20130405

මිසදිටු කල්ලි නායකයන් හා අසරණ ශ්‍රාවකයෝ


http://www.constantinereport.com/wp-content/uploads/2010/11/jonestown-bodies-fisheye-view.jpg
මිසදිටු කල්ලි නායක ගුරු කෙනෙකු පසුපසගොස්
ඝාතනය වූ ශ්‍රාවකයෝ නවසිය නවයක්

බුදුන් වහන්සෙ
ශ්‍රද්ධාව ඇත්තන්ට
ඔවුන් විඳින දුක,
දුකට හේතුවෙන දේ
ඔවුන් කළයුතු දේ
ඔවුන් ඒදේ කරනකොට වෙන දේ
සියල්ලම කියනවා.
පිළිපදින අයට
අත්දැකීමෙන්ම පසක්වෙනවා.

බණ අහලා සෝවාන් වෙන්න යන අය
ඕන පඹ ගාලක පැටලිලා
නිවන් සුවය කියල හිතාගෙන
මෝහ සුවයෙන් වෙසෙමින්
ගුරුවරයාගේ ශ්‍රී මුඛයෙන්
සෝවාන් වෙන බණ පදය ඇසෙන තුරු
ඔහු කියන
ඕනම විදියක යාංහෑල්ලක් අසමින්
ගුරුවරයාගේ ශ්‍රී මුඛ දේශනා මහිමයෙන්
සොවාන් වෙනතුරු කල් මරනවා.

අද ඉන්න ධර්ම දේශකයන්
බූරුවන්ට කැරට් අල දෙන ක්‍රමයට
තමන් අදහන රැළ දක්කන්න
දේශපාලනඥයන්ටත් වඩා දක්ෂයි.

ගුරුවරයාගේ ශ්‍රී මුඛ දේශනා මහිමයෙන්
සෝවාන් වෙන්න යන අය
බොහෝ විට
සාමාන්‍ය අයටත් වඩා කුහකයි..
ඊටත් වඩා දුෂ්ඨයි..
ආත්මාර්ථකාමීයි..
වාචලයි.
මෝහය නිසා ඔවුන්ට
අන් අය පෙනෙන්නෙ නැහැ.

පෙනුණත් පෙනෙන්නෙ
තමන්ගෙ පාරෙ
ලෙහෙසියෙන්ම දක්කාගෙන යන්න පුලුවන්
හරක් පෙළක් ලෙසිනුයි.

බොහෝ විට ඔවුන් ගුරුවරයාගෙ
අගක් මුලක් නැති දේශනා වල ආධාරයෙන්
ගුරුවරයා එලන දැලට අහුවෙලා
මෝහය පදනම් වූ ලෞකික ධ්‍යානයෙන්
මත් වෙලා, මෝහනය වෙලා
ගැලවෙන්න බැරි විදියට
මාර පාශයට බැඳිලයි ඉන්නෙ.
ඔවුන් හිතනවා
අනික් හැම කෙනෙක්ම ඔවුන් මෙන්
එක දේශනයක් අහලා එයින් මත්වෙලා
ගුරුවරයා පසුපස යන්න
ඔවුන් මෙන්ම පෙළ ගැසේවි කියලා.

ඔය ටික කරන්න අවශ්‍ය වෙන්නෙ
ලෞකික ධ්‍යානයක් විතරයි.
කියන දේ ධර්මය විය යුතු නැහැ.
ධර්මය වුණත් නැතත්
අහන කෙනා මෝහනය වෙනවා.
ඒ සුවය ලබාදුන් තැනැත්තාගෙ
වහලෙක් වෙනවා.
එවැනි අය පිරිසක් එකතු වුණාම
ප්‍රතිඵලය ප්‍රබලයි.

අනික් ආගම් වලත්
එවැනි ගුරුවරුන්, පූජකයන් ඉන්නවා.
බුදුන් දවස හිටපු
මිථ්‍යා දෘෂ්ඨික ගුරුවරුන්ට
ගෝලයන් සිටියෙත්
ඔවුන්ගෙ ලෞකික ධ්‍යාන නිසයි.

එවැනි සුවිශේෂී පරිසරයක් තුළ
ලෞකික ධ්‍යානයෙන් වල්මත්වුන
කල්ලි නායකයන් ඇසුරෙ
ගෝලයන්ගෙ මනස විකල් වෙනවා.
වරක් එවැනි කල්ලි නායකයෙක් වූ
ඔහුගෙ පිරිස නවසිය නවයක් දෙනා
සිය දිවි නසාගන්නට පෙළඹුවා.
ළමුන් දෙසියයකට අධිකව
සයනයිඩ් කවා මරනු ලැබුවා.
http://upload.wikimedia.org/wikipedia/commons/5/57/Jim_Jones_brochure_of_Peoples_Temple.jpg
ජිම් ජෝන්ස්



මයිකල් ජැක්සන් පවා ඔහුගෙ ගීත වලින්
එවැනි ප්‍රාතිහාර්ය කළා.
මයිකල් ජැක්සන් ගෙ ගීත
අහන් හිටිය අයට කලන්තෙ හැදුනා..
වියරු වැටුණා. මෝහනය වුණා.


