අද ධර්මය සොයා යන බොහෝ දෙනා
උතුම් ධර්මය කියන්නෙ
ඔවුන්ගෙ ගුරුවරයා ළඟ දණ ගහගෙන
ගුරුවරයාගෙ පුංචි හැන්දට අරන්
ඒකෙ තියන මළකඩත් එක්ක කළතලා
උගුරෙන් උගුර පොවන විසටයි.
ඒ විස බීලා
ගුරුවරයා හදල තියන
මානසික රාමුව ඇතුළට වෙලා
ගුරුවරයාගේ මහිමයෙන්
සෝවාන් වෙයි කියල හීන මවමින්
ඔහුගෙ ධර්මය උතුම් ධර්මය කියමින්
ඒ අනුව යන කල්ලිය සමග
කල් ගෙවනවා.
බුදුන් වහන්සෙ රාග ද්වේශ කියන්නෙ
ඔය ඔබ තුළ මේ මොහොතෙ තියන
රාගයට ද්වේශයට කියල
ගුරුවරු කියන්නෙ නැහැ.
ඔවුන් ධර්මය මුහු කරල තැනූ
ප්‍රපඤ්ච පෙළක් සමග
පහසුවෙන් සෝවාන් වෙන්න
මනෝමය මගකුත්
අටවලා දෙනවා.
ඒ මාර්ගය සෙක්කුවක් වගේ.
ගුරුවරයා හෝ ගෝලයා මැරෙන තුරු
එම ගුරුවරයා වටේම
ගෝලයා ඇදගෙන යන
මිථ්‍යා මාර්ගයක්..
ඇත්තටම බුදුන් වහන්සෙ කිව්වෙ මොනවද
ඒ කියපු දේවල් තමන් තුළ
ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල
ඔවුන් දෙගොල්ලම දන්නෙ නැහැ.
හැමදාම එකම තැනට වෙලා
එකම දේවල් කියමින්
බත්කන පෙත්තන් රැළක් මෙන්
දිවිගෙවන්නයි,
අද ඉන්න විමර්ශනශීලියාට
සිදු වෙලා තියෙන්නෙ.
සැබෑ විමර්ශනශීලියා
පොදුවේ ධර්මය රැස්කරගන්න
පන් මල්ලක් නෙමෙයි.
ඔහු රසායනාගාරයක් හිමි
දක්ෂ විද්‍යාඥයෙක් මෙන්
බුදුන් වහන්සෙගෙ දහමට අනුව
තමා විමසා බලනවා.
උතුම් ධර්මය තියෙන්නෙ
බුදුන් වහන්සේ ළඟ පමණයි..
අනිත් හැම විවරණයක්ම අසම්පූර්ණයි.
ඒ විවරණ තුළින්
අපි තුළ අපිටම අපිව දකින්න
මග පෙන්වන ධර්මය
අපිටම විමසා බලන්න පුලුවන්.
අනික් හැම මනෝමය තර්කයක්ම
අසන්නා නොමග අරන් යනවා.
No comments:
Post a Comment