20170218

සයිටම් ප්‍රශ්නයේ ගෝත්‍රික මුහුණුවර හා ඇමති කළ වරද...


"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කරලා නෑ."
( සයිටම් නඩු තීන්දුව (19 පිටුව)

සයිටම් පාර්ශවයේ නියෝජිතයෙක් ලෙස
රජයේ වෛද්‍ය පාර්ශවය මා නම් කළත්
සයිටම් ආයතනය සමග
මා දන්නා කිසිදු සබඳතාවයක් නැත.
එකම සයිටම් සිසුවෙක්වත් මම පුද්ගලිකව දන්නෙ නෑ.
ෆේස්බුක් එකේ දන්නෙත් නෑ..
ඇත්තටම ඔවුන් දැනගැනීම අවශ්‍ය නෑ.

රජයේ වෛද්‍ය පාර්ශවයෙත්
මම පුද්ගලිකව දන්නෙ එක්කෙනෙක් පමණයි.
අන්‍යෝන්‍ය ගෞරවය මත
මට සයිටම් ප්‍රශ්නය විස්තර කරමින්
මගේ උදව් බලාපොරොත්තු වූ ඔහුත්
ඔහුගේ පවුලේ මා හිතවතුනුත්
දැනට මා සමග අමනාපයි..
පසුව මනාප වේයැයි මා හිතනවා.

මා ඔවුන්ගේ හිතවත් කමට ද්‍රෝහි වුණා කියා
ඔවුන් හිතනවා... චෝදනාත් කරනවා.
ඒ හිතවත් කමට මා ඔවුන්ට නැමුණා නම්
ඒ නැමීම සැබෑ ද්‍රෝහී කම කියා මා හිතනවා.
කාලයත් සමග ඔවුන් ඇත්ත තේරුම් ගනීවි.
පාක්ෂිකව හිතන කිසිවෙක් නිවැරදි නෑ.

පාක්ෂිකව හිතන්නට නොහැකි තරම්
විශාල ජාතික ප්‍රශ්නයක් බවට
සයිටම් ප්‍රශ්නය පත්ව ඇති බව
කාටවත් රහසක් නොවෙයි.

හැඟීම් මට්ටමෙන් දෙපැත්තකට මැදිවී
අසාධාරණයට ලක්වෙන සයිටම් සිසුන්
මේ පොරබදන මීමුන් දෙදෙනාට
මැදිවුණ අහිංසකයන්ය කියන හැඟීම
මා තුළ තියනවා.
සමාජයෙත් ඒ හැඟීම ඇති.

මා දැක තියන සයිටම් සිසුන් තුළ
රජයේ වෛද්‍යවරු සහ වෛද්‍ය ශිෂ්‍යයන් අතර
නිතර දකිනට ලැබෙන මැර ස්වභාවයට සාපේක්ෂව
සංවර, දුක්මුසු, ශීලාචාර බවක් දක්නට තියනවා.
මේ ස්වභාවය තුළ නෝන්ජල් බවක්ද නැතුවා නොවෙයි.
එහෙත් එහි හානිය ඔවුන්ටයි.
සමාජයක් විදියට මාන්නාධික මැරබවට වඩා
නිවට නෝංජල් බව හොඳයි.
අපේ මුළු සමාජයම ඒ වගෙයි.
මැර බලයට තැන තියෙන්නෙත් ඒ නිසයි.

මේ සිදුවීමට අදාළ
අධ්‍යාපනික, දේශපාලනික කරුණු අතර
පුද්ගලයන් හා චරිත විදියට
මේ වෙනස සයිටම් සිසුන්ගේ වාසියට
හේතු වෙන බව පෙනෙනවා.

සයිටම් ආයතනයට නොයන්න කියා
ඔවුන්ට කියන කිසිවෙකුට
ඒ කියන කතා ඔප්පු කළ හැකි ආකාරයට
"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කරලා නෑ."
( සයිටම් නඩු තීන්දුව (19 පිටුව)

එවන් පසුබිමක් තුළ ඔවුන් ගත් තීරණය
කොතරම් දුරට වැරදිද කියා
තීරණය කළ හැකි අයුරින්
"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කරලා නෑ."

මෙහි සඳහන් ඇමතිවරයා කවුද?
උසාවියට ඔහු සෞඛ්‍ය ඇමති පමණයි.
ඇමතිවරයා මෛත්‍රීද රාජිතද කියා
උසාවිය ප්‍රශ්න නොකරයි.

උසාවිය දකින අයුරින්
පුද්ගලවාදයෙන් තොරව
සයිටම් ප්‍රශ්නය දෙස බලන්නට
බලධාරීන්ටත් ජනතාවටත් හැකිනම්
ප්‍රශ්නය විසඳීම අපහසු නැත.

උසාවිය පවසන අයුරින් "ඇමති වරයා"
ඔහුගේ කාර්ය පැහැර හැර ඇත.
සයිටම් අර්බුදයේ ආසන්නම හේතුව ඔහුය.

ඇමති විසින් නීතිගත කළ යුතු වුවද
නිර්ණායක සම්පාදනයට අවශ්‍ය සුදුසුකම්
තාක්ෂණිකව ඔහුට නැත.
ඔහුට ඒ නිර්ණායක සැපයිය යුත්තේ
වෛද්‍ය සභාවයි.
පාර්ලිමේන්තුව සහ ජනතාව
ඒ නිර්ණායක විමසිය යුතුය.
ඔවුන්ගේ අදහස් අනුව
වෛද්‍ය සභාව සංශෝධන කළ යුතුය.

