බුදු දහම
ලෝකයේ පළමු විද්‍යාවයි.
බුදුන් වහන්සේ මෙලොව පහළ වූ
පළමු විද්‍යාඥයායි.
බුදු දහම අනුව ක්‍රියා කොට
මාර්ගඵල ලබපු හැම කෙනෙක්ම
විද්‍යාඥයෙක්ම තමයි.
මිනිසා විඳින දුකෙන්
මිනිසා මුදාගෙන සුවපත් කරන්නට
මාර්ගයක් තිබිය යුතුයි කියා
සිදුහත් කුමරු කළ උපකල්පනය
විද්‍යාවේ ආරම්භයයි.
උපකල්පනයෙන් දවසක් ගතවෙන්න පෙර
ඔහු කන්ථක අසු අරා පිටත් වුණේ
ඒ විද්‍යාත්මක පරීක්ෂණය සඳහායි.
වසර හයක් තිස්සේ ඔහු තනිව කළ
විද්‍යාත්මක පරීක්ෂණය දුෂ්කර ක්‍රියාවයි.
ගින්දර සොයාගෙන ශීලාචාර වී
එහි දැවෙන මිනිසාගේ ගින්දර නිවන්නට
විද්‍යාව පහළ වුණේ බුදුන් වහන්සේ නිසයි.
ලෝකයට විද්‍යාව පහළ වුණේ
දුකත්, දුකට හේතුවත්, දුක නිරෝධයත්
දුකෙන් මිදෙන මගත් යථාභූත ලෙස
තමා තුළම විඳ පසක් කරමින්
සම්මා සම්බුද්ධත්වය
මෙලොව පහළ වූ මොහොතේයි.
"විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.
පඤ්ඤා උදපාදි"
සියලු දැනුම් වල මුදුන් මල්කඩ විඳ පසක් කිරීමයි.
බාහිර දැනුම ප්‍රඥාව වෙන්නෙ විඳ පසක් කිරීමෙන්.
බුදු දහමට අනුව තමා දෙස බලන
හැම ආර්ය ශ්‍රාවකයෙක්ම විද්‍යාඥයෙක්.
මේ විද්‍යාඥයාගේ
රසායනාගාරය සිත හා කයයි.
විද්‍යාව පටිච්ච සමුප්පාදයයි.
උපකල්පනය, පරීක්ෂණය සහ
නිරීක්ෂණය සතර සතිපට්ඨානයයි.
මේ විද්‍යාවේ නිගමනය
"ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ"
තණ්හාවයි, මානසික වේදනාව.
මානසික වේදනාවයි, තණ්හාව.
"වේදනාවෙන් තණ්හාව" ඇති වෙන අයුරුත්
තණ්හාවෙන් දුක ඇතිවෙන අයුරුත්
විඳ පසක් කරන්න කෙනෙකුට පුලුවන් වෙන්නෙ
සතර සතිපට්ඨානය වඩන වෙලාවෙදීයි.
කය කියන බීකරය තුළ ඇති වෙමින්
නැති වෙමින් යන රසායනික සංයෝග
තමන්ගේ කායික දුක ඇති කරන අයුරුත්
ඒ රසායනික වෙනස් වීම්වලින්
කම්පා නොවෙන කෙනෙකුට
මානසික වේදනා නැති බවත්
මේ විද්‍යා සිසුවාට පසක් වෙනවා.
පාසලේ පන්සලේ පල්ලියේ කෝවිලේ
ආනාපාන සති වඩන කුඩා දරුවාත්
මේ ආලෝකය, මේ විද්‍යාව සොයා
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන
ආර්ය ශ්‍රාවක අංකුරයක්.
ඔහුත් වෑයම් කරන්නෙ
උපන් අකුසල් දුරු කොට
නූපන් කුසල් ඇති කරගන්නයි.
නීවරණ දුරුකරමින්
ප්‍රඥාව පහළ කරගන්නයි.
සම්මා වායාමය කවුරු දරුවත්
ඔහු එතුළින් සතර සතිපට්ඨානයට යොමුවී
සම්මා සතිය පහළ වෙනවා.
සම්මා සතියෙන් සම්මා සමාධියත්...
ඒ තුළින් ප්‍රඥාවත් පහළ වෙනවා.
මමත් මේ විද්‍යාවෙ සිසුවෙක්.
බුදු දහම භාවිතා කොට
විඳින දුකෙන් මිදෙන්න පුලුවන් කියා
මමත් උපකල්පනය කළා.
මට අවශ්‍ය පරීක්ෂණය ලැබුණා.
නිරීක්ෂණ අනුව නිගමනය වෙන්නෙ
"ආර්ය ශ්‍රාවකයාට කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ".
මේ නිගමනයට එන්න නම්
ඒ පරීක්ෂණය තමන්ම කළ යුතුයි.
ඇදහීමෙන් පලක් නෑ.
මේ විද්‍යාඥයාගේ
රසායනාගාරය සිත හා කයයි.
විද්‍යාව පටිච්ච සමුප්පාදයයි.
උපකල්පනය, පරීක්ෂණය සහ
නිරීක්ෂණය සතර සතිපට්ඨානයයි.
නිගමනය
"ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ"
තමාට තමා සරණයි.
ධර්මය දීපයක් කරගන්න.
මේ අඳුරු බිංගෙය තුළ
මගක් සොයාගෙන යන කෙනෙකුට
ඈත කෙළවරේ
කුඩා තිතක් විදියට හෝ
ආලෝකය පහළ වෙනවා.
විද්‍යාව පහළ වෙනවා.
ප්‍රඥාව පහළ වෙනවා.
.
#athulasiriwardhane
No comments:
Post a Comment