20170302

රහත් වෙස් ගත් සමන්ත හිමි පිළියන්දලින් ජනපති පුටුවට.


සමන්ත හිමිගේ බහින කලාව ඇරඹී ඇත.

රාගය නම් පල්ල නැති බාල්දිය පිරවීමට
මෙතෙක් ලොව කිසිවෙකුටත් හැකිවී නැත.
සමන්ත හිමිගේ රාගය අන් භික්ෂූන්ට වඩා වැඩි වීම
ඔහුට වී ඇති හානියකි.

යක්කලමුල්ලට, ගම්පහට නොහැකිවූ දේ කළ
පිළියන්දල ජනතාව දුන් ආදර්ශය
පිළිගන්නට ඕනෑ තරම් පිරිස්
රටේ අන් තැන්වලද ඇත.

සැපයක් යැයි මේ දිය සැළියේ
සමන්ත හිමි නටන්නේ වතුර නටන තුරුය.
පිළියන්දලින් ගින්න දැල්වී ඇත.
ඊයේ ලයිව් වැඩසටහනේදී මේ විරෝධය
කමෙන්ට් එකෙන් කමෙන්ට් එකට පෙණින.
ඔහුට ස්ක්‍රීන් එක කියවා
ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට
ධෛර්යයක් නොවීය.
එසේ කළා නම් ඔහු කුපිත වෙන බවටත්
නොකිව යුතු දේ කියවෙන බවටත්
කිසිදු සැකයක් නැත.

එදා VFM සංවාදයේදීටත් වඩා
ඊයේ ඔහුගේ සංයමය බිඳුණ
බොහෝ අවස්ථා අප දුටු වෙමු.
පිළියන්දල පිළිබඳව විමසන විට
ඔහු තුළ ස්පන්දනය වෙන ද්වේශය
ඔහු සඟවා ගත්තේය.
ඔහු ජනතා සිත් සතන්වල
අවුළුවන රාගයට සීමාවක් අත.
ඒ රාගය ද්වේශයට හැරුණ විට
ඔහු අද පෝෂණය කරන රාගය
ඔහු තුළත් ද්වේශය බවට හැරෙනු ඇත.

රාගයට යටත් තැනැත්තා
ඒ තරමටම ද්වේශයටද යටත්ය.

අද ඔහුට පාරාවළල්ලක් වී ඇත්තේ
අනුගාමිකයන් නිවටයන් කරගන්නටත්
විරුද්ධවාදීන් මැඩලන්නටත්
ඔහු සහ ඔහුගේ ගෝලයන් ගෙන ගිය
මැර, දාමරික ආකල්පයයි.

VFM සංවාද සමයේ සහ ඊට පසුවත්
මෙහි සිටි සමන්ත ගෝල පිරිස හැසුරුණේ
එදා පිළියන්දල ජනතාව මෙනි.

ඔහු මෙන් දාමරික ලක්ෂණ ඇති
අග්‍ර ශ්‍රාවක භික්කු ධම්මජාතත්
ෆේස්බුක් ජාලයට අරක් ගත්
තවත් ටික දෙනෙකුත් හැරෙන්නට
බහුතරයක් අනුගාමිකයන්
සිත ශූන්‍ය කරගෙන සැනසිල්ල සොයන
බහුල ලෙස ස්ත්‍රී ලක්ෂණ ඇති
නිවට නියාලූ පැවතුම් ඇති
අහිංසක ස්ත්‍රී පුරුෂයන්ය.

සමන්ත හිමිගේ මාන්නාධික හසිරීමත්.
අනුගාමිකයන් මෝඩයන් බූරුවන් බව කියමින්
ප්‍රසිද්ධියේ කරන අවමන් විඳගෙන
ඔහු ඉදිරියේ එකත්පස්ව සිටින
ඔහුගේ අනුගාමික එළු බැටළු පිරිස
එක වල් සතෙක් දෙන්නෙක් ගෙරවූ පමණින්
පළා යනු ඇත..
නැත්නම් ගල් ගැසී හිටි පියම සිටිනු ඇත.

දෙපැත්තටම නැතිව මධ්‍යයේ සිටින්නට
සමන්ත හිමි උගන්වන ආකාරයට
ඔහුගේ පැත්තටවත් නොනැමී,
මධ්‍යයට වී අක්‍රියව, මෝහයෙන් සිටීම
ඔහුගේ අනුගාමිකයන්ට සැපකි.
දුකෙන් මිදෙන්නටවත් ක්‍රියා කිරීම
ඔහුගේ අනුගාමිකයන්ට දුකකි.
ඔවුන්ගේ පරම සැප
සාපේක්ෂක නැති මෝහයයි.

කයත් සිතත් අක්‍රිය කරගෙන
මෝහයෙන් වෙසෙන්නට හුරු කළ අනුගාමික පිරිසක්
ඔහුට හානියක් වනවිට වුවද මෝහයට පත්වී
සිත ශූන්‍ය කරගෙන වෙසෙනවා හැර
විරුද්ධවාදීන් ඉදිරියට ආවේශයෙන් යන
විශ්ව විද්‍යාල සිසුන් මෙන් අවුලුවා ගැනීම
ඔහුට දැන් කළ නොහැක.

අනුගාමිකයන් නිවටයන් වීම නිසා
ඔවුන්ගෙන්ද සරණක්, පිහිටක් නැතිව,
දාමරික අදාන්තයන් පිටුදකින්නට
ෆේස්බුක් ජාලයේ ඇති බ්ලොක් කිරීමේ පහසුව
බාහිර ලෝකයේ නැති හෙයින්
සමන්ත හිමිට කළ හැකි වූයේ
තමා ඩිඇක්ටිවේට් කරගෙන
ආශ්‍රමයේ සැඟවීමයි.
රහතෙක් බය නැතැයි ඔහු පැවසූ බස්
ඔහුටම ගිල ගන්නට සිදු විය.

 සිය මාන්නය සහ ප්‍රතිරූපය රැක ගැනීමට නම්
දැන් ඔහු වහාම කළ යුත්තේ
සමස්ත රටේම ජන නායකයා වීමේ
දැවැන්ත අවසාන සිහිනය පසු පස යාමය.
එවිට ඔහුගේ සැබෑ රුව වඩාත් හොඳින්
ලොවට ප්‍රකට වනු ඇත.

සමස්ත ලෝකයේම නායකයා වීමේ
දැවැන්ත අභිප්‍රායෙන් ජර්මනිය අවුලුවා ගත්
හිට්ලර් නම් දාමරික ම්ලේච්ඡ නායකයා
ඉක්මන් ගමනින් ගියේ නො එනා ගමනකි.

රාගයෙන්, කාමයෙන් විචිත්‍රවත් වූ ආරාමයෙන්
අසදෘෂ මහා දාන නාමෝපලක්ෂිත
මහා බර්ත්ඩේ පාටියෙන්, අසූ රියන් පිළිමයෙන්
නිතර මතුරන මෝහයේ මන්තර වලින්
මේ අනුගාමිකයන් සදා රැකගැනීම අපහසුය.
'රටේ නායකයා වීම' වැනි දැවැන්ත සිහිනයක්
බොහෝ කලකට ඔවුන් බැඳ තැබිය හැකි
සවිමත් රැහැනකි.

සමන්ත හිමි 2020 ජනපතිවරණයේ
ස්වාධීන අපේක්ෂකයෙකු වුවහොත්
ඔහු යන ගමනෙහි ලතාවට අනුව
එයද අරුමයක් නොවේ.

No comments:

Post a Comment