බවදුක නවකතාවෙහි
විශේෂ චරිත තුනක් දක්නට ලැබෙයි.
පවුලේ එකම දරුවා ලෙස
සූදු අන්තුවෙකු හා බේබද්දෙකුට දාව
සල්ලාල ප්‍රභූවරයෙකු විසින් දූෂිත
අසරණ ගැහැණියක කුස උපන් නෝනහාමි
ගර්වයෙන්, මානයෙන් යුතුව කුසීතව හැදුණ
නවයොවුන් සුරූපියකි.
ඇගේ ගෙදර ගම්මඩුවෙන් ඇරඹෙන කතාවෙහි
යක් නැටුම් නටන්නට පැමිණි ආරාධිත නැට්ටුවා පේදුරු
පවුලේ එකම දරුවා වූ නමුදු
නිහතමානීව, සුවච ව කීකරු ව හැදී වැඩී
පොලීසියේ රැකියාව යහපත් ලෙස කරගෙන
දෙමාපියන්ට ගරුබුහුමන් දක්වමින් කල් ගෙවන්නෙකි.
සිය සල්ලාල සිත සන්හිඳුවන ගොදුරු සොයා
විටින් විට ගම් වදින සෙමනේරිස් අප්පුහාමි
ගම්මඩුව බලන්නට පැමිණ සිටියි.
ආසන්නයෙහි මාගලක් මත හිඳගත්
නාඹර ගෙවිලියන් දෙස නුරා බැලුම් හෙළමින්
සුවාසනය මත ඇඹරෙමින් පසුවෙයි.
මේ පේළි කිහිපය කියැවන බහුතරයක්
පේදුරුගෙ යක් නැටුම සිතින් පසෙකට කර
සෙමනේරිස්ගේ අනංග රංගනය නරඹන්නට
සිතෙහි ඉඩ හසර සකස් කරන බව
විශ්වාස කළ හැක.
පේදුරුගේ සොඳුරු රංගනය
ගම්මඩු බිම දෙවනත් කරද්දී
ඔහුගේ රංගණයට හා තාරුණ්‍යයට වශී වී
මැදපිළෙහි උන් නෝනහාමිගේ කාමාශක්ත සිරුර දැක
නුරාමතින් විකල් වූ සෙමනේරිස් අප්පුහාමි
සිය සගයන් වූ ආරච්චිල හා ඔපිසර සමග
හුන් වනම ගම්මඩුව හැරපියා අඳුරට මුහුවුණේ
ඒ රාත්‍රියේම ඇය දූෂණය කරන්නට
මග සකස් කරගන්නටය.
ඒ මගෙහි රූටා වුත්
ඔහුගෙන් ඒ රාතියෙහි දූෂණය වන නෝනහාමි
ටික දිනකට පසුව දීග යන්නේ
එ රැයෙහිම ඇයට පෙම් බැඳි පේදුරු සමගය.
දූෂණය වීමේ අවමානයෙන් තැවෙමින්
හඬාවැටෙමින් උන් නෝනාහාමිගේ තැවීම
යම් පමණකට තුරල් වන්නේ
සෙමනේරිස් විසින්ම තම මවද
මෙසේම කෙළෙසුණු බව
මවගේ මුවින් ගිළිහුණු විටය.
"දුවේ...නෝනහාමියෙ....නැගිටපල්ල බොල....
ඕව ඉතින් ලෝකෙ දැනගත්තොත් තමා.... විළි ලජ්ජාව."
මංගල සිරියෙන් ඇගේ කිළිටි ගත ආවරණය කළද
කෙළෙසුණු සිත සමග මඟුල් දා රැයවත්
පේදුරුගේ නිවසේ තැළිපිළි මත
සැනසිල්ලේ වැතිර සිටිය නොහැකිවූ නෝනහාමි
එදා රාත්‍රියේම අඳුරේ පළා ආවේ
දූෂණය වූ සිත කය නිසා විඳින
දුක්වේදනා කන්දරාවකට මැදිවන්නටය.
