20170207

SSS වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය අවම සුදුසුකම S3


වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය අවම සුදුසුකම
රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින් S3ක් තිබීම ලෙස
විශ්වවිද්‍යාල අත් පොතේ සඳහන් වීම
රජයේ වෛද්‍ය විද්‍යාලවල නිලීන ලක්ෂණයක්.

S3 අවම සුදුසුකම මත සිසුන් ගත්ත සයිටම් එකට
විශ්ව විද්‍යාල අත්පොතේ මේ ප්‍රකාශය
ත්‍රිපිටක, බයිබල්, කුරාන් පාඨයක් තරම්
ඔවුන්ගෙ ජීවිත වලට ආශීර්වාදයක් වෙලා..

වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය මේ අවම සුදුසුකම
විශ්ව විද්‍යාල අත්පොතේ තියන
නොවැදගත් පාඨයක් ලෙස බොහෝ දෙනෙක් දකින්නෙ
Z-score එක අනුව සිසුන් තෝරන නිසයි.

Z-score එක අනුව තෝරන සිසුන්ට
S3 අවම සුදුසුකම නොවටිනා මීකුණක්..

සයිටම් එකට මේ අවම සුදුසුකම වටිනා මීකුණක්.

මී කුණක් විකුණා නැව් හතක් ගන්න
ප්‍රඥාව තිබුණ ළමයාට
ඒ මී කුණ විශාල ප්‍රාග්ධනයක්.

ස්වර්ණගෙ චිත්‍රපටි උළෙලෙදි
අවසර පත් නොමැති අයට
වෙනම පෝලිමක් තිබුණා.
අපිට අවසරපත් තිබුණෙ නෑ.
අපිටත් අවම සුදුසුකම තිබුණා.
අවසරපත් තිබුණ අයට වගේම
අපිටත් චිත්‍රපටය බලන්න
උවමනාව තිබුණා.
චිත්‍රපටය බලන්න අවශ්‍ය වුණ ලක්ෂ 120ම
අපේ උවමනාව තුළ තිබුණා.

හැමදාම අවසර පත් නොමැති පෝලිමේ
ඉදිරියෙන්ම උන්න අපි ඇතුල් කළේ
අවසරපත් තියන අය ඇතුල් වුණාට පස්සෙයි.
ප්‍රමාද වෙලා ශාලාවට ඇතුල් වුණත්
ආව වෙලාවෙ ඉඳන් උපක්‍රම ශීලීව ක්‍රියා කරලා
අවසර පත් තිබුණ අයට වඩා
හොඳ අසුන් වල ඉඳන් චිත්‍රපටය නැරඹුවා.

අපි ඉන්න අසුන සඳහා
අපට අවසරපත් තිබුණාද නැද්ද කියන එක
චිත්‍රපටය නරඹන වෙලාවට වැදගත් වුණේ නැහැ.

රජයේ වෛද්‍ය විද්‍යාලවල නොසලකා හැරෙන
S3 අවම සුදුසුකම
සයිටම් එකේ දොර හැරෙන මන්ත්‍ර දෙකෙන්
එක බලගතු මන්ත්‍රයක් වෙලා තියෙන්නෙ
අනික් මන්ත්‍රය සියල්ලටම වඩා බලගතු මුදල්
ඒ සිසුන්ගේ දෙමාපියන් සතු නිසයි..

ඒත් මේ අවම සුදුසුකම මත
සයිටම් එකට සිසුන් ගනිද්දි
ඔවුන්ගෙ අධ්‍යාපන මට්ටම බාලයි කියා
උසාවියක ඔප්පු කරන්න බැරි තැනකට
රජයේ වෛද්‍යවරුන් පත්වෙලා තියනවා.

පුද්ගලික හෝ රජයේ වෛද්‍ය විද්‍යාලයකට වෙලා
මොන විදියෙන් හෝ වෛද්‍ය අධ්‍යාපනය ලබලා
වෛද්‍යවරයෙක් වෙන්නෙ සුදුසුකම් ලැබන කෙනෙකුගෙ
උසස්පෙළ ප්‍රතිඵ්ල සමාජයට අදාළ නැහැ.

