ජන්මයෙන් එන මන්ද බුද්ධික බව තුරන් කිරීමට
විශ්ව විද්‍යාල උපාධියට නොහැකි බවටත්,
අධ්‍යාපනයෙන් බුද්ධිය නොලැබෙන බවටත්,
විද්‍යාව ඉගෙන ගැනීමෙන්
අවිද්‍යාව තුරන් නොවන බවටත්,
ස්වාභාවික තිරිසන් ආවේග ජය ගැනීමට
හිසේ තවරාගන්නා බුද්ධිය අසමත් බවටත්,
දුම්රියට ගෙල තබා මිය ගිය
පේරාදෙණියේ විද්‍යා උපාධිධාරිණිය
ලොවටම පෙනෙන්න කළ නොමනා නිරූපණය පිළිබඳව
අද FB සමාජ ජාලය අදහස් පළ කරනවා.
සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගත්
තවත් උපාධිධාරිණියක් පිළිබඳව
ගාල්ලේ ඌරගහින් වාර්තා වුණා.
මේ මන්ද බුද්ධික ක්‍රියාව කළේ
විරූපී නූගත් තරුණියක් නම්,
කිසිවෙක් මෙතරම් තැවෙන්නේ නැහැ.
සුරූපී වුණත් නූගත් තරුණියක් මියයාමෙන්
මේ තරම් කම්පාවක් සමාජයේ ඇති වෙන්නේ නෑ.
ඔවුන් මිය යාමෙන් හිස්වෙන තැනක්
බොහෝ දෙනෙකුගේ හිත්වල නෑ
රූමත් බවින්ද, අධ්‍යාපනයෙන්ද
වෙළඳපොළ සාර්ථක ලෙස ජයගත හැකිව තිබියදී
උපක්රමශීලීව ඒ සියල්ල මාකට් කරමින් රජ නොවී
මෙසේ දුම්රියක් යටට වීසි කර දැමීම
අපරාධයක් බව බොහෝ දෙනෙක් හිතනවා ඇති.
මෙවැනි දේ සමාජයෙන් වසන් කළ යුතුයැයි සිතන
මාධ්‍ය සදාචාරයක් ගැන දේශනා කරන
ආවරණ වාදී සමාජවේදීන් පිරිසක්ද
මෙවැනි සිදුවීම් සමග මතු වෙනවා.
උගතුන්ගේ මෝඩකම් සමාජයට වසන් කළ යුතු ඇයි.?
උගත් කමට සහතිකයට ගරු කරන
බොළඳ හිස් මිනිසුන් වෙසෙන සමාජයට
උගත් කෙනෙක් කරන මෝඩකමෙන් රිදෙන්නේ ඇයි?
අද සමාජයේ දෙමාපියන් බොහෝ දෙනෙක්
ඔවුන්ගේ දරුවන්ගේද දෑස් බැඳ
කෙවිටි කරමින් දක්කාගෙන යන්නේද
මේ හිස් සහතිකය කරා නොවේද?
නූගතාගේ මෝඩ කම මෙන්ම
උගතාගේ මෝඩ කමත් සමාජගත විය යුතුයි.
දකින අය විසින්
ඒ මෝඩකම හෙළා දැකිය යුතුයි.
මේ වගේ ප්‍රවෘත්තියක් දැක්කාම
අපි මුලින්ම පෙන්වන්නෙ දරුවන් දෙන්නාටයි.
ඔවුන්ගේ මට්ටමට ආවේගශීලීව කරන
මෙවැනි මෝඩ තීරණ ඔවුන්ටත් තියනවා.
පැහැදිලිව විස්තර සහ ඡායාරූප සහිතව
මෙවැනි මෝඩකම් පිළිබඳව ප්‍රචාරණය කිරීම
දෙමාපියන් සහ ගුරුවරුන් අගය කළ යුතුයි.
දෙමාපියන් දරුවන් දැනුවත් කළ යුතුයි.
ගුරුවරු සිසුන් දැනුවත් කළ යුතුයි.
අන් අයගෙ මෝඩකම් දැක ඉගෙන ගැනීම
ඉතාම සුරක්ෂිත ලාභදායී ව්‍යාපෘතියක්.
