20130525

සිරුරට ගිනි තියා ගැනීම වීරකමක් නෙමෙයි.




https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/p480x480/945481_4939969383752_1245962372_n.jpg

පක්ෂ දේශපාලනයෙදි නම්
තමන්ගෙ පක්ෂයෙ හැම අඳබාලයෙක්ම කරන
ඕනම බාල වැඩක් අගය කරන්න වෙනවා.
බුදුන් වහන්සෙ කවදාවත්
එවැන්නක් අරමුණු කළේ නැහැ.
දුසිල් පැවිද්දන් ගැන උන්වහන්සෙ කිව්වෙ
"ගමටත් වනයටත් වැඩක් නැති
අශූචි තැවරුණ
සොහොන් පෙණෙල්ලක් වගෙයි"කියල.

කිසි සේත් ඉටු නොවෙන අරමුණක් උදෙසා
සිරුරට ගිනි තියාගන්නා
පැවිද්දාත් එවැන්නෙක්.

තමන්ගෙ අරමුණක් ඉටුකරගන්න
මොන කෙනෙක් හෝ
සිරුරට ගිනි තියාගන්න එක
බොළඳ අඳබාල ක්‍රියාවක්...
තවත් කෙලෙස්බර පුද්ගලයන්
ඒ දිහා බලමින්
දුක් වීම, කම්පා වීම, කුපිතවීම හැර
එවැන්නකින් සිදු වෙන සේවයක් නැහැ.

තමන්ගෙ සිරුරට ගිනිතියාගන්න
නොයෙක් හේතු මත ආවේග එන්න පුලුවන්.
කාලයක් තිස්සෙ පාගමන් ගිහින්
වෙනත් දේවල් කරමින්
තමන් වටා පිරිසක්
රොක් නොවීමෙ වේදනාව මත
ගිනි තියාගත්තා වෙන්න පුලුවන්.
පෙම් සබඳතා විවාහ
අසාර්ථක වීම වැනි හේතු මතත්
සිරුරට ගිනි තියා ගන්නවා.
_________________________________________________________________

නුවර පාර උඩුදුම්බර ප‍්‍රදේශයේදී පාසල් ශිෂ්‍යයාවක් සිරුරට ගිනි තබා ගැනීමෙන් ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන උඩුදුම්බර ප‍්‍රදේශයේ පදිංචි රුවන්ති කෞශල්‍යා දිසානායකයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ පේ‍්‍රම සම්බන්ධතාවයකට දෙමව්පියන්ගේ අවවාද කිරීම නිසා සිත් තැවුලට පත්ව ඇය මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි.
http://www.nethfm.com/site/උඩුදුම්බර_ශිෂ්‍යාවක්_සිරුරට_ගිනි_තබා_ගනියි-1--18528.html
__________________________________________
සිරුරට ගිනි තියාගෙන හෝ
කෙනෙකුගෙ අරමුණක් ඉටුවුණොත්
ක්‍රියාව බොළඳ වුණත්
අරමුණ ඉටුකරගැනීම ගැන
මම ඔහුට ගරු කරනවා.

මේ සිය දිවි නසාගැනීමෙ තැත නිසා
කවුරු හරි
"මීට පස්සෙ ගවමස් කන්නෙ නැහැ"
කියලවත් කිව්වද?

කරගන්න බැරිවුණාම
සිරුරට ගිනි තියා ගැනීම
වීරකමක් නෙමෙයි.

වීර කමක් කියන්නෙ
අරමුණ ඉටු කර ගැනීමයි.

20130511

ගැහැණියත් පිරිමියාත් අතර බැඳීම......


