20160515

පුරුෂයා ස්ත්‍රියට යටත්වෙන බල 5 ක්, බුදු දහමට අනුව,



 මහණෙනි,
ස්ත්‍රියට මේ බල පසෙකි.
කවර පසෙක් ද යත්:
රූපබලය,
භොගබලය,
ඤාතිබලය,
පුත්‍රබලය,
සීලබලය යි.
මහණෙනි, මේ
ස්ත්‍රියගේ බල පස යි.
මහණෙනි මේ බලපසින් යුතු
ස්ත්‍රිය
සැමියා යටත් කොට ගෙන පවතියි.
 
මහණෙනි,
එක් බලයකිනුදු යුතු පුරුෂ තෙමේ
ස්ත්‍රිය යටත් කොට ගෙන පවතියි.
කවර එකෙකින්ද යත්:
ඉසුරු බෙලෙනි.


මහණෙනි,
ඉසුරු බෙලෙන් මඬනා ලද ස්ත්‍රිය
රූපබලය නො ම රකී.
භොගබලය නො ම රකී.
ඤාතිබලය නො ම රකී.
පුත්‍රබලය නො ම රකී.
සීල බලය නො ම රකී යි.

---- අභිභුය්‍ය සූත්‍රය ----

බොහෝ දෙනෙක්
උනන්දු වෙන පැහැදිලි සත්‍යතා කිහිපයක්..
ප්‍රායෝගික ජීවිතය ගැන
බුදුන් වහන්සේගෙ පුළුල් අවබෝධය පෙනෙනවා..
මේ සූත්‍රයෙන්
අපි අලුතෙන් ඉගෙන ගන්න දේ අඩුයි.

මේ සූත්‍රයෙ තියෙන්නෙ
අපිට ඇහේ ඇනෙද්දි නොපෙනෙන දේවල්..
එදිනෙදා අපි අවට සිදු වෙන දේවල්.
අපේ ජීවිත වල
අපි දන්න අයගෙ ජීවිත වල
මේ සත්‍යතා නිතරම අපි දකිනවා.

කාන්තාවන්ට නම්
මේ බාල ගති මතු වෙනකොට
හිත පාලනය කරගෙන
පවුලෙ සාමය රැක ගන්න පුලුවන්.

පිරිමින්ගෙ තුවාලවලට බාම් එකක්.
ඉසුරු නැති පිරිමියා මේ බලවලට යටත්.
 
රූපබලය, භොගබලය, ඤාතිබලය,
පුත්‍රබලය, සීලබලය යි.
මේ ස්ත්‍රියගේ බල පස යි.
මේ බලපසින් යුතු ස්ත්‍රිය සැමියා යටත් කොට ගෙන පවතියි.

අද සමාජයෙ ගැහැණිය ඉසුරු සොයා යන්නෙ
මේ යටත් කමෙනුත් මිදෙන්නයි..


පිරිමියාට ඉසුරු තියනවා නම්
ගැහැනියගෙ බලතල සියල්ලම
අකර්මණ්‍ය වෙලා
ගැහැණිය ඔහුට යටත් වෙනවා..

පිරිමි සල්ලි හොයන්න
අලුත් අලුත් වාහන ගන්න
ලොකු ගෙවල් හදන්න
මැරෙන්න හදන්නෙ
මේ නිසයි..

ගැහැණිය යටත් කරගන්න හිතාගෙන
මුදල් හොයන්න මැරෙන මිනිසා
අනියමින් නැවතත් ගැහැණියට යටත්..


දරුවන් ලොකු වෙන කොට
මව ඒ හයිය අරගෙන
සැමියා යටත් කර ගැනීම
හැම පවුලකම දකින්න ලැබෙනවා.
ඒ ප්‍රවණතාවයෙන් දුක් විඳින
දුර්වල හිත් ඇති සංවේදී පිරිමි
එක්කො දරුවන්ට වහල්ලු වගේ
සේවය කරනවා..
නැත්නං මත්පැනට ඇබ්බැහි වෙනවා.
හොඳ සිහියෙන්
ඒ පරිසරය තුළ ජීවත් වෙන්න
ඔහුට බැහැ.
ඔහුගෙන් ගිළිහුණ ආධිපත්‍යය
මත්පැනෙන් ලැබෙනවා.
නැත්නම් මෝහයට වැටෙනවා.

සිල්වත් ආගමිකයන්
තම තමන්ගෙ ආගමට අනුව
එක අරමුණකට හිත එකඟ කරගෙන
අනික් අරමුණු සියල්ල ඉවත් කරන
සමථයට යොමුවෙලා
මත්පැනෙන් ලබන ප්‍රතිඵල
දෙකම ගන්නවා.