අපි ඉන් ලබාගන්නා වූ අවබෝධය
මෝඩකම කළ තැනැත්තාට කුමක් හෝ
අගයක් ඇති දෙයක් ලැබෙන්න හේතුවක් වෙනවා.
ඒ මොහොතෙ ඔහු අනියම් ගුරුවරයෙක් වෙනවා.
සිය දිවි නසාගන්නට ගිය කෙනෙකුට
එහි රුදුරු බව පෙන්වන්නට ගිය කෙනෙක්
වැරදීමකින් මිය යන අයුරු දුටු අනෙකා
"මේ තරම් අමාරු බව දන්නවා නම්
මම ඒ ගැන හිතන්නේවත් නෑ" කියා
ආපසු ගිය කතාව අපි දන්නවා.
මේ වගේ මෝඩ කම් පිළිබඳව
හොඳ සිහියෙන් ඉන්න අය
හොඳ සිහියෙන් ඉන්න වෙලාවෙ දැනගත යුතුයි.
හොඳ සිහියෙන් හෙළා දැකිය යුතුයි.
ජීවිතය නැති කරගත යුතු
කිසිම සාධාරණ හේතුවක්
කවදාවත්ම මේ ලෝකෙ නෑ.
මේ ප්රවෘත්ති සඟවන කිසිම කෙනෙකුට
ආවේගශීලී වුණ වෙලාවට මැරෙන කෙනෙක්
බේරාගන්න ලැබෙන්නෙ නෑ.
අපි මේ මෝඩකම
මෝඩකමක් විදියට නොදැක
අනුකම්පාවෙන් බැලුවොත්
වරදින්නෙ අපේ දරුවන්ට.
ඔවුන්ටත් මෙවැනි ගැටලුවක් ආවොත්
ඔවුන් අනුකම්පාව සොයා ගනිද්දි
හිස කඳෙන් වෙන් වෙලා තියෙයි.
ඒ මෝඩකමත් හංගන පිරිසක් එදාටත් ඉඳීවි.
----------------------------------------------------------------
විශ්ව විද්‍යාල උපාධියට නොහැකි බවටත්,
අධ්‍යාපනයෙන් බුද්ධිය නොලැබෙන බවටත්,
විද්‍යාව ඉගෙන ගැනීමෙන්
අවිද්‍යාව තුරන් නොවන බවටත්,
ස්වාභාවික තිරිසන් ආවේග ජය ගැනීමට
හිසේ තවරාගන්නා බුද්ධිය අසමත් බවටත්,
දුම්රියට ගෙල තබා මිය ගිය
පේරාදෙණියේ විද්‍යා උපාධිධාරිණිය
ලොවටම පෙනෙන්න කළ නොමනා නිරූපණය පිළිබඳව
අද FB සමාජ ජාලය අදහස් පළ කරනවා.
සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගත්
තවත් උපාධිධාරිණියක් පිළිබඳව
ගාල්ලේ ඌරගහින් වාර්තා වුණා.
මේ මන්ද බුද්ධික ක්‍රියාව කළේ
විරූපී නූගත් තරුණියක් නම්,
කිසිවෙක් මෙතරම් තැවෙන්නේ නැහැ.
සුරූපී වුණත් නූගත් තරුණියක් මියයාමෙන්
මේ තරම් කම්පාවක් සමාජයේ ඇති වෙන්නේ නෑ.
ඔවුන් මිය යාමෙන් හිස්වෙන තැනක්
බොහෝ දෙනෙකුගේ හිත්වල නෑ
රූමත් බවින්ද, අධ්‍යාපනයෙන්ද
වෙළඳපොළ සාර්ථක ලෙස ජයගත හැකිව තිබියදී
උපක්රමශීලීව ඒ සියල්ල මාකට් කරමින් රජ නොවී
මෙසේ දුම්රියක් යටට වීසි කර දැමීම
අපරාධයක් බව බොහෝ දෙනෙක් හිතනවා ඇති.
