20190122

මම ස්වාධීන ගැහැණුන්ට බයයි.

Related image

 Sithumini Rathnamalala[[[[ආගමික පිරිමි බොහෝදෙනා ගෑණුන්ට බය ඇයි ?
( බයයි කියන්නේ කටටවත් ගුටිකන්නවත් නෙවෙයි. ගෑනුන්ගේ නිදහස්කාමිත්වයට, හැකියාවන්ට සහ ස්වීයත්වයට) ]]]]]

අනිත් අය මම දන්නෙ නෑ..
මම ස්වාධීන ගැහැණුන්ට බයයි.
ස්වාධීන ගැහැණු
දුරාචාරයේ යෙදෙනවා වැඩියි.
ඇයට වෙන කරන්න දෙයක් නෑ.
ආරක්ෂාව සොයා ගන්න වෙනවා.
ආරක්ෂාව දෙන පිරිමි
ඉල්ලන දේ දෙන්න වෙනවා.

අනාචාරයේ යෙදෙන ගැහැණු
ස්වභාවයෙන්ම ස්වාදීනයි.
ශීලාචාර ගැහැණු
කාගේ හරි ආරක්ෂාව යටතෙ
සැනසිල්ලෙන් ජීවත් වෙනවා.
ස්වාධීන ගැහැණිය අනාරක්ෂිතයි.
ඔවුන් දුක් කරදර විඳිනවා.

ඇහැට කණට පෙනෙන
ස්වාධීන ගැහැනු පස්සෙන් එන
පිරිමි ප්‍රමාණය වැඩියි.
ඒ පිරිමිත් මත්පැන් බොන
දුරාචාරයේ යෙදෙන අය.

මම කැමතියි තනි වාහනයකට.
මගේ නිදහස තියෙන්නෙ
මාත් එක්ක යන වාහනයක.

ස්වාධීන ගැහැණු යන්නෙ
ඒ වෙලාවට තමන් කැමති
තමන්ට ප්‍රිය පිරිමියා එක්කයි.

ගැහැණු ඇත්තටම ස්වාධීන නෑ..
ඔවුන් ස්වාධීන වගේ ජීවත් වෙන්නෙ
ඔවුන්ට පිරිමින්ගෙ ආරක්ෂාව
තියන තැන් වල විතරයි.
පිරිමි නැති ගැහැණු අනාරක්ෂිතයි.

පිරිමියෙක් නැති ගැහැණිය
ආරක්ෂා වෙනවා නම්
ඇයට පිරිමි කල්ලියක්ම ඉන්නවා.
ගණිකාවට ඒ ආරක්ෂාව තියනවා.
බාර්වලට එන ගැහැණුන්ට
ඒ ආරක්ෂාව තියනවා.

තමන්ට ප්‍රයෝජනයක් නැති
ගැහැණියකට ආරක්ෂාව සපයන
පිරිමි මේ ලෝකෙ නෑ.
එහෙම අය ඉන්නවා නම්
ඔවුන් ආරක්ෂාව දීලා
පාවිච්චි කරල කරලා
ඇබ්බැහි වුණ අය තමයි.

ආරක්ෂාව සපයන අය
ගැහැණිය පාවිච්චි කරනවා.

විවාහයෙදි ඒ ආරක්ෂාව සපයලා
හිලව්වට ගැහැණිය භාවිතා කරනවා.

ස්වාධීන ගැහැණුන්ට කල්ලියක් විදියට
ආරක්ෂාව සපයන පිරිමි අතරෙ
මත්පැන් පානය කරමින්
කාමයෙහි නිදහසේ හැසිරෙන ගැහැණු
කල්ලියෙ අය මාරුවෙන් මාරුවට
පාවිච්චි කරනවා.

කොහොම කළත් අන්තිමට වෙන්නෙ
ගැහැණිය පාවිච්චි කරලා
ඉවත දැමීමයි.

ස්වීයත්වය සොයන ගැහැණිය
අතින් අත යනවා වැඩියි.
ස්වාධීන ගැහැණිය
බොහෝ පිරිමි පාවිච්චි කරනවා.
ඔබ දන්න ස්වාධීන ගැහැණු පාවිච්චි කරපු
පිරිමි ගණන ගණන් කරලා බලන්න.

පාවිච්චි කරලා හපවුණාමවත්
ගැහැණියකට ස්වාධීනව ඉන්න
මේ සමාජයෙ ඉඩකඩ අඩුයි.

ගැහැණියකට ස්වාධීනව ඉන්න ලැබෙන්නෙ
සිල්වත් මිනිසුන් සංවරව හැසිරෙන
පන්සලක පල්ලියක කෝවිලක විතරයි.
සෙනග ගැවසෙන්නෙ නැති දවසක
තනියම ගියොත් ඒ තැන්වලවත්
ආරක්ෂාවක් නැති වෙයි.

ස්වාධීන ගැහැනු කියා වර්ගයක්
මේ ලෝකෙ නෑ.

"ස්වාධීන ගැහැණිය" කියන්නෙ නම්බු නාමයක්.
විවාහ නොවී ගැහැණිය පාවිච්චි කරන්න
කාමුක පිරිමි භාවිතා කරන ඔටුන්නක්.
"දෙමාපියන්ගේ, නෑදෑයන්ගේ, සැමියාගේ
ආරක්ෂාවෙන් මිදිලා අපිත් එක්ක වරෙන්"
කියන ආරාධනය තමයි
"ස්වාධීන ගැහැණිය" කියන ඔටුන්නෙ
ඇතුල් පැත්තෙ ලියා තියෙන්නෙ.

ශීලාචාර ගැහැණු ස්වාධීන වෙන්නෙ
ශීලාචාර පිරිමින්ගෙ ආරක්ෂාව මැද
සුදුසු සම්ප්‍රදායික පරිසරයකයි..

No comments:

Post a Comment