20121223

අපරාධකාරයින්ටත්‍ සමාධිය තියනවා.

  හිට්ලර්, මහින්ද, සිරිධම්ම, ඥාණසාර වැන්නන්
ලෞකික ධ්‍යානවල බලයෙන් නොමග යෑම සඳහා
අපට දැකිය හැකි උදාහරණයි.

ලෞකික ධ්‍යානවලින් හානියක් නොවන්නට නම්
ප්‍රබල ශීලයක් අවශ්‍යයි.
ශීලය පදනම් නොවී ලබන සමාධිය
වඳුරා අත පත් දැලි පිහිය වගෙයි.
ලෞකික ධ්‍යානයත්, චරිත ලක්ෂණත් මත
ඔහු රකින්නට කල්ලියක් ඔහු වටා රොක් වෙන නිසා
ඔහු ඒ අවිය තමන්ට රිසි ලෙස
රිසි තැන්වල වනනවා.
ප්‍රබල අපරාධකාරයින්ට
කූට දේශපාලනඥයින්ට,
ව්‍යාපාරික සක්විත්තන්ට
හොඳ සමාධියක් තියනවා.
මහ රෑ හොරෙන් ඇතුල්වෙලා
බැංකුවක සේප්පුවක් කඩන්න,
අහු නොවෙන විදියට මිනීමැරුමක් කරන්න,
කූට ව්‍යාපර කරන්න
ප්‍රබල සමාධියක් අවශ්‍යයි.
එහෙත් ඔවුන්ගේ සමාධිය
කෙලෙස් මලින් අපවිත්‍රයි.

ඔවුන් සිත එකඟ කරගන්නේ
ඔවුන් කරන පවට පමණයි.
ඔහුගේ පාපී ක්‍රියාවන්ගෙන් ඔහුට වෙන හානිය හෝ
අන් අයට වෙන හානිය නොපෙනෙන නිසා
ඔවුන්ගේ හිත් නිදහස්.
ඒ අන්ධ නිදහස තුළ
සමාධිය තියනවා.
සමහරු ඒ මෝහය
රහත් බව ලෙසත් සිතනවා.
ඒ ඉකුත් 16 වැනිදා උදෑසනයි. සිය වැඩිමහල් පුතු සමඟ කටුබැද්ද ප්‍රදේශයේ අවන්හලකට ගොස් දරුවා සමඟ විනෝද වී පැමිණි මොහු එදින නිවසේ වැඩ කටයුතු ද නිමකොට නින්දට වැටුණේ හෙට දිනයේ පිබිදෙන බලාපොරොත්තුවෙනි. මධ්‍යම රැය ගෙවි යමින් තිබුණ ද මොහු අසලකටවත් නිදි දෙව්දුව පැමිණ සිටියේ නැත. මව හා මෙහෙකාරිය තද නින්දේය. හීන් සීරුවේ නැගිට ගත් ඔහු තම බිරිය හා දරු දෙදෙනා නිදා සිටි කාමරයට ඇතුළු විය. තුන්දෙනාම නින්දේය.

“මදුරු දැල අයින් කරලා මම බිරියගේ බෙල්ල අල්ලා ගත්තා. එයා දඟලන්න පටන්ගත්තා. ඒත් මම අතහැරියේ නැහැ. ඒ සද්දෙට ලොකු පුතා ඇහැරිලා ආච්චියේ ආච්චියේ කියලා ඇඳෙන් දුවන්න ගත්තා. මම ලොකු පුතාව ඇදලා ආයෙත් ඇඳට දාලා බෙල්ල මිරිකලා ඇල්ලුවා. අනිත් අතින් බිරියගේ බෙල්ල තද කළා.”

මොහොතකින් දෙදෙනාම මරු වැලඳ ගත්හ. ඒත් සිඟිති පුතු තවමත් තද නින්දේය. පුතු අතට ගත් ඔහු සිය බිරියගේ ළැම අසල පුතු තැබුවේය. පුතු මවගේ කිරි බොමින් සිටියදී මියගිය බව ඇඟවීමටය. ඉන්පසු මදුරු දැල එල්ලා එතැන තිබු සුවඳ විලවුන් බෝතලය ඇඳ වටා වත්කොට ගිනිකූරක් ගසා මදුරු දැලට ඇල්ලීය. ඒ සැණින් ගිනි ඇවිලී ගියේය.

“එතකොට මොකද අර ඉටිපන්දමක් පත්තු කරලා තිබුණේ”

“ඉටිපන්දම නිසා මදුරු දැලට ගිනිගත්තා කියලා පෙන්නන්න.”

