20170409

"ප්‍රතිශක්තිකරණය ඇමක්" -Facebook සමූහයක වාරණය වූ Post එකක්.


කොන්ෆියුසියස්
චීන අධිරාජයාට වෛද්‍යවරුන් පිළිබඳ
වැදගත් උපදෙසක් දුන්නේය.
රෝගීන් සුව කිරීම සඳහා
වෛද්‍යවරුන්ට ගෙවීමක් නොකරන මෙන්
ඔහු උපදෙස් දුන්නේ
රෝගීන් සුව කර ආදායමක් ලැබීම සඳහා
මිනිසුන් රෝගීන් වනු දකින්නට
වෛද්‍යවරුන් කැමති වන නිසාය.


ශෙරී ටෙන්පෙනි කියන්නෙ
ප්‍රතිශක්තිකරණය ගැන
තමන්ගෙ අදහස කියන වෛද්‍යවරියක්.
ඇය කියන කරුණු වලින්
ප්‍රතිශක්තිකරණය පිළිබඳව බොහෝ දේ
අපට දැනගන්න පුලුවන්.

[ ප්‍රතිශක්තිකරණ එන්නතෙන්
දරුවා
බෞතීස්ම කළාට පස්සෙ
"ජීවිතකාලයටම ඔහු පාරිභෝගිකයෙක්"  ]

ප්‍රතිශක්තිකරණය මුවාවෙන්
ඖෂධ සමාගම් ගෙනියන
වෙළඳ ව්‍යාපාරය හෙළි කිරීම
ඇය දෙන තොරතුරු අතර
වැදගත් තොරතුරක්.

ශෙරී දක්වන කරුණු හැර
ඇගේ පුද්ගලික තොරතුරු මට අදාළ නෑ.
මම ඇගේ ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙ
අදහසේ තියන ප්‍රබලතාවය මතයි.

ඇය වෛද්‍යවරියක්ද කියන එකත් මට අදාළ නෑ.
බටහිර ඖෂධ සමාගම් විසින්
ප්‍රතිශක්තිකරණය සහ එහි අතුරු ආබාධ
වෙළඳ උපක්‍රමයක් විදියට භාවිතා කරනවා කියලා
සිඟිති පාසල් දරුවෙක් කිව්වත්,
ගායකයෙක් ගීතයකින් කිව්වත්
වෙළඳ උපක්‍රම දන්නා කෙනෙකුට
පිළිගන්න පුලුවන් පැහැදිළි සත්‍යයක්

Thilina KXXXXXX [[[කවුද මේ අතුල මහත්තයා අල්ලගෙන ඉන්න
වෛද්‍ය ශෙරි ටෙන්පෙනි? බලමුද මෙයා කවුද කියල පොඩ්ඩක්?
වැදගත්ම දේ තමයි. එන්නත්කරණය ගැන මේ කතා කියන්න
ඇය Immunology කියන දේ ගැනවත් හදාරල නැතිවීම.]]]

තිළිණ කියන විදියට
ශෙරී "ප්‍රතිශක්තිකරණය"
හදාරපු කෙනෙක් නොවෙයි.

ශෙරී කියනවා
ඇය වසර එකොළහක් පුරා"ප්‍රතිශක්තිකරණය" හැදෑරුවා කියල.

"බටහිර ඖෂධ සමාගම් විසින්
ප්‍රතිශක්තිකරණය සහ එහි අතුරු ආබාධ
වෙළඳ උපක්‍රමයක් විදියට භාවිතා කරනවා" කියන
ඇගේ ප්‍රධාන ප්‍රකාශය කරන්න
ප්‍රතිශක්තිකරණය හැදෑරිය යුතුද?

ප්‍රතිශක්තිකරණය සහ එහි අතුරු ආබාධ
වෙළඳ උපක්‍රමයක් ලෙස භාවිතා කරන
දැවැන්ත බටහිර ඖෂධ සමාගම් මගින්
නොමිලේ දෙන ප්‍රතිශක්තිකරණයෙන් පසුව
ඉන් ඇතිවෙන අතුරු ආබාධ සඳහා
තවත් ඖෂධ සොයමින් යන ගමන නිසා
ඒ දරුවාත් දෙමාපියනුත් සදාකාලිකව
බටහිර ඖෂධවල වහල්ලු වෙනවා කියන්න
ප්‍රතිශක්තිකරණය පිළිබඳව
ඉගෙන ගත යුතුද?

