20170416

අද කර්ම ඵල දෙන විට නවීන විද්‍යාවත් සහය වෙයි.

Hisashi Ouchi
හිට්ලර්ගේ කාලයේ
දැඩි ද්වේශයෙන් යුතුව
මිනිසුන් පුළුස්සා වද දීම වැනි
බරපතල කර්මයක් කළ කෙනෙක් විය හැකිය.
හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ හෙළීමට
සහභාගි වූ තීරණ ගත් කෙනෙක් විය හැකිය.

ටැංකියේ යුරේනියම් සීමාව වූ 2.4kg ඉක්මවා
Ouchi විසින් ටැංකියට වත් කල සංයෝගයේ
යුරේනියම් 16kg අඩංගු වූයේ
කර්මය විපාක දීමට විය හැකිය.

සතියක් ප්‍රතිකාර ලැබූ පසු Ouchi පැවසුවේ
" මට තවත් මේක ඉවසන්න බෑ... මම සතෙක් නෙමේ.. " කියායි.
කෙසේ වෙතත් දොස්තරවරු තම උපරිමය
රෝගියා වෙත යෙදූ අතර
එයින් සිදු වූයේ ඔහුට ඉතාමත් සෙමින්
ඉතා වේදනාකාරී මරණයක් ලබා දීම පමණි.

නොවැම්බර් 27 වන දින Ouchiගේ හදවත
මිනිත්තු හැත්තෑවක් නතර වී තිබිණ.
එනමුත් වෛද්‍යවරුන් රුධිරය,
විවිධ ඖෂධ හා ද්‍රව වර්ග ලබා දී
මොහුගේ හදවත ක්‍රියාත්මකව තබා ගත්තේය.
පුරා දින 83ක් වෙහෙසී
ඉතාමත් සෙමින් වේදනාකාරී මරණයක් අත්කර දෙමින්
උප පීළක කර්මයක්  විදියට
ඔහුගේ කර්මය විපාක දීම තවදුරටත් සිදුවීමට
නවීන විද්‍යාව සහ වෛද්‍යවරුන් දායක විය.

කර්ම විපාකය අනුව
සසර තුළ තවත් කොතෙකුත් මෙවන් අවස්ථාවලට
ඔහුට මුහුණ දෙන්නට වනු ඇතිදැයි
අපට කිව නොහැක.
Hisashi Ouchi යනු ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක සේවය කල කාර්මිකයෙකි. මෙහි ඇතිවූ අනතුරකින් ඔහු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අධික විකිරණ ප්‍රමාණයකට නිරාවරණය විය. Hisashi අනතුර සිදුවූ ස්ථානයට ඉතාමත් ළඟින්ම සිටි නිසා වැඩිමනක් විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූයේ මොහුයි. මෙතෙක් වැඩිම විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ පුද්ගලයා වන්නේද මොහුයි.

මෙම අනතුර සිදුවූයේ 1999 සැප්තැම්බර් 30 වනදා Tokaimuraහිදී හිසාෂි සහ තවත් දෙදෙනෙකු ටැංකියකට Uranyl Nitrate සංයෝග අඩංගු හත්වන බකට් එක දැමූ අවස්ථාවේදී ය. මෙය දැමූ විගස ටැංකිය තීරණාත්මක අදියරට පැමිණ න්‍යෂ්ටික විඛණ්ඩනය ආරම්භ වී ගැමා සහ න්‍යුටෝන් විකිරණ පිටවී ගියේය.

Ouchi ටැංකියට ලගින්ම සිටි අතර Shinohara සිටියේ වේදිකාවමත සිටගෙන ය. අනෙක් පුද්ගලයා වූ Yokokawa සිටියේ ඊට මීටර් හතරක් පමණ ඈතින් පිහිටි මේසයක් මත ඉදගෙනය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ පිපිරීමට පෙර සිදුවූ විශාලතම න්‍යෂ්ටික බලාගාර අනතුර වූයේ මෙයයි. කාර්මිකයන්ගේ පුහුණුව මදකම හා න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රමවත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක නොවීමත් මෙයට හේතු වූ බව කියයි.

ටැංකියේ යුරේනියම් සීමාව වූයේ 2.4Kg ය. Ouchi විසින් ටැංකියට වත් කල සංයෝගයේ යුරේනියම් 16Kg අඩංගු විය.

Ouchiට 17 Sieverts (Sv) විකිරණ ප්‍රමාණයක්ද Shinohara 10sv ද Yokokawa 3sv ද විකිරණ ප්‍රමාණයකට නිරාවරණය විය. සාමාන්‍යෙයෙන් න්‍යෂ්ටික බලාගාරයේ සේවකයෙක් වසරකට නිරාවරණය වන විකිරණ ප්‍රමාණය වන්නේ 50 mili sieverts ය. 8 sieverts යනු මාරාන්තික මාත්‍රාවකි.

