20150227

දුක සත්‍යයක්.. සැප මිථ්‍යාවක්..



ඔබ අත්දකින දේ ගැන..
ඔබ දන්න කියන මිනිස්සු ගැන
ඔබ කරන රැකියාව..
සබන් වර්ගය, දත් බෙහෙත්..
ඔබ ආහාර ගන්න තැන්..
ඔබ ගන්න ආහාර වර්ග
මේ හැම දෙයක්ම
ඔබ හිතා මතා වෙනස් කරන්නෙ
බොහෝ විට
කලින් දරපු මතය
මිථ්‍යාවක් නිසා නොවෙයිද?

ඔබ දරන මතය සාපේක්ෂයි..
සාපේක්ෂ දේ මිථ්‍යාවක්.
සත්‍යය කාට වුණත්..
කවදා වුණත් එකයි..

සාපේක්ෂ දේ මිථ්‍යාවක්.

සත්‍යය කාට වුණත්..
කවදා වුණත් එකයි..

සත්‍යය අකාලිකයි..

මිථ්‍යාව සාපේක්ෂයි..

ගින්න දුකක්..
උණුහුම සැපක්.

දුක සත්‍යයක්..
සැප මිථ්‍යාවක්..

ගින්න දුකක්..
ගිනි තපින කෙනාට සැපක්.
ගින්නට පිළිස්සෙන කෙනා
දුක සත්‍යයක් බව දන්නවා.

ගින්නෙ උණුහුම විඳලා
සීතල නැති කරගන්න කෙනා
ගින්න සැපක් කියා සලකනවා.
ඔහු විඳින සැප මිථ්‍යාවක්..

ගින්නට පිළිස්සෙන බව දන්න කෙනාටත්
සීතල වෙලාවට ගිනි තපින්න පුලුවන්..
අත්දැකීමෙන් ගින්නෙහි ස්වභාවය දන්නා
ගින්න හඳුනන ප්‍රඥාවන්තයාට
ගින්න සැපක් කියන මිථ්‍යා දෘෂ්ඨිය  නැහැ..

ප්‍රඥාවන්තයා
සීතල වෙලාවට ගිනි තපිනවා.

 ඔහු ගින්නෙන් විඳින සැප
ඔහුට දැනෙන සීතලට සාපේක්ෂව විඳින
මිථ්‍යා සැපක් බව ඔහු දන්නවා.
සීතල වෙලාවට ගිනි තපිනවා.

මිථ්‍යාව ප්‍රඥාවෙන් දැකිය යුතුයි.
එනම් වෙනස්වීම් සිදු වෙන විට
සිදු වෙන ආකාරයෙන්ම දැකිය යුතුයි.

සීතලට ගිනි තපින කෙනෙක්
සීතලට සාපේක්ෂ වුණත්
ගින්නෙ උණුසුම දුකක් බව දන්නවා.

සත්‍යය සොයන්නා මිථ්‍යාව දකිනවා.
මිථ්‍යාව සොයන්නාට සත්‍යයත් මිථ්‍යාවක්..

3 comments:

  1. අවිවාදයි මේ සියල්ලම මිත්‍යාවක් මිත්‍රයා..

    ReplyDelete
    Replies
    1. සියල්ලම මිථ්‍යාවක් කීම
      ප්‍රඥාවේ ලකුණක් නොවෙයි...
      ටිකක් දැකලා
      සමස්තය ගැන ගත් නිගමනයක්..

      Delete
  2. ඒක හරි දැකීමයි වැදගත්. නමුත් අපි දකින සියල්ලම මිත්‍යාවන් නම්..හැමදේම තාවකාලිකයි..ඒ තාවකාලික දේ ඇතුලේ පවතින හැමදේම ස්තීරත් නෑ..ඒ සියල්ලත් අස්ථිරයි...අපි උගත් දේ ස්ථිරයි කියනවා නමුත් කාලයක් යන කොට ඒ දේත් අපෙන් වියැකිලා යනවා...සියල්ල අස්තීරයි....නමුත් ඒ තාවකාලික දේ අතරතුර සියල්ල මිත්‍යාවන් නොවෙන්න පුළුවන්...ආදරය සෙනෙහස වෙනස් වීමත් එක්ක ගත්තහම ඒ සියල්ල අස්ථිර වෙනවා..ඉතින් සියල්ල මිත්‍යාවන් නොවේද?..

    ReplyDelete