තම බිරිය හා දරුවන් ගින්නෙන් දැවි යද්දි කිසිදු වගක් නැතිව තම කාමරයට ගිය මොහු නින්දට වැටුණ ද නින්ද තමා අහලකටවත් පැමිණියේ නැති බව ද ඔහු පොලීසියට කීවේය.

පසුදා උදෑසන පිබිදුණු ඔහුට පෙරදා රාත්‍රියේ කළ කී දේ මැවි මැවි පෙනෙන්ට විය. ඒත් ඒ බවක් නොපෙන්වා ඔහු සිටියේය.

“මම දැනගත්තා උදෙන්ම අම්මා නැගිටලා දරුවන්ගේ කාමරයට යන බව... මම ඒ නිසාම අල්ලපු ගෙදරකට ගිහින් හිටියා.”

සිතු පරිදිම ඔහුගේ මව සිය මුණුබුරන් බලන්නට ඔවුන් නිදා සිටි කාමරයට ගියාය. කාමරය දුමින් පිරි ගොස්ය. මින් බියට පත්වූ ඇය කෑගැසුවාය. එසැණින් පිට ගෙදරක සිටි ඔහු ද කලබලයෙන් දිව ආවේය.

“දෙවියනේ මේ මොන අපරාධයක් ද?”

මව මෙන්ම ඔහු ද විලාප දෙමින් හඬා වැලපුණහ. අසල්වාසීන් නිවෙසට පැමිණ සිදුව ඇති විනාශය දැක “අනේ අපොයි” කීහ. සිද්ධිය පොලීසියට දැනුම් දුන්නේ ඉන් පසුවය. පොලීසිය පැමිණ පරීක්ෂණ ඇරැඹීය.

සම්පූර්ණ කතාව

http://www.facebook.com/photo.php?fbid=484235341628554
විදර්ශනාවෙන් තොරව තනිව වඩන සමථය
මාරයාට පිවිසීමට ඉතා හොඳ පුලුල් දොරටුවක්.
සමාධිය වඩන දුස්සීල භික්ෂුවකට
බුදු දහම ලෙස වෙස් ගන්වන ලද
මිසදිටු දහමක් දෙසා
මිනිසුන් නොමග යවන්න පුලුවන්.

ඔහුගේ ස්වරය තුළ
ඔහුගේ සමාධිය
ගැබ් වෙනවා.

වචන වල මොනවා තිබුණත්
ඔහු ඇසුරු කරන්නාගේ හිතත්
ඒ වචන අනුව තැන්පත් වෙනවා.
ඒ සමාධිය මුසුවූ දහම
විෂ සහිත වුවත්
අසන්නා පොළඹවන සුලුයි.
සිත නිර්වින්දනය කරන උපක්‍රම වලට
දුක් විඳින මිනිසා කැමතියි.

බොහෝ දේශකයින්
ජනප්‍රියවන්නේ එසේයි.


කලක් ජනප්‍රියව සිටි හිමිවරුන්
පසුව උමතුවෙන් මෙන් හැසිරෙන්නේ ත්
වරදවා සමාධි ගත කළ
කෙලෙස් බර සිත නිසයි.
වැරදි සමථයෙන් ලැබෙන
මේ අනිටු ප්‍රතිඵලය
ගිහියන්ට වුවත් පොදුයි.

ප්‍රබල අපරාධකාරයින්ට
කූට දේශපාලනඥයින්ට,
ව්‍යාපාරික සක්විත්තන්ට
හොඳ සමාධියක් තියනවා.
මහ රෑ හොරෙන් ඇතුල්වෙලා
බැංකුවක සේප්පුවක් කඩන්න,
අහු නොවෙන විදියට මිනීමැරුමක් කරන්න,
කූට ව්‍යාපර කරන්න
ප්‍රබල සමාධියක් අවශ්‍යයි.
එහෙත් ඔවුන්ගේ සමාධිය
කෙලෙස් මලින් අපවිත්‍රයි.

මනසාචෙ පදුට්ඨේන,…

කිලිටි සිතින්
කියන කරන දෙයින්
ඔවුන්ටත් අනුන්ටත්
හානියක්මයි වෙන්නෙ.
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදාන

විදර්ශනාවෙන් තොරව සමථය හානිකරයි.
සමථය තනිව වඩා ලෞකික ධ්‍යාන ලැබූවෙකුට
ක්ලේශයක් මතුවීම සුනාමියක් විය හැකියි.
විදර්ශනාවෙන් වැඩෙන සමාධිය වැඩෙන්නෙ
කෙලෙස්මතුවීමට වඩන උපේක්ෂාව සමගයි.
සිතේ මතුවෙන කෙලෙස් වලට උපේක්ෂාව වඩන්නා
ඔහුගේ උපේක්ෂාව වඩාගත් වපසරිය තුළ
ඔහු කෙලෙස්වලින් නොමග යන්නෙ නැහැ.


