20170505

සයිටම් විරෝධී මහා වැඩ වර්ජනය පුස්සක් වූ වගයි.


අද 2017 මැයි 05දා.
ගොමා සංගමය කරනවා කිව්ව
සමස්ත ලංකා මහා වැඩ වර්ජනය
අද කරල නැද්ද?

හොරණ නගරය නම් කිසිම වෙනසක් නෑ.
අපි නගරයට ආවෙත් ලංගම බස් රියකින්.
ප්‍රදේශයේ ලොකු පාසලකට ගියා.
පාසලත් සුපුරුදු ලෙස වැඩ කටයුතු කරනවා.
රෝහල්වල මිනිස්සු දුක් වින්දාට
රෝහල්වල සැබෑ වර්ජනයක් නෑ.

මේ විදියට වර්ජනය කරනවා නම්
මුලු වසරෙම කළත් කමක් නෑ.

ගුරුවරුන්ට ලෙඩ නිවාඩු දාන්න කියලා
ගොමා සභාපති
රජයේ රෝහලෙත් වැඩ.
පුද්ගලික රෝහලෙත් වැඩ කරන්න
රන්ජන් රාමනායකට
වෙලාව වෙන්කරල දීල
හෙළිවුණාට පස්සෙ කැන්සල් කරලා.

ඒක තමයි මායාව..
මීහරක් දාල කුඹුර හානවා..
ගොයියා ගොඩ.

ගොමා වෛද්‍යවරු හිතනවා
ජවිපෙ වර්ගයේ බොරු ප්‍රචාර වලින්
ජනතාව රවට්ටගෙන පුලුවන් කියලා.

ජවිපෙයි ගොමා එකයි අන්තරෙයි ඈඳුණාම
එළ හරකයි මී හරකයි එළුවෙකුයි
එකට ඈඳුවා වගේ පෑහෙන්නෙ නෑ.

ගොමා එක ජවිපෙ එක්ක වැඩ කරනවා නම්
අලුත් මේකප් එකක් දාගන්න වෙනවා.
දොස්තර ඔලුවයි ටයි පොල්ලයි ගලවලා
රතු ටී ශර්ට් එකක් ඇඳගෙන
පාදෙණිය පාප්ප බාල්දියයි
නවීන් පෝස්ටර් මිටියයි අරන් යද්දි
හරිතලා සමන්තලා නලින්දලාට
පෝස්ටර් ගහන්න වේවි.

එහෙම නැත්නම්
ඔය වෘත්තිය සමිතිවල ඉන්න මිනිස්සු
ගොමා එකේ මාන්නාධික චර්යාවට
මානසිකත්වයෙන් පෑහෙන්න ඕන.

ගුරුවරු විදුහල්පති වරු
ගොමා දොස්තරලා එනකොට
ඒ දවස්වල වෙද රාළහාමිලා එද්දි වගේ
පුටුවෙන් නැගිටින විදියෙ
ගෞරවයක් තියෙන්න ඕන.

 කම්කරුවො ගොමා දොස්තර වංශය
ඉස්සර හිටිය මුදලි මුහන්දිරම්ලා වගේ
දැක්කම ලේන්සුව අරන් කාණුවට බහින
සුවච කීකරු මට්ටමේ හෙංචයියො වෙන්න ඕන.

ඔය දෙකම වෙන්නෙ නැති නිසා
ගොමා එක උද්ඝෝෂණ සංවිධානය කරල
පාරෙ කෑගහන්න උණ රෝගීන් සොයා ගත්තට
වර්ජනය කරල තමන්ගෙ රැකියාව බිලි දෙන්න
කොණ්ඩෙ බැඳපු චීන්නු හොයාගන්න පහසු නෑ.

අද ඉන්න සයිටම් විරෝධී වෛද්‍යවරු
අතිශයින්ම මාන්නාධික පිරිසක්.
ෆේස්බුක් සමූහයක සංවාදෙකදි
ශීලාචාරව කතා කරන අයට
කැත විදියට අවමන් කිරීම
ඔවුන්ට සාමාන්‍ය දෙයක්.

