුණු විදියට අපේ දරුවන් බලලා එන්නත් අපි දෙන්නා අමතක කරන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාම ඉන්නේ විදේශ ගතවෙලා.”
මව්පියන් ලෙස තම දරුවන් අමතක කිරීමට ද ඔවුන්ට නොහැකිය. පළමු වැන්නී ප්‍රියංවදා ය. දෙවැනියා සිද්ධාර්ථ ය. බඩපිස්සී සුලෝචනා ය.
“ඔවුන් කලාවට සම්බන්ධ ද?”
“මෙහේ සිටින කාලයේ පුතාත්, පොඩි දුවත් රූපවාහිනියේ වැඩසටහන් කළා. පුතා නිෂ්පාදන කටයුතු තමයි කළේ. ලොකු දුවටත් ගීත ගයන්න පුළුවන්. පොඩි දුව තමයි මෙහේදි වුණත් රංගන කටයුතුවල නිරත වුණේ. එයා ඒ රටට ගියත් කලා කටයුතුවලින් ඈත් වී නැහැ. එහේ ඉඳගෙන නිර්මාණ කරණයේ නියැළෙනවා. අපිටත් මුනුපුරෝ, මිනිබිරියෝ කිහිපදෙනෙක්ම ඉන්නවා. පුතාට ඉන්නේ අවුරුදු අටක පුතෙක්. ලොකුදුවට පුතෙකුත්, දුවෙකුත්, පොඩිදුවට දූලා දෙන්නයි, පුතෙකුත් ඉන්නවා. ඒ වගේම මගේ වාසනාවන්ත අංකය වෙන්නේ අංක තුන බවයි මා සිතන්නේ. මා එහෙම පවසන්නේ මට ඉන්නේ දරුවන් තුන්දෙනෙක්. ඒත් සමඟම බෑනලා දෙන්නෙක් හා ලේලියෙක් ඉන්නවා. එතැනත් තුන්දෙනයි. මිනිබිරියෝ තුන් දෙනෙක් හා මුනුපුරෝ තුන්දෙනෙක් ඉන්න නිසා ඒ අයත් සම සමව ඒ අංකයට අනුගතයි.”
සොඳුරු රංගධරයා පවසන්නේ සොඳුරු සිනහවකින් අපට සංග්‍රහ කරමිනි. ඔහුගේ කලා ගමනට ඇගෙන් ලැබෙන්නේ මනා පිටුබලයකි. ඒ ඇයද කාලයක් කලාවට ලැදි, එහි නියැළුණු සබැඳීයක හෙයිනි.
“දවස ආරම්භ වෙන්නේ කොහොමද ?”
“ මම නැඟිටින්නේ පාන්දර 3.00ටයි. ඒවෙලාවේ පටන් පොතපත, පත්තර කියවන එකයි මගේ රාජකාරිය වන්නේ. බිරිය නැඟිටින්නේ උදේ 4.30ටයි. ඈ උදේට උයන්න අවශ්‍ය කෑම සූදානම් කරලා අපි දෙන්නාම හැමදාම උදේට කිලෝමීටර් තුනක් ඇවිදිනවා. ඊට පස්සේ ඇවිත් උයලා 7.00ට විතර දෙන්නත් සමඟම කෑම ගන්නවා. ඊට පස්සේ අනෙක් කටයුතුවල නියැළෙනවා.”
වැඩක් තිබුණද නොතිබුණද උදෑසනම අවදි වන බුද්ධදාස විතානාරච්චි බිරියගේ මුළුතැන් ගෙයි කටයුතුවලටද උදව් කරන්නේ මහත් ඕනෑකමෙනි. ඒ කටයුතු කරන බිරියට ඇසෙන්නට සොයාගත් අලුත් තොරතුරක් බුද්ධි කියවන්නේ මේ අතරය. ඇය සොයාගත් යමක් වේ නම් ඒ තොරතුරු දෙදෙනාම හුවමාරු කර ගැනීමද සිදු වන්නේ මේ අවස්ථාවේදීමය.
“නිවෙසේ මොනවගේ කටයුතුවලටද ඔහු ඔබට උදව් කරන්නේ ?”
“හාල් ටික සෝදලා රයිස් කුකර් එකේ තියන එක කරන්නේ මහත්තයා තමයි. ඒ වගේම පරිප්පු උයනවා නම් සෝදන්නෙත් ඔහුමයි. අපි දෙන්නාම මස්, මාළු කන්නේ නැහැ. එළවළු, පලතුරු, ධාන්‍ය වගේ දේවල් පමණයි අපි ආහාරයට ගන්නේ. මහත්තයා නම් කිරිවත් බොන්නේ නැහැ.”
බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වන මේ දෙපළ ගෙවන්නේ සැහැල්ලු ජීවිතයකි. කායික, මානසික වශයෙන් නිරෝගීව, සුව සේ හිඳීන මේ සොඳුරු යුවළ සිය ජීවන ඔරුව පැද යන්නේ කිසිදු බරක් දරාගෙන නොවේ.
“මට හැගෙන්නේ තවමත් ඔබ දෙපළ හදවතින් තරුණ අය බවයි.”
“ ලෝකය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකයත් සමඟ අපි වෙනස් නොවුණ හොත් ඊට අනුරූපව හැඩ නොගැසුණොත් අභාවයට යනවා. ඒ නිසා ඕනෑම කෙනෙක් සමඟ අපට කතාබහ කළ හැකියි. ජාති, කුල ගෝත්‍ර, ආගම්, දේශපාලෙයන් කොටු වී, බැඳීම්වලින් පටුවීම නිසයි මිනිස්සු ඉක්මනින් ජරපත් වන්නේ. අපි ඉන්න ඕනෑ මලක් වගේ. ඇඳට වැටුණ ගමන් නින්ද යන්න ඕනෑ. ”
ඔවුන් දෙදෙනා හදවතින් තරුණ වීමෙ රහස රැඳී ඇත්තේ මේ සිතිවිලිවල ය. ඒ සිතුවිලිවලට උපකාර වන අනෙක් සාධකය නම් මේ නිවසේ ඇති පුස්තකාලයයි. පොත් ඔවුන්ගේ මිතුරන්ය.
කාලය ගෙවී ගියේ සැනෙනි. ඒ නිසා මේ අපූරු මිතුරු යුවළගෙන්ද අපට සමුගන්නට කාලය පැමිණ තිබේ. මෙලෙස ජීවිතය විඳීමින් අනෙක් අයට සොඳුරු ජීවිතයක රහස කියාදෙන ඒ යුවළගෙන් අප නික්ම ගියේ ඔවුන්ට දීර්ඝා යුෂ පතමිනි.

