20130116

ගැහැණිය ජලය වගෙයි..

Mermaid, splash, splash, water, girl, tail

ගැහැණියට
තමන්ගෙ ආරක්ෂාව
තමන් සලසා ගත හැකි විදියෙ
මනසක් නැහැ.


එක විදියකින් බැරි නම්
වෙනත් විදියකින්
ගැහැණිය පොළඹවන්න පුලුවන්.
එක් පිරිමියෙකුට බැරි නම්
වෙනත් පිරිමියෙකුට
ගැහැණිය පොළඹවන්න පුලුවන්.

ගැහැණිය ජලය වගෙයි..
ඇගේ හැඩය සකස් වෙන්නෙ
ඇය දිනාගන්නා පිරිමියාට
රිසි විදියටයි.

ඔහු පියා වෙන්න පුලුවන්
සොයුරා වෙන්න පුලුවන්.
නෑදෑ පිරිමියෙක්,
මිතුරෙක් වෙන්න පුලුවන්..
සැමියා වෙන්න පුලුවන්,
අනියම් සැමියා වෙන්න පුලුවන්..
ගුරුවරයා වෙන්න පුලුවන්.
ආයතනයේ විධායක
නිලධාරියෙක් වෙන්න පුලුවන්.
පන්සලේ භික්ෂුවක් වෙන්න පුලුවන්..
පල්ලියෙ, කෝවිලේ,
පූජකයා වෙන්න පුලුවන්..
ඕනෑම පුරුෂයෙක් වෙන්න පුලුවන්..
ශිව ලිංගය වගේ
සංකේතයක් වෙන්නත් පුලුවන්..

ඇය තුටුපහටු කරන,
ඇයට ආරක්ෂාව සපයන බවට
ඇය විශ්වාස කරන
ඕනෑම කෙනෙකුට ඇය
කොයි මොහොතක හෝ
නැමෙනවා.

බොහෝ පිරිමින් ඇය
දිනාගන්නේ සහ
අවශ්‍ය නම්
අපයෝජනය කරන්නේ
ඒ මොහොතෙදියි.

ඒ මොහොතෙදි
ඇයට ඇය අයිති නැහැ.
ඇය ඔහු අතේ මැටි පිඩක්.

ඒ මොහොතෙදි ඇය
අගනා කලාකෘතියක් වෙන්නත් පුලුවන්..
වැඩකට නැති
මැටි ගුලියක් විදියට
කාණුවට විසි වෙන්නත් පුලුවන්..

No comments:

Post a Comment