20150530

අවසිහිය කියන්නෙ සාමාන්‍ය මිනිසෙකුගෙ මානසික තත්වය



Nadeeka Chaminda 
[[[ අවසිහිය යන්නෙන් අදහස් කලේ කුමක්ද..කුමන මානසික තත්වයක්ද..]]]
 
අවසිහිය කියන්නෙ
සාමාන්‍ය මිනිසෙකුගෙ මානසික තත්වය..
 මොහොතක් තුළ
සාමාන්‍ය කෙනෙකුට ලැබෙන තොරතුරු වලින්
ඉතා සීමිත ප්‍රමාණයක් ගැන විතරයි
ඔහුට සිහිය තියෙන්නෙ..

 
සිහිය අඩුවෙද්දි අවසිහිය වැඩි වෙනවා.
මත් පැන් බිව්වම සිහිය අඩු වෙනවා.
පොත පතට ඇබ්බැහි වූ අය
හිතලු මවන විට සිහිය අඩුයි..
පෙම්වතුන්ගෙ සිහිය අඩුයි..

කිසියම් දෙයක් නිසා
සතුටෙන් ඉන්න අයට සිහිය අඩුයි.

දුකෙන් ඉන්න අයට සිහිය අඩුයි.

තරහෙන් ඉන්න අයට සිහිය අඩුයි.

කාමය ඇවිස්සුණ ඉන්න අයට සිහිය අඩුයි.

ආවේගශීලී අය ඉන්නෙ අවසිහියෙන්.
ඔවුන් අතින් වැරදි සහ
අපරාධ පවා සිදු වෙන්නෙ
අවසිහිය නිසා.
 
වයසට යනකොට
හොඳටම සිහිය අඩුවෙනවා.


පරිගණකයක හාර්ඩ් ඩිස්ක් එක
ෆයිල් වලින් පිරෙන කොට
පරිගණකයෙ වේගය අ
ඩුවෙනවා වගේ
දවසින් දවස සිහිය පිරිහෙනවා.

සිහිය පිරිහෙන මිනිස්සු
වයසට යන කොට
නෑදෑයන්, හිතවතුන්, රැකියාවන්, තනතුරු,
වගකීම් අතහරිමින්
අඩුවෙන සිහියෙන් අත්‍යාවශ්‍ය දේ
කොහොම හරි කරගන්න නිසා
හොඳටම වයසට යන තුරු
අවසිහියෙ තරම තේරෙන්නෙ නෑ.

ඔබේ අතපය තියෙන තැන ගැනවත්
ඔබට සිහිය නෑ.
සිහිය නෑ කිව්වාම හිතල බැලුවොත් දැනෙනවා..
 ඒ මොහොතට පෙනෙනවා.
තව මොහොතකින් ආයෙත් අවසිහියට පත්වෙනවා.

උතුරු සලුව පත්කඩය සහිතව
එක පෝයක්වත් සිල් ගත්ත කෙනෙක්
සිහියෙ තරම දන්නවා.
තියන සීමිත සිහිය සමග
උතුරු සලුව, පත්කඩය රැකගන්න
ලොකු වෙහෙසක් දරන්න වෙනවා.

බොහෝ දෙනෙක් උතුරු සලුව, පත්කඩය
කටු ගහලා රැකගන්නා ආත්ම වංචනිකයන්..

නිවැරදිව සිල් ගන්න කෙනෙකුගෙ සිහිය
උදේට වඩා හවස්වෙනකොට වර්ධනයක් තියනවා.

2 comments:

  1. "නිවැරදිව සිල් ගන්න කෙනෙකුගෙ සිහිය
    උදේට වඩා හවස්වෙනකොට වර්ධනයක් තියනවා"

    මේ කථාව දැනට තියන අත්දැකීම් අනුව පිළිගනිමි.
    භාවනාවක් සුලුවෙන් පටන්ගන්නා කාලයේ උදේට වඩා රාත්‍රියේ ඒ කිරීම පහසු බැව් දැනුනි
    උදයට රතිඳුගොව්වාන් පොලවෙන් මතුවන්නාසේ සිතුවිළි දලු දමයි

    ReplyDelete
    Replies
    1. ඔබ කරන භාවනාව සමථ නිසා
      හැන්දෑවට වෙහෙසුණු හිත හොඳයි..
      විපස්සනා වඩන්න.
      කය ගැන සිහිය දියුණු වෙනකොට
      සිතිවිලිවල කරදරය අඩු වෙයි..

      Delete