20170218

සයිටම් වර්ගයේ හමුදා පුහුණු ආයතනයක්...?????



අපි ඔබට සුභ පතනවා නෝෂන්..

ඔබ අපට දෙන ඉඟිය අගෙයි.
සයිටම් ආයතනය පවතින
සැබෑ තත්වය ගැන ඔබ කරන
ඉඟිය ඉතාම සාර්ථකයි.

අපේ උගත්, නූගත් රටවැසියන්
තමන්ගෙ අයිතියක් වන රටේ නීතිය ගැන
තිබිය යුතු සාමාන්‍ය දැනීමෙන් තොරයි.
සීතල වන්නියේ වැද්දන් වගෙයි.

අපේ රටවැසියන්
වන්නියට වෙළඳාමට පැමිණි කූට වෙළඳුන්ට
ඇත් දල, කොටිහම්, මීපැණි හුවමාරු කොට
ලුණු මිරිස් තුනපහ වලට රැවටුණ වැද්දන් මෙන්
තමන්ගේ අයිතිය පාවා දෙන පිරිසක්.

වෛද්‍ය ක්ෂේත්‍රයේ සාර්ථකව සිදුවෙන දෙයක්
ආරක්ෂක ක්ෂේත්‍රයට ආදේශ කිරීම
ඔබ මේ කළ තරම්ම පහසුයි.

ඔබේ සයිටම් හමුදා පුහුණු ආයතනය
සෙබලුන් පත් කරන ආයතනයක් ලෙස
රටේ නීති ගත කරලා පටන් ගන්න.
ඔබ කැමති ගණනක් අය කරන්න.

පුහුණුව ආරම්භ කරන්න කලින්
හමුදාව සෙබලුන් පත් කරන නිර්ණායක
පාර්ලිමේන්තු පනතකින් නීතිගත කොට ඇත්දැයි
ඉතා හොඳින් සොයා බලන්න.

හමුදාව සෙබලුන් පත් කරන නිර්ණායක
රටේ නීතියට අනුව ''නීතිගත කරලා නැත්නම්''
ඔබට බයවෙන්න දෙයක් නෑ.


වෛද්‍යවරු පත් කරන
නීතිගත ප්‍රමිති නිර්ණායක නැතිව
අද පවතින අවිනිශ්චිත පසුබිම තුළ
සයිටම් ආයතනයට අද තියන නොනිසි බලය
අපේ රටේ පවතින නීතිය හමුවේ
ඔබටත් එලෙසින්ම තියනවා.

නිසි නීතිගත ප්‍රමිති නිර්ණායක රහිතව
තමන් හදාගත් හෝ පිට රටින් ගත්
'හිතුමතේ' ප්‍රමිති නිර්ණායක වලට
'හිතුමතේ' සෙබලුන් පත් කරන්න
ඔබේ හමුදාවට පුළුවනි නම්
වෙන කාටද බැරි?

ඔබේ හමුදා ආයතනයටත්
ඔබේ 'හිතුමතේ' නිර්ණායක යටතෙ
ඔබේ උණබට තුවක්කු හමුදාවෙ
හමුදා සෙබලුන් පත් කරන්න ඉඩ දෙන්න
රටේ ජනතාව ලෙස අපිට සිදු වෙනවා.
අපේ උසාවියටත්  සිදු වෙනවා.

හමුදාව සෙබලුන් පත් කරන නිර්ණායක
රටේ නීතියට අනුව නීතිගත කරලා නැත්නම්
අපත් උසාවියත් අසරණ වෙනවා.
ඔබ බලවත් වෙනවා.

අපි මරන්න හතුරෙක් එනකොට
ඔබේ හමුදාවෙ සෙබලෙක්
ඔහුගෙන් කෙනෙක් රකින්න වෑයම් කරද්දි
ඔබේ පුහුණුවෙ වරදකින් හතුරා බේරිලා
අර කෙනා මළත් කියන්න වෙන්නෙ
අන්තිමට ඔබටම තමයි.

යුදබිමේ මරණයෙන් ඔහු නිදහස්..

ඔබ ඔහුට කරන දේ අපි දන්නෙ නෑ.
හොයන්න අයිතියකුත් නෑ.
ඔබ ඔහුට තුවක්කුව ආයෙත් දීල
වෙන නමකින් එව්වත් කරන්න දෙයක් නෑ.
ප්‍රමිතියට නිර්ණායක නෑ.

හොරු කවුද කියා නිර්ණායක නැති රටක
හොරු ඇල්ලුවත් නඩු දාන්න බෑ.
හොරෙක් ස්ත්‍රී දූෂණයක් කළොත්
මිනී මැරුමක් කළොත් නඩු වැටෙනවා.
දඬුවම්ද ලැබෙනවා.
හොරු කවුද කියා නිර්ණායක නැති නිසා
හොරෙක් විදියට ඔහු නිදහස්.

