Wenuka Chamara Galagoda
[[[[ චන්ඩියෙක් අතින් දූෂණය වුණානම් ඒ මොහොතෙම වෛද්‍ය ප්‍රතිකර්ම ගන්න පුලුවන් කලලයක් නිර්මනය වීමට පෙර..ඒක හරි..සමහර විට යමෙකුට රැවටීමකට ලක් වූ කෙනෙකුට වුවත් අම්මගෙ නොසැලකිලිමත් කමට අහිංසක කිරි කැටියෙක් පලි ද???? ]]]]

කළලයක් ඇති වුණාට පසුව...
මොන හේතුවක් මත ගබ්සා කළත්
මම දකින්නෙ මිනීමැරුමක් විදියටයි.

කළලයක් ඇති වුණාට පසුව...
මොන හේතුවක් මත ගබ්සා කළත්
මම දකින්නෙ මිනීමැරුමක් විදියටයි.
මවකගෙ සමස්ත වගකීම ළදරුවා රැකීමයි.
කළලය රැකීමයි.
මවක් තම කළලය විනාශ කිරීමට තීරණය කිරීම හෝ
ඇය එවැන්නකට පොළඹවා ගැනීම
මිනිසත් බවට පටහැණි අතිශය දුර්දාන්ත ක්‍රියාවක්.
සිය දිවි නසා ගැනීමටත් වඩා බාල ක්‍රියාවක්.
කළලය රැකීමයි.
මවක් තම කළලය විනාශ කිරීමට තීරණය කිරීම හෝ
ඇය එවැන්නකට පොළඹවා ගැනීම
මිනිසත් බවට පටහැණි අතිශය දුර්දාන්ත ක්‍රියාවක්.
සිය දිවි නසා ගැනීමටත් වඩා බාල ක්‍රියාවක්.
ඝාතකයාගේ බලයත්
ඝාතනය වෙන කෙනාගෙ අසරණ බවත් අතර
බල පරතරයෙ විශාලත්වය බැලුවාම...
මිනිසෙකුට හෝ ගැහැණියකට කළ හැකි
අති සාහසිකම ඝාතනය
නූපන් කිරිකැටියෙක්
මවු කුස තුළම මරා දැමීම කියා
මම විශ්වාස කරනවා.
.
කළලයක් තියන බව දැනගන්න තුරු
කාන්තාවක් මවක් වෙන්නෙ නෑ.
කළලයක් ඇතිවීමෙන් මිදෙන්න
ක්‍රියා කරන්නෙ කාන්තාවක්...
ඇය තමා තුළ
කළලයක් තියනවද නැද්ද දන්නෙ නෑ.
ඇගේ ප්‍රාණ ඝාත චේතනාවක් නෑ.
ඇය දන්න තරමින් ඇය තුළ ජීවියෙක් නෑ.
සංසර්ගයේ යෙදුන කාන්තාවක්
පිළිසිඳ ගැනීමෙන් වළකින්න යොදන උපක්‍රම වලදි
තමන් තුළ කළලයක් ඇති කියලා
ඒ කළලය නසන්න ඕන කියන
ද්වේශ චේතනාවෙන් ඇය ක්‍රියා කළොත්
කළලයක් නොතිබුණත්
ඇගේ ද්වේශය අනුව කර්මයක් සකස් වෙනවා.
ඒ කර්මය ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ.
ප්‍රාණ ඝාතයක් සිදුවෙන්න නම්
පණ ඇති සතෙක් අවශ්‍යයි..
කළලයක් තියන බව දැනගන්න ක්ෂණයෙදි
ඇය මවක් බවට පත්වෙනවා.
ඉන් පසුව ළදරුවා ඇගේ කොටසක්..
පණ ඇති සතෙක්
ඇය ඒ ළදරුවා ඝාතනය කිරීම
මිනිසෙකු විසින් කරන
අතිශයින්ම සාහසික අපරාධයක්..
.
වෙනුකගේ අදහස තරම් හොඳ අදහසක්
ගබ්සාව ගැන දැකපු
එක සංවාදයකවත් මම දැකල නෑ.
දූෂණයකට ලක්වුණ කෙනෙක්...
හෝ අනවශ්‍ය ගැබ්ගැනීමක් ඇතිවෙයි
කියලා හිතන කෙනෙක්
කළලයක් ඇතිවෙන තුරු ප්‍රමාද වෙන්නෙ ඇයි?