-  තිලානි ශානිකා විතානාච්චි
සේයා රූ - මාලන් කරුණාරත්න
-Sarasaviya-

20150610

බුදු දහමෙහි සත්‍ය බව විමසන්නට සරල පරීක්ෂණයක්..


බුදුදහමෙහි සත්‍ය බව හා කාලීන බව පෙන්වන
මේ ධර්මතාවය සලකා බලන්න.
මේ ධර්මතාවය සෝ තැවුල් ඇති වෙන
ඕනෑම කෙනෙකුට අත්හදා බැලිය හැකි
සරල ධර්මතාවයකි.

සතර සතිපට්ඨානය
සෝතැවුල් ඉක්මයාමට එකම මාර්ගය ලෙස
බුදුන් වහන්සේ දේශනා කරනවා.

සෝ තැවුල් නම්
අතීතයෙ සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවීම්,
වියෝ වීම්, අහිමිවීම් ආදිය සිහි කරමින් ශෝක වීම සහ
අනාගතයේ  සිදුවිය හැකි හෝ සිදුවේයැයි සිතන
අභාග්‍යසම්පන්න සිදුවීම්,
වියෝ වීම්, අහිමිවීම් ආදිය පිළිබඳව
සිතමින් තැවීමයි.

මේ තැවීම් වලට සමානුපාතිකව කය තුළද
අප්‍රිය ජනක ජෛව රසායනික වෙනස් වීම් සිදුවෙයි.
සෝ තැවුල් වලින් දුක් විඳින්නට
මූලිකම හේතුව වන්නේ
මේ අප්‍රියජනක කායික වනස්වීම්ය.

සෝ ලතැවුලින් පීඩා විඳින විට
සිතෙහි ශෝකී බවක් ඇත.
ඇතිවෙන සිතුවිලි ශෝකී, පරාජිත සිතුවිලිය.
විටෙක මේ සිතුවිලි කෙනෙක්
මත්පැනට යොමු කරයි..
සිය දිවිනසාගන්නට පොළඹවයි.

මේ අවස්ථාවන්හි
වෙනත් අරමුණුවලට සිත යොදවා
සෝතැවුල් වලින් මිදුනද
එම අරමුණුද තාවකාලික බැවින්
නැවත සොවින් තැවෙන්නට අවස්ථාව උදාවෙයි.

කිසිදු බාහිර සාධකයක ආධාරය නැතිව
සෝ තැවුල් වලින් මිදෙන්නට මෙන්ම
ඉන් ඇතිවෙන අභ්‍යන්තර වෙනස්වීම්ද
ඒ සමගම සමනය කරගන්නට
බුදු දහමෙහි මග පෙන්වා ඇත.

සෝතැවුල් ඉක්මයාමට ඒකායන මාර්ගය වූ
සතර සතිපට්ඨානය නම්
කය පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
වේදනා පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
සිත පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
සිතුවිලි පිළිබඳව සිහිය සහ උපේක්ෂාවයි.

මේ සතර ගැන සිහියෙන් හා
මේ සතරට උපේක්ෂාවෙන් වෙසෙන විට
සෝතැවුල් ඉකමවන්නට හැකිවන්නේ කෙලෙසද.?

සෝ තැවුල් ඇති වෙන විට අපේ සිත් පවතින්නේ
අනාගතයෙහි හෝ අතීතයෙහිය.
මේ සිත වර්තමානයට ගෙන ඒම නිසා
සෝතැවුල් ඇතිවෙන අරමුණු වලින් සිත මිදෙයි.
සෝ තැවුලින් මිදෙන්නට පළමු හේතුව එයයි.