මයිකල් කිව්වා නම්
සියදිවි නසාගන්න සූදානම් අය
ඕන තරම් ඉන්න ඇති.
ඒ ධර්ම ශක්තියක් නෙමෙයි.
ලෞකික ධ්‍යාන මගින් ලැබෙන
චිත්ත ඒකාග්‍රතාවය
කිසියම් මාධ්‍යයක් මගින්
සම්ප්‍රේෂණය කිරීමෙන්
දෙවැන්නා තුළ සිදුවෙන ස්වාභාවික
ක්‍රියාවලියක ප්‍රතිඵලයක්..
එක් සිතාරයක තතක්
තානගත කරන විට
ඒ සංඛ්‍යාතියට
වෙනත් සිතාරයක තතක් ආවොත්
දෙවැනි සිතාරයෙ තත බිඳෙනවා.
කිසියම් කණ්ඩායමක්
එකම මාත්‍රාගත රිද්මයකට 
පාළමක් මතින් ගමන් කොළොත්
පාලමත් ඒ රිද්මයට තානගත වුණූත්
පාලම බිඳ වැටෙන්නෙත් එහෙමයි.

ගුරුවරයාගෙ මෝහයට තානගත වෙන
ගෝලයාත් ඔහුගෙ වහලෙක් වෙනවා.

අහිංසක, බොළඳ,
ළාබාල මනසක් ඇති අය
ඉතා පහසුවෙන්
ඒ මෝහ සුවයට ගොදුරු වෙනවා.
මේ දැලට පහසුවෙන් අහුවෙන්නෙ
පවුලෙ එකම දරුවන්,
පවුලෙ බාලයන්..
අසීමිතව හුරතල් වූ අය..
දෙමව්පියන් මත්තෙ හෝ
වෙනත් වැඩිමහල් අය මත්තෙ
පමණ ඉක්මවා යැපුණ අයයි
ඔබ දන්නා එවැන්නන්ගෙ
පවුල් පසුබිම සොයා බලන්න.
ඔවුන්ට තමන්ගෙ ගුරුවරයා
මත්ද්‍රව්‍යයක්.
අපිටත් එය හුරු කරන්නයි,
ඔවුන් උත්සාහ කරන්නෙ.

ඔවුන්ගෙ දෙසුම්
දහමට එකඟ වෙන්නත් පුලුවන්.
නැති වෙන්නත් පුලුවන්.
ඒ දෙසුම් වල
පැහැදිලි පිළිවෙතක් නැහැ.
මාර්ගයක් නැහැ.
අගක් මුලක් නැති
යාංහෑල්ලක් පමණයි..

මේ පිරිස අහුවෙන්නෙ
බුද්ධ ධර්මයට නෙමෙයි.
ගුරුවරයා විසින් හදලා දෙන
ලෞකික ධ්‍යානය මුසු
කලවම් පළා මිශ්‍රණයටයි.
ඒ ධර්ම දේශනා වලට
සවන් දෙන විට
මානසිකව නැති වුණත්..
කායිකව මෝහ සංස්කාර මතු වෙලා
රාග ද්වේශ සංස්කාර යටපත් වෙලා
මෝහය නිසා දැනෙන සුවයක්
ඔවුන්ට ලැබෙනවා.
ඒ මෝහ සුවය ලැබූ සමහරු
තමන් මාර්ග ඵල ලැබුවා කියා
ආත්ම මුළාවකට වැටෙනවා.
ඔවුන්ගෙ ක්‍රියාවෙන්, වචන වලින්
ඒ බව පැහැදිලි වෙනවා.
සමහරු නිර්භයව
තමන් මාර්ග ඵල ලැබුවා කියා
නොයෙක් ආකාරවලින්
ඉඟි කරන්න පවා පෙළඹෙනවා.

ඒත් බත් කන පෙත්තන් මෙන්
ගුරුවරයාගෙ දෙසුම්
පුනරුච්චාරණය කරනවා හැරෙන්න
ඔවුන් ලද ධර්මාවබෝධයක් නැහැ.
ඔවුන් සැබෑ ධර්මය හඳුනන්නෙ නැහැ.
ඔවුන් ධර්මය ලෙස සලකන්නෙ
අගක් මුලක් නැතිව
ධර්මයෙන් ෂැන්ඩි කරලා දෙන
මත් වතුර.

විකෘතියට හුරු වුණ ඔවුන්ගෙ හිතට
බුදු වදන් පෙනෙන්නෙ
විකෘති වූ දෙසුම් විදියටයි.

ඔවුන් ගලවා ගන්න
කවුරු හරි උත්සාහ දරනවා නම්
හිල් කූඩෙකින් වතුර ඇදීම වැනි
නිශ්ඵල ක්‍රියාවක්.

No comments:

Post a Comment