දුක කියන්නෙ සමහරුන්ට වාසනාවක්..
සමහරුන්ට අවාසනාවක්..
වැඩියෙන් දුක් විඳින අය
දුක විඳින අතරෙම
දුක ගැනත් දුක්වෙලා
දුක දෙගුණ කරගන්නවා.
සැප කියන්නෙ අපි ප්‍රිය කරන
පාවෙන පරාසයක් තුළ පවතින දුකක්.
සීතල, උණුසුම,
දුක, තරහ, බය, කාමය
මේ හැම දෙයක්ම
විවිධ පරාස තුළ
සැපක් හෝ දුකක්.
උණු තේ එකක් අපි බොන්න කැමති
පරිසරයෙහි උණුසුම අනුව පාවෙන
කිසියම් පරාසයක් තියනවා.
සෙන්ටිග්‍රේඩ් අංශක X සිට Y දක්වා.
සැප කියන්නෙ ඒ පරාසය.
ඇල් මැරුණොත් තේ එක දුකක්.
කට පිච්චෙන කොට
ඒකත් දුකක්.
දුක, තරහ, බය, කාමය
මේ හැමදෙයක්ම
අපිට ප්‍රිය පරාසයෙදි සැපක්.
සැප කියන්නෙ දුකෙහි
අපිට ප්‍රිය පරාසය.
දුක කියන්නෙ
දුකෙහි අපිට අප්‍රිය පරාසය.
දුක සත්‍යයක් විදියට දකින්නාට
පෙනෙන ආර්ය සත්‍යය එයයි..
වෙනස් වීමයි, දුක..
හැම අංශකයක්ම දුක..
දුකත් සැප වගේම
ජීවිතයෙ අංගයක් විදියට බාරගෙන
දුක තේරුම් ගැනීම
නැති නොවෙන සැපක්.
සැප තමන් විඳින පරාසයෙන් පිට
තමන්ට නොදැනෙන කොටස හා
තමන්ට දරා ගන්න බැරි කොටස අතර
සැප කියල විඳින දුකම බව තේරෙන කෙනා
දුකට මුහුණ දෙන විදිය ඉගෙන ගෙන
දුක නැති කරගන්නවා.
දුක සැප කියන්නෙ
උශ්ණත්වය වගේ
අපි ප්‍රිය කරන පරාසයය සහ
අප්‍රිය කරන පරාස දෙකයි.
කම්මල් කාරයෙක්
ලීයක් පිච්චුවොත් පිච්චෙනවා.
පුච්චලා වතුරෙ එබුවොත් නිවෙනවා.
තැලුවොත් කුඩු වෙලා යනවා.
කම්මල්කාරයෙක්
වානේ පිච්චුවොත් රක්ත තප්ත වෙනවා..
පුච්චලා වතුරෙ එබුවොත් නිවෙනවා.
තැලුවොත් පන්නරය හිටිනවා.
දුක කියන්නෙ සමහරුන්ට වාසනාවක්..
සමහරුන්ට අවාසනාවක්..
=======================================
කියවන්න