20170720

SSS = ශ්‍රී ලංකාවේ ඉගෙනගත් වෛද්‍යවරුන්ගේ නීතිගත ප්‍රමිතිය


ජනප්‍රිය ව්‍යවහාරයට අනුව නම් කළොත්
ලංකාවේ ඉගෙන ගන්නා හැම වෛද්‍යවරයෙක්ම
ශ්‍රී ලංකාවේ නීතිය හමුවේ
අවජාතක හොර සයිටම් දොස්තර කෙනෙකි.

"මගේ දරුවා මිය ගියේ
ප්‍රමිතියක් නැති වෛද්‍යවරයෙක්
දරුවාට ප්‍රතිකාර කළ නිසයි" කියා
අපේ රෝහලකදී මිය යන
ඕනම දරුවෙකුගේ පියෙක්
ලංකාවේ උසාවියක නඩුවක් දැම්මොත්
වෛද්‍යවරයාට සිය ප්‍රමිතිය පෙන්වන්නට
උසාවියට ඉදිරිපත් කළ හැක්කේ
ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ
භෞතික විද්‍යාවෙන් සමත් බව පෙන්වන
උසස්පෙළ ප්‍රතිඵල සහතිකය පමණි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය
1869දී සහකාර වෛද්‍ය නිලධාරීන් පුහුණුවට
 හර්කියුලස් රොබින්සන් නම් ආණ්ඩුකාරයා විසින්
ආරම්භ කරන ලද්දකි.

1870දී සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානි
වෛද්‍ය ඩබ්ලිව් ආර් කිංසි විසින් කොළඹ වෛද්‍ය පාසල
පිහිටුවන ලද්දේ ඔවුන් පුහුණු කිරීමටයි.

වසර 150කට ආසන්න කලක් තිස්සේ
රජයේ පිළිගැනීම මත පත්වෙන
ශ්‍රී ලංකාවේ ඉගෙන ගන්නා බටහිර වෛද්‍යවරුන්
නීතිගත ප්‍රමිති නිර්ණායක රහිත වෛද්‍ය පීඨවල
නිසි පොදු ප්‍රමිතියකින් තොරව ඉගෙන ගෙන
නීත්‍යානුකූල ප්‍රමිති නිර්ණායක රහිතව
වෛද්‍ය සභා ලියාපදිංචිය ලබාගෙන  එන
අවජාතක වෛද්‍යවරුන්ය.

ජනප්‍රිය ව්‍යවහාරයට අනුව නම් කළොත්
ලංකාවේ ඉගෙන ගන්නා හැම වෛද්‍යවරයෙක්ම
ශ්‍රී ලංකාවේ නීතිය හමුවේ
අවජාතක හොර සයිටම් දොස්තර කෙනෙකි.

රටේ නීතිය පිළිගන්නා වපසරිය තුළ
සයිටම් උපාධි කඩයට ප්‍රමිති නිර්ණායක නැත.
රජයේ උපාධි දන්සැලටද ප්‍රමිති නිර්ණායක නැත.

වයස වසර 100කට ආසන්න වන
මහළු වෛද්‍ය සභාව
ප්‍රමිති නිර්ණායක රහිතව ලියා පදිංචි කරන ලද
හරි හමන් ප්‍රමිතියක් කිව නොහැකි හොර වෙදුන්
ලංකාව පුරාම ප්‍රතිකාර කරමින් සිටිති.

වෛද්‍ය පාදෙණිය ප්‍රමුඛ වෛද්‍ය සංගමය
ලංකාවේම බාහිර රෝගීන්ට වද දෙමින්
සයිටම් විරෝධය මගින් රටට හෙළි කළ
මාරාන්තික අවදානම එයයි.

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ට
නීතිය හමුවේ පිළිගැනීම
බටහිර වෛද්‍යවරයාට වඩා වැඩිය.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 25ක්ම
හොර දොස්තරලා බව වෛද්‍ය සංගමය කියයි.
ඔවුන්ට විරුද්ධව රජයේ වෛද්‍ය සංගමය
ක්‍රියා නොකරන්නේ මන්ද?

ගමක හොර දොස්තර කෙනෙකු අල්ලා
කුදලාගෙන උසාවි ගෙන ගිය විට
වෛද්‍යවරයෙකු වන්නට ඇති ප්‍රමිති නිර්ණායක
උසාවියට ඉදිරිපත් කරන මෙන්
ඔහු පැමිණිල්ලෙන් ඉල්ලා සිටියහොත්
පැමිණිල්ල ඉදිරිපත් කරන ප්‍රමිතිය කුමක්ද?
ප්‍රමිති නිර්ණායක නැති වෛද්‍ය සභාව
රටේ ජනතාව ඉදිරියේ විත්ති කරු කරමින්
හොර දොස්තරට නඩුවෙන් නිදහස් විය හැක.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 25ක්ම
හොර දොස්තරලා ලෙස ජනතාව රැවටුවත්
රටේ නීතියට කල හැකි දෙයක් නැත.

සයිටම් ශිෂ්‍යාව නඩුව දිනුවේ
වසර අනූවක් තිස්සේ අවජාතකයන් බිහි කරන
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට
වෛද්‍ය වෘත්තික සුජාතභාවය පෙන්වන
පිළිගත් අවම ප්‍රමිති නිර්ණායක මේවා යැයි
නීතිය හමුවේ පෙන්වන්නට අවම ප්‍රමිතියක්
වසර 90ක් තිස්සේ ඔවුන් සතුව නැති නිසාය.

අද ලංකාවේ සිටින නීත්‍යානුකූල වෛද්‍යවරුන්
විදේශයන්හි වෛද්‍ය පීඨ වලට ගොස්
නීති ගත කළ අවම ප්‍රමිති නිර්ණායක අනුව
වෛද්‍ය අධ්‍යාපනය ලබා පැමිණෙන
වෛද්‍යවරුන් පමණකි.

