20150412

නිවන ඇත - නිවන නැත


නිවන ඇත කියා
සහතික කරන්න තරම්
මා ප්‍රඥාවන්තත් නෑ.
කටට ආ පළියට
නිවන නැත කියා කියන්න තරම්
මා මෝඩත් නැහැ.

කලක් විදසුන් වැඩූ කෙනෙකු විදියට
නිවන තිබිය යුතුයි කියා
අත්දැකීමෙන් කියන්න පුලුවන්.
දුක් පැමිණි විට විදසුන් වැඩීම තුළින්
ඒ දුකෙන් දුක් නොවිඳ ඉන්නා විට
සියලු දුක් වලින්
දුක් නොවිඳ සිටිය හැකි
නිවනද තිබිය යුතු යැයි
අත්දැකීමෙන් කිව හැකියි.
නාම රූප පැවැත්ම එකක් නොවෙයි..
දෙකක්...

එකිනෙක මත යැපෙන දෙකක්..
ඒ දෙක අතර පරතරය ඉවත් කළොත්
ඒ දෙක එකක් වෙනවා..
පැවැත්ම ඉවර වෙනවා..
නිවන් දකිනවා...
නාම රූප අතර පරතරය ඇති කරන්නෙ
කෙලෙස් වලින් නිර්මාණය වුණ විඥ්ඥාණයයි.
විපස්සනාවෙන්
කෙලෙස් නැසෙන කොට
විඥ්ඥාණය මැකෙනවා.
ප්‍රඥාව ඉතිරි වෙනවා.
නාම රූප දෙක එකක් වෙලා
මේ මොහොත තනි අත්දැකීමක් විදියට
ඒකීය පුද්ගලයෙක් විදියට විඳිනවා.
නිවන් දකිනවා.

1 comment: