20200508

" තෝ නයාම කාපිය"






" තෝ නයාම කාපිය"
නුවන් මට සාප කරනවා.

නයෙකුගෙ රූපයක් සමග
"එලියට බහින කොට
පරපුරේ නෑයන් මුණ ගැසේවා"
කියන සොඳුරු ප්‍රාර්ථනාවේ
වෛරී සාරය එයයි.

නුවන් ඉන්නෙ බය වෙලා.
ඒ බය දරාගන්න බැරුව
නුවන් මාව බය කරන්න හදනවා.

මිනිහෙකුට තියන මරණ බය පුංචියි.
මේ රජයෙ ජනප්‍රියත්වය පිරිහෙද්දි
නුවන්ට ඇති වෙන බය දරුණුයි...

ඒ බය හින්දයි මේ වගේ දරුණු
සිතුවිලි නුවන්ට පහළ වෙන්නෙ.
නුවන් අහුවෙලා ඉන්නෙ
මේ වගේ හිතන පරම්පරාවක
ඡන්ද ව්‍යාපාරයක.

මම මෛත්‍රී තෝරා ගත්තා.
මෛත්‍රී පරාජය වෙද්දි
මම වෛර කරන්නෙ නෑ..
මේ වගේ සුදු වෑන් එවන්නෙ නෑ.
පරාජය දරාගෙන ජීවත් වෙනවා...
අනිත්‍යය දකිනවා.
අනිත්‍යයට උපේක්ෂාවෙන්
උපරිම සද්ද නැතුව ඉන්නවා.
මගේ හිතට සැනසිල්ලයි..
ඒ තමයි මගේ නිවන.

නුවන් විඳින දුකට කෙළවරක් නෑ.

මතක තියා ගන්න
සියල්ල අනිත්‍යයි.

කෑදරකම වැඩි වෙලා
වැරදි ගේම් ගහන්න ගියොත්
බලය අනිත්‍ය අධිවේගයට මාරු වෙනවා.
නොහිතන වේගයෙන් බලය වෙනස් වෙනවා.
ඒක තමයි අද මේ රටේ වෙන්නෙ.
කොරෝනා ගේම් එක ගැහුවෙ වැරදියට.

මැතිවරණය කොමිසමට බාර දීල
කොරෝනා ඒන්න නොදී රට රැක්කා නම්
කොරෝනා ආවෙ නැති රටක් විදියට
"අපි කොරෝනා වලින් ඔබ බේරාගත්තා"
කියලා මැතිවරණයට යන්න තිබුණා.
දැන් කොරෝනා විහිලුවක් වෙලා.

විරුද්ධවාදියාට වෛර කළාට
මේ තත්වය වෙනස් වෙන්නෙ නෑ.
පවත්වන මැතිවරණයවත්
සාධාරණව මැතිවරණෙ තිව්වොත්
මිනිස්සු ගරු කරාවි...
ජනතා ගෞරවය ලබා ගන්න
ගේම් කාරයන්ට මේ ජීවිතේවත් බෑ.

"කූඹියෝ" බලල
මිනිස්සු ජෙහාන්ට ආදරේ කළේ
ඔහු ගේම් කාරයෙක් නිසා නොවෙයි.
ජෙහාන් ගේම් ගහන හැටි විතරක් නොවෙයි
ගේම් පරදින හැටිත් කියා දෙන්න
දමිත සහ ලකා දක්ෂ වුණ නිසයි.

ජෙහාන් ගේම් ගැහුවෙ ආතල් එකට.
තමන් වෙනුවෙන් ගහපු ගේම්
ඔක්කොම ජෙහාන් පරාදයි.
ජෙහාන් තමන් වෙනුවෙන් ගහපු
එකම ගේම මරණයෙන් බේරෙන්නයි.

දමිතට කියල ගේම් ලියාගෙන
ජෙහාන් බලය ගන්න හැදුවාට
ජනතා ප්‍රසාදය ලබන්න බෑ.
ජීවිතය ටෙලි නාට්‍යයක් නොවෙයි.

සොබා දහම කරන එඩිට්
දමිතට පාලනය කරන්න බෑ.
තමන් වෙනුවෙන් ගේම් ගහන
ජෙහාන්ලා අනිවා පරදිනවා.

මැතිවරණයෙත් ගේම් ගැහුවොත්
ජනතාව ගේම් එක අල කරාවි.

රටේම තියන ගේම් ඔක්කොම ගහලා
මොන විදියෙන් හරි දිනා ගත්තත්
බලය පවත්වා ගන්න අමාරුයි.
ඇත්තටම රටේ බහුතරය නැත්නම්
බලය දිනෙන් දින පිරිහෙනවා.

ප්‍රේමදාස
රටේම තියන ගේම් ඔක්කොම ගහලා
ජවිපෙත් භාවිතා කරල
බලය අතට ගත්ත ජෙහාන් කෙනෙක්.
අන්තිමට මොකද වුණේ.?

ලලිත් ගාමිණී එක්ක ජෙ. ආර්. චන්ද්‍රිකාල
ප්‍රේමදාසගේ ගේම් භාවිතා කරලා
ගේම් කාරයා නැත්තටම නැති කළා.

ගේම් ගහන්නෝ
ගේම් වලින්ම නැසෙති.

ගේම් දිනනවාට වඩා පහසුවෙන්
ගේම් අල වෙනවා.

ලොකු ගේම් කාරයෙක්
එක බෝම්බ ප්‍රහාරයක් දීලා
අවුරුදු පහක් තිස්සෙ ගේම් ගහපු
මෛත්‍රීගෙ ගේම් වැල ඔක්කොම අල වුණා.
මෛත්‍රීත් අනාථ වුණේ ගේම් නිසයි.

ගේම් නොගැහුවා නම්
මෛත්‍රී අවුරුදු දෙකෙන් ගෙදර යාවි.
ඒත් මේ තරම් පහළට
වැටෙන්න වෙන්නෙ නෑ.

අපි කැමති ලෝකෙ වෙනස් වෙනවා.
මම කැමති ලෝකෙ වෙනස් වුනා.
නුවන් කැමති ලෝකෙ වෙනස් වෙමින් තියනවා.
අනිත්‍යය වෙනස් නොවෙන එකම දේ.

අනිත්‍යය වෛරයෙන් තොරව
උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න.
උපේක්ෂාවෙන් ඉන්න බැරි නම්
දකින දේට ද්වේශයෙන් හිටියත්
මේ වගේ වෛර කරන ක්‍රෝධ කරන
පහත් තැනට වැටෙන්න එපා.

මම කවදාවත් නුවන්ට හෝ
වෙනත් කෙනෙකුට මේ වගේ සාපයක්
කරනවා දැකල තියනවද?

රට කන දේශපාලුවෙකුටවත්
මම මේ වගේ සාපයක් කරනවා
ඔබ දැකල තියනවද?

ඔබ සාප කළාට මට හානි වෙන්නෙ නෑ.
මගේ පාප කර්මයක් තිබුණොත්
කොහොමත් පළ දෙනවා.
සාප කරන ඔබට
අනිවාර්යයෙන්ම හානි වෙනවා.

" තෝ නයාම කාපිය" කියල
ඔබ කරගන්නෙ පාප කර්මයක්, නුවන්.
ඔබේ වෛරී චේතනාව තමයි
කර්මය වෙන්නෙ.

ඔන්න කොරෝනා යුද්ධයට
අලුත් සාමාජිකයෙක්.

ඌණ ආසාදිතයෝ.


"පාර්ලිමේන්තුව කැඳවන්න එපා"
කියලා මහින්ද අමරවීරත් කියනවා.

ඇයි?


ගේම් ගහන්නෝ
ගේම් වලින්ම නැසෙති.

එහෙම බයක් තියන මිනිහෙකුට තියන
මරණ බය පුංචියි.
මේ රජයෙ ජනප්‍රියත්වය පිරිහෙද්දි
නුවන්ට ඇති වෙන බය දරුණුයි...