ගැහැණියත් පිරිමියාත් අතර තියන
මූලිකම බැඳීම ස්වාභාවිකයි.
වර්ගයා බෝ කිරීමට
සජීවී දේවල් වලට
සොබා දහමෙන් දීල තියන
ලිංගික ආකර්ෂණය ඇති කරන්නට
සොබා දහම එක් කළ
ප්‍රිය ජනක සංවේදනා වලට
ඍතු වෙනසක් නැතුව වහල් වීම
මිනිසාගේ ස්වභාවයක්..
බොහෝ දෙනෙක්
ගැහැණු පිරිමි සබඳතාවය
කියල ගරු කරන්නෙ ඒකට විතරයි..
ගේකුරුල්ලෙකුට තරම්වත් හැඟීමක්
ඔවුන්ට විවාහ ජීවිතය ගැන නැහැ.
ඒ වුණත්
වඳුරු රෑනක වගේ
බලවත් එකා අනිත් එවුන් යටපත් කරගැනීම,
ගැහැණිය දරුවන් සමග අනාථවීම වගේ
ගැටළු ඇති නොවීමට
සමාජයක් ලෙස හැසිරීමෙදි
යම් විනයක්, පාලනයක් අවශ්‍ය නිසා
සමාජයට හිතැති ඇත්තන් මුල්වෙලා
විවාහය සමාජ සම්මත කරගන්න ඇති.

ලිංගික ආකර්ෂණය මත එක් වෙනවා නම්
ලක්ෂගාණක් වුණත් හිටියට
එක වහලක් යට එකට ජීවත් වෙද්දි
දවසක් සතුටෙන් එකට ගත කරන්න
මානසික ස්වභාවය, ගතිගුණ, රුචි අරුචිකම්,
අන්‍යෝන්‍ය ගෞරවය ආදිය අනුව
චරිත අතර යම් ගැලපීමක් අවශ්‍යයි.

ගැහැණියක් හෝ පිරිමියෙක් විදියට
ස්වභාවයෙන්ම පහසුවෙන් කළ හැකි දේවල්
ඔවුන් කළ යුතු විදියට
සම්මත වෙලා තියනවා.
ඒත් අනික් සාමාජිකයාට
ඉටුකරගන්න බැරි වෙලාවට
ගැහැණු පිරිමිකම් අමතක කරළා
අකමැත්තෙන් හෝ
අනික් කෙනාගෙ යුතුකම වගකීම
අතට අරන් ඉටු කරන නිසයි.
බොහෝ පවුල් ආරක්ෂා වෙන්නෙ.

1.පිළිගැනිම
2.රැකවරණය
3.ඇහුන්කන්දීම
4.ආදරය....සෙක්ස් සහ තවත් බොහෝ දේ..
කොයි වෙලාවට කාගෙ යුතුකම්ද කියල
වෙන් කරන්න බැහැ.
අවශ්‍ය අවස්ථාවෙදි වැඩි ශක්තියක්,
වැඩි හැකියාවක් ඇති කෙනා
අතගැසිය යුතුයි..

ඉන්දියාවෙ කුඩා නගරයක
බස්නැවතුම්පළක ඉන්න කොට
මම දැක්ක දෙයක් මතක් වෙනවා.
බස් නැවතුම ළඟ
උක්යුෂ හදන විශාල යන්ත්‍රයක් තියාගෙන
උක්යුෂ විකුණන යුවළක් හිටියා.
පිරිමියා වීදුරු ආදිය සමග කටයුතු කරද්දි
බිරිඳ යන්ත්‍රයට උක්දඬු දමමින්
යන්ත්‍රයෙ රෝදය කරකවමින් සිටියා.
රෝදය හිරවුණා.
ඇය ඔහු දිහා බැලුවා.
ඔහු රෝදයට අත තියල තල්ලු කළා.
යන්ත්‍රය ක්‍රියාත්මක වුණා.

ඔවුන් නැවත ඔවුන් කරන වැඩ වලට
නිහඬව යොමු වුණා නම්
අනික් බොහෝ විවාහක පවුල් වගේ
මට ඔවුනුත් අමතක වෙනවා.
ඒත්...
මේ කාන්තාව සැමියා සමග ඉතාම
කෘතවේදී මදහසක් පෑවා.
ඔහුත් ඒ වගේම හිනා වෙලා
නැවත වැඩ කරගෙන ගියා.

එසේ උදව් කිරීම
හැම පවුලකම
අඩු වැඩි වශයෙන් වෙනවා ඇති..

ඒත් ඒ මොහොත
හිත්පිත් ඇති මිනිසුන් මෙන්
හදවතින් රස විඳීම නැති නිසයි,
විවාහ ජීවිතය කියන උගුල
රාගය කියන සුව නොවෙන රෝගය නිසා බොන
තිත්ත කසායක් විතරක් වෙන්නෙ.