විදසුන් වඩන්නාගේ සිතේ මතුවෙන කෙලෙස්
කයෙහි වේදනා, සිතෙහි ධර්මතා ලෙස
සිහියෙන් දකින්නටත් උපේක්ෂාවෙන් වෙසෙන්නටත්
නබන නිරන්තර පුහුණුව නිසා
මතුවෙන මතුවෙන ක්ලේශය ඔහුට භාවනා අරමුණක්.
විදසුන පුහුණුවෙන්නට
සිත පිරිසිදු කරගන්නට අවස්ථාවක්.
ප්‍රඥාවට දොරටුවක්.


අව්වෙ ඉන්න කෙනෙකුට
අව්ව ස්පර්ශ වීම නිසා
හෙවනක් හොයන්න එන තණ්හාව
ව්‍යාපාද නීවරණයත්
හිතේ ඇතිවෙන ද්වේශයත්
අප්‍රිය වේදනාවත්
විදසුන් වඩන්නාට
විදසුන් අරමුණක් .

පුහුණුව දියුණු වනවිට
නීවරණයක් වෙන්නත් පෙර
අව්ව ස්පර්ශ වීම නිසා
ඇතිවෙන වේදනාව
අප්‍රිය වේදනාවක් විදියට
ඔහුට දැනෙනව,.
ඒ වේදනාවට
උපෙක්ශාවෙන් සිහියෙන් සිටින විට,
එය හිත අඳුරු කරන
නීවරණයක් බවට පත්වන්නෙ නැහැ.
ඔහුට සමථය අවශ්‍යම නැහැ.

ව්‍යාපාදය බවට පත්වෙන
අප්‍රිය වේදනාවට
උපේක්ශාව තියනවා නම්
සමථ වඩන තත්වයට
හිත පත්වෙන්නෙම නැහැ.

ඒත් 
විදසුන් වඩන කෙනෙකුට වුණත්,
විදසුන මග හැරුණොත්,
අව්වට සාප කර කර,
කුඩේ නැති කරපු “කාලකණ්ණියා”ට
කරන දෝශාරෝපණ
හිතෙන් සැලසුම් කරමින්
අර සරල තණ්හාව
උපාදාන කර ගන්න කොට
විදසුන් වඩන්න බැරි තරමට
සිත කැළඹිලා.
තණ්හා මට්ටමේදි නීවරණය විදසුනට අරමුණක් විනා
බාධාවක් නෙමෙයි.
නීවරණය වේදනා මට්ටමේදි
හඳුනා ගන්න තරම් සිත සියුම් නම්
සමථය අවශ්‍යම නැහැ.
ඒ වෙලාවට
විදසුනම සමථයේ කාර්යයත් කරනවා.

කෙලෙස් ඔස්සේ හඹා යන්නටම හුරු
නොදැමුණු සිතක් ඇත්තෙකුට,
වේදනාවක්
තණ්හාව බවට පත් වෙලා,
ප්‍රපඤ්ච ගොඩ නගමින්
උපාදාන වන විට
ප්‍රපඤ්ච නතරකොට
සිත නතර කර ගන්නත්,
සිහි එලවා ගන්නත්
සමථය උපකාරී වෙනවා.
සිතේ සමාහිත බව
අරමුණු කරගෙන වඩන
විදසුන් මූලික සමථය
නිවන් මගට උපකාරීයි.

එහෙත් කෙනෙකු සමථය වඩන්නේ
එයින් ලැබෙන සුවය අරමුණු කරගෙන නම්,
ඒ දැහැන තුළ
ඔහුට ඔහුගෙ කය, වේදනාදිය නොදැනෙන්නේ නම්,
එය නිවන් මගට බාධාවක්.

කවරෙකු වුවත්,
සමථය අගය කළ යුත්තේ
එය එකෙණෙහිම,
විදර්ශනාවට පාදක වන්නේ නම් පමණි.

සම්මා සතිය වන
සතර සතිපට්ඨානය පාදක වූ සම්මා සමාධිය
කෙලෙස් මලින් කිලිටි නැහැ.

නිර්මල සම්මා සමාධිය
විදසුන් වඩා සම්මා සතිය දියුණු කිරීමෙන්ම
ලැබිය යුතුයි.

No comments:

Post a Comment