පේදුරුගේ නිකැළල් හද පුදසුනට
තැලී පොඩි වී කැළැල්වී පැමිණ
එහි තනිව අරක්ගෙන වෙසෙමින්
නිර්දෝෂී පේදුරුගේ කම්සුවය සෙවීම
දරුවන් වදන්නට ඇති අකමැත්ත මත
ප්‍රතික්ෂේප කරමින්
ඔහුගේ චරිතයෙහි අභිමානය බිඳ දමන මුත්
මත්පැන් බීම හැරෙන්නට වෙනත් මගකින්
ඔහු පවුකාරයෙක් කරගන්නට අසමත්වන ඇය
එක් අවස්ථාවක ඔහුට යම් පමණකට
නතුවන්නීය.
දරුවන් නවදෙනෙකු වදා සිටියදී
ඉන් එක වැඩිවිය පත් දැරියක ගොදුරු ලෙස සොයා ගෙන
ඇගේ නිවසට පැමිණෙන සෙමනේරිස්ගේ කය දකින විට
සිතින් ගතින් වැහැරුණු නෝනහාමිගේ සිත කය
කාමයෙන් ආශක්තව දැවෙන්නට වන්නේ
ඔහුගෙ පිළිකුළට ලක්වෙන මායම් පාන්නට වන්නේ
එදාත් අදත් සිය කායික පරිහානිය
කාමභෝගී සල්ලාල සෙමනේරිස් වැන්නෙකුට තරම
අන් කිසිවෙකුටත් නොපෙනෙන බව දකින්නට තරම්
ඇගේ ස්ත්‍රී ප්‍රඥාව මුහුකුරායන්නට
ඇය විඳි සියලු දුක්ඛ දෝමනස්සයන්
තවමත් මදි වූ නිසාය.
ස්ත්‍රියක දූෂණය කළ පසු
දූෂකයාට පෙරළා පෙම් බැඳීම
ස්ත්‍රී ප්‍රඥාවට සාමාන්‍ය දෙයකි.
ඔහු ඇය දූෂණය කරන්නට හේතුවෙන
ප්‍රබල ආවේගය ඇයට අභිමානයකි.
එකෙක් තමා මතුපිටින් දැක සැනසෙද්දී
තවෙකෙක් තමා ඩැහැගන්නට පැමිණෙන්නේ
ඔහු තමාට පෙම්බඳින නිසා යයි
ඇගේ ස්ත්‍රී ප්‍රඥාව ඇයට දෙස් දෙයි.
ගල් යුගයේ සිටම
ස්ත්‍රී ප්‍රඥාව ඇති ස්ත්‍රී පුරුෂයන්ගේ
ගෞරව බුහුමන්වලට ලක් වූයේ සාධු චරිත නොවේ.
ස්ත්‍රී පුරුෂයන් සාධු චරිතවල සෙවණ සොයා
පන්සල් පල්ලි කෝවිල් කරා රොද බඳින්නේ
කය පුරා විහිදුණ රස නහර සියල්ලෙහි
අවසාන බිඳුවත් වාශ්ප වූ පසුවයි.
ජීවිතය පුරාම
අනිත්‍යයෙන් දුක් විඳිමින් සිටි ඔවුන්
සැප සෙවීමෙන් සහ හැකි විටක විඳීමෙන්
මං මුළාවී උන් හෙයින්
දැන් දහම තුල දුක සොයති.
අනිත්‍යය සොයති.
ගල් යුගයේ සිට අද දක්වාත්, මතු මත්තෙහිත්
ස්ත්‍රී ප්‍රඥාවෙන් යුතු මේ ස්ත්‍රී පුරුෂයෝ
හැමදාම ගරු කළේ සුචරිතවත් පේදුරුලාට නොවේ.
මාන්නක්කාර ස්ත්‍රී දූෂක සෙමනේරිස්ලාටය.
තමන් සිහින දකිද්දී ඔවුන් ගත කරන
කාමභෝගී දිවිපැවැත්මටය.
ඔවුන් ඡන්දයෙන් පත් කරගන්නේ
තමන් දූෂණය කරන සෙමනේරිස්ලාය.
පේදුරු කෙනෙක් පත්වන්නේ අහම්බෙනි.
දේශපාලන ක්ෂේත්‍රයෙහිදී
මහින්ද සෙමනේරිස් නම් මෛත්‍රී පේදුරුය.
සිනමා ක්ෂේත්‍රයෙහිදී
"ඔහු ඉතිරි කළේ දෙනවක හාමිනේ පමණකැ"යි
රසික ගරු බුහුමන් ලබන විජය,
සෙමනේරිස්ය.