පවුලෙ ප්‍රශ්න වලදි ඇති වෙන කෙලෙස්
සමථ භාවනාවෙන් යටපත් වෙන නිසා
සමාහිත හිතක් ඇත්තෙක්, සාන්තුවරයෙක්
නිවන් මගට පිළිපන්නෙක් විදියට
පවුලෙ ගරු සරු ලබනවා.

ඉඳහිට ආවේග ඇවිත් කට වැරදුණාම
ඒ සිතිවිලි වලට බැඳීමක් නැතුව කිව්වා වගේ
දහමක් වගේ පෙනෙන පාඨයක් දෙසලා
ප්‍රශ්නයෙන් දුක් විඳින පවුලෙ අය මුලා කරලා
බොරුවෙන් නිරුවත වහ ගන්නවා.

එහෙම නැත්නම් ප්‍රශ්න ඇති වෙනකොට
අතීතයත්, අනාගතයත්
ඇතුළෙත් පිටත් සිදු වෙන වෙනස අමතක කරන්න
තමන් හුරුවුණ සමථ ක්‍රමය අනුගමනය කරලා
ඒ ක්‍රමයෙ පිහිටෙන් හිත ශූන්‍ය කරගෙන
ඇත නැත දෙකම නැතුව ආත්මය සමතුලිත කරගෙන
සියලු ප්‍රශ්න වලට මෝහයෙන් වෙසෙනවා.

විපස්සනා වඩන ආර්ය ශ්‍රාවකයන්
ජීවිතේ ප්‍රශ්න වලින් කයෙහි වෙන වෙනස්වීම්
මොහොතින් මොහොතට සිහියෙන් දකිමින්
ඒ අප්‍රසන්න වෙනස් වීම වලට
තවත් ද්වේශය ඇති කර නොගෙන
ඇතිවෙන ද්වේශයට උපේක්ෂාවෙන්
මේ සත්‍යය දකිමින් සැනසිල්ලෙන් ඉන්න අතරෙ
උදාවෙන ප්‍රශ්න සිහියෙන් සහ උපේක්ෂාවෙන්
විසඳා ගන්නවා.
ඔහුට මේ ප්‍රඥාව පහළ වෙනවා.

2 comments:

  1. ෆේස්බුක් සංවාදයකින්.
    ------------------
    Palitha I..........a පොතේ තියෙන අකුරක් ගානේ බුදුන් කියූ දේමයි කියලා හිතාගෙන විශ්වාසයෙන් බුදුදහම "ඇදහීමේ" විපාක වෙන්නත් පුලුවන්
    ----------------------
    Ajitha E...........e ඔය වාදෙදි මට හිතුනෙත් එකමයි.
    ==========================================
    .
    ඔබලා වැනි උගත් බුද්ධිමත් අය
    මේ වගේ සත්‍යතා ටිකක් ඉදිරිපත් කළාම
    වේදනාවෙන් කෙඳිරි ගාන කොට
    අපට හිතෙන්නෙ
    ඔබලා ගත කරන ජීවිතවල
    මේ සත්‍යතා ඔබ දකිනවා ඇති..

    ඔබේ ජීවිතය ඔබ හොඳින් දන්නවා.
    නොදන්න මගේ ජීවිතයට හෝ
    බුදු වදනට ඇඟිල්ල දික් කරන්නෙ ඇයි..?
    ඔබලාගෙ ජීවිත වල මේ ප්‍රශ්න නැත්නම්
    ඒ බව කෙළින්ම කියන්න.

    මේ හේතු මත
    මේ දර්ශනය වැරදියි කියන්න.
    සමස්ත සමාජයට කියන දෙයක්
    එක පවුලක දෙකක බොරු වෙන්න පුලුවන්..
    ඒ ඔවුන්ගෙ පවුලෙ විශේෂත්වයක් තියන නිසා...
    නැත්නම් ඔවුන් ඒ ගැටළුවට
    විසඳුම් හොයාගෙන තියන නිසා.

    ඔබ එහෙම පිළිතුරු සොයාගෙන තියනවා නම්
    අපටත් කියන්න.

    අපේ ජීවිතයෙත් මේ ප්‍රශ්න තියනවා.
    රූප බලය, සීල බලය සමබරයි.
    අපේ පවුලෙ ප්‍රශ්න ඇති කරල තියෙන්නෙ
    ඤාතිබලය සහ පුත්‍රබලයයි.
    අපි වාද විවාද වෙලා,
    සම්මුතීන් හදාගෙන විසඳා ගන්නවා.
    භෝග බලය සහ ඉසුරු නිසා උපදින බලය
    අපි හිතාමතාම ගතකරන අල්පේච්ඡ ජීවිතය නිසා
    ඉබේම සමබර වෙලා නිෂ්ක්‍රිය වෙනවා.
    අපි දෙන්නම විපස්සනා කරල තියන නිසා
    අපි විඳවන්නෙ නෑ.