රජයේ වෛද්‍ය සංගමය විදේශයෙන් එන
Act 16 වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය නොසොයන්නේ ඇයි.?
අවජාතක ස්වදේශික වෛද්‍යවරයා.
විදේශයෙන් එන සුජාත වෛද්‍යවරයා හමුවේ
නිරුත්තරව අසරණ වන්නේය.

සයිටම් නඩුවේ පාර්ශවකරුවෙකු වන
රජයේ වෛද්‍යවරුන්ගේ සුජාතභාවය ගැන
මීළඟ සයිටම් නඩු විභාග දිනයේදී
සයිටම් පාර්ශවයේ නීතිඥයා ප්‍රශ්න කළහොත්
රජයේ වෛද්‍ය සංගමයේ පාර්ශවකරු
රටේ නීතිය හමුවේ නිරුවත් වෙන
සිය වාර්ගිකයාගේ උපන්ගෙයි අවජාතක බව
මහජනතාවට වසන් කරන්නේ
කවර ආකාරයෙන්ද?

රජයේ වෛද්‍යවරයෙකු ලෙස
නඩුවක පාර්ශව කරුවෙකු වන්නට
වෛද්‍යවරයෙකු ලෙස මේ ප්‍රමිති නිර්ණායක මත
තමා සුදුසු වන්නේ යැයි උසාවියට පෙන්වන්නට
ඔහුට ඉදිරිපත් කළ හැකි නීතිගත කොළයක්,
තුණ්ඩු කෑල්ලක් හෝ රජයේ ආයතනයක නැත.
එකම සුදුසුකම SSS ඉක්මවා ගිය
උසස්පෙළ ප්‍රතිඵල සහතිකය පමණි.

වෛද්‍ය වෘත්තික සදාචාරයෙන් පිරිහී
රටේ නීතිය වෙනස් කරන්නට පවා
රෝගී ජනතාව මාර්ගයෙන් අපට බලපෑම් කරන
උපතින්ම අවජාතක රජයේ  වෛද්‍ය සංගමය
අනාගත අවජාතක වෛද්‍යවරු වෙන්නට යන
වෛද්‍ය පීඨ සිසුන් සහ සයිටම් සිසුන් සමග
රටේ නීතිය ඉදිරියේ පෙන්විය හැකි අයුරින්
සිය සුජාතභාවය ලබා ගැනීම සඳහා
හෙටම පාරට බැසිය යුතුය.

ඔබ සයිටම් වෛද්‍යවරයෙක් විය හැක
රජයේ සයිටම් වෛද්‍යවරයෙකු විය හැක.
ඔබ නීත්‍යානුකූල ප්‍රමිතියක් ඇති
සුජාත වෛද්‍යවරයෙකු ලෙස
අපි නොපිළිගනිමු.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුන්ගේ අවම ප්‍රමිතිය
පාර්ලිමේන්තු පනතකින් නීතිගත කළ යුතුයි.
ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ
පිළිගත් නිර්ණායකයන් මෙසේය.

නියාමන පද්ධතියෙහි
විශ්වසනීය බව අධ්‍යාපනික ශක්‍යතාව, කාර්යක්ෂම බව
සහ පද්ධතියේ සාධාරණත්වයයි.
පද්ධතිය ක්‍රියා කරන්නවුන් ගෙන්
මේ ලක්ෂණ ප්‍රදර්ශනය විය යුතු අතර
ඉහළ මට්ටමේ පාරදෘෂ්‍ය භාවයකින් යුතු
සියල්ලන්ටම විමසිය හැකි ආකාරයට පැවතිය යුතුය.

නීතිමය රාමුව
නියාමන පද්ධතිය නීතිමය රාමුවක් තුළම
ක්‍රියාත්මක විය යුතුය.
නියාමන පද්ධතියෙහි ස්වාධිපත්‍යය
නීතිමය රාමුව මගින් ආරක්ෂා විය යුතු අතර
රජය, වෛද්‍ය විද්‍යාල සහ
වෛද්‍ය වෘත්තිකයන්ගෙන්  ස්වාධීන වීම සහතික විය යුතුය.

ප්‍රමිතිකරණ නිර්ණායක පැණවීමට, කාලීන ඇගයීම්කරණයට,
නියාමනය සංවාදයට, ප්‍රතික්ෂේප කිරීමට සහ ඉවත්කරගැනීමට
නියාමක මණ්ඩලයට බලය පැවරිය යුතුය.

ඉහත දැක්වෙන ආකාරයට
වෛද්‍ය විද්‍යාල,
වෛද්‍ය ශිෂ්‍යයන්,
වෛද්‍ය වෘත්තිකයන්,
සුව සේවා පද්ධතිය,
මහජනතාව,
අදාළ රාජ්‍ය ආයතන යන 'සියල්ලන්ගේම' එකඟත්වයෙන්
විශ්වාසනීයවූ නියාමන පද්ධතියක් නීතිගත වී නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව
රටේ ජනතාවද නිර්ණායක තීරණය කිරීමේදී පාර්ශව කරුවෙකි.

වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැටළුවක් වන්නේ
අන් සියලුම පාර්ශව වලට වඩා
රටේ ජනතාවටය.
ප්‍රමිතිය සහිතව හෝ රහිතව
වෛද්‍යවරයා ප්‍රතිකාර කරන්නේ
රෝගීන් වෙන මහජනතාවටය.

රෝගියෙකුට ප්‍රතිකාරයේ ප්‍රමිතිය
ජීවිතයත් මරණයත් අතර
තීරණාත්මක සාධකය විය හැක.











No comments:

Post a Comment