"උඹ වගේ ගොනෙක් නෑ...
ඌරෝ, බූරුවෝ, නරියෝ,
උඹ පිස්සෙක්, උඹට ඇල්සයිමර් බෙහෙත් ගනිං"
ආදී වශයෙන් ඔවුන් කතා කරන්නෙ
බේබද්දෙක් හතුරෙකුට කතා කරනවා වගෙයි.

මේ මාන්නාධික පිරිස මුල්වෙලා
වර්ජනයක් සංවිධානය කළාට
වැඩුණ මෝරපු මිනිස්සු වර්ජනයක් කරන්නෙ
තමන්ට යම් ලාභයක් තියනවා නම් විතරයි.
තාම දෙමව්පියන්ගෙන් ලැබෙන දෙයක් කාලා
ෆෝන් එකෙන් හඳ අල්ලන්න යන ඇච්චන්ට
රටට දැනෙන්න වර්ජන කරන්න බෑ....
විස්ස විජ්ජාලෙ වර්ජනත්
ගෙම්බෙක් බක බක ගාන තරම්වත්
මිනිස්සුන්ට අදාළ නෑ.

ලින්කන් කිව්වා වගේ
ටික දෙනක් හැමදාම රවටන්න පුලුවන්.
හැමෝම ටික දවසක් රවටන්න පුලුවන්.
හැමෝම හැමදාම රවටන්න බැහැ.

සත්‍යය සදාකාලික වුණාට
ඕනම මගඩියක් කොහොම කළත්
ටිකක් කල් යනකොට හෙළි වෙනවා.

"මාව අනාථයි, අනාථයි" කියමින්
බඩේ කොට්ටයක් බැඳගෙන යන ගෑණියෙක්
මාස අටක් නමයක් යන තුරු
ලෝකෙ රවටන්න පුළුවන්.
මාස දහයක් එකොළහක් යද්දි
රැවටිල්ල බදාගෙන ඉන්න
උණ රෝගීන් අතළොස්ස ඉතුරු වෙද්දි
අනිත් අය මග හැළෙනවා.

අන්තිමට සයිටම් විරෝධී බොරුව
කරතියාගෙන යන්න ඉතුරු වෙන්නෙ
රට රවටන අතළොස්ස හැරුණාම
"හැමදාම රවටන්න පුලුවන්
අතළොස්ස" විතරයි.

ගොමා සංගමය වර්ජනය කරද්දි
වර්ජන බිමේ මුදුනෙම ඉන්න
ගොමා සභාපති වෛද්‍ය පාදෙණිය
හවස හතරෙ ඉඳලා නවලෝකෙන්
රන්ජන් රාමනායකට චැනල් කරන්න
පහසුකම් තියනවා නම්
තමන්ගෙ රැකියාව බිල්ලට දීල
වැඩ වර්ජනය කරන මිනිහාට
ඔහු කරන රැවටිල්ල කොතරම්ද?

සයිටම් විරෝධී වෛද්‍යවරුන්ට
රටේ නැති බැරි අසරණ ජනතාව
එක පාරක් විදලා කුණුකූඩෙට දාන
තුට්ටු දෙකේ සිරින්ජරයක්,
අත්වැසුමක් වගෙයි.
වර්ජනය දවසෙ රෝගියෙක් මළත්
වර්ජනය කරලා රැකියාව නැති වුණත්
ඔවුන්ට කිසිම ගැටළුවක් නැහැ.
ඒ මිනිස්සු ඔවුන්ගෙ චැනල් අස්වැන්න නොවෙයි.

ගොමා වෛද්‍යවරු වෙනුවෙන් ඉදිරිපත් වෙලා
වෛද්‍ය සිසුන් කඳුලු ගෑස් කෑවත්
වතුර නෑවත් ඔවුන්ට ගැටළුවක් නෑ.
මිනිස්සු වර්ජනය කරලා
හිඟමනට වැටුණත්
ඔවුන්ට අදාළ නෑ.

ටයි පොලු දාගෙන ඇවිල්ලා
වායු සමීකරණය කළ කාමරේක
මාධ්‍ය සාකච්ඡාවලින්
බතල කොළ හිටවන සංවිධායකයන්ට
වර්ජන සංවිධානය කරන්න බෑ.

