20160317

බුදුන් නොදුටු පීතර




සහසක් බුදුවරු මවා දුන්නත් බුදුන් නොදුටු පීතර 
කියන අදහස මතු වුණා නම්....
මේ පද පෙළ සුවිශේෂී නිර්මාණයක් වෙනවා

සමාධි ප්‍රතිමාව අවුකන නෙලූ ශිල්පීන්
බුදුන් දුටු බව පිළිම වලින් පෙනෙනවා.
බුදුන් නොදුටු කෙනෙකුට
තමන්ගෙ නිර්මාණයකින්
බුදුන් මවා පෙන්වන්න බැහැ.
වන්නිටත් ඒ නියමය පොදුයි..

ප්‍රේමකීර්ති බුදුන් දුටු නිර්මාණකරුවෙක්.
මේ නිර්මාණය බලන්න..
නිවන් දුටු හිමි රුවන් පිළි රුව
පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු
ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු

මහා කරුණාවෙන් ... මහා කරුණාවෙන්. . . . . .

ගලක් වී නම් මමත් ඉවසමි
යකුලු පහරද කැපී වෙන්වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලා කරුවෙකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ
ශාන්තිය මට ලැබේවා. . . . . .
මහා කරුණාවෙන්... මහා කරුණාවෙන්. . . . . .

මලක් වන්නට නොහැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල
විඳින සිහිලස නොමැත මා හට
මලක් වූදා මගේ ජීවය
ඔබේ පාමුල පර වුනාවේ. . . . .

නිවන් දුටු හිමි . . . . . 


2 comments:

  1. කලානිර්මාණයෙන් ඉදිරිපත් කෙරෙන්නේ කලාකරුවාගේ හැඟීමයි. දැක්මයි. සමහර විට බුදුන් නොදුටු පීතර කිව්ව නම් මේ නිර්මාණය ආගමික එකක් වෙලා මේකේ තියෙන ප්‍රායෝගික බව නැතුව යනවා. මම කියෙව්ව විදියට පීතර සහ බුදුන් කියන්නේ සෑහෙන ඈතින් ඉන්න දෙන්නෙක්, පීතර හැමදාම බුදුවරු මැව්වාට. ඒ අතින් බුදුවරු මැද්දේ ගෙවන පීතරගේ ජීවිතය තුල බුදුන්ට ඉඩක්වත් වෙලාවක්වත් නැහැ. ඒ කියවීම වඩා ප්‍රායෝගිකයි.

    උදාහරණයකට මේ තරම් සියුමැලිද කළුගල් ගීතයේ පිළිම අඹන්නා සහ නිර්මාණය අතර තියෙන දුරස් බව මැනවින් පෙන්නනවා.

    එතන තියෙන රසය වැඩියි, මට නම්. තවත් භක්ති ගීයක් කරනවාට වඩා ප්‍රායෝගික බවේ අමිහිරි ඇත්ත ලස්සනයි. රහයි.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒක පිළිගන්න පුලුවන්..
      බුදුන් වහන්සේ ගැන තියන ශ්‍රද්ධාව අනුව
      ඔබත් මාත් අතර තියනවා වගේ වෙනසක්
      වන්නි සහ ප්‍රේමකීර්ති අතරත් ඇති.

      අපි අපේ අදහස් නියෝජනය කරන්න
      මිනිසුන් තෝරාගන්නෙ
      අපේ අදහසට ගැලපෙන්නයි..

      Delete