    ==============================

    Palitha I-----------a අතුල ට්‍රයි කරන්නෙම අතුල අදහන දහම සර්වකාලීන නෑ කියලා ඔප්පු කරන්නමයි
    ----------------------------------------------
    ලෝකෙ මොන විදියට වෙනස් වුණත්
    මේ ධර්මතා වෙනස් වෙන්නෙ නෑ පාලිත.
    අපි ඒ ධර්මතා දැනගත්තාම
    මතු වුණ වෙලාවට හඳුනාගෙන
    " ඔන්න ඔන්න ඔයා
    මට ඤාති බලය පෙන්නනවා" කියලා
    ඒ සාධකය අයින් කරලා ප්‍රශ්නය කතා කරන්න පුලුවන්.

    ReplyDelete
  2. Nadeesha Nimalka අවුරුදු 2500 ක් පරණ ස්ටීරියෝටයිප් කිහිපයකට ලඝු කරලා ව‍ර්තමාන සමාජ සම්බන්ධතා තේරුම් ගන්න යෑම ප්‍රයෝජනයක් නැති වැඩක්. අද සමාජය එදාට වඩා වෙනස් නේ....
    පරණ ඒවට අමාරුවෙන් ගලපන්න මහන්සි වෙනවට වඩා අපි අලුත් එකක් හදාගමු.
    මම දන්නෙ නෑ ඔය බුදුහාමුදුරුවො කියපු ඒවමද කියලා. බුදුහාමුදුරුවො කිව්වත් එච්චර තමයි
    ================================
    බුදු දහම කිව්වාම
    ඒ කියන දේ හරිද වැරදිද කියලා හිතලා
    තමන්ට හිතෙන දේ කියනවා විනා
    මෙයින් අපට ප්‍රයෝජනයක් තියනවාද කියා
    අපේ අය හිතන්නෙ නෑ.

    බුදුන් වහන්සේ නිවැරදියි..

    බුදුන් වහන්සේ කියන දේ
    සරලව සාරාංශ ගත කරලා
    තමන්ගෙ වචනයෙන් කියන්න උත්සාහ කරන්න.
    දැන් හිතනවාට වඩා වෙනස් දෙයක් වැටහේවි..
    ====================
    ස්ත්‍රියට මේ බල පසෙකි.
    කවර පසෙක් ද යත්:
    රූපබලය,
    භොගබලය,
    ඤාතිබලය,
    පුත්‍රබලය,
    සීලබලය යි.
    මේ බලපසින් යුතු ස්ත්‍රිය
    සැමියා යටත් කොට ගෙන පවතියි.

    එක් බලයකිනුදු යුතු පුරුෂ තෙමේ
    ස්ත්‍රිය යටත් කොට ගෙන පවතියි.
    කවර එකෙකින්ද යත්: ඉසුරු බෙලෙනි.

    ඉසුරු බෙලෙන් මඬනා ලද ස්ත්‍රිය
    රූපබලය නො ම රකී.
    භොගබලය නො ම රකී.
    ඤාතිබලය නො ම රකී.
    පුත්‍රබලය නො ම රකී.
    සීල බලය නො ම රකී යි.
    =====================

    ගැහැණියට පිරිමියා යටත් කර ගත '' හැකි '' බල පහක් තියනවා. ඇයට ඒ බලතල නැතිනම් හෝ භාවිතා කරන්නෙ නැති වෙලාවටත් ඇය පිරිමියාට යටත්.

    ඉසුරු තියන පිරිමියෙකුගෙන්
    " මඬනා ලද" ස්ත්‍රිය
    මේ බල පහම භාවිතා කරන්නෙ නෑ.

    අපි හිතමු
    ලොකු කම්පැණියක
    පුද්ගලික ලේකම් කම කරන කතකට
    ඇගේ ලොක්කා අයුතු යෝජනාවක් කරනවා.

    ඉසුරු තියන පිරිමියෙකුගෙන්
    " මඬනා ලද" ස්ත්‍රිය නම්
    මේ බල පහම භාවිතා කරන්නෙ නෑ.

    බුදුන් වහන්සේගෙ දේශනාවට අනුව
    ඇය ඔහුට යටත් නොවී ඉන්න නම්
    ඇය මේ බල භාවිතා කළ යුත්තේ කොහොමද?

    1, අපි හිතමු
    ලොකු කම්පැණියක
    පුද්ගලික ලේකම් කම කරන කතකට
    ඇගේ ලොක්කා අයුතු යෝජනාවක් කරනවා.

    2, ඉසුරු තියන පිරිමියෙකුගෙන්
    " මඬනා ලද" ස්ත්‍රිය නම්
    මේ බල පහම භාවිතා කරන්නෙ නෑ.