මේ නිර්ණායක ජාතික අවශ්‍යතාවයකි.
අද සිටින වෛද්‍යවරුන් පවා
මේ පසුබිම යටතේ ගොඩ වෙදුන් ලෙස
සැක කෙරෙන තැනකට වැටී ඇත.

රාජ්‍ය මට්ටමෙන් නීතිගත නිර්ණායක නැතිව
රජයේ වෛද්‍ය විද්‍යාල අටක් සහ
තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්
කිසිදු නීතිගත නිර්ණායකයකින් තොරව
ඒ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යෑම
මාරාන්තික, බිහිසුණු තත්වයකි.

ගෝත්‍රික සමාජයක යන්ත්‍ර මන්ත්‍ර කරන යකැදුරාට හිමි
උත්තරීතර ඒකාධිකාරය අප වෛද්‍යවරයාට හිමි වී ඇත.
සමාජයද මේ තත්වයට යට වී නිහඬ සිටින්නේ
ඒ සමානම බියගුළු ගෝත්‍රික ස්වභාවයකිනි.

පරිගණක භාවිතය නොදත් සාමාන්‍ය ජනතාවට
අද වෛද්‍යවරයා පෙනෙන්නේ හාස්කම් ඇති දේවාලයක
මහා බලවත් කපුවෙක් මෙනි.
මවුකුසේ සිටින දරුවා පිරිමිද ගැහැණුද කියන්නට පවා හැකි
මේ බලගතු කපුවාට ජනතා ගෞරවය අතිමහත්ය.

"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කර නැති නිසා නීතිය හමුවේ ඔහු සිටින්නේත්
නීතියේ හස්තයට ලඟාවිය හැකි වපසරියක නොවේ.

බටහිර රටක වෙසෙන සිංහල පවුලක්
දරු උපතේදී රෝහලේ වරදක් නිසා
වෛද්‍යවරයාට එරෙහිව නඩු මගට පිළිපන්නෝය.
වෛද්‍යවරයෙක් ලෙස ඔහු වරදක් කළ බවට
උසාවිය මගින් තීන්දු වූ නිසා ඔවුන්ට
විශාල වන්දියක් හිමි විය.
අපේ රටේ ඉතිහාසයේ කොතැනක හෝ
ඔබ එවැන්නක් අසා ඇත්ද?

වෛද්‍ය විද්‍යාව දන්නා පිරිස නොදන්නා අප සලකන්නේද
අපට කතා කරන්නේද ගෝත්‍රිකයන් ආකාරයටයි.
මේ අසීමිත බලය ඔවුන්ට දෙන්නේ
අපේම ගෝත්‍රික නූගත් බව නම් සැබවි.

අප දෙන අසීමිත බලය හේතුවෙන්
වෛද්‍ය ක්ෂේත්‍රයේ වල සිදුවෙන සිදු කෙරෙන
ඕනෑම තරාතිරමක වරදකදී
"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කරලා නෑ." කියා බේරෙන්නට
වැටක් ගේට්ටුවක්වත් නැති බිමක
මේ නීති සිදුර විසින් පහසුකම්
සපයා ඇත.

රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කර නැති නිසාවෙන්ම
රටේ සිවිල් හො අපරාධ නීතියෙන්ද
වෛද්‍ය විද්‍යාවේ නිර්ණායක අනුව
වරදකරුවෙක් කළ නොහැක.

රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කර නැති පසුබිමක
රජයේ වෛද්‍ය විද්‍යාල අටක් මගින්
වෛද්‍ය උපාධි ප්‍රදානය කරනවා නම්
තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දෙන
වෛද්‍ය උපාධි තහනම් කරන්නට
උත්තරීතර උසාවියට හෝ
ප්‍රතික්ෂේප කරන්නට මහජනතාවට
තීරණ ගැනීමට හැකි වන අයුරින්
"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කරලා නෑ."

මේ පැහැර හැරීම පිළිබඳව
ඇමතිවරයාට දොස් කියන පිරිසක්
වෛද්‍යවරු අතර ඇත.
එසේ නම් ඔහුට බලකල යුත් සහ
බලකල හැකි හොඳම පිරිස
කැස්සට හෙම්බිරිස්සාවටත් වර්ජන කරන
වර්ජන ශූරී අපේ වෛද්‍යවරු පිරිසයි.

ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්නවලට
වර්ජනය කරද්දී ඔවුන්ට සාප කරන
රෝගීන්ද සහ මහජනතාව
වෙනත් ඉල්ලීම් සමග මිශ්‍ර නොකොට
මේ නිර්ණායක නීතිගත කරන්නට ඉල්ලා
වර්ජයකට යොමු වුණත්
මෙහි ජාතික වටිනාකම අවබෝධ වේ නම්
විරුද්ධ වේයයි සිතිය නොහැක.

සයිටම් ආයතනය අහෝසි කරන්නට
"සයිටම් ආයතනයට ප්‍රමිතිය නෑ" කියා
පාරට බහින වෛද්‍යවරු හා සිසු පිරිස
මේ නිර්ණායක නීතිගත කරන්නට
පාරට බැස්සොත් ඔවුන්ට සහයෝගය හැර
විරුද්ධත්වය දක්වන අය ඇත්තේ
නොසැලකිය යුතු තරම් අවම පිරිසක් බව
මේ ඡන්ද විමසීමෙන් පෙනෙයි.

https://www.facebook.com/groups/thulawa/permalink/1472776789413013/































1 comment:

  1. අපේ රටේ ඉතිහාසයේ කොතැනක හෝ ඔබ එවැන්නක් අසා ඇත්ද?///// ape rate vinayak nata

    ReplyDelete