බටහිර ඖෂධ සමාගම් විසින්
ප්‍රතිශක්තිකරණය දීම මගින්
නිරෝගී ළදරුවන් අතුරු ආබාධ සහිත
රෝගී ළදරුවන් බවට පත් කරගෙන
අනිවාර්යයෙන් වෛද්‍යවරයා වෙතට
පැමිණෙන තත්වයට ඔවුන් පත් කරලා
බට හිර වෛද්‍යවරයාටත්,
බටහිර ඖෂධ වලටත් වහලෙක් කරගෙන
එමගින් මුළු ජීවිතයම ඒ දරුවාගෙන්
මුදල් ගරනවා කියන චෝදනාව
කාගෙත් අත්දැකීම් අනුව සත්‍යයක්.

ප්‍රතිශක්තිකර
යෙන් පසු මිය නොගියොත්
දරුවා අතුරු ආබාධ වලට ගොදුරු වීම
සාමාන්‍ය දෙයක් කියා ඔවුන්ම කියනවා.
ඇත්තටම අතුරු ආබාධ නැත්නම්
ප්‍රතිශක්තිකරණය අලාභයි.
ඔවුන්ගෙ ලාභය තියෙන්නෙ අතුරු ආබාධ මතයි.

ප්‍රතිශක්තිකරණය නොමිලේ දෙන අයම
ඉන් පස්සෙ දහස් ගණන් අය කරන්නෙ ඇයි
කියන ප්‍රශ්නය බුද්ධිමත් අය අහනවා.

රජරට රැජින දුම්රියේ හකුරු විකුණන කෙනෙක්
පොඩි හකුරු කල්ලක් දීලා හකුරු මුලක් විකුණන
වෙළඳ උපක්‍රමයම භාවිතා කරමින්
ප්‍රතිශක්තිකරණය නොමිලේ දෙනවා.
නොමිලේ සාම්පලයක් දීම පැරණි උපක්‍රමයක්.

නොමිලේ අවස්ථාව ලබාදීමෙන්
මුදලට සේවා ලබා ගන්නා වෙබ් අඩවි,
සිම්පත නොමිලේ ලබා දෙන ෆෝන් සමාගම්
මේ ලිපිය කියවන අයට අලුත් නැහැ.

මේ සිද්ධාන්තය
පාර අයිනෙ පෙට්ටි කඩේ මුදලාලිත් දන්න
සරල ව්‍යාපාරික සත්‍යයක්.
ඔබේ අතේ ඉන්න ළදරුවාට
ඔහු අද ටොපියක් නොමිලේ දෙන්නෙ
හෙට ඉඳලා ටොපි විකුණන්න බලාගෙනයි.
දරුවා ඔබ පාලනය කරන බව
ලොව පුරාම වෙළඳ ව්‍යාපාරිකයන් දන්නවා.
ඔවුන් ඒ දැනුම භාවිතා කරනවා.


මේ වෙළඳ උපක්‍රම සකස් වෙන්නෙ
ඒ වෙළඳ සමාගම් තුළ නොවෙයි.
පාරිභෝගිකයාට දැල එළන්න දැල වියන්නෙ
වෙළඳ ප්‍රචාරක සමාගම්වල
නිර්මාණ අධ්‍යක්ෂක වරුන් විසිනුයි.

ලංකාවෙ ඉහළ පෙළේ
වෙළඳ ප්‍රචාරක සමාගම් කීපයක
රැකියාව කළ කෙනෙක් විදියට
වෙළඳ ව්‍යාපාරිකයන් තමන්ගේ
පාරිභෝගික ජාලය හදාගන්න
කොපමණ වෙහෙසක් දරනවාද යන්න
මම හොඳින්ම දන්නවා.
ඔවුන් වසර ගණන් වෙහෙස වෙමින්
පාරිභෝගිකයන්ට දැල එළනවා.
ඒ වැය කළ මුදල මෙන්
සිය දහස් ගුණයෙන් ඔවුන් ලාභ ලබනවා.
සියලුම ඖෂධ වර්ග නියම කරන
ඔවුන්ගේ නිල නොළත් වෙළඳ නියෝජිතයා
පවුලේ වෛද්‍යවරයායි.

දරුවාට දෙන ප්‍රතිශක්තිකරණය සහ
ඉන් ඇතිවෙන අතුරු ආබාධ මගින්
දරුවා ජීවිතයටම වහලෙක් කර ගැනීම
ඉතාම බුද්ධිමත් මෙන්ම ඉතාම සාර්ථක
වෙළඳ උපක්‍රමයක් බව මා නොකිව්වත්
ප්‍රතිශක්තිකරණය දෙන දෙමාපියන්
තමන්ගෙ අත්දැකීමෙන් දන්නවා ඇති.