ඉතාමත් කෙටි කලකදී මෙතරම් විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ එකම පුද්ගලයා වන්නේ Ouchi ය. මෙය නිසා මොහුගේ මුළු සිරුරම පාහේ විනාශ විය. DNA , ප්‍රථිශක්තිකරණ පද්ධතියම විනාශ විය. මෙම අනතුර නිසාවෙන් මොහුගේ සිරුරේ ක්‍රෝමසෝම් විනාශ වූ අතර සිරුරේ තිබූ සුදු රුධිරාණු ප්‍රමාණය 0 කි. මුලු සිරුරම දැවී තිබූ අතර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට ඉතාමත් බරපතල හානි සිදුවී තිබුණි.

තත්වය බරපතල වීමත් සමඟ මොහුව ටෝකියෝ විශ්වවිද්‍යාල රෝහල වෙත රැගෙන යන ලදි. මෙහිදී ලොව ප්‍රථම වරට ප්‍රාථමික සෛල පාරවිලයනය මොහුට සිදු කරන ලදි. රුධිරය හා ජපානයේ දැනටත් නැති ඖෂධ මොහුට ලබා දෙන ලදි. මොහුට විවිධ සම් බද්ධ කිරීම් කලද සිරුරේ සිදුරු තුලින් ද්‍රව ගලා යාම නතර කල නොහැකි විය.

සතියක් මෙලෙස ප්‍රථිකාර ලැබූ පසු Ouchi පැවසුවේ " මට තවත් මේක ඉවසන්න බෑ... මම සතෙක් නෙමේ.. " ලෙසයි. කෙසේවෙතත් දොස්තරවරු තම උපරිමය රෝගියා වෙත යෙදූ අතර එයින් සිදු වූයේ ඔහුට ඉතාමත් සෙමින් ඉතා වේදනාකාරී මරණයක් ලබා දීම පමණි.

නොවැම්බර් 27 වන දින Ouchiගේ හදවත මිනිත්තු හැත්තෑවක් නතර වී තිබීය. එනමුත් වෛද්‍යවරුන් රුධිරය, විවිධ ඖෂධ හා ද්‍රව වර්ග ලබා දී මොහුගේ හදවත ක්‍රියාත්මකව තබා ගත්තේය. අවසානයේ දෙසැම්බර් 21 වන දින නැවතත් මොහුගේ හදවත නැවතුණි. එනමුත් පවුලේ උදවියගේ ඉල්ලීම මත වෛද්‍යවරු Ouchi ට නැවත පණ ලබා දුන්නේ නැත. පවුලේ උදවිය පැවසුවේ ඔහුට තවත් වේදනාවක් නොදී සාමකාමී මරණයක් ලබා දිය යුතු බවයි. ඒ අනුව 1999 සැප්තැම්බර් 30 වන දින අනතුරට පත් වූ Ouchi 1999 දෙසැම්බර් 21 වන දින එනම් පුරා දින 83ක් වෙහෙසී ඉතාමත් සෙමින් වේදනාකාරී මරණයක් අත්කර ගත්තේය.
-----මිතිල ප්‍රනාන්දු

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
උපස්ථම්භක කර්මයක් විදියට
ජීවිත රැකදෙන්නටත් නවීන විද්‍යාව
පිහිට වෙනවා.