රජයේ වෛද්‍ය විද්‍යාලෙ ඉන්නෙ
ලංකාවෙ ඉහළම දක්ෂතා ඇති සිසුන්
කියමින් සයිටම් සටනෙදි  පුරසාරම් කිව්වට
වෛද්‍යවරයෙකුගෙ නියම වටිනාකම
සමාජය මනින්නෙ සයිටම් සටනෙදි නොවෙයි.

රජයේ වුණත් සයිටම් වුණත්
රෝගයක් සමග කරන සටනින්
වෛද්‍යවරයා ලබන ජය මත
සමාජය ඔහුගෙ දක්ෂතාවය මනිනවා
.
දෙන දෙන බෙහෙතෙන් වැඩක් වුණේ නැත්නම්
ඔහුගෙ අධ්‍යාපනික සුදුසුකම් අහලා
" ෂා මාර දක්ෂයෙක්නෙ" කියලා
කිසිම රෝගියෙක් සැනසෙන්නෙ නෑ.
ඔහුගෙ ප්‍රතිකාරය තමයි ඔහුගෙ වටිනාකම.
උසස්පෙළ ප්‍රතිඵලවත් උපාධියවත් නොවෙයි.

"ලෙඩා මළත් බඩ සුද්දයි" කියලා
රෝගියෙකුට සැනසෙන්න බැහැ.
වෛද්‍යවරයාගෙ උසස්පෙළ ප්‍රතිඵලවලින්
ඔහුගෙ මහාචාර්ය උපාධියෙන්
රෝගියෙක් සුවය ලබන්නෙ නෑ.

රජයේ වෛද්‍ය විද්‍යාලෙන් ආව ඇ3 වෛද්‍යවරයෙක්
කාලයක් ප්‍රතිකාර කරල අසාර්ථක වුණ රෝගියෙක්
සයිටම් එකේ S3 වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරලා
නිට්ටාවට සුව වුණාට පසුව
රජයේ වෛද්‍ය විදාලෙ උපාධිය පෙන්වලා
සයිටම් වෛද්‍යවරයා හෙළා දක්කාට
වැඩක් වෙන්නෙ නෑ.
ප්‍රායෝගික ක්‍රියාවෙන් නැතිවුණ දේ
නැවත කවදාවත් ලබාගන්න බැහැ.

වෛද්‍ය විද්‍යාල දොරෙන් ඇතුල් වෙන්න
S3 ප්‍රමාණවත් වෙලා තියන නිසා
ඒ පිහිටෙන් ඇතුල්වුණ සයිටම් ශිෂ්‍යයෙකුට
සමාජයට ගියාම තැන හදාගන්න  පුලුවන්.
ඔහු අදක්ෂයෙක් නම් තැන නැති වෙන්නත් පුලුවන්.
එදාට මිනිස්සු S3 කියල ඔහුට නින්දා කරාවි.

රජයේ වෛද්‍ය විද්‍යාල වල නොසලකන
S3 අවම සුදුසුකම මත සිසුන් ගත්ත සයිටම් එකට
විශ්ව විද්‍යාල අත්පොතේ S3 අවම සුදුසුකම් ප්‍රකාශය
ත්‍රිපිටක, බයිබල්, කුරාන් පාඨයක් තරම් තදින්
ඔවුන්ගෙ ජීවිත වලට ආශීර්වාදයක් වෙලා..

මේ මීකුණ හරියට ආයෝජනය කරගත්තොත්
නැව් හතක් ගන්න පුලුවන්.

3 comments:

  1. සයිටම් සිසුන්ගෙ S3
    වෛද්‍යවරයෙක් වෙන්න නුසුදුසු කමක් විදියට
    ජනතාව ඉදිරියේ හුවා දක්වමින්
    ජනතාව රවටා නොමග යැවීමට තැත් කිරීම
    වෛද්‍යවරු කළ බරපතල වරදකි.
    වරදකටත් වඩා මෝඩකමකි.