දෙවනුව වර්තමානයට ගෙන එන සිත
අප යොදවන්නේ
සිත, කය දෙකට සහ
සිත, කය  දෙකෙහි වෙනස්වීම් දකින්නටය.

සෝ තැවුල් ඇතිවෙන විට ඊට අදාළව
කයෙහි ජෛව රසායනික වෙනස් වීම් සිදුවෙයි.
මේ ජෛව රසායනික වෙනස් වීම්
වේදනා ලෙස කයෙහි ප්‍රකට වෙයි.
කයෙහි අප්‍රාණික, මළානික බවක් දැනෙයි.
හදවතෙහි උගුරෙහි වෙනස්කම් දැනෙයි.

මේ වෙනස්කම් පිළිබඳව සිහියෙන් වෙසෙන විට
මේ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන් සිටිනවිට
සෝ තැවුල් ඇති වීම නතර වෙයි.
සිත මුළු කය පිළිබඳවම
සිහියෙන් පවතිද්දි සිතට විවේකයි.
සිතේ පවතින උපෙක්ෂාව නිසා
සිත විවේකයෙන් පසුවෙයි.
සිතට සාපේක්ෂව
කය විවේකයෙන් පසුවෙයි.

සිත විවේකයෙන් නිසා
මොළයත් ස්නායු පද්ධතියත්
විවේකයෙන් පසුවෙනවා.

විවේකයක් ලද විටකදි
කයෙහි සිදු වී ඇති වෙනස්කම්
යථාතත්වයට පත් කරගැනීම කයෙහි
සාමාන්‍ය ස්වභාවයක්.
ඒ අනුව කය පිරිසිදු වෙනවා.
කය අනුව සිතත්  පිරිසිදු වෙනවා.
සිත නිවෙනවා.

ඒ ක්‍රියාවලියෙදි
ජෛව රසායනික අපද්‍රව්‍ය ඉවත්වෙන නිසා
කයෙහි දැනුන අප්‍රසන්න වේදනා මැකෙනවා.
ඒ අනුව
සිතත් කයත් සහනය ලබනවා.

සෝ තැවුල් ඉක්මවන්නට
සතර සතිපට්ඨානය සරණ වන්නේ එසේයි.
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත
මේ ධර්මය විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකිය.
මේ ධර්මය සැම ආගමකටම පොදුය.
මේ ධර්මය සැම ජාතියකටම පොදුය.
මේ ධර්මය සැම කාලයටම පොදුය.



නවීන විද්‍යාවට බුදු දහම අභියෝගයක්....


Nadeesha Nimalka[[[[ නවීන විද්‍යාව තුල කියවෙන ආකාරයට යථාර්තය යනු නිරීක්ෂකයා හා නිරීක්ෂය එකතුවෙන් සෑදෙන නිරීක්ෂනයක් පමණයි. ඒ නිසා නිරීක්ෂනයට පිටතින් නිරපේක්ෂව පවතින හෝ (ඉන්ද්‍රියගෝචර නොවන) යථාර්තයක් ගැන කතාකිරීමෙන් ඵලක් නෑ.]]]

නදීෂ කියන විදියට
යථාර්තය යනු
නිරීක්ෂකයා හා නිරීක්ෂණය එකතුවෙන් සෑදෙන
නිරීක්ෂණයක් පමණයි.

සමස්ත බුදු දහම රඳා පවතින්නෙ
ඔබ මේ කියන ආකාරයේ නිරීක්ෂණය මතයි.

විද්‍යාව බිහිවුණේ
වසර දෙදහසකට පසුව නිසා
විද්‍යාවත් බුදු දහම පහළ වීමෙ
ප්‍රතිඵලයක් කියන්න පුලුවන්.

බුදු දහමෙ පදනම ඉතාම සරලයි.
වෙනත් විද්‍යාඥයන් මත හෝ
උපකරණ මත යැපෙන්නෙ නැහැ.

මොහොතක් පාසා
තමන් තුළත් අවටත් සිදුවෙන සියලු දේ
පිළිබඳව සිහියෙන් පසුවෙමින්
හොඳ හෝ නරක වශයෙන් නොගෙන
කැමති අකැමති වශයෙන් නොගෙන
සමස්තයක් ලෙස නිරීක්ෂණය කිරීම
විපස්සනා නමින් හැඳින්වෙනවා

ඒ නිරීක්ෂණය කරන්නෙ
ඔබ පිළිබඳ යථාර්ථයයි..
මේ මොහොතෙ යථාර්ථයයි..
මොහොතින් මොහොත වෙනස් වෙන
යථාර්ථයයි..

නදීෂ කියන විදියටම
ඒ නිරීක්ෂණයට පිටතින්
නිරපේක්ෂව පවතින හෝ
(ඉන්ද්‍රියගෝචර නොවන) යථාර්තයක් ගැන
කතාකිරීමෙන් ඵලක් නෑ.

විපස්සනා වඩන කෙනෙකුට
තමා ගැන කරන නිරීක්ෂණයට පිටතින්
නිරපේක්ෂව පවතින හෝ
(ඉන්ද්‍රියගෝචර නොවන) යථාර්තයක් නෑ.