පේදුරු ජෝ අබේවික්‍රමය.
සේකර සරච්චන්ද්‍ර ප්‍රේමකීර්ති පේදුරුලාය.
සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි සම්මාන ලබන්නෝ
සෙමනේරිස්ලාය.
ජෝතිපාල සෙමනේරිස්ය.
අමරදේව, රෝහණ බැද්දගේ පේදුරුලාය.
බුදු සසුනට සෙමනේරිස් සමන්ත භද්‍රය.
පේදුරු රේරුකානේ හිමියන්ය.
කාමභෝගී සෙමනේරිස්ට වහවැටුණ
ස්ත්‍රී ප්‍රඥාව ඇති ස්ත්‍රී පුරුෂයන් අතර
ගරු සම්මාන ලබන සිත් පහළව
ගිහි පැවිදි දෙපස අතරම
සිල් බිඳගන්නා කුඩා පේදුරු පැටවුන්
කාමභෝගී සෙමනේරිස්ලා ලෙස වැඩෙති.
නිසි ගරු බුහුමන් ලබති.
ඔබ වටා සිටින මිනිසුන් දෙස
තියුණු විමසිලි ඇසකින් බැලුවොත්
ඔබ වටා සිටින සෙමනේරිස්ලා අතර
පේදුරුලා සොයාගැනීම කොතරම් අසීරුදැයි
ඔබට වැටහෙනු ඇත.
මේ අධ්‍යාත්මය අරක්ගෙන සිටින්නේ
සෙමනේරිස්ද පේදුරුද?
ඔබ පේදුරු කෙනෙක් නම්
ඔබට ඇති ප්‍රබලම අභියෝගය
ඇතුළෙනුත් පිටතිනුත් එන පෙළඹවීම දරාගෙන
කාමභෝගී සෙමනේරිස් කෙනෙකු බවට
දූෂණය නොවී නිවී විසීමයි.
ඔබ සෙමනේරිස් කෙනෙකු නම්
මට ඔබ හා ඇසුරක් නැත.
විශේෂ චරිත තුනක් දක්නට ලැබෙයි.
පවුලේ එකම දරුවා ලෙස
සූදු අන්තුවෙකු හා බේබද්දෙකුට දාව
සල්ලාල ප්‍රභූවරයෙකු විසින් දූෂිත
අසරණ ගැහැණියක කුස උපන් නෝනහාමි
ගර්වයෙන්, මානයෙන් යුතුව කුසීතව හැදුණ
නවයොවුන් සුරූපියකි.
ඇගේ ගෙදර ගම්මඩුවෙන් ඇරඹෙන කතාවෙහි
යක් නැටුම් නටන්නට පැමිණි ආරාධිත නැට්ටුවා පේදුරු
පවුලේ එකම දරුවා වූ නමුදු
නිහතමානීව, සුවච ව කීකරු ව හැදී වැඩී
පොලීසියේ රැකියාව යහපත් ලෙස කරගෙන
දෙමාපියන්ට ගරුබුහුමන් දක්වමින් කල් ගෙවන්නෙකි.
සිය සල්ලාල සිත සන්හිඳුවන ගොදුරු සොයා
විටින් විට ගම් වදින සෙමනේරිස් අප්පුහාමි
ගම්මඩුව බලන්නට පැමිණ සිටියි.
ආසන්නයෙහි මාගලක් මත හිඳගත්
නාඹර ගෙවිලියන් දෙස නුරා බැලුම් හෙළමින්
සුවාසනය මත ඇඹරෙමින් පසුවෙයි.
මේ පේළි කිහිපය කියැවන බහුතරයක්
පේදුරුගෙ යක් නැටුම සිතින් පසෙකට කර
සෙමනේරිස්ගේ අනංග රංගනය නරඹන්නට
සිතෙහි ඉඩ හසර සකස් කරන බව
විශ්වාස කළ හැක.
පේදුරුගේ සොඳුරු රංගනය
ගම්මඩු බිම දෙවනත් කරද්දී
ඔහුගේ රංගණයට හා තාරුණ්‍යයට වශී වී
මැදපිළෙහි උන් නෝනහාමිගේ කාමාශක්ත සිරුර දැක
නුරාමතින් විකල් වූ සෙමනේරිස් අප්පුහාමි
සිය සගයන් වූ ආරච්චිල හා ඔපිසර සමග
හුන් වනම ගම්මඩුව හැරපියා අඳුරට මුහුවුණේ
ඒ රාත්‍රියේම ඇය දූෂණය කරන්නට
මග සකස් කරගන්නටය.
