20130307

ගිහි දිවිය පැවිද්දට කැප කිරීම සිර වීමක්ද?


" කැපකිරිම" Photo by Damith Wickramasinghe
පැවිද්දට ගිහි දිවිය කැප කිරීම
සිර වීමක්  වෙන්නෙ
කැප කිරීම නිසා ලැබෙන දේ
කැප කරපු දේ තරම්
වටින්නෙ නැත්නම් තමයි.

දීපංකර පාද මූලයෙ
එක ගාතාවක් අහල
රහත් වෙන්න පුලුවන් කම තියාගෙන
සංසාරෙ හිරවෙලා දුක් විඳිමින්
සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කැප කරල  
බුදුන් වහන්සෙ ලබා ගත්ත දේ
කොයි තරම් වටිනවද කියල
ඒ දෙයින් එක මොහොතකට හරි
දුක නිවාගත් කෙනෙකුට තේරෙනවා.

මේ සාමණේරයන් වහන්සෙ
කැපකරල සිරවෙලා ඉන්න තැන
නිවැරදිව ගත කළොත්
ලැබෙන නිදහසේ සුවය
නිදහසේ ඉන්න ළමයින්ට
ඔවුන්ගෙ ජීවිතවල
එක මොහොතකටවත්
විඳින්න ලැබෙන්නෙ නෑ.


මේ වයසෙ සාමණේරයන් වහන්සෙ කෙනෙක්
තමන් ඉන්න තැනේ වටිනාකම දැනගෙන
මැරකමෙන් මුලු ඉන්දියාවම දිනාපු
චණ්ඩාශෝක රජ්ජුරුවන්ගෙ සිහසුනේ ඉඳගෙන

කියපු වචන කිහිපයක් නිසයි...
ලංකාවට සහ දකුණු ආසියාවටම
බුදු දහම ලැබුණෙත්.

ළමයා වුණත්, වැඩිහිටියා වුණත්
හිරවෙලා ඉන්නෙ තමන්ගෙම මනසින්...
මනසෙ තියන සීමාවන් අතරෙ.

නිසි ගුරුවරයෙක් ලැබුණා නම්..
පිරූ පෙරුමනුත් තියනවා නම්
සාමණේරයන් වහන්සෙ කෙනෙකකුට
නිදහස් වෙන්න හොඳම විය
ළමාවිය තමයි.


 ===============================================================

අදාළ සටහන් කිහිපයක්.

පැවිද්දා ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරිය යුතුය

 අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ

මොබයිල් ෆෝන් පැවිද්දට අකැපද?

Photo by Tharaka Basnayaka
   නිරයද...සුගතියද හිමි,.......... ඔබ දන්නේද?
කෙලෙසුන් නසන මග හිමි ඔබ, යන්නේද?
මොක්මග මුලාවී දිවි සුන් වෙන්නේද?
මරසෙන් පරදවා ඔබ ජය ගන්නෙහිද?

2 comments:

  1. අවුල් හැර ගැටලු හැර පැටලුම් හැර අපූරුවට කී කථාවක්
    බොහෝ දෙනෙකුන් පැටලී ඇති පැටලිල්ල නිසා නොදකින
    බොහොමත්ම කැමතියි මේ සිතිවිලි සමුදායට
    ස්තූතියි අතුල මහත්තයට

    [අකුරු ප්‍රමාණය ඩිංගිත්තක් ලොකු කරන්න හැකිද? උපැස් යුවල දාගෙනත් අමාරුයි වාගේ..]

    ReplyDelete
    Replies
    1. .
      බොහොම ස්තූතියි කියෙව්වට..
      හා අගය කිරීමට...
      ඔබ දකින්නෙ..
      ඔබේ පරිගණකයෙ තියන අකුරින්..
      මම යොදන අකුරු නෙමෙයි.
      බ්ලොග් වල Normal කියල හඳුන්වන අකුරු තමයි
      මම යොදන්නෙ..

      ඔබේ Font වෙනස් කර ගැනීමෙන්
      ඔය ගැටළුව විසඳා ගත හැකි වෙයි.

      Delete