නීතියට අනුව නීතිගත නිර්ණායක නැත්නම්
දැන් ඉන්න හමුදා සෙබලෙක් අරන් ගිහින්
"මෙයාට ප්‍රමිතියක් නෑ" කියල ඔබ කිව්වොත්
ඔහු සෙබළෙක්ද හොරෙක්ද කියා
උසාවියට තීරණයක් ගන්න බෑ.

කෝ නිර්ණායක?

නීතිගත නිර්ණායක නැතිව ඔබේ සෙබළු එළියට ආවම
ඉන්න අයටත් නීතිගත ප්‍රමිතියක් නැති නිසා
"උනුත් හොරු, මුනුත් හොරු" මට්ටමේ අවුලක්
රට තුළ නිර්මාණය වෙනවා.

මේ අවුල ඇතිවෙන්න ගියොත් හමුදාව ඔබට යටත් වෙලා
ඔබේ සෙබලුන්ගෙ ප්‍රමිතිය ඔවුන්ගෙ ප්‍රමිතියට එකඟයි කියල
රටේ ජනතාව ඉදිරියෙ බොරුවට හරි පිළිගනීවි.
සයිටම් එකටත් ඒ තෑග්ගම ලැබෙන්න පුලුවන්.

එවැනි දවසක් ආවොත් ඔවුන්ගෙ ප්‍රමිතිය හොඳයි කියා
වෛද්‍ය සභාව පිළිගත්තෙ ඇත්තටද බොරුවටද කියලා
එදාටත් දැනගන්න විදියක් ජනතාවට නැත්තෙ
නීතිගත නිර්ණායක අපට නැති නිසායි.

වෛද්‍ය සභාව නීතිගත ප්‍රමිති නිර්ණායක නැතුව
මෙතෙක් කල් වෛද්‍යවරු පත් කළ බව
සයිටම් පිහිට වූ මොළකරුවන් දකින්න ඇති.
මේ මාර්ගය සහතික නොවුණා නම්
ඔවුන් මේ ව්‍යාපාරය දියත් කරන්නෙ නැ.

රජයේ වෛද්‍යවරු රිංගන ගුලෙන්ම
ඔවුන්ගෙ වෛද්‍ය සිසුවනුත් රිංගවන්න
ඔවුන්ට හැකි වෙන බව ඔවුන් දන්නවා.

රජයේ වෛද්‍යවරු උසාවිය මග හැරලා
ඔවුන්ගෙ වෘත්තීය ගෞරවයත් නොසලකා
පිකට් බෝඩ් උස්සගෙන පාරට බැහැලා
අපිවත් අන්දලා පාරට බස්සා ගන්න හැදුවෙ
මේ සිදුර ඔවුනුත් දන්න නිසයි.

ප්‍රමිති බළලා මල්ලෙන් එළියට පැන්නෙ
සයිටම් ආයතනය අවස්ථානුකූලව ගත්
ඓතිහාසික උසාවි තීන්දුව නිසයි.

පාර්ලිමේන්තුවෙන් නීතිගත
නිසි ප්‍රමිති නිර්ණායක නැත්නම්
සයිටම් විදියටම ඔබේ කල්පිත ආයතනයත්
ජයග්‍රහණය හිමි වෙනවා.

ඒත් ඔබ මේ පැත්තත් හිතන්න.

හමුදාව සෙබලුන් පත් කරන නිර්ණායක
රටේ නීතියට අනුව නීතිගත කරලා තිබුණොත්
හමුදාව උසාවි යන්නට පෙර
ඒ නිර්ණායක අරන් උසාවි ගිහින්
අපි ඔබේ උණබට තුවක්කු හමුදාව
උසාවිය මගින් අවලංගු කරනවා.
ඔබේ සෙබලුත් නුසුදුස්සන් වෙනවා.

ඔබේ ආයතනය බිහි කරන සෙබලුන්
නිසි ප්‍රමිතියක සෙබලුන්ද කියා මනින්න
නිසි ලෙස පාර්ලිමේන්තු පනතකින්
නීතිගත විය යුතුයි.

එතෙක් ඔබෙ කල්පිතය සැබෑවක්.

නිසි ප්‍රමිති නිර්ණායක නැති රටක
ඕනම හොරෙකුට ජනතාව රවටන්නත්
ඔවුන්ගේ සාක්කුවට විදින්නත්
පරිසරය සූදානම්.





1 comment:

  1. "හමුදාව සෙබලුන් පත් කරන නිර්ණායක"???? SAITM එකේ ඉන්නේ ඔය නිරනායක හදන අයගේ දරුවන්ම බව අපි දන්නවා.... නිතරම මාද්‍ය වලින් "SAITM දරුවන්ට" සාදාරනත්වයක් ඉටු විය යුතු යයි කියන බවත්, SAITM දරුවන් යනු දෙශාපලඥයන්ගේ දරුවන් බවත් මිනිස්සු දන්නවා.

    ReplyDelete