ඒ මගෙහි රූටා වුත්
ඔහුගෙන් ඒ රාතියෙහි දූෂණය වන නෝනහාමි
ටික දිනකට පසුව දීග යන්නේ
එ රැයෙහිම ඇයට පෙම් බැඳි පේදුරු සමගය.
දූෂණය වීමේ අවමානයෙන් තැවෙමින්
හඬාවැටෙමින් උන් නෝනාහාමිගේ තැවීම
යම් පමණකට තුරල් වන්නේ
සෙමනේරිස් විසින්ම තම මවද
මෙසේම කෙළෙසුණු බව
මවගේ මුවින් ගිළිහුණු විටය.
"දුවේ...නෝනහාමියෙ....නැගිටපල්ල බොල....
ඕව ඉතින් ලෝකෙ දැනගත්තොත් තමා.... විළි ලජ්ජාව."
මංගල සිරියෙන් ඇගේ කිළිටි ගත ආවරණය කළද
කෙළෙසුණු සිත සමග මඟුල් දා රැයවත්
පේදුරුගේ නිවසේ තැළිපිළි මත
සැනසිල්ලේ වැතිර සිටිය නොහැකිවූ නෝනහාමි
එදා රාත්‍රියේම අඳුරේ පළා ආවේ
දූෂණය වූ සිත කය නිසා විඳින
දුක්වේදනා කන්දරාවකට මැදිවන්නටය.
පේදුරුගේ නිකැළල් හද පුදසුනට
තැලී පොඩි වී කැළැල්වී පැමිණ
එහි තනිව අරක්ගෙන වෙසෙමින්
නිර්දෝෂී පේදුරුගේ කම්සුවය සෙවීම
දරුවන් වදන්නට ඇති අකමැත්ත මත
ප්‍රතික්ෂේප කරමින්
ඔහුගේ චරිතයෙහි අභිමානය බිඳ දමන මුත්
මත්පැන් බීම හැරෙන්නට වෙනත් මගකින්
ඔහු පවුකාරයෙක් කරගන්නට අසමත්වන ඇය
එක් අවස්ථාවක ඔහුට යම් පමණකට
නතුවන්නීය.
දරුවන් නවදෙනෙකු වදා සිටියදී
ඉන් එක වැඩිවිය පත් දැරියක ගොදුරු ලෙස සොයා ගෙන
ඇගේ නිවසට පැමිණෙන සෙමනේරිස්ගේ කය දකින විට
සිතින් ගතින් වැහැරුණු නෝනහාමිගේ සිත කය
කාමයෙන් ආශක්තව දැවෙන්නට වන්නේ
ඔහුගෙ පිළිකුළට ලක්වෙන මායම් පාන්නට වන්නේ
එදාත් අදත් සිය කායික පරිහානිය
කාමභෝගී සල්ලාල සෙමනේරිස් වැන්නෙකුට තරම
අන් කිසිවෙකුටත් නොපෙනෙන බව දකින්නට තරම්
ඇගේ ස්ත්‍රී ප්‍රඥාව මුහුකුරායන්නට
ඇය විඳි සියලු දුක්ඛ දෝමනස්සයන්
තවමත් මදි වූ නිසාය.
ස්ත්‍රියක දූෂණය කළ පසු
දූෂකයාට පෙරළා පෙම් බැඳීම
ස්ත්‍රී ප්‍රඥාවට සාමාන්‍ය දෙයකි.
ඔහු ඇය දූෂණය කරන්නට හේතුවෙන
ප්‍රබල ආවේගය ඇයට අභිමානයකි.
එකෙක් තමා මතුපිටින් දැක සැනසෙද්දී
තවෙකෙක් තමා ඩැහැගන්නට පැමිණෙන්නේ
ඔහු තමාට පෙම්බඳින නිසා යයි
ඇගේ ස්ත්‍රී ප්‍රඥාව ඇයට දෙස් දෙයි.
ගල් යුගයේ සිටම
ස්ත්‍රී ප්‍රඥාව ඇති ස්ත්‍රී පුරුෂයන්ගේ
ගෞරව බුහුමන්වලට ලක් වූයේ සාධු චරිත නොවේ.