වෛද්‍යවරයෙකු කළ විස්මිත සැත්කම
__________________________________________________
ඔබ විවිධ සැත්කම් අසා ඇති.. විවිධ ආකාරයේ බද්ධ කිරිම් කැපීම් කෙටීම් ගැන.. ඒ්ත් මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්.. ඇත්තටම මනුස්සයෙකුට මෙහෙම දෙයක් කර ගන්න පුළුවන් ද කියලා හිතෙයි මේ කතාව කියවද්දී.. මේ අපූරු වෛද්‍යවරයා නමින් Leonid Rogozov ඔහු සෝවියට් සංගමයට අනුයක්තව විශාල කාර්ය භාරයක් කළ වෛද්‍යවරයෙකු කිව්වොත් නිවරුදි. ඔහු සෝවියට් සංගමයේ ඇන්ටාක්ටික් ගවේෂණ කණ්ඩායමට අනුයක්ත කර තිබුනා. ඒ වගේ ම ඔහු ඒ කණ්ඩායමේ සිටි එකම වෛද්‍යවරයත් වුනා.. ඔහුන්ගේ නැවැතුම් ස්ථානයේ වුනේ Novolazarevskaya කියන මධ්‍යස්ථානය.
1961 වර්ෂයේ දී Leonid Rogozov ව සෝවියට් සංගමයේ ඇන්ටාටික් මධ්‍යස්ථානය වෙත අනුයක්ත කර ලදී. මේ මධ්‍යස්ථානය තුළ ලියනොයිඩ් සමග තවත් 12 දෙනෙකු බාහිර ලෝකයෙන් සම්පුර්ණයෙන් ම ඈත් කරලා සීතල හා හිම සහිත ප්‍රදේශයක මධ්‍යස්ථානයකට ගෙන ගියා.. දිනක් හරියට ම කිව්වොත් වර්ෂ 1961 අප්‍රේල් මස 29 දින ලියනොයිඩ් හිටි හැටියේ දුර්වල වෙන්න පටන් ගත්තා, ඔහුට ආහාර අරුචියත් එක්ක ඔක්කාරය ඇති වුනා, ඔහුට උණ රෝගයද ඇති වුනා.. ටික දිනක් ගත වෙද්දී ඔහුගේ උදරයේ පහළ දකුණු කොටසට වෙන්න දැඩි වේදනාවක් ඇති වුනා.. ඔහු රෝග ලක්ෂණ වල ද අඩුවක් වුනේ නෑ..ලියනොයිඩ් තමන්ගේ වෛද්‍ය දැනුමෙන් තමන්වම පරික්ෂා කර ගත්තා.. ඔහු රෝගය හදුනා ගත්තා, ඒ රෝගය appendicitis බව ඔහු දැන ගත්තා.. ඔහුට කළ හැකි එකම ප්‍රතිකාරය වුයේ ශල්‍යකර්මයක් කිරිම පමණි, මන්ද ඔහුගේ ජිවිතේ රැදි තිබුනේ මේ ශල්‍යකර්මය මතයි. ලියනොයිඩ් කරන්න පුළුවන් දෙයක් ගැන හිතා ගන්න බැරි වුනා.. මොකද 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ එකම වෛද්‍යවරයා වගේ ම වෛද්‍ය දැනුමක් සහිත එකම පුද්ගලයා වුනේ ඔහු විතරයි.. ඔහු අසරණ වුනා.. ඔහුට අනතුරක් වුනොත් ඔහුගේ කණ්ඩායමම අසරණ වෙනවා කියලා ලියනොයිඩ් දැනගෙන හිටියා මේ සීතලා හිම වලින් පිරුණු ඇන්ටාටිකාව ඇතුලේ..ඔහු අවසානයේ තීරණයක් ගත්තා.. ඒ ස්වයං සැත්කමක් කර ගන්න..
ඔහුට සැත්කම කරන්න අවශ්‍ය කරපු දේවල් කිහිපයක අඩුපාඩුවක් තිබුනා ලියනොයිඩ් එම අවශ්‍යතාවයන් ඔහුගේ මුලස්ථානයට කතා කරලා සපුර ගත්තා.. ඔහුට සැත්කමට පෙර රාත්‍රීයන් වලදී වේදනාව තදින් දැනෙන්න වුනා. යක්ෂයෙකු තමන්ව පීඩාවට පත් කරනවා වගේ කියලා ඔහු වතාවක් පවසලා තිබුනා. ඔහුට ස්වයං සැත්කම හැර අන් කිසිම දෙයක් හිතා ගැනීමට නොහැකි වුනා.. ඔහු සැත්කම ඇරඹුවා, වෙලාව 02.00 ඒ මැයි මාසේ 1 වෙනිදාව, උදරයේ දකුණු පැත්තට වෙන්න පහළ කොටස ඔහුට දැක ගන්නට කෙළින් විය නොහැකි නිසා ඔහු එ් සදහා ඔහුගේ කණ්ඩායමේ කාලගුණ විද්‍යඥයාගේ සහය පැතුවා, ඔහු ලියනොයිඩ් ගේ උදර ලියනොයිඩ් ට පෙනෙන ලෙස දර්පණයක් අල්ලගෙන හිටියා.. සැත්කම ඇරඹුනා විනාඩි 30-40ක් පමණ ගත වෙද්දී සැත්කම අතර තුර ඔහුට වෙහෙසක් ඇති වුනා ඒ ඔහුගේ ශරීරය දුර්වල වීමත් ඔහුට කැරකැවිල්ලත් ඇති වුනු නිසා.. ඔහු කෙටි විවේකයක් ගත්තා.. අවසානයේ උත්සහයන් කිහිපයකින් පසුව ඔහු appendix ඉවත් කරන්න සමත් වුනා.. ඔහු තුවාලය ඖෂධ හා ප්‍රතිජීවක යොදා නැවත මසනු ලැබුවා..