    මෙවැනි බාල උත්සාහයන් මගින්
    වෛද්‍යවරුන්ගේ අවංක බවට ඇති
    ජනතා විශ්වාසය පළුදු වීමෙන්
    ජනතාවත් වෛද්‍යවරුත් අතර පරතරය
    තවත් වැඩිවීම වැළැක්විය නොහැක.

    මෙතෙක් වෛද්‍යවරු බිහිවී තියෙන්නෙ
    විශ්වවිද්‍යාල අත් පොතට අනුව
    වෛද්‍ය විද්‍යාලයකට ඉල්ලන අවම සුදුසුකම
    රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින් S3ක් වන
    ක්‍රියා පටිපාටියක් යටතෙයි.

    විශ්ව විද්‍යාල වල ඉඩ නැති කම
    ඒ සුදුසුකම් ඇති සිසුන්ගෙ අයිතියට
    බාධාවක් වීම අවාසනාවක්.
    ඔවුන් ඒ අවාසනාව ජයගන්නවා නම්
    ඔවුන්ගෙ ප්‍රමිතිය ඉහළ නංවන්න
    අවශ්‍ය පහසුකම් සැපයීමයි
    වෛද්‍යවරු කළ යුත්තෙ.

    විශ්වවිද්‍යාල අත් පොතට අනුව
    වෛද්‍ය විද්‍යාලයකට ඉල්ලන අවම සුදුසුකම
    රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින් S3ක් තිබීමයි.
    ඒ අවම සුදුසුකම ඉතාම සාධාරණයි.
    විශාල පිර්සක් සුදුස්සන් වෙනවා.
    ඔවුන්ට අවස්ථා නොලැබීම අසාධාරණයි.

    ඒ සුදුසුකම සයිටම් සිසුන්ට තියනවා නම්
    අවම සුදුසුකම් නෑ කියමින්
    සයිටම් එකට අකමැති වෙන්න
    කිසිවෙකුට හැකියාවක් නැහැ.

    වෛද්‍ය සභා ඉල්ලුම් පත්‍රයේ
    සයිටම් සිසුන් උසස්පෙළ ප්‍රතිඵල දක්වන්න
    අකමැති වෙනවා නම් අපට හිතන්න තියෙන්නෙ
    1, S3වත් නැති අය දැන් සයිටම් එකේ ඇති.
    2, නැත්නම් ඉදිරියට එවැනි අය ගන්න
    ඔවුන්ගෙ සැලැස්මක් ඇති.
    රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින් S3ක් නැත්නම්
    අවම සුදුසුකම් සීමාව මත සයිටම් සිසුන්
    නුසුදුස්සන් වෙනවා.

    විශ්වවිද්‍යාල අත් පොත ඉල්ලන අවම සුදුසුකම වන
    රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින් S3
    සයිටම් සිසුන්ට තිබිය යුතුයි..
    මේ නීතිය අවිවාදිතයි.
    එමෙන්ම
    සයිටම් සිසුන් උසස්පෙළ ප්‍රතිඵල
    ඉල්ලුම් පතෙහි දැක්විය යුතුයි.

    රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින්
    සයිටම් සිසුන්ට S3ක් තියනවා නම්
    ඒ උසස්පෙළ ප්‍රතිඵල
    වෛද්‍යවරුන් වීමට බාධාවක් නොවිය යුතුයි.

    සයිටම් සිසුන්ට වඩා ඉහළ ප්‍රතිඵල තියන අය
    එළියෙ ඉන්න එක රජයේ ප්‍රශ්නයක්..
    සහ ඒ සිසුන්ගෙ දෙමව්පියන්ගෙ ප්‍රශ්නයක්..

    සයිටම් සිසුන්ට
    රජයේ වෛද්‍ය විද්‍යාල ප්‍රමිතිය සහිත
    නිසි අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය
    අධ්‍යාපනික වාතාවරණය සකස් කිරීම
    වෛද්‍යසභාවෙ මග පෙන්වීම යටතෙ
    සයිටම් ආයතනය කළ යුතු දෙයක්.
    ඔවුන් ඒ වගකීම පැහැර හරිනවා නම්
    ඊට එරෙහි වීම සාධාරණයි.