ස්ත්‍රී පුරුෂයන් සාධු චරිතවල සෙවණ සොයා
පන්සල් පල්ලි කෝවිල් කරා රොද බඳින්නේ
කය පුරා විහිදුණ රස නහර සියල්ලෙහි
අවසාන බිඳුවත් වාශ්ප වූ පසුවයි.
ජීවිතය පුරාම
අනිත්‍යයෙන් දුක් විඳිමින් සිටි ඔවුන්
සැප සෙවීමෙන් සහ හැකි විටක විඳීමෙන්
මං මුළාවී උන් හෙයින්
දැන් දහම තුල දුක සොයති.
අනිත්‍යය සොයති.
ගල් යුගයේ සිට අද දක්වාත්, මතු මත්තෙහිත්
ස්ත්‍රී ප්‍රඥාවෙන් යුතු මේ ස්ත්‍රී පුරුෂයෝ
හැමදාම ගරු කළේ සුචරිතවත් පේදුරුලාට නොවේ.
මාන්නක්කාර ස්ත්‍රී දූෂක සෙමනේරිස්ලාටය.
තමන් සිහින දකිද්දී ඔවුන් ගත කරන
කාමභෝගී දිවිපැවැත්මටය.
ඔවුන් ඡන්දයෙන් පත් කරගන්නේ
තමන් දූෂණය කරන සෙමනේරිස්ලාය.
පේදුරු කෙනෙක් පත්වන්නේ අහම්බෙනි.
දේශපාලන ක්ෂේත්‍රයෙහිදී
මහින්ද සෙමනේරිස් නම් මෛත්‍රී පේදුරුය.
සිනමා ක්ෂේත්‍රයෙහිදී
"ඔහු ඉතිරි කළේ දෙනවක හාමිනේ පමණකැ"යි
රසික ගරු බුහුමන් ලබන විජය,
සෙමනේරිස්ය.
පේදුරු ජෝ අබේවික්‍රමය.
සේකර සරච්චන්ද්‍ර ප්‍රේමකීර්ති පේදුරුලාය.
සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි සම්මාන ලබන්නෝ
සෙමනේරිස්ලාය.
ජෝතිපාල සෙමනේරිස්ය.
අමරදේව, රෝහණ බැද්දගේ පේදුරුලාය.
බුදු සසුනට සෙමනේරිස් සමන්ත භද්‍රය.
පේදුරු රේරුකානේ හිමියන්ය.
කාමභෝගී සෙමනේරිස්ට වහවැටුණ
ස්ත්‍රී ප්‍රඥාව ඇති ස්ත්‍රී පුරුෂයන් අතර
ගරු සම්මාන ලබන සිත් පහළව
ගිහි පැවිදි දෙපස අතරම
සිල් බිඳගන්නා කුඩා පේදුරු පැටවුන්
කාමභෝගී සෙමනේරිස්ලා ලෙස වැඩෙති.
නිසි ගරු බුහුමන් ලබති.
ඔබ වටා සිටින මිනිසුන් දෙස
තියුණු විමසිලි ඇසකින් බැලුවොත්
ඔබ වටා සිටින සෙමනේරිස්ලා අතර
පේදුරුලා සොයාගැනීම කොතරම් අසීරුදැයි
ඔබට වැටහෙනු ඇත.
මේ අධ්‍යාත්මය අරක්ගෙන සිටින්නේ
සෙමනේරිස්ද පේදුරුද?
ඔබ පේදුරු කෙනෙක් නම්
ඔබට ඇති ප්‍රබලම අභියෝගය
ඇතුළෙනුත් පිටතිනුත් එන පෙළඹවීම දරාගෙන
කාමභෝගී සෙමනේරිස් කෙනෙකු බවට
දූෂණය නොවී නිවී විසීමයි.
ඔබ සෙමනේරිස් කෙනෙකු නම්
මට ඔබ හා ඇසුරක් නැත.
භව දුක ප්‍රශස්ත නවකතාවක්. මමත්කියෙව්වා කියවල ඉවර වෙනකොට හිතන්න බොහෝමයක් දේවල් තියනව. හොඳ ලිපියක්. ජයවේවා.
ReplyDeleteවැදගත් විවරණයක් ටිකක් හිතා බලන්න ඕනෑ
ReplyDelete