ඔහුගේ මේ සැත්කම සදහා පැයකුත් විනාඩි 45ක් ගත වුනා. වෛද්‍ය දැනුම නැති වුනත් ඔහුගේ කණ්ඩායම ඔහුට ලොකු උපකාරයක් වුනා කියලා ලියනොයිඩ්ගේ සැත්කමේ අවස්ථා පහත ආකාරයට ඡායාරූපයට නැගුනේ ඔය විදිහටයි..
ලියනොයිඩ් සැත්කම ගැන කියලා තිබුනේ මේ විදිහට...
"මම අත්වැසුම් භාවිතා කරේ නෑ.. ඒක ඇත්තටම දකින්න අමාරු දෙයක්. ඒත් මට දර්පණය උදව් වුනා.. නමුත් වෙලාවකට ඒක බාධාවක් වුනා. හැමදෙටම පස්සේ මට දැනුනා මම මන්දගාමී වෙනවා.. රුධිරුය සැහෙන්න වහනය වුනා.. ඒත් මම මගේ වෙලාව ගත්තා. මම විශ්වාසයෙන් වැඩ කරා. peritoneum විවෘත කරාම මට සිද්ධ වුනා එය නැවත මහන්න.. හදිසි මගේ මනස වෙනස් වුනා.. තවත් තුවාල කිහිපයක් සිද්ධ වුනා මට ඒවා දැනුනේ නෑ. මගේ දුර්වලකම ටිකින් ටික මාව වෙලා ගත්තා.. මගේ හිස දැඩි වේදනාවකින් පෙලෙන්න ගත්තා.. හැම විනාඩි 4-5කට වරක් ම මම තත්පර 20-25ක විවේකයක් ගත්තා.. අන්තිමට මට හම්බුනා මට සාපයක් වුනු ඒ උපාංගය එය හරියට අත්භූත දෙයක් වගේ..මම ඒ අදුරේ සැගවිලා තිබුනු දේ සොයා ගත්තා.. එය යන්තම් දුරට පැලිලා තිබුනා.. මට එපාම කරපු අවස්ථාව appendix කපා ඉවත් කරන එක.. මගේ හෘදය ගැහෙන එක අඩු වුනා කියලා මට දැනුනා.. මගේ අත් රබර් වගේ දැනුනා.. හොදයි, මට දැනුනා ඒක මහ භයානක අවසානයක් වෙයි කියලා.. අවසානයේ මම කොහොම හරි appendix කපලා ඉවත් කරා. එතකොටයි මට දුන්නේ ඇත්තටම මම හොදින් කියලා........"
සැත්කමින් අනතුරුව ඔහු සමාන්‍ය තත්ත්වට පත් වුනා.. ශරීර උෂ්ණත්වය සමාන්‍ය තත්ත්වය පත් වුනා. දවස් 7කට පස්සේ ඔහුම මැහුම් කපලා ඉවත් කර ගත්තා. ඔහු සති දෙකකට පස්සේ නියම තත්ත්වයට පත් වුනා..
මේ සැත්කමේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් වුනා.. සෝවියට් සංගමයද පුදුමයට පත් වුනා ඔහුගේ මේ ක්‍රියාව උදෙසා ඔහුට 1961 වර්ෂයේ රක්ත ධජය සහිත සම්මානයක් පදනු ලබනවා...
Rogozov ගේ ක්‍රියාව අදටත් ලෝකයේ මිනිසෙකුගේ අධිෂ්ඨානය හා කැපකිරීම, ජිවිත සදහා මානවයාගේ කැමැත්ත යන මාතෘකා අතරින් ඉහළින් ම තියෙන දෙයක් වුනා.. 1962 වර්ෂයේ ඔහුව නැවත රැසියාව බලා ගෙන්වන අතර ඔහු තමන්ගේ MD සදහා ඉගෙන ගනු ලබනවා. ඔහු 1966 වර්ෂයේ දී ඔහු MD ය සදහා “Resection of the esophagus for treating esophageal cancer” විෂය කරනු ලබනවා. පසුව ඔහු Saint Petersburg නුවර රෝහලක වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතර, 1986-2000 දක්වා ඔහු Research Institute for Tubercular Pulmonology හී විශේෂඥයෙකු ලෙසද කටයුතු කරනු ලබනා.. 2000 වර්ෂයේ දී මේ අසහය පුද්ගලයා වයස අවුරුදු 66ක් ව තිබිය දී ජිවිතයෙන් සමුගන්නවා ඒ ඔහුට ඇති වූ පෙනහළු පිළිකා තත්ත්වයක් නිසා.. මේ අපුරු ස්වයං සැත්කම කර ගත් වෛද්‍යවරයා අදටත් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහනකි..

|දිලීප සංජය රණවක

No comments:

Post a Comment