    3, බුදුන් වහන්සේගෙ දේශනාවට අනුව
    ඇය ඔහුට යටත් නොවී ඉන්න නම්
    ඇය මේ බල භාවිතා කළ යුත්තේ කොහොමද?

    3 A, මහණෙනි,
    ස්ත්‍රියට මේ බල පසෙකි.
    කවර පසෙක් ද යත්:
    රූපබලය,
    භොගබලය,
    ඤාතිබලය,
    පුත්‍රබලය,
    සීලබලය යි.

    4, ලොකු කම්පැණියක පුද්ගලික ලේකම් කම කරන කතකට ඇගේ ලොක්කා අයුතු යෝජනාව කරන්නෙ ඇගේ රූප බලය නිසයි.
    ඔහු ඇයට යටත්..
    දැන් ඔහු ඔහුගෙ ඉසුරු බලයෙන් ඇය
    මඬින්න උත්සාහ කරනවා.
    යටත් වුණොත් ඉතිරි බල
    හතරෙන්ම වැඩක් නැති වෙනවා..

    බුදුන් වහන්සේ නිවැරදියි..

    5, ඇයට විකල්ප තුනක් තියනවා.
    1, ඔහුට යටත් වීම.
    2, රැකියාවෙන් ඉවත්වී ගෙදර යෑම
    3, වෙනත් රැකියාවක් සොයා ගැනීම.

    6, ඇය තීරණය කරනවා
    ඔහුට යටත් වෙන්නෙ නෑ කියලා.
    ඇය බුදුන් වහන්සේ කී පරිදි
    ඉතිරි බලතල භාවිතා කරන්න තීරණය කරනවා.

    7 ඇයට භෝග බලය ඇත්නම්..
    " ඕවට එන්න එපා සර්, මම අස්වෙලා ගෙදර යනවා"
    ඇයට කියන්න පුලුවන්.

    1, ඔහුට යටත් වෙන්න අවශ්‍ය නෑ.
    2, රැකියාවෙන් ඉවත්වී ගෙදර යැන්න පුලුවන්.
    3, වෙනත් රැකියාවක් සොයා නොගත්තත් ප්‍රශ්නයක් නෑ.
    සොයාගන්නතුරු ඉන්න පුලුවන්.
    ඇය ආයතනයට වටිනවා නම්
    ඔහුට යටත් වෙන්න වෙනවා.

    බුදුන් වහන්සේ නිවැරදියි..


    8 ඇයට ඤාති බලය ඇත්නම්..
    " ඕවට එන්න එපා සර්, අසවලා මගේ නෑයෙක්
    මම අසවලාට කියනවා"
    ඇයට කියන්න පුලුවන්.

    1, ඔහුට යටත් වෙන්න අවශ්‍ය නෑ.
    2, රැකියාවෙන් ඉවත්වෙන්න අවශ්‍ය නෑ.
    3, වෙනත් රැකියාවක් සොයා ගන්න අවශ්‍ය නෑ.
    ඔහු ඒ පුද්ගලයාට භය නම්
    ඔහුට යටත් වෙන්න වෙනවා.

    බුදුන් වහන්සේ නිවැරදියි..


    9 ඇයට බලවත් පුතෙක් ඇත්නම්..
    " ඕවට එන්න එපා සර්, අසවලා මගේ පුතා
    මම එයාට කියනවා"
    ඇයට කියන්න පුලුවන්.

    1, ඔහුට යටත් වෙන්න අවශ්‍ය නෑ.
    2, රැකියාවෙන් ඉවත්වෙන්න අවශ්‍ය නෑ.
    3, වෙනත් රැකියාවක් සොයා ගන්න අවශ්‍ය නෑ.
    ඔහු ඒ පුතාට භය නම්
    ඔහුට යටත් වෙන්න වෙනවා.

    බුදුන් වහන්සේ නිවැරදියි..

    10 ඇයට සීල බලය ඇත්නම්..
    " ඕවට එන්න එපා සර්, බඩගින්නෙ මළත් මම අස්වෙලා ගෙදර යනවා."
    කියන්න ඇයට පුලුවන්.

    1, ඔහුට යටත් වෙන්න අවශ්‍ය නෑ.
    2, රැකියාවෙන් ඉවත්වෙන එක ප්‍රශ්නයක් නොවෙයි..
    3, වෙනත් රැකියාවක් සොයා ගන්න හැකිවෙන්න ඉඩ තියනවා..
    ඇය ආයතනයට වටිනවා නම්
    ඔහුට යටත් වෙන්න වෙනවා.

    ඔහු තාවකාලිකව කාමයෙන් උමතු වුණ
    හොඳ පුද්ගලයෙක් නම් ඇයට ගරු කරාවි..
    ඔහු ඇයට යටත්..

    බුදුන් වහන්සේ නිවැරදියි..

    ReplyDelete