නවීන විද්‍යාව
බුදු දහමට අභියෝගයක් නොවෙන්නෙ
විපස්සනා වඩන කෙනෙකුට
තමා ගැන කරන නිරීක්ෂණයට 
පිටතින්
නිරපේක්ෂව පවතින හෝ
(ඉන්ද්‍රියගෝචර නොවන) යථාර්තයක් නැති නිසයි...

බුදු දහමට නවීන විද්‍යාවට අභියෝගයක්....
නවීන විද්‍යාව
යන්තම් ස්පර්ශ කරන පටු මිනිසුන්ට
බුදු දහම කොහෙත්ම ස්පර්ශ කරන්න බැහැ..

නවීන විද්‍යාවට
බුදු දහම අභියෝගයක් වෙන්නෙ
මිනිසාගේ සිත සහ කය පිළිබඳ යථාර්ථය දැකීමෙදි
බුදු දහමට ළංවෙන්නවත් නවීන විද්‍යාවට නොහැකි නිසයි.

නවීන විද්‍යාව හොඳින් දන්නා අය
බුදු දහමට ගරු කරනවා.

නවීන විද්‍යාවෙදි
සිතත් කයත් පරීක්ෂා කරන්නෙ
වෙනත් අයගෙ ශරීර තුළයි.
සමහරවිට මීයන් වැනි සතුන් තුළයි.

බුදු දහමෙදි
සිතත් කයත් නිරීක්ෂණය කරන්නෙ
තමන් තුළමයි.
ඒ නිරීක්ෂණ වලට අභියෝග කරන්න
කිසිම විද්‍යාඥයෙකුට බැහැ.

කෝපය නිසා මිනිසෙකු තුළ සිදුවෙන
කායික සහ මානසික වෙනස පරීක්ෂා කරන්න
නවීන විද්‍යාව පරීක්ෂණයක් කළොත්
electroencephalogram (EEG)යන්ත්‍රයක් සවි කරලා
electrocardiogram (ECG) යන්ත්‍රයක් සවි කරලා
රුධිරය මුත්‍රා පරීක්ෂා කරලා
කෘතිමව කෝපය ඇති කරලා
විශාල යුද්ධයක් කරාවි.

බුදු දහමට අනුව
කෝපය නිසා මිනිසෙකු තුළ සිදුවෙන
කායික සහ මානසික වෙනස
නිරීක්ෂණය කරන ක්‍රමය කියන්නෙ
විපස්සනා නමින් හැඳින්වෙන
දුකෙන් මිදෙන මාර්ගයටයි.

වෙනත් විද්‍යාඥයන් මත හෝ
උපකරණ මත යැපෙන්නෙ නැතිව
ස්වයං නිරීක්ෂණයක් කරන
ඔහු තුළ වැඩෙන ප්‍රඥාව
ඔහුගෙ ජීවිතය තුළ විඳින
දුකෙන් මිදෙන්න ඔහුට ප්‍රමාණවත්.

මිනිසෙකු තුළ සිදුවෙන කායික සහ මානසික වෙනස් වීම්
විපස්සනා ක්‍රමයට  නිරීක්ෂණය කරන කෙනෙකුට
වෙනත් කිසිම මාර්ගයකින් ලබන්න බැරි
ප්‍රථිඵල පහක් ලැබෙනවා.

1, සත්වයාගේ විශුද්ධිය,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීම.
3, දුක් දොම්නස් අස්තංගත වීම
4, ප්‍රඥාව ඉහළ යාම
5, නිවන සාක්ශාත් කිරීම

ඔහු කෝපයට පත්වුණාම පමණක් නොවෙයි,
වෙනත් දුක් දොම්නස්, සෝ තැවුල් ඇති වුණාම
ඒ මොහොතෙම...
තමන් තුළත් අවටත් සිදුවෙන සියලු දේ
පිළිබඳව සිහියෙන් පසුවෙමින්
හොඳ හෝ නරක වශයෙන් නොගෙන
කැමති අකැමති වශයෙන් නොගෙන
සමස්තයක් ලෙස නිරීක්ෂණය කිරීම නිසා
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීම.
3, දුක් දොම්නස් අස්තංගත වීම
ඒ මොහොතෙම සිදු වෙනවා.

ඔහු තමන් තුළ විඳ ප්‍රත්‍යක්ෂ කරන
තමන්ගෙ කය සහ මනස පිළිබඳ යථාර්ථය
ඔහුට අවබෝධ කරදෙන්න
කිසිම විද්‍යාඥයෙකුට බැහැ.
ඒ නිරීක්ෂණ වලට අභියෝග කරන්න
කිසිම විද්‍යාඥයෙකුට බැහැ.

ඔහු අංග හතරක් නිරීක්ෂණය කරනවා.
1, කය,
2, වේදනා, ( කයෙහි වෙනස්වීම්. )
3, සිත,
4, ධම්ම ( සිතෙහි වෙනස්වීම්. )
ඔහුගේ සම්පූර්ණ ලෝකයම මෙහි තියනවා.
ඔහු සසර පුරා කල කීදේත්
උපන්දා පටන් කළ කීදේත්
මේ මොහොතෙහි සිදුවෙන දේත්
මේ හතර මගින් පිළිබිඹු වෙනවා.

