අපිට දැනෙන වේදනා වර්ග තුනක් තියනවා.
අපි විඳින සියලුම වේදනා මේ වර්ග තුනට අයිති වෙනවා.
අපි විඳින සියලුම වේදනා මේ වර්ග තුනට අයිති වෙනවා.
1, සුඛ
2, දුක්ඛ
3, අදුක්ඛමාසුඛ
යම් වේදනාවක් අපිට දැනෙන්නෙ ස්පර්ශය නිසයි.
අපිට වේදනාවක් දැනුණාම
ඒ වේදනාවෙ අපිට දැනෙන පරාසය
අපි ඒ මොහොතෙ ඉන්න තත්වයට සාපේක්ෂව
අපිට ප්‍රිය හෝ අප්‍රිය වෙනවා.
උදේ 10ට එකම අව්ව
නුවරඑළියට හා කොළඹට පතිත වෙනවා.
උෂ්ණත්වමාපකයක්
ඒ දෙපලෙම පෙන්වන්නෙ
එකම උෂ්ණත්වයක්
කියා උපකල්පනය කරමු..
ඒ අව්වෙන් දැනෙන එකම උෂ්ණත්වය
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙකුට
දැනෙන්නෙ එකම විදියකටයි.
ඒ දෙදෙනා විඳින්නෙ දෙවිදියකටයි.
මතක තබාගන්නෙ දෙවිදියකටයි.
කොලඹ පරිසරයට සාපේක්ෂව
කොළඹ ඉන්න කෙනාගෙ ගත රත් වෙලා තියෙන්නෙ.
කොළඹ ඉන්න කෙනාට ඒ අව්වෙන් දැනෙන වේදනාව
දුක්ඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
දුකක් විදියටයි.
ඒ අනුව ඔහු කයට දැනෙන තාපය
අප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව අප්‍රිය කරනවා.
ඒ අප්‍රිය බව ද්වේශ සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.
ඔහු ඒ වෙලාවෙම නුවරඑළියෙ ඉන්නවා නම්
ඔහුගෙ අත්දැකීම වෙනස්.
නුවරඑළියෙ පරිසරයට සාපේක්ෂව
නුවරඑළියෙ ඉන්න කෙනාගෙ ගත
සීතල වෙලා තියෙන්නෙ.
නුවරඑළියෙ ඉන්න කෙනාට
ඒ අව්වෙන් දැනෙන වේදනාව
සුඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
සැපක් විදියටයි.
ඒ අනුව ඔහු ඒ තාපය ප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව ප්‍රිය කරනවා.
ඒ ප්‍රිය බව රාග සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.
නුවරඑළියෙ ඉන්න කෙනෙකුට කොළඹ යන්න වුණොත්
කොළඹදි ඔහු වින්ද දුක නිසා
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහන්වූ මතකය -
එනම් ද්වේශ සංස්කාරය මතු වෙලා
ඔහුට කොළඹ යන එක අප්‍රිය වෙනවා.
කයට දැනෙන තාපය එකම ප්‍රමාණය වුණාට
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙක්
විඳින්නෙ දෙවිදියකටයි.
තුන්වැනි විදියකුත් තියනවා.
කෙනෙක් ඉන්න පරිසරයෙ උෂ්ණත්වයත්,
ඔහුගෙ ශාරීරික උෂ්ණත්වයත්
අව්වෙන් දැනෙන උශ්ණත්වයත්
තුන සමපාතවීමක් මත
අව්ව ස්පර්ශයෙන්
ඔහු විඳින වේදනාව
සුඛත් නොවන, දුක්ඛත් නොවන
අදුක්ඛමාසුඛ වේදනාවක් වෙනවා..
ඒ වේදනාව ඔහු සිතින් දකින්නෙ නැහැ.
ප්‍රිය අප්‍රිය ලෙස හඳුනාගන්නෙ නැහැ.
අව්වෙන් ලැබුණ තොරතුර
ඔහුගෙ සටහන් වෙන්නෙ
මෝහ සංස්කාරයක් විදියටයි.
ඒ ස්ථානයට යන්න වුණොත්
ප්‍රිය අප්‍රිය බව මනින
උෂ්ණත්වය සාධකයක් වෙන්නෙ නැහැ.
විඥ්ඥාණය කියන්නෙ
සංස්කාර අනුව සකස්වෙන සටහනයි.
කිසියම් ජාතියක්, ආගමක්,
හතුරෙක්, මිතුරෙක් සිහි වෙනකොට
ඒ අනුව විඥ්ඥාණයෙහි සටහන්වූ
රාග, ද්වේශ හෝ මෝහ සංස්කාර මතු වී
ඒ අනුව් හැඟීම් හා සිතිවිලි ඇති වෙනවා.
ස්පර්ශයෙන් වේදනාව ( දැනීම )..
වේදනාවෙන් සංඥාව ( හඳුනා ගැනීම )
සංඥාවෙන් සංස්කාර ( ප්‍රිය - අප්‍රිය බව )
සංස්කාරයෙන් විඥ්ඥාණය ( ප්‍රිය අප්‍රිය මතකය )
----------------------------------------
ඵස්ස > වේදනා > සංඥා > සංඛාර > විඥ්ඥාණ
No comments:
Post a Comment