ගොමා සභාපති ඉන්නෙ වෙනම මහලක.
මාධ්‍ය සාකච්ඡාවකටවත් එන්නෙ නැති
"තැන තියාගෙන වැඩ කරන" සභාපති
කොටුව ස්ටේෂම ඉදිරි පිට කෑගහන්නෙ
"අපිව අව්වෙ තියන, අපිව පාරෙ ඇවිද්දවන
මේ උන්මත්තකයො ගෙදර යවන්න ඕන."
ඔහුට තිබුණ ප්‍රධානම ප්‍රශ්නය
පාරෙ වේදිකාවක අව්වෙ ඉන්න එකයි.
ඔහුගෙ කතාව අහන මිනිස්සු, ළමයි
ඔහු කියන කියන දවසට
ඔය වගේම අව්වෙ පිච්චි ගිහින්
කඳුලු ගෑස් කාල වතුර නාල
අං කූට්ටම අහිමි වෙච්ච මී හරක් වගේ
හවසට ඔවුන්ගෙ බෝඩිම් කාමරේට ගාල් වෙලා
තුවාල ලෙවකන හැටි ඔහු දන්නෙ නෑ.
ඒ වෙලාවට
ඔහු ඉන්නෙ චැනල් පොළේ
සල්ලි කොළ අමුණමින්.

ගොමා අරමුණු දේශපාලනිකයි.
කට බොරු කිව්වට දිව බොරු කියන්නෙ නැහැ.
ඔවුන්ට සයිටම් එක අදාලම නෑ.

ටයිටැනික් නැව වගේ ලෝකෙට පෙන්නුවාට
ගොමා සංගමය ගහන ගේමට
සයිටම් කියන්නෙ කෙසෙල් කොට පාරුවක්.
දේශපාලනික වැඩේ ගොඩ දාගත්තාම
අත්හැරල යන්න පුලුවන්.

ගොමා අරමුණ
රෝගීන් බේරාගැනීම නොවෙයි.
බලය නැතුව රෝගී වෙලා ඉන්න පිරිසක්
බලයට පත් කරන්නයි.

මේ අරමුණ දැනගෙන
සයිටම් විරෝධයෙ යෙදෙන අය
රවටන්නෝය.

මේ අරමුණ නොදැන
සයිටම් විරෝධයෙ යෙදෙන අය
රැවටෙන්නෝය.

සයිටම් විරෝධීන් අතර ඉන්නේ
මේ දෙපිරිස පමණි.

ඔබ කොතනද?


----------------------------------------------------------

3 comments:

  1. අනුරුද්ධ පාදෙණිය අද
    රජයේ රෝහලෙත් ස්ට්‍රයික් නෑ..

    ඒක තමයි මායාව..
    මීහරක් දාල කුඹුර හානවා..
    ගොයියා ගොඩ. :D
    .
    අනුරුද්ධ පාදෙණියගේ නායකත්වයෙන්
    වර්ජනය සංවිධානය කරන අය
    ළමා රෝහල වර්ජනය කරන්නෙ නෑ කියා
    තීරණයක් ගන්නවා.

    අපි ඒක හොඳයි කියමු.

    ඒත් ඔහුගෙ මෙහෙයීමෙන් අනික් මිනිස්සු
    වැඩ වර්ජනය කරනවා.
    ඔහු වැඩ කිරීම සාධාරණද?

    ඔහු ස්නායු රෝග විශේෂඥයෙක්.
    ඔහු එක දවසක් නෑ කියා ළමයි මිය යාවිද?
    ස්නායු රෝග හදිසියේ හැදිලා
    මිය ගිය ළමයෙක් අහල තියනවාද?

    කොහොම වුණත් සංවිධානය කරන කෙනා
    වර්ජනය කරන්න බැඳී ඉන්නවා.
    මේ වගේ වංචාකාරයොත් එක්ක
    වර්ජනය කරන්න ඕන මිනිස්සු නොවෙයි..
    මී හරක්.

    ඒක තමයි මම කියන්නෙ.
    මීහරක් හානවා..
    ගොයියා ගොඩ.

    ReplyDelete
  2. හන්ඩ්‍රඩ් පසන්ට් එකඟ නොවී ඉන්නට බොහෝ අමාරුය .

    sudukukula.blogspot.com

    ReplyDelete