ඔහු තමා නිරීක්ෂණය කිරීමෙන්
ඔහුගේ ලෝකයම නිරීක්ෂණය කරනවා.
තමන් දුක් විඳින ආකාරය
ඔහු සැබැවින්ම දකින්නෙ මේ අවස්ථාවෙදියි..

ඔහු සමස්ත සත්වයාගෙ දුක
තමන් තුළින් අවබෝධ කරගන්නවා.

තමන් තුළත් අවටත් සිදුවෙන දේ
හොඳ හෝ නරක වශයෙන් ගැනීම
කැමති අකැමති වශයෙන් ගැනීම
දුකට හේතුවෙන බවත් ඔහු දැනගන්නවා.

ඔහු අනුගමනය කරන්නෙ දුකෙන් මිදෙන
ඒකායන මාර්ගයයි...

දුකෙන් මිදීමත්
මොහොතෙන් මොහොතට
ඔහු තුළ සිදු වෙනවා.

විද්‍යාව වෙනත් අය තුළ පරීක්ෂා කරලා
උපකරණ හා ඉඳුරන් මගින් ලබන
සීමිත දැනුම වෙනුවට
ඔහුගෙ මට්ටමෙන්,
කයත් මනසත් පිළිබඳව ඔහුට කළ හැකි
අංග සම්පූර්ණ පරීක්ෂණය
ඔහු කරනවා.

ඔහු තමා තුළ සිදු කරන්නෙ
මිනිස් ඉතිහාසයේ මෙතෙක් සිදු කළ
හොඳම පරීක්ෂණ වලින් එකක්.
ඔහුට අනන්‍ය වූ පරීක්ෂණයක්.

විපස්සනා නමින් හැඳින්වෙන
බුදුන් වහන්සේ සොයාගත් මේ ක්‍රමය මගින්
තමා තුළ තමා නිරීක්ෂණය කරමින්
කෙනෙක් ඇතිකරගන්නා ප්‍රඥාවට
උපකරණ මගින් වෙනත් අය තුළ කරන
සීමිත පරීක්ෂණ හා නිරීක්ෂණ මගින්
වරින් වර එළඹෙන නිගමන අනුව
නිශ්පාදනය කරගන්නා පටු දැනුම
කිසි සේත් සමාන කරන්න බැහැ..


බුදු දහම කියන්නෙ  
අඳුරු ලෝකයට හිරු නැගීමයි.

  

විද්‍යාවෙන් කරන්නෙ අඳුරට විදුලි පහන් දැල්වීමක්..

20150609

බඹර ගලින් රූටාලා... සඳ නිවුනිද කියපන් මයෙ මලයා.




 බඹර ගී පිළිබඳව සිහිකරන විට 
නෙතට කඳුලු නංවමින් නිතැතින්ම සිහි වන ගීයකි... 
සඳ සාවී මා.


 විසල් ගල්කුළුවල බඳෙහි බැඳි
බඹර වද කපන්නට යන බඹර කපන්නා
සවිමත් කඹයක එල්ලී පහත බසින්නේ
සිය ජීවිතය කඹය අල්ලාගෙන සිටින්නාගේ
දෝතට භාර දෙමිනි.


 

බඹර කපන්නට  
ගල්කුළු බඳෙහි පහත බසින විට  
බඹර කපන්නා කඹය දෙන්නේ
බිරිඳගේ සොහොයුරා අතට බව
අප අසා ඇත.

හේතු දෙකක් අපට සිතා ගත හැක.


එකක් නම් 

සිය නැගණිය අනාථ කරන්නට අකමැති
මස්සිනා ලණුව අත නොහරින බව සහතික නිසාය.


ඔහුගේ වරදින් හෝ අත්වරදින්
බඹර කපන්නා මියගියහොත්
ඔහුගේ බිරිඳ හා දරුවන් රැකී
ම 
මස්සිනා විසින් කරනු ඇතැයි යන
නියත බලාපොරොත්තුවෙන් බව
අනෙක් හේතුව බව
වඩාත් විශ්වාස කළ හැකිය.


 බඹර කපන්නට ගොස්ගලපල්ලේ වැටී නැහුණු සැමියා පිළිබඳ
මලයාගෙන් විමසන අසරණියකගේ ශෝකාලාපයයි මේ.



සඳ සාවී මා...
සඳ මඩලේ පාළුවේ මෙදා...
බඹර ගලින් රූටාලා..
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....

දෙමස්සිනාලා....
මල් පැණි බීවා දෝ....
බඹර කපන්ටා..බඹර කපන්ටා..
බමන මතින් කරණම් ගැසුවාදෝ..
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...

සිත පෑරීලා...
බඹරුන් ඇන්නා දෝ...
අම්මා පල්ලා...අම්මා පල්ලා...
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...


මෙහි විලාපයක ස්වභාවයෙන්
හිත කීරි ගැහෙන අඳෝනාවෙන්
ඇය සිය සොහොයුරාට
ඉඳුරාම නොපවසන
දෝෂාරෝපණයක් අපට ඇසෙයි.

