20130511

ගැහැණියත් පිරිමියාත් අතර බැඳීම......


ගැහැණියත් පිරිමියාත් අතර තියන
මූලිකම බැඳීම ස්වාභාවිකයි.
වර්ගයා බෝ කිරීමට
සජීවී දේවල් වලට
සොබා දහමෙන් දීල තියන
ලිංගික ආකර්ෂණය ඇති කරන්නට
සොබා දහම එක් කළ
ප්‍රිය ජනක සංවේදනා වලට
ඍතු වෙනසක් නැතුව වහල් වීම
මිනිසාගේ ස්වභාවයක්..
බොහෝ දෙනෙක්
ගැහැණු පිරිමි සබඳතාවය
කියල ගරු කරන්නෙ ඒකට විතරයි..
ගේකුරුල්ලෙකුට තරම්වත් හැඟීමක්
ඔවුන්ට විවාහ ජීවිතය ගැන නැහැ.
ඒ වුණත්
වඳුරු රෑනක වගේ
බලවත් එකා අනිත් එවුන් යටපත් කරගැනීම,
ගැහැණිය දරුවන් සමග අනාථවීම වගේ
ගැටළු ඇති නොවීමට
සමාජයක් ලෙස හැසිරීමෙදි
යම් විනයක්, පාලනයක් අවශ්‍ය නිසා
සමාජයට හිතැති ඇත්තන් මුල්වෙලා
විවාහය සමාජ සම්මත කරගන්න ඇති.

ලිංගික ආකර්ෂණය මත එක් වෙනවා නම්
ලක්ෂගාණක් වුණත් හිටියට
එක වහලක් යට එකට ජීවත් වෙද්දි
දවසක් සතුටෙන් එකට ගත කරන්න
මානසික ස්වභාවය, ගතිගුණ, රුචි අරුචිකම්,
අන්‍යෝන්‍ය ගෞරවය ආදිය අනුව
චරිත අතර යම් ගැලපීමක් අවශ්‍යයි.

ගැහැණියක් හෝ පිරිමියෙක් විදියට
ස්වභාවයෙන්ම පහසුවෙන් කළ හැකි දේවල්
ඔවුන් කළ යුතු විදියට
සම්මත වෙලා තියනවා.
ඒත් අනික් සාමාජිකයාට
ඉටුකරගන්න බැරි වෙලාවට
ගැහැණු පිරිමිකම් අමතක කරළා
අකමැත්තෙන් හෝ
අනික් කෙනාගෙ යුතුකම වගකීම
අතට අරන් ඉටු කරන නිසයි.
බොහෝ පවුල් ආරක්ෂා වෙන්නෙ.

1.පිළිගැනිම
2.රැකවරණය
3.ඇහුන්කන්දීම
4.ආදරය....සෙක්ස් සහ තවත් බොහෝ දේ..
කොයි වෙලාවට කාගෙ යුතුකම්ද කියල
වෙන් කරන්න බැහැ.
අවශ්‍ය අවස්ථාවෙදි වැඩි ශක්තියක්,
වැඩි හැකියාවක් ඇති කෙනා
අතගැසිය යුතුයි..

ඉන්දියාවෙ කුඩා නගරයක
බස්නැවතුම්පළක ඉන්න කොට
මම දැක්ක දෙයක් මතක් වෙනවා.
බස් නැවතුම ළඟ
උක්යුෂ හදන විශාල යන්ත්‍රයක් තියාගෙන
උක්යුෂ විකුණන යුවළක් හිටියා.
පිරිමියා වීදුරු ආදිය සමග කටයුතු කරද්දි
බිරිඳ යන්ත්‍රයට උක්දඬු දමමින්
යන්ත්‍රයෙ රෝදය කරකවමින් සිටියා.
රෝදය හිරවුණා.
ඇය ඔහු දිහා බැලුවා.
ඔහු රෝදයට අත තියල තල්ලු කළා.
යන්ත්‍රය ක්‍රියාත්මක වුණා.

ඔවුන් නැවත ඔවුන් කරන වැඩ වලට
නිහඬව යොමු වුණා නම්
අනික් බොහෝ විවාහක පවුල් වගේ
මට ඔවුනුත් අමතක වෙනවා.
ඒත්...
මේ කාන්තාව සැමියා සමග ඉතාම
කෘතවේදී මදහසක් පෑවා.
ඔහුත් ඒ වගේම හිනා වෙලා
නැවත වැඩ කරගෙන ගියා.

එසේ උදව් කිරීම
හැම පවුලකම
අඩු වැඩි වශයෙන් වෙනවා ඇති..

ඒත් ඒ මොහොත
හිත්පිත් ඇති මිනිසුන් මෙන්
හදවතින් රස විඳීම නැති නිසයි,
විවාහ ජීවිතය කියන උගුල
රාගය කියන සුව නොවෙන රෝගය නිසා බොන
තිත්ත කසායක් විතරක් වෙන්නෙ.


සැමියාට මවක්, සොයුරියක්, යෙහෙළියක් වෙන්න
කියලා බුදුන් වහන්සෙ කිව්වෙ..

ඒ ගුණයට ගරු කරන්නයි
බුදුන් වහන්සෙ යසෝධරාව ළඟට
තමන්ම වැඩියෙ..

No comments:

Post a Comment