සැමියාට මවක්, සොයුරියක්, යෙහෙළියක් වෙන්න
කියලා බුදුන් වහන්සෙ කිව්වෙ..

ඒ ගුණයට ගරු කරන්නයි
බුදුන් වහන්සෙ යසෝධරාව ළඟට
තමන්ම වැඩියෙ..

20130504

ගෘහස්ථ හිංසනය ගනුදෙනුවක් ...


ගෘහස්ථ හිංසනය
ගනුදෙනුවක් නොවේද?

දෙන්නෙක් එකට ගැටගැහුවාම
හිංසනය හැමවිටම
එක් පසෙකට විතරක්
සම්ප්‍රේෂණය වෙනවාද?

හිංසනය තනිකරම ශාරීරිකද?

ශාරීරික හිංසනය
මානසික හිංසනයක
ප්‍රතිඵලයක් නොවිය හැකිද?

20130502

Mohd. Rafi the Eternal Singer


NEW DELHI: Without him, Guru Dutt wouldn't have been the same serenading Waheeda Rehman in Chaudhvin Ka Chand. Without him, Dev Anand wouldn't have looked so heart-broken crooning Din dhal jaye hai in Guide. And without him, Shammi Kapoor's rebellious yell, Chahe koi mujhe junglee kahe, would have lost much of its manic energy.

Without Mohammed Rafi, who passed away on July 31, 1980, exactly 30 years ago, some of the most unforgettable moments in Hindi films wouldn't have been the same.

The Amritsar-born Rafi began his career as a playback singer in the early 1940s. A versatile singer, who could render classical, rock and roll, indeed any kind of song with ease, he was Hindi film's favourite male voice through the 1950s and 1960s.

"Whether he was singing in the lowest, middle or highest octave, there was no difference in his voice. His throw of words remains matchless. People try to copy him but nobody can recreate the same magic," says singer Jaspal Singh, who became well-known after delivering hits in films such as Geet Gaata Chal (1975) and Saawan Ko Aane Do (1979).

Singh has a lasting regret. He had recorded a duet with Rafi for music director duo Laxmikant-Pyarelal, Phoolon ke basanti gehne, dharti ke dulhan ne pehne in 1979 for Sarhad. "Unfortunately the film, being produced by the Nadiadwalas, was never completed," he says.

It wasn't just Rafi's singing. Everybody vouched for the man's simplicity and sincerity. Music director Rajesh Roshan, who composed Rafi chartbusters such as Logon ka dil agar jeetna tumko hai to (Manpasand, 1980) and Mujhe chhoo rahi hain (Swayamvar, 1980), remembers the singer as "a warm-hearted simple person with no ego".

Renowned radio personality Ameen Sayani recalls the singer "as a magnanimous person who hated to get into quarrels." The presenter of the cult radio show Binaca Geet Mala too has a lingering regret. "Rafi was shy of giving interviews. I used to prod him to give me one but he kept putting it off. Finally, one day he said, you construct the questions in such a way that I give you the answers in songs. But before that interview could take place, he passed away," reminisces Sayani.

Senior Bollywood lyricist Yogesh remembers Rafi crooning Mana mere haseen sanam tu rashq-e-mahtab hai, one of the first songs he wrote for an obscure C-grade 1965 flick, Adventures of Robinhood and Bandits.

"I remember going with music director G S Kohli to his home for the song's rehearsal. During practice, he seemed to be having problems getting the tune right. But the next day, he was perfect during the recording," says the writer of songs such as Kahin door jab din dhal jaaye (Anand, 1971).

In 1969, Kishore Kumar stormed Bollywood central with Aradhana. The singer formed a hit pair with actor Rajesh Khanna and became the hottest singer in Hindi films. For a few years, Rafi was pushed to the background before he made a resounding comeback with Laila Majnu (1976) and Hum Kissi Se Kam Nahin (1977).

Roshan recalls an interesting incident during the recording of Saj rahi gali mori amma (Kunwara Baap, 1974), his first song as composer. "The song had a chorus of hijras. When Rafi saab saw them at the studio, he got nervous. Mehmood bhai had to cajole him to do the recording," says Roshan.

Rafi's death, following a heart attack, was sudden. "The void he left behind may never be filled," says Singh. Millions of Rafi fans would agree.