සිසිර දිසානායක ලියූ
රන්වල ජන සංගීත කණ්ඩායම සමග
වසන්තා මධුරාංගනී ගැයූ සඳ සාවී මා ගීතයට
ලයනල් රන්වලයන් තනුව මුසු කර ඇත්තේ
ජන සංගීතය ඇසුරු කරගෙන වෙස්සන්තර විරිතට අනුවයි.

ජන ගීයේ රුව ආත්මය කොටගත් ගීත රචකයා 
සිසිර දිසානායක 



---------------------------------------------------------------------------------------

සඳ සාවී මා ගී තනුවේ මූලාශ්‍රය
වෙස්සන්තර ගී වලට සම්බන්ධ බවට ඉඟියක් සහ
අසරණ වූ යුවතියගේ, ඇගේ මලයාගේ සහ
කම්පාවට පත්වූ ගම්මුන්ගේ දුක නිරූපනය කරන
ඉඟි නලුවක් සහිත කෙටි රසාංගයකි.


නේපාලයේ බමර කපන්නෝ.


===============================================================

 බමර ගී

පළ කලේ තුන්පත් රටා
ලිව්වේ : LishWish.
අතහිත : ප්‍රේමරත්න සොයිසා ගුරුපියාණන්.

විජයාවතරණයටත් පෙර පටන් සිරිලක බිම නිජබිම කොට ගත් අපේ ආදිතමයා වශයෙන් හැඳින්වෙන්නේ වැද්දා ය. දඹාන, බිංතැන්න, නිල්ගල වැනි වන ගහන වල ජීවත් වූ වැද්දාටම ආවේනික සංස්කෘතික ලක්ෂණ තිබේ. යකුන්, ගස්, ගල්, හිරු, සඳු ඇදහීය. ඒ වෙනුවෙන් පුද පූජා පැවැත්වීය. ඔවුහු නැටූහ. ගී ගැයූහ. වැදි පෙරහර ඒ සියල්ලෙන් ම සම්පූර්ණ විය. නිදසුනක් ලෙස කිරිකොරහ ශාන්තිකර්මයකි. කන්දේ යකා හා බිළිඳු යකා ඉන් පුද ලබති.

බමර කැපීමද වැදි ජීවන රටාවේ තවත් විශේෂ වූ අංගයකි. දසමස් කල් තබා ගැනීමට පැණි අවශ්‍ය විය. ඒ සඳහා මී වද බමර සොයමින්, ගල් රුප්පා, රූස්ස ගස් සරා මහා වනය පීරති. "නොදියුණු" නූගත් යන වදන විශේෂණය කොටගත්තත් වැද්දෝ අපට වඩා නුවණැත්තෝ ය. ඔවුන් නිවහල් ය, නිදහස් ය. සතුටින් සාමයෙන් කාලය ගෙවන්නෝය. එවන් ජනසමාජය ක නැටුම්, ගැයුම් වැනි කලා රසාංග මතුවන්නේ නිතැතිනි.

"මලී ගී" නමින් ද හැඳින් වෙන බමර ගී පිළිඹඳ කතාව අවස්ථා කිහිපය කි. කඳු, හෙල්, පල්ලම් තරණය කර රූස්ස ගස් නගින හැටි, ගල් නලළත ට පැමිණෙන අයුර, බමර දකින විට ඇතිවෙන සතුට, ඉන් උද්දාමයට පත් වෙන හැටි, එසේ වී දෙවියන් වෙනුවෙන් ඒවා ගායන කරන හැටි යන අවස්ථා වර්ණවත් කලේ කවියෙන්, කිසිවකින් ඔවුහු අනුකරණ නොකරන ලද්දා හ. ගැයුවේ අවංක සිතිනි. අව්‍යාජ අදහසිනි. ජීවනයේ දුක්, කම් කටොලු ගන විස්තර එහි ඇතුලත් වී ඇත්තේ ය.

පදවැල් ඉතා සරළ ය. ඔවුන්ට ම අවේණික වූ බැද්ද, හුරා, රිස්ස වැනි පද යහමින් යෙදී ඇත. ස්වර පරාසය පටු ය. එහෙත් වෙන කිසිම ජන ගී රටාවක ට සම කල නොහැක.

ගල් ඇඳි වල බැඳ ඇති බමර කැපීමේදී, රසවත් කතා ඇසිය හැකිය. ගල නලළත පහලට බැසීමට, ශක්තිමත් වැලක් යොදාගනී, එහි මුල ඇල්ලීමට ඉඩදෙන්නේ තම මස්සිනාට පමණි. ඒ වෙනත් කෙනෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි නිසා ය. ලොකු ගස් වල ට නගින්නේ වෙනත් කුඩා ගසක ඇති වැලක ආධාරයෙනි. ඔන්චිල්ලාවක සේ පැද්දී පැද්දී යමින් දුම් අල්ලා මැස්සන් පලවා හරින්නේ සිය ජීවිතය ද පරදුවට තබා ය.

බමර කැපීමද ඉතා විචිත්‍ර ය.
බමරය කපන්නට යාමද අඟවන්නේ කවියකිනි.