ඒ හින්දයි මේ වගේ දරුණු
සිතුවිලි පහළ වෙන්නෙ.
නුවන් අහුවෙලා ඉන්නෙ
මේ වගේ හිතන පරම්පරාවක
ඡන්ද ව්‍යාපාරයක.

මම මෛත්‍රී තෝරා ගත්තා.
මෛත්‍රී පරාජය වෙද්දි
මම වෛර කරන්නෙ නෑ..
මේ වගේ සුදු වෑන් එවන්නෙ නෑ.
පරාජය දරාගෙන ජීවත් වෙනවා...
අනිත්‍යය දකිනවා.
අනිත්‍යයට උපේක්ෂාවෙන්
උපරිම සද්ද නැතුව ඉන්නවා.
මගේ හිතට සැනසිල්ලයි..
ඒ තමයි මගේ නිවන.

නුවන් විඳින දුකට කෙළවරක් නෑ.

මතක තියා ගන්න
සියල්ල අනිත්‍යයි.

කෑදරකම වැඩි වෙලා
වැරදි ගේම් ගහන්න ගියොත්
බලය අනිත්‍ය අධිවේගයට මාරු වෙනවා.
නොහිතන වේගයෙන් බලය වෙනස් වෙනවා.
ඒක තමයි අද මේ රටේ වෙන්නෙ.
කොරෝනා ගේම් එක ගැහු වෙ වැරදියට.
මැතිවරණය කොමිසමට බාර දීල
කොරෝනා ඒන්න නොදී රට රැක්කා නම්
කොරෝනා ආවෙ නැති රටක් විදියට
"අපි කොරෝනා වලින් ඔබ බේරාගත්තා"
කියලා මැතිවරනයට යන්න තිබුණා.
දැන් කොරෝනා විහිලුවක් වෙලා.

විරුද්ධවාදියාට වෛර කළාට
මේ තත්වය වෙනස් වෙන්නෙ නෑ.
පවත්වන මතිවරණයවත්
සාධාරණව තිව්වොත්
මිනිස්සු ගරු කරාවි...

මැතිවරණයෙත් ගේම් ගැහුවොත්
ගේම් අල කරන අයට පහසුයි.
ගේම් දිනනවාට වඩා
අල කිරීම පහසුයි.
ලොකු ගේම් කාරයෙක්
එක පාස්කු ප්‍රහාරයක් දීලා
මෛත්‍රීගෙ ගේම් ඔක්කොම අල වුණා.
මෛත්‍රීත් අනාථ වුණේ ගේම් නිසයි.

අපි කැමති ලෝකෙ වෙනස් වෙනවා.
මම කැමති ලෝකෙ වෙනස් වුනා.
නුවන් කැමති ලෝකෙ වෙනස් වෙමින් තියනවා.
ඒ වෙනස වෙනස් නොවෙන ස්වභාවයක්.

අනිත්‍යය වෛරයෙන් තොරව
උපේක්ෂාවෙන් ඉන්න බලන්න.
උපේක්ෂාවෙන් ඉන්න බැරි නම්
ද්වේශයෙන් හිටියත්
මේ වගේ වෛර කරන
ක්‍රෝධ කරන තැනට වැටෙන්න එපා.

මම කවදාවත් නුවන්ට හෝ
වෙනත් කෙනෙකුට මේ වගේ සාපයක්
කරනවා දැකල තියනවද?
රට කන දේශපාලුවෙකුටවත්
මේ වගේ සාපයක්
කරනවා දැකල තියනවද?

ඔබ සාප කළාට මට හානි වෙන්නෙ නෑ.
ඔබට අනිවාර්යයෙන් හානි වෙනවා.
ඔබ කරගන්නෙ පාප කර්මයක්.
ඔබේ වෛරී චේතනාව තමයි
කර්මය වෙන්නෙ.

No comments:

Post a Comment