20150302

නිරාගමිකයන් ආගම් ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි?




නිරාගමිකයන්ට ආගමික වෙන්න කියල
කවුද බල කරන්නෙ?
නිරාගමිකයො නම් ආගමිකයන්ට
එවැනි බලපෑම් ඉල්ලීම් කරනවා.
ආගම් ප්‍රතික්ෂේප කරනවා..
විවේචනය කරනවා.

ආගමිකයෙක් නිරාගමිකයෙක්ව දකින්නෙත්
ආගම්වලට විරුද්ධව කරන කියන දේ නිසයි..

නිරාගමිකයන් ආගම් ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි?

නිරාගමිකයන්ට ආගම් ප්‍රතික්ෂේප කරන්න වෙන්නෙ
නිරාගමික වෙන්න හේතුවක් ඔවුන්ට නැති නිසා.

ඔවුන් සටන් කරන්නෙ
තමන් නිවැරදි බව ඔප්පු කරගන්න
ඔවුන්ගෙම හිතට විරුද්ධව විය යුතුයි..

ආගමික වෙන්න කියල බාහිර බලපෑමක් හෝ
ඇතුළතින් උවමනාවක් නැති කෙනෙකුට
ආගම් ප්‍රතික්ෂේප කිරීමක් අවශ්‍යද?

බාහිර බලපෑමක් නැත්නම්
ඔවුන්ට ආගමික වෙන්න කියල
කවුද බල කරන්නෙ?

ඔවුන්ගෙම හිතද?


Nadeesha Nimalka [[[[නිගණ්ඨයගෙ වැඩේ ප්‍රතික්ෂේප කරන්න එපාද?]]]
==========================
ඔබට නිඝණ්ටයෙක් වෙන්න
ඕන කියල හිතෙන්නෙ නැත්නම්..
ප්‍රතික්ෂේප කරන්නෙ මොනවටද?
හරියට ප්‍රතික්ෂේප කරන්න නම්
පළමුව නිඝණ්ටයෙක් වෙන්න.
නිරුවතින් හැසිරීම විතරක් මදි වෙයි..
තව පිළිපැදිය යුතු දේ ඇති..
ඒ සියල්ලම කරල බලන්න..
ඊට පස්සෙ හේතු දක්වා
ප්‍රතික්ෂේප කරන්න..
පිටින් බලල ප්‍රතික්ෂේප කිරීම
තිරිසන් සතුන් පවා කරන දේය්ක්..
ගෙදරට එන මිනිහෙකුට
බල්ලෙක් බුරන්නෙ ඔහු නාඳුනන නිසා.
අපි නාඳුනන කෙනෙක් දැක්කට
වෙන ආගමක කරන දේවල් දැක්කට
බුරන්න අවශ්‍ය නැහැ..

No comments:

Post a Comment