මෙවැනි දේ සමාජයෙන් වසන් කළ යුතුයැයි සිතන
මාධ්‍ය සදාචාරයක් ගැන දේශනා කරන
ආවරණ වාදී සමාජවේදීන් පිරිසක්ද
මෙවැනි සිදුවීම් සමග මතු වෙනවා.
උගතුන්ගේ මෝඩකම් සමාජයට වසන් කළ යුතු ඇයි.?
උගත් කමට සහතිකයට ගරු කරන
බොළඳ හිස් මිනිසුන් වෙසෙන සමාජයට
උගත් කෙනෙක් කරන මෝඩකමෙන් රිදෙන්නේ ඇයි?
අද සමාජයේ දෙමාපියන් බොහෝ දෙනෙක්
ඔවුන්ගේ දරුවන්ගේද දෑස් බැඳ
කෙවිටි කරමින් දක්කාගෙන යන්නේද
මේ හිස් සහතිකය කරා නොවේද?
නූගතාගේ මෝඩ කම මෙන්ම
උගතාගේ මෝඩ කමත් සමාජගත විය යුතුයි.
දකින අය විසින්
ඒ මෝඩකම හෙළා දැකිය යුතුයි.
මේ වගේ ප්‍රවෘත්තියක් දැක්කාම
අපි මුලින්ම පෙන්වන්නෙ දරුවන් දෙන්නාටයි.
ඔවුන්ගේ මට්ටමට ආවේගශීලීව කරන
මෙවැනි මෝඩ තීරණ ඔවුන්ටත් තියනවා.
පැහැදිලිව විස්තර සහ ඡායාරූප සහිතව
මෙවැනි මෝඩකම් පිළිබඳව ප්‍රචාරණය කිරීම
දෙමාපියන් සහ ගුරුවරුන් අගය කළ යුතුයි.
දෙමාපියන් දරුවන් දැනුවත් කළ යුතුයි.
ගුරුවරු සිසුන් දැනුවත් කළ යුතුයි.
අන් අයගෙ මෝඩකම් දැක ඉගෙන ගැනීම
ඉතාම සුරක්ෂිත ලාභදායී ව්‍යාපෘතියක්.
අපි ඉන් ලබාගන්නා වූ අවබෝධය
මෝඩකම කළ තැනැත්තාට කුමක් හෝ
අගයක් ඇති දෙයක් ලැබෙන්න හේතුවක් වෙනවා.
ඒ මොහොතෙ ඔහු අනියම් ගුරුවරයෙක් වෙනවා.
සිය දිවි නසාගන්නට ගිය කෙනෙකුට
එහි රුදුරු බව පෙන්වන්නට ගිය කෙනෙක්
වැරදීමකින් මිය යන අයුරු දුටු අනෙකා
"මේ තරම් අමාරු බව දන්නවා නම්
මම ඒ ගැන හිතන්නේවත් නෑ" කියා
ආපසු ගිය කතාව අපි දන්නවා.
මේ වගේ මෝඩ කම් පිළිබඳව
හොඳ සිහියෙන් ඉන්න අය
හොඳ සිහියෙන් ඉන්න වෙලාවෙ දැනගත යුතුයි.
හොඳ සිහියෙන් හෙළා දැකිය යුතුයි.
ජීවිතය නැති කරගත යුතු
කිසිම සාධාරණ හේතුවක්
කවදාවත්ම මේ ලෝකෙ නෑ.
මේ ප්රවෘත්ති සඟවන කිසිම කෙනෙකුට
ආවේගශීලී වුණ වෙලාවට මැරෙන කෙනෙක්
බේරාගන්න ලැබෙන්නෙ නෑ.
අපි මේ මෝඩකම
මෝඩකමක් විදියට නොදැක
අනුකම්පාවෙන් බැලුවොත්
වරදින්නෙ අපේ දරුවන්ට.
ඔවුන්ටත් මෙවැනි ගැටලුවක් ආවොත්
ඔවුන් අනුකම්පාව සොයා ගනිද්දි
හිස කඳෙන් වෙන් වෙලා තියෙයි.
ඒ මෝඩකමත් හංගන පිරිසක් එදාටත් ඉඳීවි.
----------------------------------------------------------------