    ReplyDelete
  2. Terash Hettige ඔය මතය වැරදියි... :) වෛද්‍ය සභාවේ රෙගුලාසි අනුව වෛද්‍ය පීඨයකට ඇතුල් වීමට නම් අවම වශයෙන් CCS වත් තිබිය යුතුයි...
    ඔය විශ්ව විද්‍යාල පොතේ තියෙන්නෙ වෙනමම කාරණයක්...
    ඒ කියන්නේ එක විෂයකට අවමව තියෙන්න පුළුවන් S එකක් කියන එක....
    උදාහරණයක් විදියට AAF වගේ result එකක් තියන කෙනෙකුට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න බෑ....
    මොකද එක් විෂයක් F නිසා... ඒක S වුණානම් පුළුවන්... ;)
    =================================
    මේ තරම් විස්තර කරලත් ඔබ දකින්නෙ වැරදියට.
    AAF වගේ result එකක් තියන කෙනෙකුට
    මේ නීතිය අදාළ නැති බව
    නැවත කියවා බැලුවොත් ඔබට පෙනේවි.
    ඔහු විෂය තුනම සමත් කෙනෙක් නොවෙයි.

    මේ
    රජයේ වෛද්‍ය විද්‍යාල වල
    අද සිදුවෙන ප්‍රායෝගික ඇතුළත් කරගැනීම නොවෙයි.

    මේ නීතියෙන් කියවෙන්නෙ
    S3ක් තියෙන ඕනෑම කෙනෙකුට
    වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වෙන්න පුලුවන්
    කියන එකයි.

    රජයේ වෛද්‍ය විද්‍යාල ඒ විදියට නොකළාට
    පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින්
    S3ක් තියෙනෙ කෙනෙක් ඇතුළත් කරගෙන
    වෛද්‍ය පුහුණුවක් දීමට අවකාශ ලැබෙනවා.

    සයිටම් එකට මේ අවම සුදුසුකම වටිනා මීකුණක්.

    මී කුණක් විකුණා නැව් හතක් ගන්න
    ප්‍රඥාව තිබුණ ළමයාට
    ඒ මී කුණ විශාල ප්‍රාග්ධනයක්.

    ReplyDelete
  3. අද පළ වී තිබුණ මේ අදහසම දරන ෆේස්බුක් සටහනක්..
    .
    Chameera Jeewantha Dedduwage වෛද්‍ය උපාධිය සම්බන්ධ ලොකුම මිථ්‍යා මතය තමයි වෛද්‍ය උපාධියක් කරන්න A3 දාල, Z අගය 1.9-2.0ක් වත් තියෙන්න ඕන කියන එක.
    නෑ! සම්පූර්ණයෙන්ම වැරැදියි! ලංකාවෙ උසස් පෙළ සමත් වෙලා S3 ලැබීම තමයි වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ එකම සහ අවම සුදුසුකම. බොරුනම් UGC අත්පොත බලන්න.
    එතකොට Z අගය?
    ඒක තියෙන්නෙ මෙඩිකල් කරන්න සුදුසුකම් ලබන සියලු දෙනාටම උගන්නන්න ආණ්ඩුවට සල්ලි නැති නිසා, වැඩිම ලකුණු ලබන සුළු ප්‍රතිශතයකට නොමිලේ දෙන ශිෂ්‍යත්ව ගාණ තීරණය කරන්න. කොටින්ම කියනවනම් රජයේ මෙඩිකල් ෆැකල්ටි යන සියලුම දෙනා, දක්ෂතා පදනම මත ශිෂ්‍යත්ව දිනාගත්ත අය. මිසක් ඇතුළෙ ඉන්නෙ සුදුස්සො, එළියෙ ඉන්නෙ නුසුදුස්සො කියල කතාවක් නෑ.
    මෙඩිකල් කරන්න A3 ඕනෙ, Z එක 2.0+ වෙන්න ඕන කියල කවුරුහරි කිව්වොත් අන්න ඒ කෙනාට මේක කොපි පේස්ට් කරලම පෙන්නන්න.

    ReplyDelete