මැණික් රජා හට ගොස් පවසන්නේ
බමර කපන්නට යමං කියන්නේ
දකුණට රං කඩුවක් අරගන්නේ
වමතට ගිනි පන්දමක් දරන්නේ

බමරය අසලට යන වැද්දා කැපීමට පෙර දෙවියන් යදී.
ඒ සිය ජීවතය හා අතවැසියාගේ ජීවිතය වෙනුවෙනි.

සිද්ද පරකාස දෙවි හාමුදුරුවනේ
තිත්ත රන් දුන්න ගන තේව කරමිනේ
සිද්ද වෙවන් පිනිදිය උඹට කැප උනේ
වැන්ද මෙන්න බුදුවෙන හාමුදුරුවනේ

බමරුන් ගසින් හෝ ගලෙන් ඉවත් ව ගිය පසු එහි මුදුනට වී සිටින වැද්දාට අවට සිරියාව යහමින් දකින්නට වරම් අවකාශ තිබේ. ඒ සතුට බමර කඩන්නා පෙන්වන්නේද කවියකිනි.

බැද්ද අවට සුදු මොර මල් පිපීලා
සද්ද කර බමරු ඒ වග අඬාලා
ඉටිත් පැණිත් ලොව හැමතැන බෙදාලා
යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා

වේලි හෙලට මේ මහ හෙල උස වැඩියා
ඒ දුනුවැල ඇදලා මගේ රිස්ස ගියා
ලොවේ සේනාව හෙලයට වැටී ගියා
ඉටි පැණි නැතිව උන් හෙලයට වැටී ගියා

බමරය කපන්නට ගසට නගින වැද්දා මෙසේ කියන විට පහල සිටින අතවැසියාද ඒ හඬ ගසා කියති.., එසේ ගෝෂා සහිතව ගයන්නේ වලසුන්ගේ උපද්‍රව ද මඟ හැරී යාමට ය. බමර පැණි ආපසු ගමට ගෙන යාමේදී ද දෙවියන් ගෙන් අවසර ගැනීමට ද අමතක නොකරති.

වේලි හෙලේ හෙල වටකර මුලුල්ලා
ගල් නලලත බැන්දා වැනි තොටිල්ලා
පාදන් පොලට එන කොටකර කැවිල්ලා
හෙලේ බසින්නට අවසර අර ගල්ලා

මේ අති සරළ ජීවන ක්රමය අතීත ජනයා ගෙව්වේ කලාවත් එක්කොට ගෙනය. ඔවුන් ස්වභාව ධර්මයට සැලකුවේද ස්නේහයෙනි, ස්වභාව ධර්මයද ඔවුන් ව අමතක නොකළේ ද එනිසා විය හැකිය. අද අපට අහිමි වී ඇත්තේ ද එයම ය.
----------------------------------------------------------------
ලිව්වේ : LishWish.
අතහිත : ප්‍රේමරත්න සොයිසා ගුරුපියාණන්.
================================================================

Mudalinda Janappriya මෙසේ කියයි.
මේ ලිපියෙන් කියවෙන විදියට බඹර කවි ඉපදෙන්නේ වැදි ජනතාවගෙන්..
නමුත් එය වැරදි මතයක්..
බඹර කවි භාවිතා කළේ ගම්වල වාසය කළ සාමාන්‍ය ජනතාව බඹර කපන්නට යද්දීයි.. වැදි ජනතාව බඹර කෙටීම සහ මී කැඩීම බහුලව සිදු කළත් බඹර කවි අයත් වන්නේ ඔවුන්ට නොවෙයි..වැදි ජනතාව භාවිතා කළේ වැදි බසයි.. නමුත් මේ බඹර කවි වල තියෙන්නේ සිංහල ගැමි වහරයි..

අනෙක් කරුණ මා අසා ඇති පරිදි සඳ සාවී මා ගීතයේ බඹර කැපීමට සම්බන්ධ අත්දැකීමත් වුවත් එහි සංගීත භාවිතාව ඇසුරු කර ඇත්තේ ‘වැළපුම් ගී‘ නාද රටාවක්.. බඹර කවි වල නාද රටාව නොවෙයි...

=======================================
මූලාශ්‍රය
බඹර ගලින් රූටාලා... 
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.
 ==============================
ජන ගීයේ රුව ආත්මය කොටගත් ගීත රචකයා 
සිසිර දිසානායක 

20150608

ඔබ කාමය හඳුනනවාද...?



කාමය ස්වාභාවිකද?

ඔබ කාමය රස විඳින්නට මවන
සිහින ස්වාභාවිකද?

කාමය කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?

ආහාර ගැනීම කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?

හුස්ම ගැනීම
ඔබේ මානසික අවශ්‍යතාවයක් නොවන්නේ ඇයි.?
ඔබේ කියා ඔබ අයිතිකර නොගන්නේ ඇයි.
ඔබ හුස්ම වැටෙනවා දන්නේවත් නැත්තේ ඇයි..?

පළමු දෙකටම වඩා
ඔබට අවශ්‍ය වෙන හුස්ම ගැනීම
ඔබේ අවශ්‍යතාවයක් කියා
අයිති කරගන්නෙ නැත්තෙ ඇයි..?