නොමිලේ ලැබුණ ප්‍රතිශක්තිකරණයෙන් පසුව
අතුරු ආබාධ නිසා ද
ස් ගණන් වැය කළ
බොහෝ දෙමාපියන් ඔවුන් අතර ඇති.

කිසියම් උපක්‍රමයක් භාවිතා නොකළොත්
නැවත ගෙන්වාගත හැකි ඇමක් නැත්නම්
දරුවා ලැබෙන මව
නැවත වෛද්‍යවරයා ළඟට එන එක
සහතික නැහැ..
වසර ගණනාවකට නොඑන්න පුලුවන්..


ප්‍රතිශක්තිකරණය ඇමක්..
කෑවොත් පැටලෙනවා.
මේ නිසයි,

ප්‍රතිශක්තිකරණයටවෛද්‍යවරුන්ගෙ කරුණාව උතුරන්නෙ.
ඒ කරුණාවට වන්දි ගන්න අවස්ථා
අනාගතය පුරාම එළඹෙනවා.

ළදරුවා රැගෙන
ප්‍රතිශක්තිකරණයට වෛද්‍යවරයා ළඟට යන මව
ඒ එන්නත නිසා ඇතිවෙන අතුරු ආබාධ වලට
ඔහු ළඟට යනවා.
ඒ සඳහා දෙන ඖෂධවලින් හැදෙන
අතුරු ආබාධ වලටත් විසඳුම ඔහුමයි..

"අතුරු ආබාධ නැත්නම්
ඒ ඖෂධයක් නොවෙයි."
බටහිර වෛද්‍යවරු කියනවා.

දරුවා මෙන්ම ඔවුන් රෝගී වූ විටත්
ඉබේ මග හැරීයන සුළු කැක්කුම් වලදී පවා
වෛද්‍යවරයා වෙත යන්නට
මවුපියන් හුරු වෙනවා.

ආහාර අඩු කරලා විවේකයෙන් තැබීමෙන්
දිනක් දෙකක් ගතවී ඉබේට සුව වෙන
සුළු සුළු රෝග සඳහා පවා
ඔවුන් වෛද්‍යවරයා කරා දුවන්නේ
මේ ඇබ්බැහි වීම මතයි.

ඖෂධ වලට දහස් ගණන් වැය කරන
ස්කෑන්, එක්ස් රේ ආදිය සඳහා
දහස් ගණන් වැය කරන අයට
වෛද්‍ය වෙළඳ ව්‍යාපාරය වෙනුවන්
තමන් කොතරම් කැප කිරීමක් කරනවාද කියා
තමන්ගේම අත්දැකීමෙන් දන්නවා.
ඔවුන්ට සමීක්ෂණ වාර්තා අවශ්‍ය නැහැ..
ඔවුන් සතුව තියන බිල්පත් ප්‍රමාණවත්.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ප්‍රතිශක්තිකරණය කියන්නෙ
බටහිර ඖෂධ ජාලයට
නොමිලේ දෙන පාස් එකක්.
ඇතුල් වුණාට පස්සෙ
ප්‍රතිජීවක ඇතුළු හැම පෙත්තටම
හැම කරලටම අය කරනවා.

වෙළඳ උපක්‍රම දන්නා වාණිජ ලෝකය තුළ
ඖෂධ නිෂ්පාදන සමාගම් වල කොඳු නාරටිය ලෙස
ප්‍රතිශක්තිකරණය හඳුන්වන්නේ ඇයි?

දෙමාපියන් තුළ ඇති බිය අවුළුවා
දරුවාට ප්‍රතිශක්තිය දීමෙන්
ජීවිත කාලයම බටහිර ඖෂධ ගන්නා
පාරිභෝගිකයෙක් බිහිකරගන්නට
ඖෂධ සමාගම් සමත් වන්නේ
ප්‍රතිශක්තිකරණය නිසයි.

ප්‍රතිශක්තිකරණයෙන් ප්‍රතිජීවක වලට හුරුවෙන
ඔබේ දරුවා ජීවිත කාලයටම
රසායනික සංයෝගවල වහලෙක් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය
ඔබට දෙවරක් හිතන්න කියනවා.
1, ප්‍රතිජීවක අවශ්‍යද?
2, ප්‍රතිජීවකය සුදුසුද?
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
දෙවරක් හිතන්න.
1, ප්‍රතිශක්තිකරණය අවශ්‍යද?
2, ප්‍රතිශක්තිකරණය සුදුසුද?



No comments:

Post a Comment