හුස්ම ගැනීමට ප්‍රියජනක තැන් සොයා
ඔබ නොයන්නේ ඇයි?

කාමයෙහි හැසිරීමෙන්
ඔබට උපරිම වින්දනයක් ලැබෙන ආකාරයට
නවපන්නයේ හුස්ම ගැනීමේ ක්‍රමයක්
කිසිවෙකු නිපදවූවොත්
ඔබත් ඇතුළුව කාමය රසවිඳින ලෝකයා
ඒ ක්‍රමය වෙනුවෙන් කීයක් ගෙවාවිද?

ඔබ හුස්ම වැටෙනවා දන්නේවත් නැති ඔබ
කාම රසයට, ආහාර රස වින්දනයට
තදින් බැඳෙන්නේ ඇයි..?

කාමය, ආහාර ගැන කියවීමෙන්,
රූප දැකීමෙන්, සිහින මැවීමෙන් පවා
මිනිසා ලබන ප්‍රියජනක උත්තේජනය කුමක්ද?
ඒ ප්‍රියජනක උත්තේජන වලට
මිනිසා වහල් වන්නේ ඇයි..?

කායිකව විඳින දෙයක්
මනස අත්පත් කරගැනීම නිසා
මිනිසාගේ ආශාවන් වලට
තටු ලැබෙන්නේ කෙසේද?

කායිකව විඳින
ප්‍රියජනක වේදනා වෙනුවෙන්
මනස දුක් විඳින්නේ ඇයි?


කායිකව විඳින
ප්‍රියජනක වේදනාවක් වෙනුවෙන්
ස්ත්‍රී දූෂණයට පෙළඹෙන මිනිසා
තවත් අහිංසක ජීවිත විනාශ කොට
තමනුත් විනාශ වන්නේ ඇයි.?

කාමයෙන් හෝ ආහාර රසවිඳීමෙන් හෝ
ප්‍රියජනක වින්දනයක් ලබන විටක
ඒ වින්දනයෙන් කුල්මත්වෙන කය තුළ
ඒ ප්‍රියජනක උත්තේජනය
අනෙක් සංවේදනාවන්ට සාපේක්ෂව
සිහියෙන් දකින්නට ඔබට හැකිද?

ඔබ විඳින සංවේදනාවෙහි
සැබෑ ස්වරූපය ඔබට දැකිය හැකිද?


ඒ සංවේදනා පහළ වෙන අයුරු
පවතින අයුරු, බිඳී වියැකී යන අයුරු
ඔබ කවදා හෝ දැක තිබේද?

ඔබ රස විඳින අරමුණු පිළිබඳව
ඇසින් හෝ කණින් ලැබෙන උත්තේජනයන් නිසා
ඔබ කය තුළ පහළවෙන ප්‍රියජනක සංවේදනා
ඔබ හඳුනනවාද?

ප්‍රියජනක සංවේදනා විඳින්නට
දින ගණන් මාස ගණන් වසර ගණන් සිහින මවන ඔබ
ඒ සංවේදනා විඳින විට සැබැවින්ම දකින්නේ
ඔබට දැනෙන සංවේදනා වලින්
ඉතාම සුළු ප්‍රමාණයක්
බැව් ඔබ දන්නවාද?

ඔබ ඔබේ කයට කොතරම් සංවේදීද?

ඔබේ සංවේදී බවෙහි සීමාව තුළ
හුස්ම නාසයෙහි ස්පර්ශ වෙන බව දැනෙනවාද?

ඔබේ කයෙහි ඇඳුම ස්පර්ශ වෙන බව
දැනෙනවාද?

ඔබේ සමෙහි ස්පර්ශවෙන සියල්ලෙන්
ඔබ දකින්නේ කොතරම් සුළු ප්‍රමාණයක්ද?

ඔබ පෙරුම් පුරා රස විඳින දේවල් වලින්
ඔබට සැබැවින්ම ලැබෙන රසයෙන්
ඔබ විඳින්නේ කොතරම් සුළු ප්‍රමාණයක්ද?

ඔබට මේ පරාසය වැඩි කරගත නොහැකිද?

ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන තරමට ඔබේ සිහිය සියුම්ද?

ආශ්වාස ප්‍රශ්වාසය නොදැනෙන්නේ
ඔබේ සිහිය ගොරෝසු නිසාද?

ඔබේ ගොරෝසු සිහිය
ඔබේ රස වින්දනයට බලපානවා.

ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන තරමට
ඔබේ සිහිය සියුම් වුවහොත්

ඔබේ සංවේදී බව වැඩි නොවෙයිද?

අවසිහිය සිහිය බවට පෙරළාගෙන
සිහිය පිහිටුවා ගත් තරමට
ඔබට ලැබෙන තොරතුරුවලින්
ඔබ ග්‍රහණය කරගන්නා ප්‍රමාණය
වැඩිවෙනවා නොවේද?

සැබෑ ජීවත්වීම
ඔබ තුළත් පිටතත් සිදුවෙන සියලු දේට
තෝරාගැනීමකින් තොරව සංවේදී වීමයි.